Watch Trailer

Judas and the Black Messiah (2021) Sinhala Subtitles | මිතුරා විය හැක සතුරා. [සිංහල උපසිරසි]

අනිවාර්යයෙන් ලිපිය කියවන්න! කොහොමද ඉතින් යාළුවනේ, අද මං අරන් ඇවිල්ල තියෙන්නෙ 2021 වර්ෂයේ පෙබරවාරී 12 වන දින HBO Max හරහා ප්‍රදර්ශනය ආරම්භ වූ Judas and the black messiah චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසියයි.මේ චිත්‍රපටය ඉතින් සාමාන්‍ය ආකාරයේ චිත්‍රපටයක්නම් නෙවෙයි.මේ චිත්‍රපටය නිර්මාණය කරල තියෙන්නෙ “ඇමෙර…

අනිවාර්යයෙන් ලිපිය කියවන්න!

කොහොමද ඉතින් යාළුවනේ, අද මං අරන් ඇවිල්ල තියෙන්නෙ 2021 වර්ෂයේ පෙබරවාරී 12 වන දින HBO Max හරහා ප්‍රදර්ශනය ආරම්භ වූ Judas and the black messiah චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසියයි.මේ චිත්‍රපටය ඉතින් සාමාන්‍ය ආකාරයේ චිත්‍රපටයක්නම් නෙවෙයි.මේ චිත්‍රපටය නිර්මාණය කරල තියෙන්නෙ “ඇමෙරිකානු සිවිල් යුද්ධය” කියන ඇමෙරිකාවේ සිදු වූ විශාල සිදුවීම් මාලාවෙන් එක් පරිච්ඡේදයක් පාදක කරගෙන.ඒ කියන්නෙ මේ ඇමෙරිකානු නිදහස් සටනේ කොටස් කිහිපයක් තිබ්බ. මේ චිත්‍රපටයට අරන් තියෙන්නෙ ඔය ඇමෙරිකානු සිවිල් යුද්ධයන් මෙහෙයවීමට මුල් වූ “බ්ලැක් පැන්තර්” කියන පක්ෂය හා සම්බන්ධ කොටස.මේ සිවිල් යුද්ධය කියන්නෙ ඉතින් රජයට පහර දීමක් වගේ දෙයක් නෙවෙයි.රජයෙන් විවිධ ඉල්ලීම් ඒ කියන්නෙ තම තමන්ගෙ අයිතිවාසිකම් වගේ දේවල් ඉල්ලමින් පෙළපාලි,කෝලාහල වගේ දේවල් සිදු කරපු දෙයක්.මේ සිවිල් යුද්ධය සම්බන්ධයෙන් නිර්මාණය වූ “අයිස් ඔන් ද ප්‍රයිස්” වැඩසටහන් මාලාවේ එක් කොටසකට මේ බ්ලැක් පැන්තර් පක්ෂයේ බොහෝ දෙනෙක් තම තමන්ගෙ අත්දැකීම් ගැන මාධ්‍යයට කියල තියෙනවා.ඒ අත්දැකීම් පාදක කරගෙන තමයි ඉතින් 2019 වර්ෂයේදි Shaka King අධ්‍යක්ෂකවරයා මේ චිත්‍රපටයේ වැඩේට අත්පොත් තියන්නෙ.අපි හැමෝටම මං හිතන්නෙ දේශපාලනය කියන දේ තිත්ත දෙයක්.මොකද පේනව ඇතිනෙ වෙන වැඩ? ඒත් මේ කතාවෙන් අපිට පෙන්නල දෙනවා මේ බ්ලැක් පැන්තර් පක්ෂයේ නායකයා ඒ කියන්නෙ “ෆ්‍රෙඩ් හැම්ප්ටන්” කියන දේශපාලඥයා, තමන්ගෙ සම්පූර්ණ කාලයම වැය කරල තියෙන්නෙ ජනතාවගේ අයිතීන් වෙනුවෙන්. මෙන්න මේ ෆ්‍රෙඩ් හැම්ප්ටන් දේශපාලඥයා රජයට ලොකු තර්ජනයක් වෙනවා.ඒ කියන්නෙ මිනී මැරුම් වගේ දෙයක් නම් වගේ නෙවෙයි.මේ ෆ්‍රෙඩ් හැම්ප්ටන් කියන දේශපාලඥයා ජනතාවගෙ හිත් හොදටම දිනාගෙන තියෙන්නෙ.ඉතින් මේක රජයට ලොකු තර්ජනයක් වෙන්නෙ එයා ඡන්දෙ ඉල්ලුවොත් ජනතාවගෙ අයිතින් වෙනුවෙන් මීටත් වඩා සටන් කරන එක.ඉතින් ඕකට රජය කැමති වෙන්නෙ නෑ.ඔය අතරෙ තමා “විලියම් බිල් ඕ’නීල්” කතාවට එන්නෙ.එයාව FBI එක හරහා මේ බ්ලැක් පැන්තර් පක්ෂයේ තොරතුරු හොයාගන්න ඔත්තුකාරයෙක් විදියට දානවා.ඉතින් කොහොමින් හරි මේ රජය මේ සහෘද දේශපාලඥයට ලොකු හානියක් කරන්නයි යන්නෙ.

