මේ මගේ පලවෙනි උපසිරැස නිර්මාණය. ඒ නිසා අඩුපාඩු එහෙම තියෙනවානම් සමාවෙන්න ඕනේ. මේක ජපන් ෆිල්ම් එකක්. ඉතින් හරි අමුතු වෙනස්ම විදිහක කතාවක් තමා මේක. මුලින්ම කියන්න ඕනේ මේ කතාවට සම්බන්ධව මුලින්ම නිකුත්උනේ ඇනිමේ කතාමාලාවක්. ඒකට සිංහල උපසිරැස *රවිදු බණ්ඩාර* කියලා සහෝදරයෙක් දීලා තිබුනා. මේකේ imdb අගය 6.4ක්…

මේ මගේ පලවෙනි උපසිරැස නිර්මාණය. ඒ නිසා අඩුපාඩු එහෙම තියෙනවානම් සමාවෙන්න ඕනේ. මේක ජපන් ෆිල්ම් එකක්. ඉතින් හරි අමුතු වෙනස්ම විදිහක කතාවක් තමා මේක. මුලින්ම කියන්න ඕනේ මේ කතාවට සම්බන්ධව මුලින්ම නිකුත්උනේ ඇනිමේ කතාමාලාවක්. ඒකට සිංහල උපසිරැස *රවිදු බණ්ඩාර* කියලා සහෝදරයෙක් දීලා තිබුනා.
මේකේ imdb අගය 6.4ක්. කතාව ගැන කියනවා නම් කයිසකි කියන පොඩි ප්‍රශ්ණ වගයක් නිසා රස්සාවෙන් අයින් වෙලා, තවත් රස්සා හොයන අවුරුදු 27ක කොල්ලෙක් වටා තමා මේක දිවෙන්නේ. ඉතින් මෙයාට අලුත් රස්සාවක් හොයාගන්න වෙන්නේ නෑ. ඔය අතර relife රසායනාගාරයේ වැඩකරන යෝ අකේ කියලා කෙනෙක් මෙයාව හම්බවෙනවා. එයා කියනවා කයිසකිව පරීක්ෂණයකට සහබාගී කරගන්න කැමතී කියලා. මුලින්ම කයිසකි මේක අදි මදි කලත් පස්සේ මේ පරීක්ෂණයෙන් පස්සේ එයාට රස්සාවක් දෙන්න මේ අය පොරොන්දු වෙන නිසාත් අවුරුද්දක පරීක්ෂණ කාලය ඇතුලත එයාගේ වියදම් ඔක්කොම මේ ලැබ් එකෙන් ගෙවනවා කියාලා කියන නිසාත් එයා මේකට කැමති වෙනවා. ඉතින් මොකක්ද මේ පරික්ෂණය🤔. ඒකේදි වෙන්නේ කයිසකිව අවුරුදු 10කින් වයස අඩු වෙන පෙත්තක් දීලා ආයේ එයාව උසස් පාසලේ අන්තිම වසරට යවන එක. ඉතින් මේ යෝ අකේත් එයාගේ පන්තියේම ලමයෙක් විදිහට ඉදගෙන එයාව නිරීක්ෂණය කරනවා. ඒ වගේම මේ අවුරුද්දේ කාලයෙන් පස්සේ එයා ආශ්‍රය කරන හැම කෙනාගෙම මතකයෙන් එයාව මැකිලා යනවා. ඒ කියන්නේ එයා කොච්චර ඒ අයත් එක්ක එකට කල් ගත කරත් අන්තිමට කයිසාකිට හැර එයාව දන්න හැමෝගේම මතක වලින් එයාව අතුරුදහන් වෙනඑක. ඔහොම මෙයා ඉස්කෝලේ ගිහින් හොද යාලුවෝ ටිකක් හදාගන්නවා.
