Watch Trailer

Devi (2016) with Sinhala Subtitles | රඟ මඬලේ සොඳුරු හොල්මන [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද මම ඇරන් ආවා අරුම පුදුම හොල්මන් කතාවක්. සාමාන්‍යෙයන් හොල්මන් කතාවක් කීවාම අපි කියන්නේ ඒක ත්‍රිලර් මූවි එකක් කියලා. නමුත් මට දැනුණ විදියටනම් මේ හොල්මන් කතාව එහෙම නෙවෙයි. හුඟක් වෙනස්. අවුරුදු ගාණකට පස්සේ ප්‍රභූ දේවා ඉතාමත් හොඳ චිත්‍රපටියක් අපිට ඇරන් ඇවිත් තියනවා. ඒ තමයි දේවී. හොඳම දේ තමයි ප්‍ර…

Devi (2016)

ඔන්න අද මම ඇරන් ආවා අරුම පුදුම හොල්මන් කතාවක්. සාමාන්‍යෙයන් හොල්මන් කතාවක් කීවාම අපි කියන්නේ ඒක ත්‍රිලර් මූවි එකක් කියලා. නමුත් මට දැනුණ විදියටනම් මේ හොල්මන් කතාව එහෙම නෙවෙයි. හුඟක් වෙනස්. අවුරුදු ගාණකට පස්සේ ප්‍රභූ දේවා ඉතාමත් හොඳ චිත්‍රපටියක් අපිට ඇරන් ඇවිත් තියනවා. ඒ තමයි දේවී. හොඳම දේ තමයි ප්‍රභූ දේවා සමඟ අපි කවුරුත් කැමති තමන්නා මෙහි රඟපාන එක. තිරගත වෙද්දි බොහෝ දෙනා හිතුවේ මේකත් එක්තරා නර්තනයට සම්බන්ධ ෆිලුමක් කියලා. හොඳයි එහෙනම් කතාව පොඩ්ඩක් කියන්නම්.

ක්‍රිෂ්ණා අකැමැත්තෙන් තමයි දේවී ව විවාහ කරගන්න සිදුවෙන්නේ. මොනවා කරන්නද ඉතින්. තාත්තගේ කැමැත්තනේ කියලා එයා දේවිව එක්කරන් මුම්බායට එනවා. ඉතින් මුම්බායෙන් පරණ ගෙයක් ඇරගෙන ඒ දෙන්නා ඒකේ පදිංචියට යනවා. හැබැයි ඔය ගෙදර ඉන්නවා රූබි කියලා හොල්මනක්. එයා නිළියක් වෙන්න ආසාවෙන් ඉඳලා තමයි මිය ගිහින් තියෙන්නේ. දේවි මේ ගෙදරට ආව එක රූබි හොල්මනට කියලාවත් කරගන්න බැරි අවස්ථාවක්. එයා දේවිගේ ඇඟට වැහෙනවා. ඉතින් දේවිගේ කිසියම් වෙනසක් තියනවා කියලා ක්‍රිෂ්ණට තේරෙනවා. ක්‍රිෂ්ණා මේ ගැන හොයන්න පටන් ගන්නවා. ඔහොම ඉද්දි දවසක් රූබි හොල්මන ක්‍රිෂ්ණාට කතා කරනවා. ඇය කියනවා දේවී මාර්ගයෙන් ඇයට සුපිරි තරුවක් වෙන්න ඕන කියලා. රූබිගේ ග්‍රහණයෙන් මිදෙන්න නම් ඇගේ ආසාවත් ඉෂ්ට කරන්න වෙන බව ක්‍රිෂ්ණාට තේරුම් යනවා. මොනවා වුණත් රූබි හොල්මනක් නේ. ඉතින් ක්‍රිෂ්ණා රූබි එක්ක කොන්ත්‍රාත්තුවක් ගහනවා. ඒ මොකද්ද කියලා මම කියන්නෑ. නමුත් අවසානේ ක්‍රිෂ්ණට තේරෙනවා හොල්මන තමුන්ට වඩා කපටි බව. ඉතින් මේ හොල්මනගෙන් බේරෙන්න ඔහු මොකද කළේ..දේවිට අවසානයේ මොකද වුණේ කියලා තමයි චිත්‍රපටියේ කතාව.

