Watch Trailer

The Convent (2018) Sinhala Subtitles | අද්භූත කන්‍යාරාමයේ අභිරහස [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් බයිස්කෝප්වාසී ජනතාවෙනි, ඔන්න එහෙනම් ආපහු ඉක්මනටම තවත් ෆිලුමක් අරන් ආවා. මේක මම ආසම චිත්‍රපට කාණ්ඩය වෙන හොල්මන් ගණයට අයත් චිත්‍රපටයක්. ඒ නිසා Horror වලට ආස අය අනිවාර්යයෙන් බලයි කියලා හිතනවා. ඔයාලා ගොඩ දෙනෙක් The Nun (2018) චිත්‍රපටය බලලා තියෙනවා නේද ? මෙන්න මේකත් ටිකක් ඒ වගේ එකක් තමයි. මේ ෆ…

ආයුබෝවන් බයිස්කෝප්වාසී ජනතාවෙනි, ඔන්න එහෙනම් ආපහු ඉක්මනටම තවත් ෆිලුමක් අරන් ආවා. මේක මම ආසම චිත්‍රපට කාණ්ඩය වෙන හොල්මන් ගණයට අයත් චිත්‍රපටයක්. ඒ නිසා Horror වලට ආස අය අනිවාර්යයෙන් බලයි කියලා හිතනවා. ඔයාලා ගොඩ දෙනෙක් The Nun (2018) චිත්‍රපටය බලලා තියෙනවා නේද ? මෙන්න මේකත් ටිකක් ඒ වගේ එකක් තමයි. මේ ෆිලුම 4.1ක IMDb අගයක් ලබගන්න සමත් වෙලා තියෙනවා. Horror/History යන කාණ්ඩ වලට තමයි මේ ෆිලුම අයිති වෙන්නේ. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනයෙන් දායක වෙන්නේ Paul Hyett. එක්සත් රාජධානියේ තමයි මෙහි රූගත කිරීම සිදු කරලා තියෙන්නේ. Hannah Arterton ප්‍රධාන චරිතය නිරූපනය කරනවා. ඊට අමතරව, Rosie Day, Clare Higgins, Freddy Carter යන නළු නිළියන් රංගන දායකත්වය ලබාදෙනවා.

17වන සියවස වන විට බ්‍රිතාන්‍යයේ ක්‍රිස්තු දහම ඉතා දැඩිව ව්‍යාප්තව තිබුනු අතර උසාවියටත් වඩා වැඩි බලයක් පල්ලියට සහ ක්‍රිස්තු පූජකවරුන්ට හිමි වෙලා තිබුනා. එම අසීමීත බලය නිසා ඇතැම් අවස්ථාවල නිර්දෝශි පුද්ගලයන්ද වරදකරුවන් බවට පත් උනා, මේ කාලයේ ඉතා දැඩිව ක්‍රියාත්මක උන නීතිය තමයි මායාකර්ම, අණවින, හදි හූනියම් වලට තිබුන තහනම. මේ නීතිය කඩ කිරීමට හම්බෙන දඬුවම තමයි මරණය, නිකන්ම මරණයක් නෙමෙයි පණපිටින් පිළිස්සිම තමයි මේකට ලැබෙන දඬුවම. පර්සීෆනී කියන්නේ කාත් කාවුරුවත් නැති අනාථ තරුණියක්. ඇයට සිහිනෙන් අනාගතය පෙනෙන අපූරු හැකියාවක් තියෙනවා. මේ බව දැනගන්න නගරයේ මහේස්ත්‍රාත්වරයා ඇයට මරණ දඬුවම නියම කරනවා. නමුත් එතනට පැමිණෙන ගම්බද කන්‍යාරාමයක නායක මව්තුමියක් ඇයව මරණ දඬුවමෙන් බේරගන්නවා. ඒත් ඇය පර්සිෆනිව බේරගන්නේ ඇයත් සමග කන්‍යාරාමයට ඇවිත් ඔවුන්ගේ නිකායට බැඳිලා ආගමික සහෝදරියක් වෙන්න ඕන කියන කොන්දේසියට යටත්ව තමයි. මේ කන්‍යාරාමය ගැන ගමේ ගොඩක් කටකතා තියෙනවා, කිසිම කෙනෙක් මේ කන්‍යාරාමය අහලකටවත් යන්න බයයි ඒ වගේම ඒක ඇතුලට ගිය කිසි කෙනෙක් ආපහු පණ පිටින් එන්නේ නෑ කියලා තමයි ගම්මු විශ්වාස කරන්නේ. ඉතිං මේ මුකුත් නොදැන මේක ඇතුලට යන පර්සිෆනිට හැම වෙලාවෙම දැනෙනවා මේ බිත්ති ඇතුලේ ඉඳන් කවුරුහරි එයා දිහා බලන් ඉන්නවා කියලා. මෙයා ඒ ගැන අනිත් සහෝදරියන්ට කිව්වට කාටවත් ඒ ගැන ගානක් නෑ. ඇත්තට කවුද ඒ බිත්ති අස්සෙ ඉන්නේ ? නායක මව්තුමිය කියන්නේ ඇත්තටම කවුද ? පර්සිෆනීට මොකද වෙන්නේ ? එහෙනම් ඔයාලා මේ ෆිලුම නරඹලා ඒවට උත්තර දැන ගන්නකෝ.

