ඔන්න මාස දෙකකට විතර පස්සෙ තවත් උපසිරසියක් අරගෙන ආවා. මේ වතාවෙ තෝරගත්තෙ 2006 වසරේ තිරගතවුණ Action | Thriller | War ගණයන්ට අයිති වෙන සුපිරිම සිනමා නිර්මාණයක්. ගිය අවුරුද්දෙ නොවැම්බර් වල වගේ බාර ගත්තත් වැඩ වැඩි නිසා ඉවර කරගන්න බැරිවුණා. හරි එහෙනම්. ෆිල්ම් එක ගැන කියනවා නම් මේ සලරුව 2006 වසරේ තිරගත වුණ…

ඔන්න මාස දෙකකට විතර පස්සෙ තවත් උපසිරසියක් අරගෙන ආවා. මේ වතාවෙ තෝරගත්තෙ 2006 වසරේ තිරගතවුණ Action | Thriller | War ගණයන්ට අයිති වෙන සුපිරිම සිනමා නිර්මාණයක්. ගිය අවුරුද්දෙ නොවැම්බර් වල වගේ බාර ගත්තත් වැඩ වැඩි නිසා ඉවර කරගන්න බැරිවුණා. හරි එහෙනම්.
ෆිල්ම් එක ගැන කියනවා නම් මේ සලරුව 2006 වසරේ තිරගත වුණ බ්‍රිතාන්‍යය චිත්‍රපටයක්. මේක මුලින්ම තිරගත කරල තියෙන්නෙ 2006 මැයි දෙවෙනිදා ඇමෙරිකාවෙදී. බ්‍රිතාන්‍යයේ තිරගතකිරීම ආරම්භ කරල තියෙන්නෙ 2006 මැයි 15. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Simon Fellows විසින්. තිර පිටපත රචනා කරල තියෙන්නෙ Jonathan Bowers සහ David L. Corley විසින්. මේ සිනමාපටය රූගත කරල තියෙන්නෙ රුමේනියාවේදී. බ්‍රසීලයේදී Segundo em Comando නමිනුත්, ප්‍රංශයේදී Ultime menace නමිනුත් මේ සලරුව තිරගත කරල තියනවා. අද මම අරගෙන ආව Second in Command චිත්‍රපටය නිශ්පාදනය කරල තියෙන්නෙ Motion Picture Corporation of America (MPCA) සහ Castel Film Romania කියන සමාගම් දෙක එකතුවෙලා. මේ සිනමා නිර්මාණයට 5.1ක හොඳ Imdb අගයක් ලැබිලා තියනවා වගේම ඇමෙරිකානු ඩොලර් මිලියන 12ක ආදායමකුත් වාර්තා කරල තියනවා.
මම මේ ෆිල්ම් එක තෝරගන්නත් ඉතින් හේතුවක් තිබුණා. හේතුව තමා දැන් MARVEL චිත්‍රපටි, රූපවාහිනී කතාමාලා වලට වහ වැටිල හිටියට පොඩිකාලෙ මගේ ආසම නළුවෙක් මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතයට පණපොවන එක. ඒ තමා Jean-Claude Van Damme එහෙමත් නැත්තම් කවුරුත් දන්න Van Damme. පොඩිකාලෙ මෙයාගෙ ෆිල්ම් එකක් කිව්වොත් ඊට වැඩිය දෙයක් නැහැ ඉතින්. හැමෝටම දැනගන්නත් එක්ක මම බලපු Van Dammeගේ සුපිරිම ෆිලුම් ටිකක් මතක් කරන්නම්කෝ. Double Impact (1991), Hard Target (1993), Until Death (2007), JCVD (2008), Replicant (2001), In Hell (2003) වගේ ටිකක් පරණ ෆිලුම් ටිකකුත්, මෑත කාලයේ තිරගතවුණ Universal Soldier : Regeneration (2009), Assassination Games (2011), Universal Soldier: Day of Reckoning (2012), The Expendables (2012), Six Bullets (2012), Enemies Closer (2013), Pound of Flesh (2015), Kickboxer : Vengeance (2016) වගේ සුපිරි ෆිල්ම් සෙට් එකක්ම තියනවා. ගොඩක් කට්ටිය බලල ඇති. බැලුවේ නැත්නම් බලන්න.
