Watch Trailer

Ju-On : The Grudge (2002) Sinhala Subtitles | ශාපයට හසු වූ නිවසක් [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියටම, ඔන්න මං අද තවත් ජපන් නිර්මාණයක් ඔයාලට අරගෙන ආවා. මේ පාර අරගෙන ආවේ අපි කවුරුත් දන්න The Grudge චිත්‍රපට මාලාවේ පළමු වැනි ජපන් නිර්මාණය. Ju-On:The Grudge (2002) යනු Ju-On කතා මාලාවේ ප්‍රථම චිත්‍රපටයද වනවා. Takashi Shimizu විසින් රචනා කොට අධ්‍යක්ෂණය කර ඇති මෙහි Megumi Okina, Mis…

ඉතින් කොහොමද කට්ටියටම, ඔන්න මං අද තවත් ජපන් නිර්මාණයක් ඔයාලට අරගෙන ආවා. මේ පාර අරගෙන ආවේ අපි කවුරුත් දන්න The Grudge චිත්‍රපට මාලාවේ පළමු වැනි ජපන් නිර්මාණය. Ju-On:The Grudge (2002) යනු Ju-On කතා මාලාවේ ප්‍රථම චිත්‍රපටයද වනවා. Takashi Shimizu විසින් රචනා කොට අධ්‍යක්ෂණය කර ඇති මෙහි Megumi Okina, Misaki Itô, Misa Uehara, Yui Ichikawa සහ Takashi Matsuyama යන නළු නිළියන් ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා.

Ju-On:The Grudge (2002) ඔක්තෝම්බර් 18 වන දින ” Lions Gate Films ” විසින් “Screamfest Film Festival” චිත්‍රපට උළෙලේදී ප්‍රථම වරට තිරගත කොට තිබෙනවා. මෙහිදී විචාරකයන්ගේ යහපත් ප්‍රතිචාර මෙන්ම, විචාරකයන් මෙය තවත් ජපන් චිත්‍රපටයක් වන Ring සමගද සසඳා තිබුණා. Imdb දර්ශකයේ 6.7ක ප්‍රේක්ෂක මණාපයක් සහ Google පරිශීලකයන්ගේ 77%ක මනාපයක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. ඒවගේම $3,657,876 බොක්ස් ඔෆීස් අදායමක්ද දිනා ගැනීමටද සමත් වී තිබෙනවා. පුරා පැයකුත් විනාඩි තිස් දෙකක ධාවන කාලයක් සහිත මෙම චිත්‍රපටය අයත් වෙන්නේ Horror කාණ්ඩයට.

කතාව මෙහෙමයි, එක්තරා සමාජ සුභසාධන මධ්‍යස්ථානයක සේවය කරන ස්වෙච්ඡා සේවිකාවක් වන රිකා නැමති තැනැත්තියව එම ආයතනයේ නිළධාරියෙක් විසින් එක් තරා නිවසක රාජකාරි කටයුත්තකට පිටත් කරල යවනවා. ඇය එම නිවසට යන විට නිවසේ කවුරුවත් පෙනෙන්නට නැති අතර විපරම් කර බැලීමේදී වයසක කාන්තාවක් පමණක් සිටින බව ඇයට දක්නට ලැබෙනවා. ඉතින් මෙහෙම ටික වේලාවක් නිවසේ සිටින විට එකවරම අත්භූත ලෙස අල්මාරියකින් පිරිමි ළමයෙක් මතු වෙනවා. ඒත් එක්කම අර වයසක ගෑණු කෙනාටත් අත්භූත යමක් සිද්ද වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම රිකාට සිහිය නැතිව යනවා. හරි එහෙනම් ඉතුරු ටික ඔයාලම බලන්නකෝ. අන්තිමට කරකෝල අතෑරියා වගේ වෙයි. හොඳ අවධානෙන් කතාව බලන්න.

මම ගිහිල්ල එන්නම් එහෙනම්. නැවත උපසිරසියකින් හමුවෙන තුරු හැමෝටම ජය. බුදු සරණයි!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම BR පිටපත් සඳහා අදාළ වේ.

2,532 downloadsDownload Ju-On-The-Grudge-2002.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-07-02
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චානක ලක්ෂාන්

Subtitles

2,532 downloadsDownload Subtitles19 KB

11 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ..
    Ju-On film series එකටම සබ් ලැබෙයිද.??
    සබ් කරනවා නම් Siccin film series එකත් හොඳයි..
    තෙරුවන් සරණයි.!!
    ජය වේවා.!

  2. Ishan Madusha

    සුපිරියකට සබ් දුන්නට බොහොම ස්තූතියි.
    ඉදිරියෙදී ju-on,ringu ෆිල්ම් සීරිස් 2 ඉතිරි ඒවටත් සබ් දෙන්න
    ජය වේවා!

    1. Anonymous

      Thanks bro

  3. Shamal manojan

    බොහොම ස්තූතියි මෙම උපසිරැසියට.

    Ju-on ඉතිරි ෆිල්ම් ටිකත්, Ringu ඉතිරි ෆිල්ම් ටිකත් දෙන්න.
    හැකිනම් Candyman film collection එකත්, Hellraiser film collection එකටත් සබ් දෙන්න බලන්න.

  4. Shamal manojan

    බොහොම ස්තූතියි උපසිරැසියට.

    Ju-on හා Ringu ඉතිරි ෆිල්ම් ටිකත් දෙන්න.
    හැකිනම් Candyman ෆිල්ම් කලෙක්ෂන් එක හා Hellraiser ෆිල්ම් කලෙක්ෂන් එක දෙන්න.
    තෑන්ක්ස්

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  6. indika75

    thanks..

  7. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට...

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Dewadithya

    Thanks for sub!

  10. Amalka

    Thanks sub ekata