ඒ අතරේ මෙයා හිෂිරෝ කියලා ගෑනු ළමයෙක්ට ආදරේ කරන්න ගන්නවා. ඉතින් මේ කයිසකිට හැමවෙලාවෙම ලැබ් එකේන් එවන එයාගේ නිරීක්ශකයාවෙන යෝ අකේ කතාකරන්නේ පරීක්ෂණ අංක 002 කියලා. එහෙනම් පරීක්ෂණ අංක 001 කව්ද? කයිසකිගෙයි හිෂිරෝගෙයි ආදරේට මොකක් වෙයිද? ඒ දෙන්නාට අනිත් හැම දේම මතකහිටිලා ඒ දෙන්නාව විතරක් අමතක වෙයිද? ඇත්තටම කයිසකිට අලුත් ජීවිතයක් ලැබෙයිද? ඉතින් ඔයාලාම බලලා දැනගන්නකෝ.
*මේ කතාව බලන්න ඔයා අනිවාර්යයෙන් ඇනිමේ එක බලන්න ඕනේ කියලා නෑ. මොකද movie එකේ මුලු විස්තරේම තියෙනවා. හැබැයි එකක්. ඇනිමේ එකට වඩා movie එක ටිකක් වෙනස්. ඉතින් මේක බලන අයට මම කියන්නේ movie එක බලන්න කලින් හරි බැලුවාට පස්සේ හරි ඔයාලා අනිවාර්යයෙන් ඇනිමේ එකත් බලන්න කියලා☺️☺️🤗🤗🤗

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
3,029 downloadsDownload ReLIFE-2017.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝද්‍ය සුභාෂිත (-NAWA-)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-08-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝද්‍ය සුභාෂිත (-NAWA-)
Subtitles
25 comments
Anonymous
Anonymous
වෙන ෆිල්ම් එකක සබ් එකක්නෙ තියෙන්න සහෝ .
Nawodya subhashitha
මම එයාලාට හරි සබ් එක තමා දුන්නේ ,,එයාලා අතින් වැරදීමක් වෙලාද කොහේද
Anonymous
Thanks brohhh
Anonymous
Happy ending romance anime movies tikak daannako
tharindujp
බොහොම ස්තුති සහෝ ඉංග්‍රීසි සබ් එකෙන් එක පාරක් බැලුවා සිංහලෙ සබ් එකෙනුත් බලනවා අරිගතෝ ගොසයිමශිතා !!
Nawodya subhashitha
ස්තූයි සහෝදරයා, ඉංග්‍රීසි එකෙන් බලලා තමා මටත් අදහස ආවේ.තව කෙනෙක්ට මේක සිංහලෙන් බලන්න මම විදිහක් හදනවා කියලා. එහෙනම්, මතනේ(MATA NE) සහෝ!!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
සඳහන් කිරීමට කාරුණික වන්න.Nawodya subhashitha
ස්තූතියි ☺️
Anonymous
Japan horror tikak demu.jaya
chanu mikhail
thank u
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
kavinda gamage
ගොඩාක් ස්තුතියි නියම වැඩක්
Charuka
meke ena su ekek ne tiyenne
malith madhushan
පලවෙනි උපසිරස ගැන්වීමට සුභපැතුම් සහෝ. ජපන් කොරියන් බලන්න කැමති නැති උනත් මේකේ ස්ටෝරි ලයින් එක දැක්කම ආසාවක් ආව නියම කතාවක් වගේ. දිගටම උපසිරස කරන්න කාලය ශක්තිය ලැබේවා කියල පාර්ථනා කරනවා
Nawodya subhashitha
ස්තූතියි සහෝදරයා
Chämàrá Sâmpáth
උපසිරැසියෙ තිබූ දෝෂය නිවැරදි කර ඇත.
Harvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
R D S K Rajapaksha
Anime eke 14 15 .... waltatath sub ghannko please
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Nawodya subhashitha
☺️
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
පළවෙනි උපසිරැසියට සුබ පැතුම් බ්‍රෝ... දිගටම සබ් දෙන්න වෙලාව ලැබේවා...රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සබ් එකට ස්තූතියි.තව මේ වගේ ජපන් ෆිල්ම් වලට සබ් කරන්න පුළුවන්නම්.