Watch Trailer

Jo and the Boy (2015) with Sinhala Subtitles | සාර්ථකත්වය ඇරඹෙන්නේ සිහිනයකිනි! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මම තවත් මලයාලම් ෆිල්ම් එකක් අරගෙන ආවා.මේක ටිකක් වෙනස් තේමාවකින් හැදුණු කතාවක්.සමහර විචාරකයන්ගේත් මතය අනුව මේක ටිකක් හොලිවුඩ් ෆිල්ම් වල වගේ තේමාවක් තියෙන, ඒ ආරට හැදුණු ලස්සන ෆිලුමක්. අපි ගොඩක් අයට පොඩි කාලේ ලස්සන හීන තිබුනා.ඒ කාලේනම් හිතුවේ අනිවාරෙන් ඒවා ළඟා කරගන්නවා කියලා.ඒත් කල් යද්දී ස…

Jo and the Boy

ඔන්න ඉතින් මම තවත් මලයාලම් ෆිල්ම් එකක් අරගෙන ආවා.මේක ටිකක් වෙනස් තේමාවකින් හැදුණු කතාවක්.සමහර විචාරකයන්ගේත් මතය අනුව මේක ටිකක් හොලිවුඩ් ෆිල්ම් වල වගේ තේමාවක් තියෙන, ඒ ආරට හැදුණු ලස්සන ෆිලුමක්.

අපි ගොඩක් අයට පොඩි කාලේ ලස්සන හීන තිබුනා.ඒ කාලේනම් හිතුවේ අනිවාරෙන් ඒවා ළඟා කරගන්නවා කියලා.ඒත් කල් යද්දී සමහරුන්ට ඒවා අමතක වෙලා ගියා,එහෙම නැත්නම් ඒවා කරන්න බැරි දේවල් කියලා හිතුනා.පොඩ්ඩක් කල්පනා කරලා බලන්න,තමන් අද ඉන්නේ තමන් පොඩි කාලේ වෙන්න හිතපු කෙනා විදිහටද? නැත්නම් එහෙම නෙවෙයිද? ඒක එහෙම නෙවෙයිනම් ඇයි ඒක එහෙම නොවෙන්නේ? අපි පොඩි කාලේ කොච්චර උද්‍යෝගයෙන් අපේ සමහර හීන පස්සේ ගියාද? ඒ උද්‍යෝගයට මොකද වුනේ? අපි හැමෝගෙම හිත ඇතුලේ තාමත් පොඩි ළමයෙක් ජිවත් වෙනවා,ඒ ළමයව අවදි කරන්න! ඔයාලගේ හීන සැබෑවක් කරගන්න ඒකෙන් පුළුවන්,ඒ වගේම බාහිරෙන් එන කම්කටොලු තමන්ටම සවියක් කරගන්න! මේ වගේ ලස්සන පණිවිඩයක්,ලොකු බලගැන්වීමක් මේ ෆිලුමෙන් ලබා දෙනවා.ඒක නිසා ජීවිතේට දෙයක් උපයගන්න මේක බලන්නම කියලා අරාධනා කරනවා !

ෆිලුමේ කතාව ගැන කිව්වොත් ජෝ කියන්නේ පොඩි කාලේ ඉඳලම වෝල්ට් ඩිස්නි වගේ සජීවිකරණ ශිල්පියෙක් වෙන්න හීන මවපු ගෑණු ළමයෙක්.ඒ වගේම එයාට ඕනේ වුනේ කවදාහරි දවසක තමන් හදන කාටුන් චරිතයට අතට අත දීලා එකිනෙකා හඳුනගන්න.මෙයා මේ හීනේ වෙනුවෙන් ගොඩක් මහන්සි වුනත් ඒක කරන එක ලේසි වෙන්නේ නෑ .ඔය අතරේ මෙයාගේ ගෙදර නවතින්න පොඩි පිරිමි ළමයෙක් එනවා.එයාත් අමුතු හීන තියෙන ජෝ වගේම කෙනෙක්.මේ ළමයව දැකලා ජෝගේ ළමා කාලය එයාට මතක් වෙනවා.මේ වෙද්දී ජෝ තමන්ගේ හීනේ අත ඇරලා දාලා තිබ්බත් ඒක අලුත් විදිහට ආයේ පටන් ගන්න මේක හේතුවක් වෙනවා.ජෝ අලුත්ම කාටුන් චරිතයක් නිර්මාණය කරනවා,ඒ තමයි ක්‍රිස්.ජෝ ඇත්තටම කාටුන් චරිතයක් විදිහට නිර්මාණය කරන්නේ මේ ළමයගෙම චරිතය තමයි.ඊට පස්සේ ජෝට මේ කතාව විකාශනය කරගන්න එක ගැන ගැටළු එනවා.එයා මේ ගැටලුත් එක්ක තමන්ගේ අනිත් හීනත්,ඉලක්කත් සාර්ථක කරගෙන ඉස්සරහට යන්නේ කොහොමද?ඒකට ක්‍රිස් කොහොම සහය වෙයිද?මේ දෙන්නා අතරේ යාළුකම ඉස්සරහට කොහොම එකක් වෙයිද?ඒවා දැනගන්නනම් ඔයාලට අනිවාරෙන් ෆිලුම බලන්නම වෙනවා !

