Watch Trailer

Joker (2016) with Sinhala Subtitles | උසස් නිලධාරින් කරන අහිතකර වැඩ නිසා අවසානයේ වන්දි ගෙවීමට සිදු වන්නේ අහිංසක ජනයා ය [සිංහල උපසිරසි සමඟ]

මම ගොඩ කාලෙකට පස්සේ ඉන්දියාවේ පොඩි Budjet එහෙකින් නිපදවූ අලුත් නළු නිලියන් පිරිසක් රඟන වැඩිය ජනප්‍රිය නොවූ නමුත් හොඳ පද රචනයක් සහිත මේ වසරේ නිකුත් වුන ලස්සන කතාවක් තමා අද මම ගෙනාවේ. මෙහි සබ් එක කරන්න භාර ගත්තේ ඔක්තෝම්බර් 23 වෙනිදා, ඉතින් මට වැඩ රාජකාරි ගොඩාක් එක දිගට වැටුන නිසා මේක පොඩ්ඩක් පරක්කු ව…

Joker-(2016)

මම ගොඩ කාලෙකට පස්සේ ඉන්දියාවේ පොඩි Budjet එහෙකින් නිපදවූ අලුත් නළු නිලියන් පිරිසක් රඟන වැඩිය ජනප්‍රිය නොවූ නමුත් හොඳ පද රචනයක් සහිත මේ වසරේ නිකුත් වුන ලස්සන කතාවක් තමා අද මම ගෙනාවේ. මෙහි සබ් එක කරන්න භාර ගත්තේ ඔක්තෝම්බර් 23 වෙනිදා, ඉතින් මට වැඩ රාජකාරි ගොඩාක් එක දිගට වැටුන නිසා මේක පොඩ්ඩක් පරක්කු වුනා.

2014 වර්ෂයේ Cuckoo චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු Raju Murugan කියන කෙනාම තමා මේ චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරන්නේ, මෙහි සංගීත අධ්‍යක්ෂණය Sean Rolden විසින් සිදු කර ඇති අතර මෙයට Imdb Rating එක 9 ක් අරන් තියෙනවා.

Cuckoo චිත්‍රපටයේ කතාව වගේ සරල ලොකු වියදමකින් තොරව අධ්‍යක්ෂණය කරලා තියෙන මේ චිත්‍රපටයේ අද කාලේ ඉන්දියාවේ පවතින ලොකු සමාජමය ගැටලුවක් තමා මේ කතාවේ සරලව මෙහි අධ්‍යක්ෂක වරයා කීමට උත්සහ දරා තිබෙන්නේ, එය සාර්ථකයි කියා තමා මට කියන්න තියෙන්නේ. ඉන්දියාවේ දුප්පත් ජනයාට තියෙන මූලික ප්‍රශ්නයක් තමා මේ වැසිකිලි පහසුව නොමැති කම. ඉතින් ඉන්දියාවේ ඒ වගේ මිනිසුන් වැසිකිලිය සඳහා යොදා ගන්නේ එළිමහන, එහෙමත් නොමැති නම් ගංගා ඇළ දොළවල් තමා. එම සමාජමය ගැටලුව  මේ චිත්‍රපටයෙන් අපූරුව විදහා දක්වා පෙන්නා දී තිබෙනවා.

මම මේ කතාවේ සබ් එක කරගෙන යද්දී කතාව ජොලියෙන් විහිළුවෙන් පිරිලා තියෙන නිසා මේකේ First Half එක ඉතා විනෝදෙන් කළා, නමුත් Second Half එක මට භාගයක් කරන් යද්දී මට ඇඬුනා ඇත්තටම, මට චිත්‍රපටය බලද්දී ඒක එච්චර ගාණක් තිබුනේ නැහැ නමුත් සබ් එක කරන් යද්දී Second Half එක මම ගොඩාක් අමාරුවෙන් තමා හැදුවේ. ගොඩාක් සංවේගී අය මේක බලනවා නම් අනිවාර්යෙන් නිසැකවම ඇසට කඳුලක් ගෙන එනවා අනිවාර්යෙන්ම.

මට මේ කතාවේ මුලින් බලන කොට තේරුනේ ගොඩාක් පිස්සු කතාවක් වෙන්න ඇතියි. මූ මොකද මෙහෙම ඉන්නේ, උද්ගෝෂණ එහෙම කරද්දී ඔයාලා කවදාවත් නොදැකපු උද්ගෝෂණ ක්‍රම තනි පුද්ගලයෙකු විසින් කරන ආකාරය ඉතා විහිළුවෙන් බලාගන්න පුළුවන්. එක වෙලාවකදී හිතෙන කරුණක් තමා ඇත්තටම මූ මොනවාද මේ කරන්නේ, පිස්සු නැත්නම් ශෝක්, ඒ වගේ හිතට ගොඩාක් අදහස් මතු වෙයි, ඇත්තටම Second Half ඒක බලද්දී තමා තේරෙන්නේ මෙයාට මොකද මේ වුනේ, ඇයි මෙහෙම මෙයාට වෙලා තියෙන්නේ, ඒ කවුරු නිසාද කියලා චිත්‍රපටයේ අවසානය වෙනකන් බලලා ඉවර වෙද්දී තමා තේරෙන්නේ මම චිත්‍රපටයේ First Half එක බලපු විදිය වැරදියි කියලා. මේක බලලා ඉවර වෙලා දෙවැනි වතාව ආයෙත් එම චිත්‍රපටය බලන්න, අනිවාර්යෙන් වෙනස් දෙයක් දකීවි.

මම මේකේ කතාව කියන්න යන්නේ නැහැ, හැබැයි මට ගහලා කියන්න පුළුවන් මේක චිත්‍රපටයක් නෙවෙයි, ඒකට එහා ගිය එකක් කියලා…

එහෙනම් මම ගිහින් එන්නම්. ඔබට ජය…!!!

Joker (2016) on IMDb

Size Zero (2015)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Joker (2016)

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,430 downloadsDownload Joker-2016.Baiscopelk.com_.zip48 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/RavinduSandeepa1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රවිඳු සංදීප

Subtitles

2,430 downloadsDownload Subtitles48 KB

13 comments

  1. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  2. එල්.සී. දමැල්

    IMDb 9ක්... අනිවාරෙන්ම බලන්න වෙනව එහෙමනම්...
    උපසිරසට ස්තුතියි රවිඳු සහෝ...
    නැවත උපසිරසකින් හමුවෙමු...

  3. Indrajith Udaya Kumāra

    මෙන්න නියම ෆිලුමක්..සුපිරිම දේශපාලන ප්‍රහසනයක්.
    සියළු දෙනාම අනිවාර්යයෙන්ම ඇරන් බලන්න කියලා කියන්න කැමතියි.
    උපසිරැසියට ගොඩක් ස්තුතියි රවිඳු සහෝ..
    දිගටම උපසිරැසි දෙන්න.

  4. Emjay

    thanks saho

  5. bhanusha

    සබි එකට තැන්ක්ස් හොද කතාවක් කියල හිතනවා ජයවෙිවා

  6. Dulanga

    Thanks

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. D.Chamara

    aniwa balillak thamai bohoma sthuthi sahooo

  9. Lushan Kuruppu

    එළ කතාවක් වගේ...
    ජය වේවා...!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. buddhika

    බාගන්න විදිහක් කියන්න

  12. lusantha

    thnks saho...

  13. Sehathvinadi

    movie eke link ekak denna