මිනිත්තු 92ක් පුරා ගලායන මේ සලරුව Olympus Has Fallen (2013), White House Down (2013), London Has Fallen (2016) සිනමාපට වලට ගොඩක් දුරට සමානයි. කතාව ආරම්භ වෙන්නෙ නැගෙනහිර යුරෝපා රටක් වෙන මොල්ඩාවියාවෙන්. මේ රටේ මෑතකදී පවත්වපු ජනාධිපතිවරණයෙන් ”අමිරෙව්” ජයගන්නවා. ඔහුගේ ජයග්‍රහණය ගැන බොහෝ දෙනා සතුටට පත්වෙන්නේ අවුරුදු 20ක් තරම් කාලයක් පැවතුණු ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොර වූ පාලනය අවසන් වුණ හන්දයි. අමිරෙව් කියන්නේ තමන්ගේ රටට, ජනතාවට ආදරය කරන පාලකයෙක්. ඒත් මේ ජයග්‍රහණයේ උණුසුම යන්නත් කලින් අමිරෙව් එක්ක තරඟ කරපු ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා ”කිරිලොව්” ඔහුට පක්ෂපාතී කැරළිකරුවන් එක්ක එකතුවෙලා කැරැල්ලක් පටන්ගන්නවා.
ඉතින් මේ කැරැල්ල ටිකෙන් ටික දරුණු වෙද්දි මොල්ඩාවියාවේ ඇමෙරිකානු තානාපති ”නෝර්ලන්ඩ්” විශේෂ පුද්ගලයෙක්ගේ සහය ලබාගන්නවා. මේ පුද්ගලයා තමා ”සෑම් කීනන්” (Van Damme). ඉතින් සෑම් මොල්ඩාවියාවට ඇවිත් ඔහුගේ පෙම්වතිය වගේම රැකියාවෙන් වාර්තාකාරිනියක් වන ”මිෂෙල් විට්මන්” හම්බවෙන්න හෝටලයට ගියාම තමා අවුල් වියවුල් පටන් ගන්නෙ. මේ හෝටලයට කැරලිකාරයෝ කඩාවැදිලා විදේශීය මාධ්‍යවේදීන් මරල දානවා. කොහොමහරි මේ අවුලෙන් සෑම්ටවත් මිෂෙල්ටවත් කරදරයක් වෙන්නෙ නැහැ. ඒත් හැමදෙයක්ම පටන්ගන්නෙ මේ සිදුවීමෙන් පස්සෙ තමයි. සෑම් තානාපති නෝර්ලන්ඩ් හම්බවෙලා පවතින තත්වය ගැන සාකච්ඡා කරමින් ඉන්න අතරේ ජනාධිපති අමිරෙව්ගේ මන්දිරය කැරළිකාරයෝ වටකරනවා. අමිරෙව් ඔහුගේ හිතවත්ම ජෙනරාල් කෙනෙක් වෙන ජෙනරාල් ”බොර්ගොව්” පිටත් කරනවා අමතර හමුදාව එක්ක එන්න. ඒත් අමිරෙව්ට උදව් ඕන කරන වෙලාවට ජෙනරාල්ට එන්න බැරිවෙනවා. ඉතින් ජනාධිපතිතුමා තානාපති නෝර්ලන්ඩ්ගෙන් උදව් ඉල්ලනවා. ඉතින් ජනාධිපති මන්දිරයෙන් අමිරෙව් බේරගෙන එන්න යන්නෙ සෑම් කීනන්. කොහොම කොහොම හරි එතනින් බේරිලා ඇමෙරිකානු තානාපති කාර්යාලයට එන අමිරෙව් වැටෙන්නෙ
හිටියටත් වඩා ලොකු අකරතැබ්බයකට.