මේක අපි සාමාන්‍යයෙන් බලන ෆිල්ම් වලට වඩා වෙනස් එකක් වෙයි.ප්‍රේමය,ත්‍රාසය,කුතුහලය,ක්‍රියාදාම වගේ තේමා තියෙන ෆිල්ම්ම බලන්න පුරුදුවුන අයට වෙනසකටත් එක්ක මේක බලන්න කියලා ආරාධනා කරනවා ! මම හිතන්නේ ෆිල්ම් එක රස විඳින ගමන් ඒකෙන් ජීවිතේට ගන්නත් ගොඩක් දේවල් තියේවි.මේ මගේ තුන්වෙනි උපසිරැසි නිර්මාණය ! ෆිලුම බලලා සබ ගැන හිතෙන ඕනම දෙයක් කමෙන්ටුවක් විදිහට දායි කියලත් බලාපොරොත්තු වෙනවා.තවත් ෆිලුමකින් නැවත හමුවෙමු ! 

ඔබට ජය!

Jo and the Boy (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Jo and the Boy [2015] Download Malayalam DVDRip x264 800MB ESubs

Jo.and.the.Boy.2015.DVDRip.x264.Malayalam.ESubs-ViZNU

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත්  සඳහා අදාළ වේ.

969 downloadsDownload Jo-and-the-Boy-2015.zip48 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/TharinduRRasanga1-e1485642059118.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

තරිඳු රසාංග

Subtitles

969 downloadsDownload Subtitles48 KB

9 comments

  1. Chami.S

    Thanks..
    Good Luck..

  2. SPD

    බොහොම ස්තුතියි තරිඳු රසාංග සහෝ. ඔයා කලින් උපසිරැසි ලබාදුන්න Vikramadithyan (2014) ෆිල්ම් එකත් බැලුවා. මේකත් ඒ වගේ හොඳ ෆිල්ම් එකක් වේවි කියලා බලාපොරොත්තු වෙනවා. සබක් කරන්න කොච්චර කට්ටක් කනවද කියලා අපි දන්නවා. ඉදිරියටත් තව හොඳ ෆිල්ම් බලන්න අපිට අවස්ථාව උදාකරලා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.ඉදිරියටත් සබ් කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට ජයවේවා..!!!

  3. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  4. Kulanjana Maduranga

    niayamai…malayalam films aniwa balanawa...ela..thanks THARINDU saho..sub ekata..thawa malayalam films walata sub demu.jaya wewa……

  5. හසිත මධුෂාන්

    හ්බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. ප්‍රමෝද් රත්නායක

    Bohoma Stuti

  8. එල්.සී. දමැල්

    THANKS SAHO!!!

  9. nimal dissanayake

    තරිඳුට ගොඩක් ස්තුතියි.
    ඇත්තටම වෙනස් කතාවක්!
    වෙනස් තේමාවක්!
    හැබැයි මට නම් පුංචි සීනිබෝල ගතියක්
    වැඩියෙන් දැනුනා!
    ඒක ඉතින් තරිඳුගේ පාලනයෙන් එහා තියෙන දෙයක්නේ.
    හැබැයි ෆිල්ම් එක රස විඳින්නට පුළුවන්!
    තුති!