Watch Trailer

Joseph: King of Dreams (2000) Sinhala Subtitles | සිහින කුමරා [සිංහල උපසිරැසි සමඟ]

Joseph : King of Dreams යන චිත්‍රපටයට තමයි මම අද උපසිරැසි අරගෙන ආවේ. 2000 වසරේ නොවැම්බර් 07 ඇමරිකා එක්සත් ජනපදයේ එළිදක්වාපු මේ චිත්‍රපටිය History, Animation, Adventure, Biography කියන කාණ්ඩයට අයත් චිත්‍රපටියක් වගේම පවුලේ සැමට එකට වාඩිවෙලා බලන්න පුළුවන් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 1998 නිර්මාණය වුණු…

Joseph : King of Dreams යන චිත්‍රපටයට තමයි මම අද උපසිරැසි අරගෙන ආවේ. 2000 වසරේ නොවැම්බර් 07 ඇමරිකා එක්සත් ජනපදයේ එළිදක්වාපු මේ චිත්‍රපටිය History, Animation, Adventure, Biography කියන කාණ්ඩයට අයත් චිත්‍රපටියක් වගේම පවුලේ සැමට එකට වාඩිවෙලා බලන්න පුළුවන් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 1998 නිර්මාණය වුණු The Prince of Egypt චිත්‍රපටියේ යම් දිගුවක් වුනත් මේ චිත්‍රපටය බලන්න ඒක කොහෙත්ම බාධාවක් නෙවෙයි.

මේ චිත්‍රපටයට තේමා වෙලා තිබෙන්නේ ශුද්ධ වූ බයිබලයේ Genesis නම් පොතේ එන ජෝසප්ගේ ජීවිතකාලය පිලිබදවයි. මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂණය Robert Ramirez සහ Rob LaDuca විසින් සිදු කර ඇති අතර මෙහි නිෂ්පාදනය Ken Tsumura සහ Jeffrey Katzenberg සිදුකරලා තිබෙනවා. Ben Affleck, Mark Hamill, Jodi Benson ආදී ශිල්පීන් මෙහි හඩ කැවීමෙන් දායක වී තිබෙනවා.විනාඩි 75 ක ධාවන කාලයක් සහිත මෙම චිත්‍රපටිය සම්මාන 2කකුත්,නිර්දේශවීම් 5කුත් ලබා ගෙන IMDb දර්ශකයේ 6.5 ක අගයකුත්, Rotten Tomatoes ශ්‍රේණිගත කිරීම් වල 63%ක අගයකුත් ලබාගෙන තිබෙනවා.

කතාව ගැන පොඩ්ඩක් කියුවොත් ජෝසප් කියලා ලමයෙක් ඉන්නවා.ඔහුට සිහින වල තේරුම කියන්න පුලුවන් හැකියාවක් තියෙනවා. ඔහුගේ තාත්තා හිතන්නේ මොහු දෙවියන් විසින් එවාපු දරුවෙක් කියලයි. ඒ නිසාම ජෝසප්ගේ තාත්තා මොහුව අනෙක් සහෝදරයන් සමග වැඩට නොයවා උගන්වනවා. නමුත් මොහුගේ සහෝදරයන් ඒගැන ඒහැටි කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ නිසා දවසක් ඔවුන් ජෝසප්ව වහල් වෙළෙන්දෙක්ට විකුනණවා. වහල් වෙළෙන්දා ජෝසප්වත් අරගෙන ඊජිප්තුවට යනවා. එහිදී ඔහු ආරක්ෂක ප්‍රධානීගේ නිවසේ වැඩට යනවා. මොහු ඔහුගේ හොදම සේවකයා වෙනවා. ඒත් යම් හේතුවක් මත ජෝසප්ට හිරගත වෙනවා.නමුත් මොහුගේ හැකියාව දැන ගන්නා පාරාවෝ රජතුමා මොහුව හිරෙන් නිදහස් කරලා විශාල රාජකාරියක් පවරනවා. ඒ අතරේ ඔහුගේ සහෝදරයනුත් ඊජිප්තුවට එනවා. ජෝසප්ට ඇයි හිරගත වෙන්න සිද්ධ වෙන්නෙ. පාරාවෝ ජෝසප්ට පවරන රාජකාරිය මොකක්ද? ජෝසප්ගේ සහෝදරයන් ඊජිප්තුවට එන්නේ ඇයි?සහෝදරයන් ජෝසප්ව අදුරගනීවිද? ඊට පස්සේ ජෝසප්ට මොනවා වේවිද? ඒක දැන ගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා.

