Watch Trailer

Naam Hai Akira AKA Akira (2016) with Sinhala Subtitles | අසාධාරණයට එරෙහිව තනිව ඇය..! [සිංහල උපසිරැසි සමග]

පුංචි කාලේ ඉඳන්ම මට මුහුණ දෙන්න උනේ මගෙ වයසට වගේම ගෑණු ළමයෙක්ට සාමාන්‍යයෙන් ඔරොත්තු නොදෙන දේවල් වලට. මගෙ ජීවිතේ හැමදාමත් කරදර, අවදානම් හොයාගෙන ගියා. ප්‍රශ්නයි කරදරයි මගෙ ජීවිතේට බද්ධ වෙලයි තිබ්බේ.. සාමාන්‍ය කෙල්ලෙක් ගෙවන සියුමැලි ජීවිතේ නෙමේ මම ගෙව්වේ. කොටින්ම කිව්වොත් සමහරවෙලාවට මගේ ඇඟේ ලේ හොල්ලන…

Akira (2016)

පුංචි කාලේ ඉඳන්ම මට මුහුණ දෙන්න උනේ මගෙ වයසට වගේම ගෑණු ළමයෙක්ට සාමාන්‍යයෙන් ඔරොත්තු නොදෙන දේවල් වලට. මගෙ ජීවිතේ හැමදාමත් කරදර, අවදානම් හොයාගෙන ගියා. ප්‍රශ්නයි කරදරයි මගෙ ජීවිතේට බද්ධ වෙලයි තිබ්බේ.. සාමාන්‍ය කෙල්ලෙක් ගෙවන සියුමැලි ජීවිතේ නෙමේ මම ගෙව්වේ. කොටින්ම කිව්වොත් සමහරවෙලාවට මගේ ඇඟේ ලේ හොල්ලන සිදුවීම් පවා උනා. ඔයාලා විශ්වාස කරයිද දන්නේ නෑ, මං ඒ වෙද්දිත් පුංචි කෙල්ලෙක්. මේ දේවල් හින්දා සාමාන්‍ය කෙල්ලෙක් කරන දේවල් නෙමේ මට කරන්න සිද්ධ උනේ. වෙන ගැහැණු ලමයි නැටුම් පංති යන වයසෙදි මට යන්න උනේ කරාටේ පංති වලට. ජීවිතේ දරදඬු උනා. කෙල්ලෙක් වෙලත්, වලි දාගෙන ලේ පෙරාගෙන ගෙදර එද්දි අම්මලටත් ඒක අමුත්තක් උනේ නෑ.

පොඩි කාලේ ඉඳන් මට අසාධාරණේ පේන්න බැහැ. දවසක් ඒ වගේ අසාධාරණයක් වෙනුවෙන් පෙනී හිටින්න ගිහිල්ලා මගෙ මුලු ජීවිතේම ආපස්සට ගියා. පුංචි වයසෙන්ම මට පරිවාස භාරයට යන්න උනා. අන්තිමේදි මං නිර්දෝෂයි කියලා ඔප්පු උනත්, මගෙ ඉස්කෝල ජීවිතේ අවුරුදු තුනක්ම මං අහිමි කරගෙන තිබුණා.

ජීවිතේ ලොකුම පෙරළිය සිද්දවෙන්න ගත්තේ මං අම්මත් එක්ක ගම අත ඇරලා මුම්බායි ගියාට පස්සේ. අයියා මුම්බායි වල හිටියට මං එයාගේ ගෙදර නතර උනේ නෑ. මට ඕන උනේ තනියෙන් ඉන්න. ඒ හින්දා මං කොලේජ් එකේ හොස්ටල් එකේ හැමෝම අත ඇරලා දාපු කාමරයක් මගෙ පදිංචිය කරගත්තා. පුරුදු විදිහට අලුත් කොලේජ් එකේදිත් ප්‍රශ්න මං පස්සෙන් පන්නන්න ගත්තා. කොලේජ් එකේ පොරවල් කියලා හිතාගෙන ඉන්න එවුන්ට මාව වහ කදුරු වගේ උනා. ඒත් මං හැමදේකින්ම ඈත් වෙලා මගෙ ඉගෙනීමට විතරක් හිත යොමු කරගෙන හිටියේ. ඒත් දෛවය මට එහෙම ඉන්න දුන්නේ නෑ.

දවසක් මහ රෑ… මගෙ කාමරේ ඉස්සරහ කවුදෝ පොඩි බෑග් එකක් දාලා ගිහින් තිබුණා… ඒ බෑග් එක… මගෙ  ජීවිතේම නරකාදියකට ඇදලා දාපු ඒ බෑග් එක…. නිදන් හිටපු සිංහයෙක්ව ඇහරපු ඒ බෑග් එක…..!!

කවුරුහරි ඔයාගෙන් එදා මෙදාතුර බලපු හොඳම, ගතිම හින්දි චිත්‍රපට මොනාද කියලා ඇහුවොත් ඔයාගෙ උත්තරේට අනිවා Ghajini (2008) සහ Holiday (2014) ඇතුලත් වෙයි. මේ චිත්‍රපට දෙකම අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ A.R. Murgadoos  විසින්. ඔන්න මෙයා මේ අවුරුද්දෙත් අලුත් චිත්‍රපටියකට අත ගැහුවා. ඒ තමයි දැන් ඔයාලා බලන්න යන Akira. පොඩි ඉඟියක් දුන්නොත් මේක තමා Mouna Guru (2011) කියන දෙමල චිත්‍රපටියේ Remake එක. ලොකු වෙනසක් තියෙනවා, ප්‍රධාන චරිත වල. දෙමළ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය කොල්ලෙක් උනත්, Akira එකේදි ප්‍රධාන චරිතේ වෙන්නේ නම් කෙල්ලෙක්.

