Captain Miller (2024) Sinhala Subtitles මේ 1930 – 1940 අතර කාලයේ සිදුවන කතාවක්. ඊසා නමින් හඳුන්වන අනලීසන් අඩු කුලයකට අයත් තරුණයෙක්. අනලීසන්ගේ ගම් පලාත පාලනය කරපු මහ රාජා මේ කුලයට බොහොම පහත් විදිහට සැළකුවා. මේ අතරේ අනලීසන් රාජ කුමාරියට ආදරය කරන්න ගන්නවා. ඒත් ඒ ආදරය දළු දාගෙන එද්දිම මැළවිලා යනවා. ඒ ර…
Captain Miller (2024) Sinhala Subtitles
මේ 1930 – 1940 අතර කාලයේ සිදුවන කතාවක්. ඊසා නමින් හඳුන්වන අනලීසන් අඩු කුලයකට අයත් තරුණයෙක්. අනලීසන්ගේ ගම් පලාත පාලනය කරපු මහ රාජා මේ කුලයට බොහොම පහත් විදිහට සැළකුවා. මේ අතරේ අනලීසන් රාජ කුමාරියට ආදරය කරන්න ගන්නවා. ඒත් ඒ ආදරය දළු දාගෙන එද්දිම මැළවිලා යනවා. ඒ රාජ කුමාරි, වෙනත් කෙනෙක් එක්ක පැනලා ගිය නිසා. ඊටත් ඊසාගේ උදවුවෙන්මයි. ජීවිතය එපා වුණ ඊසා හමුදාවට බැඳෙන්න තීරණය කරනවා. ඊසා හමුදාවට බැඳුණාම ගමෙන් ලැබෙන්නෙ නැති ගෞරවය ඊසාට ලැබුණා. ඉතින් හමුදාවට ගිහින් ඊසාට ලැබුණු පලමු කාර්ය මොකක්ද? කතාව මීට වඩා හෙළි කරන්න යන්නෙ නැහැ. මොකද ස්පොයිල් කරනවා කියලා මට චෝදනා එල්ල වෙලා තිබුණ නිසා.
Captain Miller (2024) Sinhala Subtitlesරීල් එකේ මිලර්ව ඔයලට චිත්‍රපටියෙන් බලන්න පුළුවන්. එත් රියල් මිලර්ව දන්නෙ නැති ගොඩක් අය ඉන්නවා. විශේෂයෙන්ම මේ යුද්ධයක් නැති සාමකාමී කාලයේ යුද්ධය කොයිතරම් දරුණු විදියට ජන ජීවිතයට බලපෑම් කළාද, LTTE ත්‍රස්තවාදය කොයිතරම් ප්‍රචණ්ඩකාරීද යන වග ෆේස්බුක් සැරිසරන ගොඩක් දරුවෝ දන්නෙ නැහැ. ඒ නිසා කළු කොටි මිලර් ගැන පුංචි විස්තරයක් කරන්නම්.
Captain Miller (2024) Sinhala Subtitles‘කැප්ටන් මිලර්’ කියන්නෙ ශ්‍රී ලංකාවේ, LTTE ත්‍රස්තවාදීන්ගේ “කළු කොටි” නම් මරාගෙන මැරෙන ත්‍රස්තවාදී කණ්ඩායමේ ප්‍රථම සාමාජිකයායි. මේ ත්‍රස්තවාදීයාගේ සැබෑම නම වල්ලිපුරම් වසන්දන්. අපේ හමුදවේ වඩමාරච්චි මෙහෙයුම සාර්ථකව ඇදී යද්දි ඒ ප්‍රදේශවලින් කොටි පසුබසින්න ගත්තා. මේ නිසා LTTEය, හමුදාවට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා 1987 ජුලි 05 දින තෝරා ගත්තා.
මේ වෙනුවෙන් නෙල්ලි අඩි ශ්‍රී ලංකා යුද හමුදා කඳවුරට පුපුරන ද්‍රව්‍ය පිරවූ සක්ක ලොරියක් පදවාගෙන ගොස් පුපුරවා හැරීමට සැලසුම් කළා. මේ සක්ක ලොරොය පදවාගෙන යාමට කෙනෙක් උවමනා කර තිබුණා. ඒ අනුව LTTEය විසින් වල්ලිපුරම් වසන්දන් මෙයට යොදා ගන්නවා. ප්‍රහාරයට පෙර දිනයකම වසන්දන්ට තමන්ගේ පවුල අවසන් වරට හමු වී එන්නට අවස්ථාව සලසා දෙනවා. වසන්දන් එදින තමන්ගේ පවුලේ සාමාජිකයින් සමඟ සතුටින්, විනෝදයෙන් ගත කර නැවත එනවා. පවුලේ අයට තමන් මරාගෙන මැරෙන්න යන බවක් හෙළි කළේ නැහැ.
