Watch Trailer

Mathu Vadalara (2019) Sinhala Subtitles | මත් වෙන්නෙපා… [සිංහල උපසිරසි සමඟ]

අලුත් අධ්‍යන්ෂක වරයෙක්. අලුත් මූණු ටිකක්. වෙනස්ම කතාවක්. පට්ට කතාවක්. සුපිරිම රඟපෑමක්. සුපිරිම මියුසික් ටිකක්. සුපිරිම කැමරාකරණයක්. අන්තිම වෙනකන් ඔලුව විකාර කරගෙන බලන්න පුලුවන් කතාවක්. මේ මම ගෙනාවේ එහෙම එකක්. 2019 අවුරුද්දේ සාර්තකව තිරගත වුන Mathu Vadalara චිත්‍රපටිය සාමාන්‍යයෙන් එන තෙලුඟු චිත්‍රපට…

අලුත් අධ්‍යන්ෂක වරයෙක්. අලුත් මූණු ටිකක්. වෙනස්ම කතාවක්. පට්ට කතාවක්. සුපිරිම රඟපෑමක්. සුපිරිම මියුසික් ටිකක්. සුපිරිම කැමරාකරණයක්. අන්තිම වෙනකන් ඔලුව විකාර කරගෙන බලන්න පුලුවන් කතාවක්. මේ මම ගෙනාවේ එහෙම එකක්. 2019 අවුරුද්දේ සාර්තකව තිරගත වුන Mathu Vadalara චිත්‍රපටිය සාමාන්‍යයෙන් එන තෙලුඟු චිත්‍රපටි වල වඩා 100%ක්ම වෙනස්. ගොඩක් අය තෙලුඟු බලනවා. මම නම් වැඩිය නෑ. තෝරගත්ත ටිකක් විතරයි බලන්නේ. මේකත් එහෙම එකක්. IMBD අගය 8.4 ක් වගේ ලේසියෙන් තෙලුඟු එකකට නොලැබෙන අගයක් ලැබිලා තියෙනවා. ගූගල් රෙටින් 97%ක්. ඉතින් අලුත් අධ්‍යක්ෂක කෙනෙක්ගෙ නිර්මාණයකට මෙචච්චර හොඳ රෙටින් කියන්නේ කතාව ගැන කියන්න දෙයක් නෑනෙ.

කතාව ගැන ‍‍කියන එක නම් තේරුමක් නෑ. මොකද මේක මුල ඉඳන්ම හොඳට රස විඳින්න පුලුවන්. ටික‍ වෙලාවක් යද්දී මොනවා වෙනවද කියලා හිතාගන්න බැරි වෙයි. ප්‍රධාන චරිතේ බාබු. ඩිලිවරි බෝයි කෙනෙක්. එයා යාලුවෝ දෙන්නෙක් එක්ක කාමරයක් අරගෙන ‍ටවුන් එනේ ඉන්නේ. මෙයා ඉතිං කුණු පඩියකට වැඩ කරන්නේ. පඩිය කීයද කියලා ලියන්නත් ලැජ්ජයි. මෙයාට මේක එපා වෙලා ජොබ් එක දාලා යන්න හදද්දී මෙයා එක්ක ඉන්න කල්යාණ මිත්‍රයා පොඩි ක්‍රමයක් කියලා දෙනවා සල්ලි ‍ටිකක් හොයාගන්න. ඒකත් මොකක්ද කියලා බලන්න. මේ ක්‍රමේ අත්හදා බලන්න ගිහින් තමයි වැඩේ වණ වෙන්නේ. පට්ටම කතාවක් එතනින් පටන් ගන්නවා. ඉවර වෙනකන් අපිව අවුල් ජාලයකට ගෙනියනවා හිතාගන්න බැරි වෙන්න.

Drama/Mystery ගොඩට වැටෙන මේ කතාව බොරුව, හොරකම, මත්ද්‍රව්‍ය ජවාරම, මිනීමැරුම් වගේ ලොකු ලොකු දේවල් ටිකක් ‍එක්ක තමයි ඇදීගෙන යන්නේ. පට්ටම විහිලු කේස් ටිකක් ‍එක්ක ඒවට හරියන මියුසික් ටිකකුත් පැත්තකින් දෙනවා. පෞද්ගලිකව මට නම් “හූවක්” දෙන මියුසික් එකක් තියෙනවා ඒක ඇල්ලුවා ඇඟට. ඔයාලත් බලන්න. විකාර සිංදු මොකුත්ම නෑ. කතාවයි ත්‍රිලර් එකයි විතරයි. ඒ වගේම මේකේ සාමාන්‍ය තෙලිඟු කතා වලට රිදෙන්න ‍පාරක් දෙනවා. ඒකත් බලන්නකො. එහෙනම් ආරාධනා කරනවා මහන්සියෙන් කොටපු සබ් එකත් අරන් බයිස්කෝප්ඩවුන්ලෝඩ්ස් එකෙන් චිත්‍රපටියත් අරන් බලන්න කියලා. සිසිලට ස්තූතියි!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය TRUE WEB-DL පිටපත සඳහා අදාළ වේ.

8,162 downloadsDownload Mathu-Vadalara-2019.zip65 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රංග ප්‍රසන්න

Subtitles

8,162 downloadsDownload Subtitles65 KB

15 comments

  1. maikee

    Thanks bro sub ekata

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Nivom

    thanks macho

  4. ranga11112

    සිංහල උපසිරසිට ‍බොහොම ස්තුතියි සහො-
    කරන කියන යහපත් දේ සාර්ථක වේවා
    -තෙරැවන් සරණයි-

  5. Shaggie

    Lipiya hindamai gatthe Thnks mchn

  6. Isira janith

    Thanks pluwannam playing with fire sub dennko please 2019

  7. hesaladissanayake

    supirima bro awesome

  8. thilz

    thank u very much

  9. Isuru minipa

    Supiri film ekak puluwan nam Aa Karaala Ratri 2018 Kannada film ekata sub denna ko supiri Thriller film ekak

  10. nish47

    ස්තූතියි සහෝ

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා රංගේ...!
    තව තෙලුගු ඕනේ ආ...
    දිගටම සබ් දෙමු කිව්වා...
    ජය!

  13. Hasantha_Sajeewan

    Thanks, මචන් සින්හල සබ් එකට. ජය වේවා...!

  14. Malith

    thanks so much bro

  15. සාරංග ජේ. ලියනගම

    Thanks