වෙනදා වගේම කියන්න තියෙන්නෙ ඔයාලා ගෙදරට වෙලා පරිස්සමින් ඉන්න කියලා තමයි. මේ සිනමාපටය උපසිරැසි ගැන්වීමට අවසර දුන්න හසන්ත අයියවත් ආදරයෙන් මතක් කරනවා. මේ ෆිලුම ක්‍රිස්තියානි ආගමට සම්බන්ධ එකක් නිසා නොදන්න ආගමික වචන ගොඩක් තිබුනා. ඒ වෙලාවේ පිහිටට ආපු ආලෝකා ද ආබෘ සහෝදරියවත් ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම අපේ බයිස්කෝප් සහෝදර සහෝදරියන්ටත්, රසික/රසිකාවියන් වෙන ඔයාලා හැමෝටමත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා අපේ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය ලංකාවේ අංක 1 විනෝදාතමක වෙබ අඩවිය බවට පත් කිරීමට සහයෝගය ලබාදුන්නට. අපිත් එක්ක දිගට රැදිලා ඉන්න. එහෙනම් තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. මම දනුවා. තෙරුවන් සරණයි !!!

 

#STAY SAFE #STAY HOME

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

4,687 downloadsDownload The-Convent-2018.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

යුරාන් ධනුක

Subtitles

4,687 downloadsDownload Subtitles34 KB

18 comments

  1. w.w.m.s.n.s.lakmal

    ස්තුතියි සහෝදරයා.. සුපිරි වැඩක්

  2. malithmadhushan45

    පට්ට පට්ට රෑට බලනව.සබ් එකට ස්තුතියි යුරාන් සහෝ

  3. Shamal manojan

    ස්තූතියි උපසිරැසියට

    Request ....

    Candyman 1,2,3
    Hellraiser movies

  4. asiri19

    එලම

  5. Gihan Lakmal

    supiri mcho

  6. Sanju

    බොහෝ ස්තුතියි කාලේක ඉදන් බලන්න ඉදපු පිලිමුවකට උපසිරස දුන්නට ....
    The Dawn (2019)
    st. Agatha (2018) Horror පිලිමු දෙකටත් උපසිරස දෙන්න පුලුවන්ද සහෝ ....

  7. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ..
    St. Agatha (2018) film එකත් හොඳයි සබ් කරනව නම් මේ වගේම nun කෙනෙක් සම්බන්ධ horror film එකක්.. තව Siccin film series එකත් මරු බ්‍රෝ :)

  8. ධනු

    බොහෝම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට.ජය!

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  10. indika75

    thanks..

  11. -චානක ඉඳුනිල්-

    thanks for sub!

  12. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  13. Lakshan

    Thanks Bro.

    1. Nishadi Anuruddhika

      Hellraiser film series එකටත් සබ්ටයිටලස් හදන්න බ්‍රෝ....

  14. Udara Damith Dissanayaka

    eල

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Prabhasoft

    Thanks Bro... Gd lk...

  17. nadeeka

    patta