කතාවේ සාරාංශය එහෙම වුණාට කතාව බලද්දි ඔයිට වඩා රසවත්. උපසිරැසි කරන ගමන් මමත් තනියම හිනාවුණු අවස්ථා බොහෝමයි. දේවිගේ නෑදෑයින් ගෙදරට ආව වෙලාවේ හොල්මන ක්‍රිෂ්ණත් එක්ක එකතු වෙලා කරපු වැඩේ මතක් වෙද්දි තවත් හිනා යනවා. හරි අමුතු කතාවක්. පට්ට සීරියස් ගතියක් නැහැ. ලොකු සම්භාව්‍ය ගතියකුත් නැහැ. සරළවම හාස්‍යජනක හොල්මන් චිත්‍රපටියක් කියන්න පුළුවන්. ඉතින් මේ උපසිරැසියත් සමඟ මගේ නිවාඩු කාලය ඉවර වෙනවා. පසුගිය උපසිරැසි වලට ඉහළින් ප්‍රතිචාර ලැබුණා. තවමත් ලැබෙමින් පවතිනවා .පුද්ගලිකව පවා. බයිස්කෝප් උපසිරැසිකරුවෙකුගේ හොඳම ලාභය තමයි ඔබගේ ප්‍රතිචාර. ඔබ සියළු දෙනාටම ස්තුති කරන ගමන් කෙටි කාලයකට ඔබෙන් සමු ගන්නවා. ඔබ සැමට ජය වේවා !

Devi(L) (2016) on IMDb

 

 

 

 Due to copyright issues, we do not provide any torrent links.

Devi (2016)

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

27,700 downloadsDownload Devi-2016.Baiscopelk.com_.zip50 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

27,700 downloadsDownload Subtitles50 KB

57 comments

  1. mithun

    වව් තැන්ක්ස් බ්‍රො.. alert එක අපු ගමන් දුවගෙන අවෙ සබ් එක ගන්නයි.. කලින් කතාකරල තිබුන නිස පනිවිඩය ලැබුන නිස ෆිල්ම් එක අරගෙන තිබුනෙ බොහොම ස්තුතියි ඔයට .. සුපිරි ෆිල්ම්ස් ටිකක් බැලුව ගොඩක් සතුටින්.. ස්තුතියි දිගටම උපසිරැසි දෙන්න ඔබට ජය

  2. Dhanuka

    Sub eka denakan balagena hitiye..thank u bro..

  3. Kalum

    Sub akata thanx macho.....

  4. Uddeepa Rozzer

    thankq

  5. thilan sanjaya

    Macho film ekanam maru kollo man iye sub nathuwa baluwa pattai bn filuma thnx saho sub ekata.

  6. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි සහෝ..
    ජය වේවා...

  7. bhanusha

    මෙික භාශා ගොඩකින් රිලීස් උනා නේද?
    සබි එකට තැන්ක්ස් සහෝ
    ජය වෙිවා

  8. dadda

    elaaaaaaaaaaaaa

  9. sammika

    720p copy ekata sun galapenawada??????

  10. Hasini Udara

    thnx...

  11. sammika

    720p ekata sub galapenawa.. thanx for the sub

  12. Umesh

    Sab ekata bohooma. Sthuthiy sahoo..oke inn mm kamathinma niliya...

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. thisal

    උපසිරසට ස්තුතියි සහෝ

  15. Kasun Lakshan

    Subata godak sthutyi

  16. leon-x

    Patta broo..digtama ohoma yan

  17. අමිල මනනදේව

    පට්ට ෆිල්ම් එක සහෝ..බොහොම ස්තුතියි උපසිරසියට...තවත් මේ වගේ ෆිල්ම් වලට උපසිරසි ලබා දෙන්න..
    ජය වේවා!!!

  18. kavindu

    thanks macho sabata

  19. Rajitha

    Thanks machan.....jayawewa.....!

  20. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි..... :D

  21. Saman Deshappriya

    පට්ට ගති බන් උබට ජයෙන් ජයම මේ බොක්කෙන්ම කියන්නේ බන්

  22. Praneeth Chathuranga Wickramage

    Film eka download karanne kohomada ?

    1. Indrajith Udaya Kumāra

      උපසිරැසියේ නම කොපි කරලා ගූගල් කරන්න.
      ඊට පස්සේ එන ලින්ක් එකෙන් ටොරන්ට් එක බාගන්න පුළුවන්.

  23. asan

    බොහෝම ස්තුතියි සිංහල උපසිරැසියට..!

  24. Lushan Kuruppu

    එළකිරි... නියම කතාවක් වගේ
    සබ් එකට බොහෝම ස්තූතියි යාළු!

