Watch Trailer

Taana (2020) Sinhala Subtitles | කටහඩක් නිසා වුණ හදියක් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් 2020 වර්ෂයේ චිත්‍රපටයකට උපසිරසි අරන් එන පළවෙනි සිනමා සිත්තම එක්කයි අද ඔයාලව මුණ ගැහෙන්නේ. ටිකක් හිනා වෙන්නත් පුළුවන් සීන් තියෙන කතාව ටිකක් වෙනස්ම ආකාරයකට ගලාගෙන යන සිනමා සිත්තමක්.යෝගි බාබුත් මේකෙ ඉන්න නිසා ටිකක් හිනා වෙන්නත් පුළුවන්. කොහොම හරි මේක වර්ගීකරණය කරලා තියෙන්නෙනම් Action Comed…

ඔන්න එහෙනම් 2020 වර්ෂයේ චිත්‍රපටයකට උපසිරසි අරන් එන පළවෙනි සිනමා සිත්තම එක්කයි අද ඔයාලව මුණ ගැහෙන්නේ. ටිකක් හිනා වෙන්නත් පුළුවන් සීන් තියෙන කතාව ටිකක් වෙනස්ම ආකාරයකට ගලාගෙන යන සිනමා සිත්තමක්.යෝගි බාබුත් මේකෙ ඉන්න නිසා ටිකක් හිනා වෙන්නත් පුළුවන්. කොහොම හරි මේක වර්ගීකරණය කරලා තියෙන්නෙනම් Action Comedy Horror යන කාණ්ඩයටයි. එහෙනම් මේකට උපසිරසි ගන්වන්න වෙන්කරල දුන්න හසන්ත විත්‍රමරත්න අයියටත්, බයිස්කෝප් ටීම් එකටත් මුලින්ම ස්තූතිවන්ත වෙනවා. එහෙනම් චිත්‍රපටය ගැන පොඩි අදහස් ටිකක බලමු..

යුවරාජ් සුබ්‍රමනියම් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ හරීෂ් පෙරඩි, පාණ්ඩියරාජන්, යෝගී බාබු සහ තවත් ප්‍රකට නළු නිළියන් කිහිප දෙනෙකු සමඟ නන්දිතා ස්වේතා ප්‍රධාන චරිත නිරූපණය කරයි. වෛභව්ගේ මුතුන් මිත්තන් සහ සීයා ගමම ආරක්ෂා කරන ලද පොලිස් භටයන් වී ඇති අතර බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ සිට ඔවුන් එම ගම්මානය සතුරන්ගෙන් බේරා ගෙන තිබේ. මේ නිසා එම ගම්මානයේ පොලිස් නිලධාරියෙක් බවට පත් වූ පළමු වන නිලධාරි වන්නේද ශක්තිවේල්ගේ මුතුන් මිත්තාය.ඔහුගේ අවසන් බලාපොරොත්තුව වූයේ ඔහුගෙන් පසු සිය පරම්පරාවම මෙ රාජකාරිය කරගෙන යාමටය. ගම්මානයේ කෝවිලෙහි ශක්තිවේල්ගේ සීයා (මුතුන් මිත්තා සිහිවීම සදහා පිළිරුවක් පවා ඉදිකර තිබේ. නමුත් අවාසනාවට ශක්තිවේල්ගේ පියාට ඔහුගේ පියාගේ මේ සිහිනය ඉටු කරන්නට නොහැකි වන්නේ ඔහුට පොලිස් නිලධාරියෙකු වීමට නොහැකි වීමෙනි. ඉතින් ශක්තිවේල්ගේ පියාට ශක්තිවේල් ඉපදුණ දා පටන් එකම එක හීනයයි පැවතුනේ. ඒ තම පරම්පරාවේ සිහිනය තම පුතුගෙන් ඉෂ්ඨ කර ගැනීමේ බලාපොරොත්තුව පමණි. ශක්තිවේල්ට කුඩා කල සිටම පොලිස් පුහුණුව මෙන් ඔහු සෑම දෙයක්ම පුරුදු පුහුණු කලත්, ඔහුගේ එක් දුර්වලතාවයක් තිසාවෙන් ඔහු මහත් අපහසුතාවයට පත් වේ. දැන් පවුලේ කීර්තිය පවත්වා ගැනීම සඳහා ඔහුට එය අනුගමනය කළ යුතුය. කෙසේ වෙතත්, ඔහු තුළ ඇති මේ බරපතල කරදරය ඔහුගේ සිහින සැබෑ කර ගැනීමට විශාල බාධාවක් බවට පත්වේ.