Murgadoosගේ කලින් නිර්මාණ තරම් මේක සාර්ථක උනේ නම් නැහැ. ඒවා තරම් ලොකු ආදායමකුත් උපයා ගත්තේ නැහැ. හැබැයි කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් චිත්‍රපටියක් කියලා ඉහළින්ම නිර්දේෂ කරන්න පුලුවන්.  පොඩ්ඩක් පරක්කුයි නම් තමා  මේක මම කරන්න ගත්තත්  මයුර කලින් කරන්න ඉඳලා  තියෙන්නේ මේ සබ් එකෙනුත් වැඩි හරියක් කරෙත් මයුරම තමා සබ් එක කරන්න තිබ්බ ආසාව නිසාම මයුරට ඉවර කරන්න නොදී මමම ඉවර කරලා  දුන්නේ. පරක්කුවට සමාවෙන්න ඕනේ තේ කඩ වගේ සබ් දෙන අය දැන් වැහි වැහැලා උනාට  බයිස්කෝප් එකෙන් දෙනකම් බලාගෙන ඉන්න අයට එහෙනම් රස විඳින්න කියලා ඉල්ලන ගමන් සමුගන්නවා.

ලිපිය-මයුර සුරාජ්

Naam Hai Akira (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Akira-2016.1CD.DVDRIP.X264  මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

18,420 downloadsDownload Akira-2016.Baiscopelk.com_.zip58 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සහ “මයුර සුරාජ්” සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

18,420 downloadsDownload Subtitles58 KB

36 comments

  1. Chami.S

    Thanks..

  2. samee

    ela machan
    shivaay ekaat ikmanata sub eka diyan
    digatama wade karamu ekenma sup eka denawa api

  3. Ajith Priyantha

    sub akata thanks wawa

  4. Sisila Prasad

    නියමයි.
    දෙනකම් බලාගෙන ඉඳපු එකක් තමයි මේක.
    දෙන්නටම ජයවේවා!!!

  5. silent$

    Patttaaaaaaaaaaaaaa

  6. kalana rajapaksha

    උපසිරසට ස්තුතියි සහෝ...........

  7. Yasiru Hasaranga

    උපසිරසට ස්තූතිය සහෝ
    සොනක්ශි නේ ඉන්නේ බලමු බලමු.

  8. uthpala

    Ade subata thx hali baiscope and all members ade web hd eakak teyenava honey ge shanika update paarak deyanko plzzzz loku pinak

  9. මම අහිංසකයි

    විස්කොතුයි . වැඩි වැඩියෙන් කරන්න . ජයෙන් ජය

  10. මධුකප්‍රිය පෙරේරා

    ඔන්න එහෙනම් බෑවා සබ..
    මේ මයුරිත් සබට හවුල්ද ? අපරාදේ ෆිලුම..
    මොනාවුනත් තැන්කු දෙන්නටම..

    1. Mayura

  11. පැතුම් අතුකෝරල

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  12. රයන් ද සිල්වා

    සබ් එකට තුති බ්‍රෝ
    #එලම

  13. sam

    Thanks for the sub

  14. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. thisal

    උපසිරසට ස්තුතියි සහෝ

  16. Jack

    බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
    ජය...

  17. Rajitha

    Thank you machan.......jayawewa.....!

  18. Sanindu Lakkitha

    Thnk u very much saho... Good luck

  19. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  20. Mayura

    Mai Gayanui ekatunoth karanna bari deyak na kiyala man danan hitiya :)

    1. hashan

      machan cant download the film by
      Akira-2016.1CD.DVDRIP.X264
      please send me the web page please
      [email protected]

  21. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. sammika

    meka 720p copy eka avillana tiyanna........ 720p avith tiyana ewata 720p sub ekak dennako.......... thanks...............for the sub............

  23. mahesh jaali

    Romba thanxx machoo for the sub..... suppaaa

  24. හර්ෂන

    සහෝ සබ් එකට බොහොම තුතී, මේක HD Rip එකට Update කරන්න බැරිද....?????

  25. lovely singh

    මචන් සයිට් කීපයකටම ගියා.. (ෆෝන් එකෙන්) ඩවුන්ලෝඩ් කරගන්න බෑනෙ බං සෙද්ද.. කාටහරි පුළුවන් නම් හෑශ් එකක් හරි ලින්ක් එකක් හරි දෙන්නකෝ...
    සබ නම් බා ගත්ත ෆිලුම නැති උනාට :3 බොහොම ස්තූතියි !

  26. thilz

    Thank you! Good work, as always.keep it up..nyc film

  27. Chamara Asanka

    Kepavima agaya krnwa bro thwa sub krnna obata jaya vewa sub ekta ස්තුතිය mage

  28. Menu

    Thank you

  29. Naleeff Brian

    Mchoo buisness wadak thiyanawa puluwannam mawa contact karagannako...
    0752381653

  30. chamith Nilaweera

    Ane bn pn eken sub banna patta amaruine bn down wen na ne bn

  31. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!

  32. geethi320

    Tnx... :)

  33. Indik pushes kumara

    Thanks

  34. Ashanga silakshana

    T