ඒවගේම චිත්‍රපටියක් කරමු කියලා අදහස දුන්නු සිසිල ප්‍රසාද් අයියාටත්,මෙම චිත්‍රපටියේ අඩුපාඩු, ගුණදොස් වගේම විස්තර හොයලා දෙමින් මාව දිරිමත් කරපු චාමර සම්පත් අයියාටත් බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා.

ඒවගේම මේක මගේ පලවෙනි උපසිරැසිය.මේකේ වැරදි ඇති.ඒ ගැන පල්ලෙහා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් වෙනින් දවසක අලුත් උපසිරැසියකින් හමුවෙමු.

ඔබට ජය!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,261 downloadsDownload Joseph-King-of-Dreams-2000.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් සපුමොහොට්ටි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-01-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

කසුන් සපුමොහොට්ටි

Subtitles

2,261 downloadsDownload Subtitles31 KB

16 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  2. Hashan M. Priyadarshana

    දැන් දැක්කෙ පලවෙනි උපසිරසිය කියල.. සුබ පතනව පලවෙනි උපසිරසිය වෙනුවෙන් දිගටම කරං යමු :)

    1. Kasun sapu

      බොහෝම ස්තූතියි සහෝ
      සහෝ

    2. Kasun sapu

      බොහෝම ස්තූතියි

  3. එල්.සී. දමැල්

    පළමු වැඩේට සුභ පැතුම්.. උපසිරසකරණයේ රැඳී සිටින්න අඅවශ්‍ය කාලය ශක්තිය ලැබේවා කියලා පතනවා. ජය...

    1. Kasun sapu

      බොහෝ ස්තුතිය සහෝ

  4. යුරාන් ධනුක (දනුවා)

    පලවෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝ
    ඒ වගේම බයිස්කෝප් පවුලටත් සාදරයෙන් පිලිගන්නවා
    දිගටම උපසිරැසි දෙමු
    ජය වේවා !!!

    1. Kasun sapu

      බොහෝම ස්තූතියි සහෝ

  5. D.Chamara

    bohoma sthuthi sahoo

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට සහෝ

  7. rockz2020

    පළමු උපසිරැසියනේ සහෝ වැරදි තිබුණත් අව්ලක් නෑ ✌ ;)
    පලවෙනි උපසිරැසිය වෙනුවෙන් සුබ පතනවා✌❤
    ඒ වගේම උපැසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි! ✌
    තව තවත් සාර්ථක ලෙස උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ලැබෙන්න වගේම සහෝගේ සියළු යහපත් වැඩ සාර්ථක වෙන්න සුබ පතනව! ❤ ජය වේවා! ✌❤
    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
    බයිස්කෝප් එකෙන් නිතර ඉල්ලන කාටූන් දෙකක් තියෙනවා
    The Curse of the Were-Rabbit (2005) සහ
    Checkered Ninja (2018) කියලා,
    පුළුවන්නම් කවෘත් සබ් කරන්න බාරගෙන නැත්තන් කරන්න පුළුවන්දා?
    විශේෂයෙන් The Curse of the Were-Rabbit (2005) එක ✌
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    Trolls Holiday (TV Short 2017)

    Hellboy Animated: Sword of Storms (2006)
    Hellboy Animated: Blood and Iron (2007)

  8. nish47

    ස්තූතියි සහෝ

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  11. danithniwanthaka

    thanks bro. jaya wewa....!!!

  12. Thisara Prabhath Senarathne

    Thanks bro