ආයූබෝවන් හැමෝටම ඔන්න තවත් අළුත්ම ෆිල්ම් එකත් අරන් මේ පැත්තට ආවා. මේක තමයි හොලිවුඩයේ ජනප්‍රිය නළුවෙක් වෙන Liam Neeson ගේ නවතම සලරුව. මේ චිත්‍රපයට පාදක වෙලා තියෙන්නේ බෙල්ජියම් ජාතික Jef Geeraets විසින් රචිත De Zaak Alzheimer නම් නවකතාව ඇසුරින් 2003 දී The Alzheimer Case නමින් නිෂ්පාදනය උන බෙල්ජියම් ච…

ආයූබෝවන් හැමෝටම ඔන්න තවත් අළුත්ම ෆිල්ම් එකත් අරන් මේ පැත්තට ආවා. මේක තමයි හොලිවුඩයේ ජනප්‍රිය නළුවෙක් වෙන Liam Neeson ගේ නවතම සලරුව. මේ චිත්‍රපයට පාදක වෙලා තියෙන්නේ බෙල්ජියම් ජාතික Jef Geeraets විසින් රචිත De Zaak Alzheimer නම් නවකතාව ඇසුරින් 2003 දී The Alzheimer Case නමින් නිෂ්පාදනය උන බෙල්ජියම් චිත්‍රපටයක්. 2022 අප්‍රේල් 29 තමයි චිත්‍රපටය සිනමාශාලාවලට නිකුත් උනේ. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Martin Campbell විසින්. මේ වෙද්දි තරමක් යහපත් ප්‍රතිචාර ලබාගනිමින් IMDb හි 5.6ක අගයකුත්, 75%ක ගූගල් මනාප ලබාගන්නත් මේ සිනමාපටය සමත් වෙලා තියෙනවා. Action\Thriller කාණ්ඩයන්ට අයත් මෙහි The Honest Thief (2020) , Schindler”s List (1993) , Non-Stop (2014) සහ Taken චිත්‍රපට මාලාවෙන් අතිශය ජනප්‍රියත්වයට පත් සුපිරි නළු Liam Neeson “ අලෙක්ස් ලුවිස්” ලෙසත් Memento (2000) , L.A Confidential (1997), Iron Man 3 (2013) වැනි නිර්මාණ වලට දායක වු Guy Pearce “වින්සන්ට් සෙරා” ලෙසත්, ඊට අමතරව Monica Bellucci “ඩිවානා සීලමන්” ලෙසත්, Taj Atwal “පරීක්ෂක ඇම්ස්ටෙඩ්” ලෙසත් Ray Stevenson “ඩැනී මෝරා” ලෙසත් රංගනයෙන් එක් වෙනවා.
ඇලෙක්ස් ලුවිස් කියන්නේ කටුක ළමා ජීවිතයක් ගෙවපු, අනාථයෙක් විදියට උස් මහත් උන, අතිශය දක්ෂ, මනා පුහුණුවක් ලබපු කුළී ඝාතකයෙක් බවට පත් උන කෙනෙක්. තමන්ගේ ඉලක්ක කිසිම හෝඩුවාවක් නැතිව ඉවත් කරන්න ඇලෙක්ස්ට තියෙන දක්ෂතාවය ගැන මෙක්සිකානු කල්ලි පවා හොඳට දන්නවා. ඇලෙක්ස් කොච්චර දක්ෂ උනත් කාලයත් එක්ක වැළඳෙන ලෙඩ රෝග වලින් බේරෙන්නනම් ලැබෙන්නේ නෑ. ලෙඩ රෝග කිව්වට ඇලෙක්ස්ට හැප්පෙන්න වෙන්නේ ලෝකයේ තියෙන භයානකම රෝගයක් වෙන ඇල්සයිමර් කියන රෝගයත් එක්කයි. මේ රෝගය වයසට යද්දි වැළඳෙන ප්‍රවණතාවය වැඩියි වගේම මේ රෝගය නිසා කාලය යන්න යන්න රෝගී පුද්ගලයගේ මතකය නැති වෙලා යනවා. වෛද්‍ය විද්‍යාවේ තවමත් මේකට නිශ්චිත ප්‍රතිකාරයක් නෑ කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතිං දවසක් ඇලෙක්ස්ට ලොකු මුදලක් එක්ක තවත් වැඩක් ලැබෙනවා. මේ වතාවේ පුද්ගලයන් දෙන්නෙක්ව හෝඩුවාවක් නැතුව ඝාතනය