ඉතිං කොහොමද ඔයාලට, ඔන්න දුන්නු Ju-On: Black Ghost චිත්‍රපටයේ අනිත් කොටස තමයි මේ මම ඔයාලට අරගෙන ආවේ. Ju-On: White Ghost (2009) මෙම චිත්‍රපටය නිකුත් කරල තියෙන්නෙත් කලින් කොටස නිකුත් කරපු දිනේදීමයි කියල මම කලින් ලිපියේ ඔයාලට කිව්වා මතක ඇතිනේ. ඒත් මේක නිර්මාණය කරල තියෙන්නෙ නම් කලින් කොටස කරපු අධ්‍යක්ෂව…

ඉතිං කොහොමද ඔයාලට, ඔන්න දුන්නු Ju-On: Black Ghost චිත්‍රපටයේ අනිත් කොටස තමයි මේ මම ඔයාලට අරගෙන ආවේ. Ju-On: White Ghost (2009) මෙම චිත්‍රපටය නිකුත් කරල තියෙන්නෙත් කලින් කොටස නිකුත් කරපු දිනේදීමයි කියල මම කලින් ලිපියේ ඔයාලට කිව්වා මතක ඇතිනේ. ඒත් මේක නිර්මාණය කරල තියෙන්නෙ නම් කලින් කොටස කරපු අධ්‍යක්ෂවරයා විසින් නෙවෙයි. මෙහි අධ්‍යක්ෂණය, රචනය සහ නිෂ්පාදනය යන සියළු කටයුතු සිදු කරලා තිබෙන්නේ Ryûta Miyake නැමති ජපන් අධ්‍යක්ෂකවරයා විසින්. ඒවගේම මෙම චිත්‍රපටය සඳහා Imdb දර්ශකයේ 6.0 වගේ ප්‍රේක්ෂක මනාපයක් සහ Google පරිශීලකයන් 81% මනාපයක් ලබා දී තිබෙනවා. ඒ වගේම මේක අයත් වන්නේත් Fantasy|Horror කියන කාණ්ඩ වලට සහ මෙහිත් සම්පූර්ණ ධාවන කාලය වන්නේ විනාඩි 61ක් වැනි කෙටි කාලයක්.
මෙම චිත්‍රපට මාලාවේ අනෙකුත් චිත්‍රපට මෙන්ම මෙයද විවිධ කාල රාමු ඔස්සේ නිර්මාණය කර තිබෙනවා. එම සිද්ධීන් එකින් එක ගළපා ගැනීමෙන් තමයි අවසානෙට කතාව තේරුම් ගැනීමට හැකියාව ලැබෙන්නේ. චිත්‍රපටය ආරම්භ වෙන්නේ කේක් කඩේක වැඩ කරන පුද්ගලයෙක් එක්තරා නිවසකට ඔවුන් ඇනවුම් කරපු කේක් එකක් ගිහිං දෙන්න යනවා. නිවසට ගිහිං කතා කළත් නිවසේ කවුරුවත් පේන්න නැති නිසා මෙම පුද්ගලයා නැවත හැරී යාමට සැරසුණත් ඒ සමගම නිවසේ දොර විවර වෙනවා. ටික වේලාවකින් ගැහැණු කෙනෙක් ඔහුට ටික වෙලාවක් රැඳී සිටින්නයි කියා කියනවා. නමුත් ඇය එන පාටක් නැහැ. නැවත නැවතත් එම ගැහැණු කෙනා ඒ දේම ඔහුට පවසන නිසා ඇතිවෙන කුතුහලයත් සමගම එම පුද්ගලයා නිවස ඇතුලට යනවා. නමුත් නිවසේ කිසිවකු පෙනෙන්නට නොමැති නිසා ඔහු නිවස පරීක්ෂා කිරීමේදී නානා කාමරේ ගින්නක් නිසා පිළිස්සි ගිය දේවල් ටිකක් සහ කුඩා ගැහැණු ළමයෙක් කාමරයකට ඇවිද යනවා දකිනවා. මොහු ඇය පසු පස උඩු මහලේ කාමරයට ගිහිං බලද්දී ඔහු දකින්නේ ඉතාම භියකරු දර්ශණයක්. එනම් කුඩා දැරිවියකගේ හිස කඳින් වෙන්කර දැමූ මළ සිරුරක් ඇඳ මත තියෙනවා. මෙයින් භීතියට පත්ව ඔහු නිවසේ පහළට දිව ආ පසු නැවතත් අර කලින් කතා කළ ගැහැණු කෙනා නැවත නැවතත් කලින් කී දේම පවසනවා ඔහුට ඇහෙනවා. ඔහු මුළුතැන්ගෙට ගිහිං බලන අවස්ථාවේ ඔහු දකින්නේ පිහි ඇනුමකින් ඝාතණය කළ ගැහැණු කෙනෙකුගේ මල සිරුරක්. ඒ සමගම මහළු කාන්තාවක් ඔහු අසලට පැමිණෙනවා…. හරි එහෙනම් මීට වඩා කතාව නොකිය ඉන්නම්. මෙයට හේතූ වූ සිද්ධීන් ටික ඔයාලට ඉදිරියට පෙන්වන විවිධ සිද්ධීන් ඔස්සේ දැක ගන්න පුළුවන්. ඒ නිසා අවසානය දක්වා වෙන දේ බලලා තේරුම් ගන්න කියල ඔයාලට ආරාධනා කරනවා.
හරි එහෙනම් මම ගිහිල්ල එන්නම්. නැවත ඉක්මනින්ම උපසිරැසියකින් හමුවෙන තුරු හැමෝටම ජය. බුදු සරණයි!

![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම BR පිටපත් සඳහා අදාළ වේ.
1,531 downloadsDownload Ju-On-White-Ghost-2009.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-07-02
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ලක්ෂාන්
Subtitles
10 comments
Ishan Madusha
Hashan
බොහොම ස්තුතියි
Dewadithya
Thanks for sub!
indika75
thanks..
isuru srinath sjs
බොහොම ස්තුතියි !!
Rasindu Perera
නියමයි… සබ් එකට තැන්ක්ස්….
Ju-On Origins TV Series එකටත් සබ් අරන් එමු....රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sujeewa
Patta brothawa sub daanna japan movie jaya machan
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ravindra
thanks sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
නියමයි සහෝ.බොහොම ස්තූතියි
Ju-On: The Beginning of the End (2014) සබ් දෙන්න.ජය වේවා!