Captain Miller (2024) Sinhala Subtitlesජුලි 05 දින “යුද හමුදාව” ලෙසින් නම් කරපු මේ සක්ක ලොරිය අරගෙන මිලර් නෙල්ලි අඩි කඳවුරට එනවා. යුද හමුදාව විදියට ඉදිරියෙන් සටහන් වෙලා තිබුණ නිසා අපේ හමුදාව මේ සක්ක ලොරිය ගැන සැක කළේ නැහැ. මිලර් කඳවුර පේන මානයේදී වේගය වැඩි කරන්න ගත්තා. හමුදා සෙබලුන්ට මේ නිසා සැකයක් ඇතිවෙලා වාහනය නතර කරන්න සඥා කරනවා. සංඥාව නොතකාම ඉදිරියට ඇදුණු නිසා හමුදාව ලොරියට වෙඩි තියන්න ගත්තා. මේ වෙඩි පහරක් මිලර්ට වැදුණා. තවත් වාහනය ඉස්සරහට අරගෙන යන්න බැහැ කියලා තේරුණ මිලර් ඒ ළඟම තිබුණ ගොඩනැගිල්ල දිහාවට වාහනය හැරෙව්වා. ලොරිය ගොඩනැගිල්ලේ වැදී පිපිරී ගියා. මේ පිපුරුමෙන් අපේ හමුදා සෙබළුන් 20 – 40කට පමණ ජීවිතය අහිමි වුණා.
Captain Miller (2024) Sinhala Subtitlesඉතින් ඔන්න ඕකයි ඇත්තම මිලර්, වල්ලිපුරම් වසන්දන්ගේ ඛේදනීය කතා පුවත. මේ ප්‍රථම මරාගෙන මැරෙන ප්‍රහාරය සිදු වුණ ජුලි 05 දා “කළු කොටි දිනය” විදියට සමරමින් එනවා. එදිනට රටේ දේශපාලන හෝ ආරක්ෂක අංශ නායකයෙකු ඝාතනය කිරීමට උත්සාහ දරා තිබෙනවා. මේ කළු කොටි ලෙස පුහුණු වෙන සාමාජිකයින්ට ප්‍රභාකරන් සමඟ භෝජන සංග්‍රහයක් සහ ඡායාරූපයක් ලබා ගැනීමට අවස්ථාවක් ලැබුණ බව පැවසෙනවා.
Captain Miller (2024) Sinhala Subtitlesධනුෂ්, ශිවරාජ්කුමාර්, සුන්දීප් කිෂන්, ප්‍රියංකා අරුල් මෝහන්, අදිති බාලන්, විනෝද් කිෂන්, ඉලන්ගෝ කුමාරවේල්, කාලි වෙන්කට්, නිවේදිතා සතීෂ්, එඩ්වඩ් සොනෙන්බ්ලික් යන අය රඟපානවා. ඒ ඒ නළු නිළියන් චරිත වලට උපරිමයෙන්ම සාධාරණයක් කළා. නළු සුන්දීප්ට කාලෙකින් හොඳ චරිතයක් ලැබිලා තියෙනවා.
Captain Miller (2024) Sinhala Subtitlesශිවරාජ්කුමාර් දෙමළ සිනමාවට Jailer (2023) චිත්‍රපටියෙන් ප්‍රවේශ වුණා. ඒ වුණත් එහි ඔහු පෙනී සිටින්නේ ඉතාමත් සුළු කොටසකට පමණයි. මේ චිත්‍රපටයේ ඔහු තරමක් දීර්ඝ කාලයක් පෙනී සිටිනවා. දෙවන, තෙවන කොටස්වල මීට වඩා කාලයක් පෙනී සිටීවි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ශිවරාජ්කුමාර්ගේ Karataka Dhamanaka චිත්‍රපටයේ රූගත කිරීම් මේ වෙද්දි සිදුවෙමින් පවතිනවා. ඒ වගේම ඔහුගේ ඉතා ජනප්‍රිය වූ Mufti (2017) චිත්‍රපටයේ Prequel චිත්‍රපටයක් Bhairathi Ranagal නමින් මේ වෙද්දි නිෂ්පාදනය වෙමින් පවතිනවා.