කරන්න තියෙනවා. එක ඝාතනයක් සාර්ථකව කරලා දෙවෙනි පුද්ගලයව හොයාගෙන යන ඇලෙක්ස්ට දකින්න ලැබෙන්න තමන්ට ඝාතනය කරන්න කියලා තියෙන්නේ අවුරුදු 13ක කුඩා ගැහැනු ළමයෙක්ව කියලයි. මොන තරම් දරුණු පුද්ගලයෙක් උනත් ඇලෙක්ස් මේ වැඩේට බෑ කියලා ඒ දරුවට කරදර කරන්න එපා කියලා මේක භාරදුන්න කෙනාටත් අනතුරු අගවනවා. ඉතිං ඒ මිනිස්සු ඇලෙක්ස්ගේ තර්ජනය භාර ගනියිද ? මේ ගෑනු ලමයට මොකක් වෙයිද ? ඇල්සයිමර් ලෙඩෙත් තියාගෙන ඇලෙක්ස් මේ මිනිස්සු එක්ක කොහොම හැප්පෙයිද කියලා ඔයාලම බලන්නකෝ. ඒ වගේම මේක වෙන් කරලා දීපූ අපේ චාමර සම්පත් සහෝටත් ගොඩක් ස්තූති වෙන ගමන් මම ගිහින් එන්නම්. ඔයාලා උපසිරසිය අරගෙන කොමෙන්ටුවකුත් දාගෙන යන්න කියලා ඉල්ලනවා. තවත් උපසිරසියකින් ඉක්මනට හම්බෙමු.
අරගලයට ජය !!!

Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
19,146 downloadsDownload Memory.2022.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
33 comments
Anonymous
Sanjeewa2010
Pattaaaaaaaaaa
Anonymous
Bad guys 1 sub dennako plz
oshanda
thanks sahoo
Kushan
Sub akta thanks
Udaya Fdo
Thank you
Achi
බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට...
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Request:
Dual (2022)
Chip ‘n Dale: Rescue Rangers (2022)Anonymous
Thanks Brother
Anonymous
thaks bosa
Nadeeja
sub ek enakn hitiye..balamu
thanx Hamotama❤️Naveen
උපසිරසියට තුති
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
sahangayantha
thanks a lot saho sub ekata
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Chami
උපසිරසියට ස්තුතියි
පොරගේ ලගදි ආපු ෆිල්ම් ටික නම් චොරයි
මේක වත් හොදද දන්නෑරොෂාන් ශමීර ජයසිංහ
ලීම් නීසන් නිසා නොබලා කොහොමද..
උපසිරසියට බොහොම ස්තූතියි සහෝදරයා.
~ ජය වේවා ~madushan
chip 'n dale rescue rangers meke sub eka dennako
chanaka.n.k
thanks
Anonymous
thanks
indika 75
thanks..
Bobby
Thank you very much bro
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Anonymous
බොහොම ස්තූතියි සහෝ......
Nishan
Thanx bro
Madushan
thanks bro
සාරංග J ලියනගම
Thanks
Dewadithya
Thanks for Sub!
හසිත
සබ් එක දුන්නට බොහොම ස්තුතියි.
Lakshansilva18
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Anonymous
Thanks for the Sub **Yuran**
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks jayawewa....!