Watch Trailer

Patham Classile Pranayam (2019) Sinhala Subtitle | දහය පන්තියේ ආදරේ! [සිංහල උපසිරැසි]

සුභ දවසක් වේවා හැමෝටම. මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට සහ විශේෂයෙන්ම මේ උපසිරැසි නිර්මාණය මට වෙන් කරලා දුන්න සිසිල ප්‍රසාද් සොයුරාට මං මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මං අද උපසිරැසි නිර්මාණය කරේ Patham Classile Pranayam (2019) මලයාලම් සිනමා නිර්මාණයට. 2019 දෙසැම්බර් 06 වෙනි දින තිරගත වී…

සුභ දවසක් වේවා හැමෝටම. මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට සහ විශේෂයෙන්ම මේ උපසිරැසි නිර්මාණය මට වෙන් කරලා දුන්න සිසිල ප්‍රසාද් සොයුරාට මං මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මං අද උපසිරැසි නිර්මාණය කරේ Patham Classile Pranayam (2019) මලයාලම් සිනමා නිර්මාණයට.

2019 දෙසැම්බර් 06 වෙනි දින තිරගත වීම ආරම්භ කරපු මෙම නිර්මාණය Drama/Romance කාණ්ඩ යටතේ වර්ග වෙලා තියෙනවා.

8.8/10 IMdb

1.9/5 Times of India

77% BookMyShow

48% Google Users

ලබා ගන්න සමත් උන මේ නිර්මාණය Nithees K Nair ගේ කුළුදුල් අධ්‍යක්ෂණයක්. අධ්‍යක්ෂක Nithees K Nair ගේ අදහසකට Prasoon Sukumaran සහ Vivek Vadashery තිර රචනයක්. මෙහි සංගීත නිර්මාණය Raghupathy s Narayanan ගේ.

නවක නළු නිලියන් හා ප්‍රවීන නළු නිලියන් කීප දෙනෙක් ඇතුළු බොහෝ පිරිසක් මේ නිර්මාණය වෙනුවෙන් දායක වෙලා තියෙනවා.

කතාව ගැන පොඩ්ඩක් කියනව නම් මේ කතාව ඉස්කෝලෙක 10 පන්තියේ කොල්ලෝ කෙල්ලෝ ටිකක් ගැන. මේ පන්තියේ විවේක් කියල කොලුවෙක් ඉන්නවා විවේක්ට හිත යන්නේ තමන්ගේම පන්තියේ ඉන්න මීරාට. මීරත් ඇහැට කනට පේන ලස්සන කෙල්ලෙක්. මුල ඉඳන්ම විවේක්ට එයාගේ යාළුවො ආදර සටනෙන් ජය ගන්න ගොඩක් උදව් කරනවා. වැඩේ ලේසිද? අපොයි නෑ. මීරා මේ කොලු ගැටයව ගණන් ගන්නෙම නැ. අලි මදිවට හරක් කියල මේ ආදර කතාවට දුෂ්ඨයෙකුත් ඉන්නවා. ඒ ශම්බු. ශම්බු තරහෙන් පිඹපු ගමන්මයි ඉන්නේ. ශම්බුත් මෙයාලගේම පන්තියේ කොල්ලෙක්. විවේක් මේ ආදරේ දිනා ගන්න නොකරනා දේකුත් නෑ. ඒත් අන්තිමේ මේ ආදරේ දිනයිද? අපි බලමු නේද.

අපි ඕනේ කෙනෙක්ට අපේ පාසල් කාලය මතක් කරන සුන්දර නිර්මාණයක්. මොළේ කරගැට එනකල් වැඩිය කල්පනා කරන්න ඕනේ නැති හිතේ සැහැල්ලුවෙන් බලන්න පුළුවන් නිර්මාණයක්. මේ දවස් ටිකේ නිවාඩු පාඩුවේ ඉන්න ගමන් මේ නිර්මාණයත් රස විඳින්න කියලා ඔයාල හැමෝටම මං අරාධනා කරනවා.

 

Stay Home – Stay Safe

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි  HD පිටපත් සඳහා අදාළ වේ.

4,096 downloadsDownload Patham-Classile-Pranayam-2019-Malayalam-.zip58 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles by

රේණුකා සුභාෂිණි

Subtitles

4,096 downloadsDownload Subtitles58 KB

8 comments

  1. malithmadhushan45

    උපසිරසට බොහොම ස්තුතියි.

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :)

  3. gihan perera

    ගොඩක් ස්තුතියි සහොදරී වෙච්ච මහන්සියට.... ඔයාලා දාන උපසිරැසි අරගෙන ෆිල්ම් බලන එක තමයි මේ දවස්වල ගෙදර ඉදලා කරන්නේ.. දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා.....ජය වේවා.... දෙවි පිහිටයි....

  4. Kavinu

    මලයාලමක් අතාරින්නේ කොහොමැයි ඉතින්?!
    Aadu, Aadu 2 සිනමාපටවලටත් උපසිරැසි දෙන්න හැකි නම්...
    තනිකර ආතල් ලෝකයක්... ජයවේවා!! උපසිරැසියට ස්තූතියි...
    ඔන්න ඩවුන්ලෝඩ් කොරන්ඩ දැම්මා!!

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට...

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!