Captain Miller (2024) Sinhala Subtitlesසුන්දීප්ගේ Ooru Peru Bhairavakona (2024) චිත්‍රපටය ලබන මාසයේ(පෙබරවාරි) 9දා තිරගත වෙනවා. මේ චිත්‍රපටය අධිස්වාභාවික, ත්‍රාසජනක චිත්‍රපටියක්. ට්‍රේලරය නිකුත් කිරීමෙන් අනතුරුව යහපත් ප්‍රතිචාර හිමි වී තිබුණා. මේ චිත්‍රපටය ඔහුට සාර්ථකත්වය ලබා දෙයිද කියලා බලමු. සුන්දීප්, ධනුෂ්ගේ 50 වන චිත්‍රපටයේද චරිතයක් ඉදිරිපත් කරනවා. ආරංචිවල හැටියට නම් ධනුෂ්ගේ සහෝදරයාගේ චරිතය. ප්‍රියංකා, පවන් කල්‍යාන්ගේ They Call Him OG, ජෙයම් රවීගේ Brother, නානිගේ Saripodha Sanivaaram, රවිතේජාගේ RT4GM(තාවකාලික නම) චිත්‍රපටවලට එක් කරගෙන තිබෙනවා.
Captain Miller (2024) Sinhala Subtitlesහරියටම අවුරුදු 20කින් පමණ කාලයකට පස්සෙදියි ධනුෂ්ව හමුදා නිළධාරියෙක් විදියට අපට දකින්න ලැබෙන්නේ. Thulluvatho Ilamai (2002) චිත්‍රපටියේ ධනුෂ් හමුදා නිලධාරියෙකුගේ චරිතය නිරූපණය කළා. ඒ චිත්‍රපටයේ ඔහුගේ පෙනුම පිළිබඳව බොහෝ දෙනා විවේචන ඉදිරිපත් කළා. ඒ ඇරෙන්නට මම දන්න තරමින් ධනුෂ් හමුදා චරිත රඟපාලා නැහැ. ඊටත් වඩා පුදුමයට කාරණය නම්, ඔහු මේ වන තෙක් කිසිම පොලිස් චරිතයක් රඟපාලා නැහැ.
Captain Miller (2024) Sinhala Subtitlesඅරුන් මාදේශ්වරන්ගේ චිත්‍රපටවල ප්‍රචණ්ඩත්වය, අමු අමුවේ කරන ඝාතන, ලේ වැගිරීම් වැඩි වශයෙන් දකින්න ලැබෙනවා. ඒවායින් කර්කෂ යථාර්ථය පිළිඹිබු කරනවා. ඔහුගේ Rocky (2021), Saani Kaayitham (2022) චිත්‍රපට නරඹපු අයට මේ අත්දැකීම ලැබෙන්න ඇති. ජිම් ජාර්මුෂ්, සීජුන් සුසුකි, අකීරා කුරොසාවා යන අධ්‍යක්ෂකවරුන්ගෙන් ඔහු ආභාෂය ලැබූ බව පවසා තිබෙනවා.
Captain Miller (2024) Sinhala Subtitlesසෘණාත්මක දේවල් ගැන කතා කළොත් ඉස්සෙල්ලාම Miller Miller Lagging Miller ගැන කියන්න ඕන. චිත්‍රපටය පුරාවටම මන්දගාමී ස්වභාවයක් තිබෙනවා. දෙවන භාගය වෙද්දී මන්දගාමීත්වය තව තවත් වැඩි වෙනවා. තවත් දෙයක් තමයි දැන් දැන් අඩු කුලේ චිත්‍රපටි රැල්ලක් හැදීගෙන එනවා දකින්න ලැබෙනවා. Pariyerum Perumal, Asuran, Karnan, Viduthalai Part 1, Maamannan, Jigarthanda DoubleX සහ දැන් Captain Miller විදියට පෙළක්ම ඇවිත් තියෙනවා. මේක රැල්ලක් වුණොත් ඒක කොයිතරම් දුරට ගිහින් නතරවෙයිද කියන්න බැහැ. ඒ වගේම මේ කැප්ටන් මිලර් චිත්‍රපටයට KGF Chapter 1 ආභාෂයත් ලොකුවටම ලැබිලා තියෙනවා. ටිකක් කල්පනා කළොතින් තේරුම් ගන්න පුළුවන්. පසුගිය වසරේ Kabzaa, Michael නමින් KGF එකේ පොටෝ කොපි දෙකක් ඇවිත් ප්‍රේක්ෂකයින්ගේ මහත් අප්‍රසාදයට ලක් වුණා.
