Watch Trailer

Journey to the West The Five Elements Mountains (2022) Sinhala Subtitles | ගිරි පවුරේ සිරකළ වානර රජා [සිංහල උපසිරැසි]

Journey to the West The Five Elements Mountains (2022) Sinhala Subtitless චීනය කියන්නේ ඇත්තටම පුරාවෘත්ත, සාහිත්‍ය කතා වලින් පොහොසත් රටක්. අපි කවුරුත් අහලා තියෙන මූලාන්ගේ කතාව වගේ හරිම ප්‍රසිද්ධ පුරාවෘත බොහෝමයක් ඔවුන්ට තියෙනවා. ඉතින් ඒ සාහිත්‍ය කතා අතරින් ජනප්‍රියම සහ වැදගත්ම කතාවක් තමයි බටහිරට කළ ච…

Journey to the West The Five Elements Mountains (2022) Sinhala Subtitless චීනය කියන්නේ ඇත්තටම පුරාවෘත්ත, සාහිත්‍ය කතා වලින් පොහොසත් රටක්. අපි කවුරුත් අහලා තියෙන මූලාන්ගේ කතාව වගේ හරිම ප්‍රසිද්ධ පුරාවෘත බොහෝමයක් ඔවුන්ට තියෙනවා. ඉතින් ඒ සාහිත්‍ය කතා අතරින් ජනප්‍රියම සහ වැදගත්ම කතාවක් තමයි බටහිරට කළ චාරිකාව හෙවත් Journey to the West කියන කතාව. මේක රචනා කර තිබෙන්නේ 16වෙනි සියවසේදී, ඒ කියන්නේ මීට අවුරුදු 500කටත් පෙර, වූ චෙං’එන් නම් ලේඛකයෙක්. කතාව හරිම සරලයි. ඉන්දියාවේ සිට බෞද්ධ සූත්‍ර වැඩම කරවීම සඳහා, ටාං රාජවංශ සමයේ විසූ ටාං සන්සන් (Tang Sanzang) නම් බෞද්ධ භික්ෂුවක්, අද්භූත බලයන්ගෙන් යුත් ශ්‍රාවකයන් තිදෙනෙකු සහ සුදු අශ්වයෙකු සමඟ බටහිර දෙසට (ඉන්දියාවට) කරන දුෂ්කර හා අන්තරායකාරී ගමනයි.  මේ ශ්‍රාවකයන් තුන්දෙනාගෙන් වැදගත්ම චරිතය වෙන්නේ සන් වූකොං (Sun Wukong) කියන චරිතයයි. මෙයා ගල් බිත්තරයකින් උපන්, අද්භූත බලයක් ඇති වඳුරෙක්​. හැබැයි මෙයා සාමාන්‍ය වඳුරෙක් නම් නෙමෙයි මෙයාට ගොඩක් අද්භූත ශක්තීන් තියෙනවා. විවිධ ස්වරූප 72කට වෙස් මාරු කිරීමේ හැකියාව, වලාකුළක් මත නැගී අහසින් ගමන් කිරීම, ඒ වගේම තමන්ගේ කැමැත්ත පරිදි කුඩා-විශාල කළ හැකි රන් පටියක් සහිත යකඩ යෂ්ටියක් ද තියෙනවා. මේ වානරයා එක අවස්ථාවක තමන්ගේ ශක්තිය ගැන උඩඟු වෙලා දෙව්ලොවට ගොස් එහි සියලු දෙවිවරුන් පරදා, දෙව්ලොවම දෙවනත් කරමින් කළ කැරැල්ලක් නිසා, බුදුන් වහන්සේ විසින් ඔහුව කන්දක් යට වසර 500ක් සිරකර තබනවා. පසුව ටාං සන්සන් භික්ෂුව විසින් ඔහුව නිදහස් කරගන්නේ, තමන්ගේ ගමනේදී ආරක්ෂකයෙකු ලෙස සේවය කිරීමේ පොරොන්දුව පිටයි. අනෙක් දෙදෙනා චූ බාජියේ නම් ඌරෙකුගේ වේසයෙන් සිටින අසුරයෙක් සහ ෂා වූජිං කියන අසුරයෙක් ගමනේදී ඔවුන්ට විපත් 81කට මුහුණ දීමට සිදුවෙනවා. ඒ සෑම විපතක්ම අලුත් යක්ෂයෙක්, අලුත් අභියෝගයක්. ඉතින් මේ කතාව සහ චරිත පදනම් කරගත් චීන ෆිල්ම් සෑම අවුරුද්දකම දුසිම් ගණනක් නිකුත් වෙනවා. ඉතිං අපි ෆිල්ම් එක පැත්තට හැරුනොත් මේකත් සන් වූකොං (Sun Wukong) කියන වානරයා වටා ගෙතුනු කතාවක්. මම කතාව ගැන ලොකු විස්තරයක් කියන්න යන්නෙ නෑ. ඔයාලා බලලම ඉන්නකෝ. සුභ දවසක්! Journey to the West The Five Elements Mountains (2022) Sinhala Subtitless

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය Youtube පිටපත් සඳහා පමණක් වලංගු වේ.

836 downloadsDownload Journey-to-the-West-The-Five-Elements-Mountains-2022.zip30 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිලින්ද සුභාශ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2015-05-18
SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Journey to the West The Five Elements Mountains (2022) Sinhala Subtitles

Subtitles by

මිලින්ද සුභාශ්

Subtitles

836 downloadsDownload Subtitles30 KB

3 comments

  1. Buddhika laKMal

    ස්තූථියි මචං සබ් එකට

  2. nithin

    thanks bro... elazz...

  3. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