කැරළිකරුවන් ගේ නායකයා ”ටවරොව්” වැඩේ ලේසියෙන් අත්හරින්නෙ නැහැ.එයාගෙ ඊළග ඉලක්කය වෙන්නෙ තානාපති කාර්යාලය. ඒ විතරක් නෙවේ සෑම්ගේ පෙම්වතිය මිෂෙල්ව, ටවරොව් අල්ල ගන්නවා. කොහොම හරි ටවරොව් තනාපති කාර්යාලයත් වටලනවා. ඔහුගේ ඉල්ලීම තමා ඔහුට ජනාධිපති අමිරෙව් ව බාරදෙන්න කියන එක. ඒකට සෑම් කැමති නැති නිසා ටවරොව් කාර්යාලයට පහරදෙන්න පටන් ගන්නවා. ඉතින් කාර්යාලයේ ඉන්න කට්ටිය බේරගන්න ජෙනරාල්ගේ හමුදාව හරි ඇමෙරිකානු මැරීන් සෙබළුන් හරි එනකන් ජනාධිපති අමිරෙව් හා කාර්යාලයේ ඉන්න කට්ටියගේ ජීවිත ආරක්ෂා කරන්න වෙන්නෙ සෑම්ට. මං පුළුවන් තරම් කෙටියෙන් කතාව ගැන පොඩි මතක් කිරීමක් කළේ. සෑම් කියන්නෙ මොනවගේ චරිතයක්ද… මිෂෙල්ව බේරගන්න පුළුවන් වෙයිද… අමිරෙව් ට මොකද වෙන්නෙ. ජෙනරාල් බොර්ගොව් කරන ද්‍රෝහිකම මොකක්ද… ටවරොව් ට මොකද වෙන්නෙ… සෑම්ට ඇත්තටම උදව් කරන්නෙ කවුද. චිත්‍රපටිය බලන් යද්දී හැමදෙයක්ම දැනගන්න පුළුවන් වෙයි.
”ජීවිතේ සමහර තැන්වලදී ඔයාට
අමාරු තීරණ ගන්න සිද්ද වෙනවා”.
සෑම් කීනන්.
Due to copyright issues, we do not provide any torrent links.
Second.in.Command.2006.720p.BluRay.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,737 downloadsDownload Second-In-Command-2006.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/IsuruSampath1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු සම්පත් සිරිසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු සම්පත් සිරිසේන
Subtitles
15 comments
Gayan
අසිත
මේ දවස් වල සයිට් එකේ Van Damme කොලුවා මාර ප්‍රසිද්ධයි නොවෑ.
එලම තෑන්ක්ස්..Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dulanga
Thanks
Udara Damith B/K
ස්තුතියි උපසිරසට සිංහල
Prabuddha Kulatunga
Bloodsport (1988) වලටත් සබ් දියන් පුලුවන් නම්.. Van Damme ඒකෙත් ඉන්නෙ :D :D Thank You සබ් වලට.. :D
Web-බුවා
van බුවා'ගේ film බලන එක කලාවක් නම් මා එහි කැප්ටන් ය. :cool:
අර ප්‍රබුද්ධ සහෝ කිව්වා වගේ ඒ film එකටත්,සබ් දෙනවා නම් පට්ට ස්තූතියි
මොකවෙතත් මේ සබට බොහොම ස්තූතියි.ජය! :)
Udara Damith B/K
ඔව් ඔව් එකටත් උපසිරස දෙන්ඩ
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
silent$
Thnxxxxxxxxxxxxxxxxxxxx
CHEthiya
Thnkz...........
Ravin
Thanks for the Sub
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!Tharindu Athukorala
tnx bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Sub ekata thank's sahoo. Jayawewaa! first down kare mama