Captain Miller (2024) Sinhala Subtitlesමේ චිත්‍රපට මාලාව දැනට නිවේදනය කරපු විදියට කොටස් 3කින්(Trilogy) යුක්තයි. ධනුෂ්, අරුන් මාදේශ්වරන් එක්ක තවත් චිත්‍රපටයක් වෙනුවෙන් ගිවිසුම් ගහලා තියෙනවා. ඒක මේ කැප්ටන් මිලර් චිත්‍රපටියේ දෙවන කොටසද, නැත්නම් වෙනස්ම චිත්‍රපටියක්ද කියලා නිෂ්චිතවම කියන්න බැහැ.
Captain Miller (2024) Sinhala Subtitlesපෝංගල් වලට සමඟාමීව ජනවාරි 12 දින තිරගත වුණ මේ චිත්‍රපටය Ayalaan (2024) සහ Mission Chapter 1 (2024) චිත්‍රපට සමඟින් තරඟ කර ඉ.රු. කෝටි 100ක ආදායමක් උපයාගෙන තියෙනවා. කැප්ටන් මිලර් ධනුෂ්ගේ 4වැනි කෝටි 100 ඉක්මවා ඉපයූ චිත්‍රපටියයි. නිළ වශයෙන් නිවේදනය නොකළත් වසරේ ප්‍රථමයෙන්ම සාර්ථකත්වය ලැබූ දෙමළ චිත්‍රපටය මේක. පෑන් ඉන්දියන් වශයෙන් චිත්‍රපටය නිකුත් කෙරෙන බව කීවත් එදිනම තිරගත කෙරුණේ දෙමළ හා කන්නඩ පිටපත් පමණයි.
සංක්‍රාන්තියට සමගාමීව තෙළිඟු සිනමාවේ ප්‍රධාන නළුවන් තිදෙනෙකුගේ චිත්‍රපට සහ පෑන් ඉන්දියන් චිත්‍රපටයක් නිකුත් වුණා. ඒ නිසාවෙන්ම මේ දෙමළ චිත්‍රපට වලට සිනමාශාලා ලබා ගැනීම අපහසුයි. ඒ නිසාවෙන් සති දෙකකට පසු අද දින කැප්ටන් මිලර් සහ අයලාන් චිත්‍රපට තෙළිඟු ප්‍රාන්තවල තිරගත කිරීමට අවස්ථාව සළසා දුන්නා. මීට පෙර ධනුෂ්ගේ බිරිඳ අධ්‍යක්ෂණය කළ Lal Salaam චිත්‍රපටියද ජනවාරි 12 දින නිකුත් කිරීමට දින යොදාගෙන තිබුණත් පසුව පෙබරවාරි මස 9 දා දක්වා කල් දමනවා.
Captain Miller (2024) Sinhala Subtitlesමීට Imdb වෙබ් අඩවියේ රේටින් අගය් 7.3/10ක් වගේම Rotten Tomatoes වෙබ් අඩවියෙන් ලැබී ඇති ටොමැටෝ මීටරය 89%ක්. විචාරකයන්ගේ තරමක් දුරට යහපත් ප්‍රතිචාර මීට ලැබුණා. සිනමා විකටන් පුවත්පතෙන් මෙයට 45/100ක ඉහළ ලකුණක් දී තිබෙනවා. ඒත් ප්‍රේක්ෂකයින් මිශ්‍ර වූ ප්‍රතිචාර එක් කර තිබෙනවා. තරඟකාරී චිත්‍රපටයක් විදියට අරුන් විජයිගේ Mission Chapter 1 චිත්‍රපටයට බලාපොරොත්තු නොවූ විදියට බොහෝ ධණාත්මක ප්‍රතිචාර, ප්‍රශංසා හිමි වුණා.
Captain Miller (2024) Sinhala Subtitlesධනුෂ්ගේ පැමිණීමට නියමිත චිත්‍රපට ලැයිස්තුවේ ආනන්ද් එල් රායිගේ Tere Ishk Mein චිත්‍රපටියත්, ශේකර් කම්මුලා අධ්‍යක්ෂණය කරන D 51 නැත්නම් DNS චිත්‍රපටයත් (නාගර්ජුනා, රෂ්මිකා මන්දනා), H විනෝද් සමඟින් චිත්‍රපටයක් ද බොහෝ දුරට ළඟදීම නිවේදනය කරන්න ඉඩ තියෙනවා. මොකද, H විනෝද් හා කමල් හාසන්ගේ KH233 චිත්‍රපටය අත්හැර දැමූ බවට පුවතක් ලැබුණා. මේ ඇරෙන්න සෙල්වරාඝවන්ගේ Ayirathil Oruvan 2, වෙට්‍රිමාරන්ගේ Vada Chennai 2, මාරි සෙල්වරාජ් සමඟ චිත්‍රපටයක්, අරුන් මාදේශ්වරන් සමඟම තවත් චිත්‍රපටයක්, සහ තහවුරු නොකළ නෙල්සන් සමඟ චිත්‍රපටයක් ද ලැයිස්තුවේ තිබෙනවා.
