Watch Trailer

Josh (2000) | වෛරයෙන් වෛරය නොසන්සිඳේ [සිංහල උපසිරසි සමඟ]

හායි යාලුවනේ, ඔන්න තවත් බයිස්කෝප් එකක් අරන් මම ආවා ඔය ගොල්ලෝ හමුවට. අපේ සයිට් එකට මේ චිත්‍රපටියේ අඩුව දැනුන නිසා තමයි මම මේක අරන් එන්න තීරණය කරේ වැඩේ කරන එක හිතුව තරම් ලේසි උනේ නෑ. මොකද මේ චිත්‍රපටිය වෙනුවෙන් තියෙන එකම ඉංග්‍රීසී උපසිරැසියේත් ගොඩක් තැන් වල දෙබස් අඩුයි. ඉතින් ඒ තැන් වල අඩුපාඩු දන්න හ…

Josh(2000)

හායි යාලුවනේ, ඔන්න තවත් බයිස්කෝප් එකක් අරන් මම ආවා ඔය ගොල්ලෝ හමුවට. අපේ සයිට් එකට මේ චිත්‍රපටියේ අඩුව දැනුන නිසා තමයි මම මේක අරන් එන්න තීරණය කරේ වැඩේ කරන එක හිතුව තරම් ලේසි උනේ නෑ. මොකද මේ චිත්‍රපටිය වෙනුවෙන් තියෙන එකම ඉංග්‍රීසී උපසිරැසියේත් ගොඩක් තැන් වල දෙබස් අඩුයි. ඉතින් ඒ තැන් වල අඩුපාඩු දන්න හින්දියෙන් පුරවලා වැඩේ ඉවර කරන්න හිතුවටත් වැඩිය කාලයක් ගියා. චිත්‍රපටය 2000 අවුරුද්දේ නිකුත් වෙච්ච් එකක්. කිංග් කාන් ඉන්න එකක් කිව්වම අලුත් පරණ ප්‍රශ්නයක් නෑනේ. ඔහු සමගින් අයිශ්වර්යා රායි බච්චන් මේ සඳහා ප්‍රධාන චරිත වලට රංගනයෙන් පණ පොවනවා. ශාරුක් කාන්ගේ තරුණ කාලේ නිකුත් වෙච්ච එකක නිසා එයාගේ රස්තියාදුකාර පෙනුම ලස්සනට මේකේ දක්නට ලැබෙනවා.

ගොඩක් ලස්සන සින්දු කිහිපයක්ම මේ චිත්‍රපටයට අන්තර්ගත වෙලා තියෙනවා. ඒ අතරින් ” තේරී යාදමේ පාගල්” ගීතය හා “හායේ මෙරා දිල්” ගීත ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන නිසා ඒවාට උපසිරසි ගන්වන්න මම අමතක කළේ නෑ. දැන් අපි කතාව පැත්තට පොඩ්ඩක් මුට්ටිය දාලා බලමු. මැක්ස් සහ ප්‍රකාශ් කියන්නේ පරම සතුරන් දෙන්නෙක්. දෙන්නම එකම පළාතේ එකම ගමේ දෙපැත්තකට වෙලා ගහ මරාගන්න එක තමයි කරන්නේ මැක්ස්ගේ කලියෙ නම ඊගල්, ප්‍රකාෂ්ගේ කල්ලියේ නම බිච්චු(ගෝනුස්සෝ). ඒ අයගේ ගමේ සීමාවක් මගින් මේ ඇයට අදාළ වන ප්‍රදේශය වෙන් කෙරෙනවා. මේ කල්ලියේ අයට එහා පැත්තට යන්න තහනම්, ඒ පැත්තේ කල්ලියේ අයට මේ පැත්තට එන්න තහනම්. ඕක තමයි දෙගොල්ලන්ට අදාළ වන ප්‍රධාන නිතිය.

මැක්ස්(ශාරුක්) සහ ෂර්ලි(අයිශ්වර්යා) කියන්නේ නිවුන්නු. දෙන්නම පොඩි කාලේ ඉඳන් හැදෙන්නේ දෙමවුපියන් නැතුව. තනියම හැදුන නිසා දෙන්නම ගොඩක් දඟකාරයි. දන්නවනේ මැක්ස් කියන්නේ ඊගල් කල්ලියේ නායකයා කියලා.  ඒ නිසා එයාගේ නංගි දිහා කිසිම කොල්ලෙකුට ඇහැක් ඇරලා බලන්න අයිතියක් නෑ. බැලුවොත් කන්න තමයි වෙන්නේ. රාහුල් කියන්නේ ප්‍රකාශ්ගේ මල්ලි. ඒ කිව්වේ අනිත් පැත්තේ කල්ලියේ නායකගේ මල්ලි. එයා පොඩි කාලේ ඉඳන් වෙන පළාතක ඉඳන් ඉගනගෙන, ඉගෙනීම අවසන් කරලා ගමට එනවා. එයා තමන්ගේ අයියා සහ එහා පැත්තේ කල්ලිය එක්ක තියෙන ප්‍රශ්න මුකුත් දන්නේ නෑ. එයා ඇවිල්ලා ප්‍රකාශ්ගේ(අයියගේ) පැත්තේ ආපන ශාලාවක් දාගෙන ජිවත් වෙනවා. ඔහොම යන අතරේ එහා ගමේ මැක්ස්ගේ නංගිට මෙයාගේ හිත යනවා. ඊට පස්සේ ඉතින් වලි කෝටියයි.

