Watch Trailer

Joy Ride (2001) Sinhala Subtitles | බිහිසුණු ට්‍රක් රථ රියදුරාගේ මිනීමරු ලේ පිපාසය [සිංහල උපසිරැසි සමග]

මේ මොහොතේ මම සිහිපත් කරන්න කැමතියි මුළු ලෝකය පුරාම පැතිරි තිබෙන කොරෝනා වෛරස වසංගතය නිසා මියගිය හැමදෙනාවම. ඒ වගේම මේ වෛරසය ආසාදනය වෙලා දුක් විඳින හැමදෙනාටමත් ඉක්මන් සුවය ලැබේවා කියා මම ප්‍රර්ථනා කරනවා. රාජ්‍ය අංශ අපිට ලබා දෙන උපදෙස් ඒ විදියටම පිළිපදින්න කියලා හැමෝගෙන්ම බොහොම කාරුණිකව ඉල්ලනවා. අපි ම…

 මේ මොහොතේ මම සිහිපත් කරන්න කැමතියි මුළු ලෝකය පුරාම පැතිරි තිබෙන කොරෝනා වෛරස වසංගතය නිසා මියගිය හැමදෙනාවම. ඒ වගේම මේ වෛරසය ආසාදනය වෙලා දුක් විඳින හැමදෙනාටමත් ඉක්මන් සුවය ලැබේවා කියා මම ප්‍රර්ථනා කරනවා. රාජ්‍ය අංශ අපිට ලබා දෙන උපදෙස් ඒ විදියටම පිළිපදින්න කියලා හැමෝගෙන්ම බොහොම කාරුණිකව ඉල්ලනවා. අපි මීට කලින් එදිනෙදා ජීවිතයේ බලපු වෛරස වසංගත චිත්‍රපටියක් මේ හැබැවටම අපේ ලෝකයේ දැන් වෙලා තියෙන්නේ. ඒ නිසා හැමදෙනාම වගකීමෙන් හා රට ජාතිය ගැන හැඟීමෙන් කටයුතු කරන්න. මේ වෙලාවේ අපි වෙනුවෙන් දිවා රෑ නොබලා මහන්සි වී තම දිවිද පරදුවට තබා සේවයේ නිරත වී සිටන හෙද හෙදියෙන්, ආරක්ෂ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් හා මුළු ලොව සැමදෙනාටම බුදු සරණම පතනවා !!

Joy Ride (2001)

විහිළු… පාසලේ මිතුරන්, නෑදෑ හිත මිතුරන්, පවුලේ උදවිය යන මේ අය සමග අපි සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේ කරන දෙයක්. මේ කරන විහිළු වැඩ දුරදිග යන අවස්ථාද නැතුවාම නොවෙයි, ඒ කියන්නේ තවත් කෙනෙකුට කරන ඇස් රතු වෙන විහිළු. අපි හුඟක්ම විහිළු සෙල්ලම් වැඩ කරන්නේ අපි ළඟින් ඇසුරු කරන දන්න කියන උදවියටයි. නමුත් මේ විහිළු වැඩ අපි නොදන්න කෙනෙකුට කරොත්… ඒ කිව්වේ ඇස් රතු වෙන ටයිප් ඒකේ ඒවා… නාදුනන ආගන්තුක කෙනෙකුට… ඒවා පැළිගැනීමක් වියරුවක් දක්වා දුරදිග යන්න බොහෝ විට පුළුවන්. ඉතින් මේ චිත්‍රපටියේ තියෙන්නේ නොදන්න මනුස්සයෙකුට දෙන්නෙක් එකතු වෙලා කරන විහිළුවක් නිසා විහිළුවට ලක්වන පුද්ගලයාට ඇතිවන පළිගැනීමේ මාරක චේතනාවකි.

අපි හැමෝගෙම ජීවිත් වලින් සමුගත්ත ඒ සුන්දර නළුවා පෝල් වෝකර් මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයකට රංගනයෙන් පණ පොවනවා. මේක 20th Century FOX ලගේ වැඩක්. දර්ශන තලයන් බොහෝ අපූරුවට බිහිසුණු අයුරින් මේ චිත්‍රපටියේ නිර්මාණය කරලා තියනවා. ඒ වගේම BOX Office ආදායම් වර්තා තියන්නත් සමත් වෙලත් තියනවා. එහෙනම් මම කතාව ගැන ඔයාලට කෙටියෙන් පුංචි විස්තරයක් කරන්නම්.