  25. Lakhishitha Mathngadeera

    Thnx saho sub 1te :D

  26. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  27. amal

    Thanks for the subtitles ....

  28. oshanda

    niyamai saho... den tamil ewata sub denawa ...

  29. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. asanka

    දෙපාරක් හිතන්නේ නැතිවම ෆිල්ම් එක බැවෙන්න දාලයි ලිපිය කියෙව්වේ.. ඉතින් ගොඩක් ස්තුති.. ෆිල්ම් බලන ජනතාව වෙනුවෙන්.. කැපකරන ඔයාලගේ ,කාලය ශ්‍රමය දැනුම වෙනුවෙන්.. බෝම පිං පුතා..ස්තුති..යි..'' :)

  31. samitha

    tra wennepa saho mema kiynwata. meke oya kypu wdiyta hinsa yanne na.ETH filuma hday.min psse lipi danawnam atta wistara dala lipiya linna saho.attama oyage mahnsi age krnwa.

    1. Indrajith Udaya Kumāra

      හැඟීම් දැනෙන විදිය පුද්ගලයාගෙන් පුද්ගලයාට සහ, ඔහු චිත්‍රපටය බලන වෙලාව, මූඩ් එක අනුව වෙනස් විය හැකියි. චිත්‍රපටයේ ඛාණ්ඩය පවා “කොමඩි“. ඇත්තටම මට නම් පුද්ගලිකව පමණක් නෙවෙයි, ෆේස්බුක් හරහා වගේම මිතුරන් හරහා මෙම චිත්‍රපටය සම්බන්ධව නැඟුණු අදහස් වලින්ම තේරුණා මේක පට්ටම කොමඩියක් බව. ආයේ ඒකේ දෙකක් නෑ.

      නමුත් මම එහෙමවත් කියලා නැහැ මේකේ.. අනිත් එක, උපසිරැසි බාන දහස්ගාණක් පිරිසටම ගැළපෙන්න ලිපි ලියන්න විදියක් නෑනේ සහෝ. මම ලිපියට ගොනු කරන්නේ මගේ අත්දැකීම සහ ෆිලුම පිළිබඳ අන්තර්ජාල රසිකයින්ගේ අදහස් මත.
      ඔබේ බලාපොරොත්තු කඩ වුණා නම් මම සමාව ඉල්ලා සිටිනවා..නමුත් බොහෝ දෙනා මේ චිත්‍රපටිය ඉතා හොඳින් විනෝදයෙන් රසවින්ඳ බව මට පුද්ගලිකව ලැබෙන පණිවුඩ වලින් පවා පෙනී යනවා. මගේ ලිපියෙන් ඔබේ බලාපොරොත්තු කඩ වුණා නම් සමාවෙන්න.

  32. Sanju

    Sub ekata Thnks sahooo. Film eka bagnna link ekak dennakooooo plzzzzzzz

    1. Indrajith Udaya Kumāra

      සහෝ මට ෆේස්බුක් එකේ මැසේජ් කරන්න.

  33. Kasun Pradeep

    Meka Camcopy da Tamilrockerslage Link eka ? Qulity Hodaida ?

    Thankz for sub

    1. Indrajith Udaya Kumāra

      ඔව් සහෝ. ටැමිල් රොකර්ස් එක තමයි.
      කොලිටිය හොඳයි .

  34. chameera

    niyamai saho........

  35. Amila Mudalige

    Thanks saho sub ekta

  36. SB

    බොහොම ස්තුතී උපසිරැසියට මචන්...!

  37. supun

    ele kollo

    1. Coc pissa

      Thnx

  38. Madhu Weththasinghe

    Thanks sub ekata..!!!!

  39. ashan lankanath

    thanks

  40. Menu

    Thank you

  41. supun

    ame bn link eka khmda gnne

  42. Dinusha Sandaruwan

    supiri bn

  43. sachiyon

    Machan meka download krnna yaddi error 1k watenawane bn mokadda ee awla

  44. kaveesha

    Thanxz mcn supiriyata sub krla thiyenawa puluwn nm vyaapari film eke sub dennako

  45. Hiruni

    Thanx sub ekata....

  46. Bhagya

    thanks..........!

  47. Kla us

    Thanks Saho

  48. Anurada

    Thank You !!!

  49. Chamindalakruwan

    Tnz bro sub ekata

  50. Prabhasoft

    thanks...!!!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.