ෂර්ලි රාහුල්ට ආදරේ කරාවිද? එහෙම උනොත් ඒකට එයාලගේ අයියලා  මොනවා කරාවිද? වගේ ප්‍රශ්න වලට පිළිතුරු ඔයාලට බයිස්කෝප් එක බලාගෙන යනකොට හම්බ වේවි. ඉතින් වෙනදා වගේම අපේ අඩවියට පිවිසිලා උපසිරියක් බාගෙන යන හැමෝටමත්, ලොස් නැතුව කොමෙන්ටුවක් කොටාගෙන යන අයටත් ස්තුතිය පළකරමින්අපේ admin සහෝදරවරු වගේම බයිස්කෝප් සෙට් එකේ හැමෝමත් මතක් කරමින් තවත් චිත්‍රපටියකින් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. ඔබට ජය….!

Shark (2010) on IMDb

 

 

679 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

 

3,115 downloadsDownload Josh2000.baiscopelk.zip50 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/තාරක-නුවන්-දිල්හාර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

තා‍ර‍ක ‍නු‍වන්‍

Subtitles

3,115 downloadsDownload Subtitles50 KB

25 comments

  1. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  2. භාග්‍ය වික්‍රමසිංහ

    ජය වේවා...

  3. chathura madusanka

    ස්තුතියි සහෝ ඔන්න ගත්තා.........මීට මාස 6.7කට විතර උඩින් මම ඕක කරන්න බාන්න බලනකොට seed තිබ්බෙ නැහැ,ඉතින් වැඩේ අතෑරියා ....එල මචන්.......anyway thanks.......

  4. Sisira Hegoda

    Sub eka Honda ethi. Letter eka nam niyamai.

  5. Jack

    නියමයි මචෝ.
    ශාරුක් ඉන්නවනම් අනිවා බලනවනේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.

  6. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අන්න එකනේ මිතුරා...
    සුපිරිම සිංදුවට සබ් කලේ නැතෙයි...
    " අපුන් බොලා, තු මේරි ලේලා.....
    වෝ බෝලි පෙක්තහේ සාලා..."

    ඒකටත් සබ දැමනම් තවත් අගෙයි..
    ජය වේවා!!

  7. Kulanjana Maduranga

    niayamai…thanks THARAKA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  8. Amalka

    man meka tv eke balala thiyanava supiri film eka ayeth baluvath paduvak na
    velavaka down karagana balanava
    Subta thuthi

  9. නලින්

    ස්තුතියි තා‍ර‍ක සහෝ.. මේක ඔය කිව්ව කාලෙම බැලුවා ඔං!

    මේ කාලේ ආයේ සිංහලෙන්ම බලන්න ඕනේ.

    ජය වේවා!

  10. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  11. Dhanushka

    Sub ekata thanx (Y) hoya hoyahitapu film ekak ! puluwannam Deewangee , Bitchoo wage parana film wala sub denda ......

  12. Yenu

    Thank you...digatama thawa thawath sub denna...

  13. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  14. ARA

    සබ් එකට බොහොම ස්තුතියි...

  15. ishan

    aluth film wala sub denne natida,,,action jackson ,,vickram ge I wage movies wala

  16. රොයිලි

    බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. TharinDu

    Na Tum Jaano Na Hum (2002) film ekat dennako

  18. එල්.සී. දමැල්

    උපසිරසට තුති….
    ජය….!

  19. “චූටී මල්ලි”

    කලින් බැලුවා
    සබට තුති
    ඔබට ජය....

  20. sk

    thank you saho

  21. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ මේ ෆිල්ම් එකට සබ් ක දුන්නට...
    ෆිල්ම් එක බල්ලා තියෙනවා ඒත ආයෙමත් බලනවා සබ් එකත් එක්ක...
    බයිස්කෝප් මංසලේ මේ ෆිල්ම් එකේ දැම්ම ගීතයට පස්සෙයි මේක ආයෙම බලන්න හිතුනේ...
    සහෝට තවත් මේවගේ සුපිරි ෆිල්ම් කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
    ජයෙන් ජය...

  22. dilan

    බොහොම බොහොම බොහොම ස්තුතියි යාළුවා.......

  23. manori erandathi

    Thank u ..

  24. Tharushi

    Godak lassanai

    Chalte chalte movie ekath dennako

  25. Tharushi

    Hh