පොළිස් නිළධාරියෙකු වීමේ සිහිනය පසුපසු යන ශක්තිවේල් සුදුස්සන් තෝරා ගැනීමේ තරගයේදී ඉහලම ලකුණු වාර්ථා කලත් ඔහුට අවසානයේ සිදු වන්නේ අරුම පුදුම දෙයකි. මේ නිසා ඔහුට පොලිස් රස්සාවම එපා වෙයි. මේ අතරතුර පුද්ගලික ණය ගෙවණු ලබන පුද්ගලියන් සම්බන්ධව හේතුවකට ශක්තිවේල්ව සම්බන්ධ වේ. තම පියාගේ බලාපොරොත්තුව නැවතත් බිද වැටෙන බව දැන ගන්නා ශක්තිවේල් ගේ පියා සියළු බලාපොරොත්තු අත් හැර ගැනීමට උත්සහ කරයි. කථාවම කියන්න යන්නේ නෑ, ශක්තිවේල් පොලිස් නිළධාරියෙක් වෙලා තම පරපුරේ බලාපොරොත්තුව ඉෂ්ඨ කරයිද?අවසානයේ මොකක්ද වෙන්නේ කියලා ඔයාලම අරන් බලන්න.

චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.

අධ්‍යක්ෂණය : Yuvaraj Subramani
නිෂ්පාදනය : M.C Kalaimamani,M.K. Lakshmi Kalaimamani
කථාව රචනය : Yuvaraj Subramani
වර්ගීකරණය : Action, Comedy, Horror
රංගන ශිල්පීන් : Vaibhav,Yogi Babu,Nandita Swetha,R.Pandiarajan
ධාවන කාලය : 2 hrs 3 mins
තිරගත කල දිනය : 24 Jan, 20202
සංගීතය : Vishal Chandrashekhar
IMDB අගය : 2.9/10

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත් සඳහා අදාළ වේ.

8,262 downloadsDownload Taana-2020.zip57 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

උදය සමන් කුමාර

Subtitles

8,262 downloadsDownload Subtitles57 KB

12 comments

  1. යුරාන් ධනුක (දනුවා)

    නියමයි සමන් සහෝ
    උපසිරැසියට බොහෝම ස්තූතියි !!!

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. D.Chamara

    bohoma sthuthi sahoo

  4. gihan perera

    ස්තුතියි සහෝ. පට්ට කතාවක්....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....

  5. [email protected]

    ela bro sinhala sube ekata thanks thavath supiri filumak ona jayawewa///

  6. Achi

    Thank bokka

  7. arawindasunimal

    thanks sub ekata jayawewa............

  8. Kasun Jalitha

    උපසිරැසියට බොහොම තුති❤️❤️❤️
    ජය වේවා !!!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. කවිනු වීරක්කොඩි

    මේ වගේ ආතල් ෆිල්ම් අතාරින්න පුලුවන් යැ ඉතින්....
    ස්තූතියි උදේ අයියා! ඩවුන් වෙන්න දැම්මා එහෙනම්
    ප්‍රිත්විරාජ්ගේ බ්ලොක්බස්ටර් ෆිල්ම් එක Ayyappanum Koshiyum (2020) ඇවිල්ලා
    බජට් එක කෝටි 7යි/ දැනට ෆුල් ග්‍රොස් එක කෝටි 33.15යි.
    පුලුවන් නම් ඒකටත් සබ් දෙන්න :)

  11. gayanmagee

    thanks

  12. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!