කතාව මේකයි, ලුවිස් හදිසි දුර බැහැර ගමනක් සදහා වාහනයක් මිලට ගෙන ගමනක යෙදිමින් සිටින අතරතුර තම නාහෙට නොහාන වැඩිමල් සොහොයුරාට උපකාර පිණිස යමින් ගමන් ලුවිස් ඔහුවත් තම ගමනට එකතු කරගනු ලබනවා. මෙහෙදි තම විඩාව පාළුව කාංසිය මකා ගැනීමට ලුවිස්ගේ වැඩිමල් සොහොයුරා ෆුලර් වාහනයේ රේඩියෝවක් මගින් පාරේ ගමන් ගන්නා නාදුනන උදවියත් සමගින් සංවාද වල යෙදෙනවා. මෙහිදි මොවුන්ගේ රේඩියෝ නාලිකාවට අහඹු ලෙස පැමිණෙනා එක විශේෂ අමුතු පුද්ගලයෙකුට ෆුලර් සහ ලුවිස් එකතු වී බරපතල් සරදමක් කරනු ලබනවා. ඒ තම වැඩිමල් සොහොයුරා වන ෆුලර්ගේ දැඩි ඉල්ලීම පරිදි කාන්තාවක් මෙන් ලුවිස් තම කටහඬ භාවිත කරමින් මේ පුද්ගලයාට බොරු ආල සරාගී කතා පාමින් කතා කිරීම මගින්. මෙය සැබෑවක් ලෙස දැඩිව විශ්වාස කරනා මෙම පුද්ගලයාගේ විශ්වාසය අවසානයේ බිඳී යාමත් සමග තමාට මේ කළ විශාල ‍රැවටීම, විහිළුව දරා ගැනීමට නොහැකිව මීට පළිගැනීම සදහා ෆුලර් ලුවිස් දෙදෙනා පසු පස මොහු මාරාන්තික ලෙසින් ට්‍රක් රථයකින් හබා පැමිණෙනවා. ෆුලර් ලුවිස් දෙදෙනාගේ මේ විහිළුව නිසා අහිංසක ජීවිත ‍රැසක් මේ ට්‍රක් රථ රියදුරා ඉතා අමානුශික ලෙසින් ගොදුරු කරගනු ලබනවා. තමාට කළ විහිළුවට ෆුලර් ලුවිස් දෙදෙනාට ඇති පදමට වන්දි ගෙවන්න මේ බිහිසුණු ට්‍රක් රථ රියදුරා වැඩකටයුතු සලස්වනවා.

එහෙනම් චිත්‍රපටිය අරගෙන බලන්න. මම තවත් උපසි‍රැසියකින් ඔයාලව ඉක්මනින්ම හම්බවෙන්න බලන්නම්. ගෙදරටම වෙලා මේ දවස් ටිකේ පරිස්සමට හැමෝම ඉන්න. #CoronaVirus #COVID-19

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

4,550 downloadsDownload Joy.Ride_.2001.720p.BluRayY.zip42 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

UD Shehan

Subtitles

4,550 downloadsDownload Subtitles42 KB

19 comments

  1. indika75

    thanks..

  2. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    Request :
    Trouble (2019)
    Acceleration (2019)
    Killerman (2019)
    Jay and Silent Bob Reboot (2019)
    Ma (2019)
    Thanks....

  5. ශශී ඩී.ජාගොඩ

    උපසිරසියට බොහොම ස්තුතියි,

    To All the Boys I've Loved Before 2018

  6. rockz2020

    උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ!✌❤ ජය වේවා!

  7. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  8. Sajithlakshan

    thanks ......................................

  9. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ...

  10. Shamal manojan

    බොහොම ස්තූතියි මෙම උපසිරැසියට.
    මරු ෆිල්ම් ටිකක් තියනවා. උපසිරැසි සඳහා යෝජනා කරමි.
    Santa Claus - 1985
    Santa Clause 2 - 2002
    Santa Clusee 3 - 2006

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!
    නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා!

  13. Dewadithya

    Thanks for sub!

  14. Anonymous

    මේකේ දෙවෙනි තුන්වෙනි ෆිල්ම් දෙකටත් සබ් දෙන්න කෝ

  15. Shaggy

    Thank you very much

  16. Chandimal Kariyapperuma

    Thanks

  17. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  18. Methnim

    Meke part 2 eka dennko

  19. Methnim

    Ko ane meke part 2 eka