Captain Miller (2024) Sinhala Subtitlesධනුෂ්ගේ 50 වැනි චිත්‍රපටය(D 50) රූගත කිරීම් නිම කර තිබෙනවා. ඒ වගේම ධනුෂ් විසින් ඔහුගේ තෙවන සිනමා අධ්‍යක්ෂණය Nilavukku Enmela Ennadi Kobam නිෂ්පාදන කටයුතු ආරම්භ කළා. එහි ප්‍රධාන චරිතය ඔහුගේ ඥාති පුතෙක් ඉදිරිපත් කරනවා. කැප්ටන් මිලර් චිත්‍රපටියත්, D 50 චිත්‍රපටයත් නිසාම ධනුෂ් කාර්යබහුල වෙන්න ඇති. මොකද රසිකයින් දන්නවා සාමාන්‍යයෙන් ධනුෂ් අවුරුද්දකට චිත්‍රපටි 2,3ක් වත් දෙනවා.
Captain Miller (2024) Sinhala Subtitlesබ්‍රිතාන්‍යයේ සිට ඉංග්‍රීසි වලින් උපකාර කරපු අශාන් විමුක්ති අයියට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. ඉතින් සිනමා ලෝලීන්ගේ 100%ක් රසවින්දනය වෙනුවෙන් ගීත සියල්ලටම උපසිරැසි කර තිබෙනවා. මතක තියාගන්න ලංකාවේ විවිධ වෙබ් අඩවි වලින් වගේම ෆේස්බුක් චිත්‍රපටි බලන්නන්ගේ ගෲප් වලින් සොරාගන්නා හොඳම ගුණාත්වයෙන් යුත් සිංහල උපසිරැසි ලැබෙන එකම තැන Baiscope.lk.
Captain Miller (2024) Sinhala Subtitlesඋපසිරැසිය විතරක් ද, මේ ලිපිය, උඩින් තියෙන කවර් පික් එක පවා උස්සනවා. අපේ උපසිරැසි මහගෙදර බයිස්කෝප් වෙබ් අඩවියේ කිසිම උපසිරැසි කරුවෙක් වෙනත් වෙබ් අඩවිවලට උපසිරැසි ලබා දෙන්නෙ නැහැ වගේම ලිපිය ඒ ඒ වෙබ් අඩවි වලට ගැලපෙන විදියට කපා කොටා පළ කරන්නේ ද නැහැ. මුලදි නම් ඉස්සුවෙ කතාව විතරයි. දැන් දැන් අමතක විස්තර ඡේදත් එක්කම උස්සනවා. කෙටි විරාමයකින් පසුව නැවතත් හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / HQ HDRip පිටපත් සඳහා ගැළපේ.
42,958 downloadsDownload Captain-Miller-2024-Sinhala-Subtitles.zip47 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Captain Miller (2024) Sinhala SubtitlesSubtitles by
රවිඳු නවින්
Subtitles
- #Aditi Balan
- #Captain Miller
- #Captain Miller (2024)
- #Captain Miller (2024) Sinhala Sub
- #Captain Miller (2024) Sinhala Subtitles
- #Dhanush
- #Indian Box Office Hits
- #MaxxA
- #Nivedhithaa Sathish
- #Priyanka Arulmohan
- #Shivarajkumar
- #sinhala sub
- #Sinhala Subtitle
- #subtitle
- #Sundeep Kishan
- #රවිඳු නවින්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
15 comments
Kasun Widusha
Madusha
Thanks for sub
Buddhika Lakmal
මේකට ඉක්මනටම සබ් දුන්නට බොහොම ස්තූතියි මචං....
Achintha Udayanga
බොහෝම ස්තුතියි.
udith
thanks for subtitles
Hashan
Thnx for the sub broo.....❤️
Dinla
Zara hatke zara bachke film ekata sub dennako
VisH
බොහොම ස්තුතියි, දීර්‍රඝ ලිපියකින් මෙම චිත්‍රපටිය ගැන අපිව දැනුවත් කරාට :)
Kavee
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️
Ravindu Maduwantha
Thanks for sub
Anonymous
patta
Aruna prasanna
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..madushan
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie


බොහෝම ස්තූතියි උපසිරසියට