ඉතින් මම චිත්‍රපටයේ කතාව දැන් පොඩ්ඩක් පැත්තකින් තියල මේ චිත්‍රපටය ගැන තව පොඩ්ඩක් කතා කරන්නම්.FBI හරහා මේ යොදවපු ඔත්තුකාරයා ඒ කියන්නෙ බිල් ඕ’නීල් මහතාත් “අයිස් ඔන් ද ප්‍රයිස්” වැඩසටහනට සහභාගි වෙලා තියෙනවා.ඉතින් එයා කියපු ගොඩක් දේවලින් තමයි මේ කතාව නිර්මාණය වෙලා තියෙන්නෙ.තව මේ චිත්‍රපටයට හරියටම ගැලපෙන නළු නිළියන් යොදාගෙන තිබීම කැපීපෙනෙන කරුණක්.පහල ඡායාරූපයෙන් දැක්වෙන්නෙ ඒ නළු නිළියන්ගේ ඡායාරූපයි.

මේ චිත්‍රපටයට IMDB දර්ශකයේ 7.7 ක අගයකුත් කුණු තක්කාලි දර්ශකයේ 96% ක අගයකුත් ලැබිලා තියෙනවා.මේ චිත්‍රපටය බෙදා හැරීමෙන් දායකත්වය දීල තියෙන්නෙ Warner Bros ආයතනය විසින්.මේ චිත්‍රපටය වඩාත් හිතට දැනෙන ආකාරයට ඒ කියන්නෙ අතීතයට ගිහින් ඒ සිදුවීම් ඒ විදියටම දැකගැනීමට අවස්ථාව ලැබෙන්නෙ මේ නළු නිළියන්ගෙ රංගන කුසලතාවය නිසා කියලයි මං නම් කියන්නෙ.ඒ තරමට රංගනය සුපිරි.😊 ඉතින් ඒ හේතුන් නිසාම මෙහි රංගනයෙන් දායකත්වය ලබාදෙන Daniel Kaluuya හොදම සහය නළුවාගේ සම්මානයට Golden Globes සහ Screen Actor Guild Awards සම්මාන උළෙලවල් වලදී නිර්දේශ වී තිබෙනවා.

චිත්‍රපටය බලද්දි මේ දේවල් මතක තියාගන්න.

මේ චිත්‍රපටය ඉතින් 1960 වර්ෂයේ සිදු වූ කතාවක් ඇසුරෙන් නිර්මාණය වෙච්ච එකක්.ඉතින් භාෂා භාවිතය පොඩ්ඩක් වෙනස්.ඒ කියන්නෙ සත්තුන්ගෙ නම් වලින් ඇතැම් පුද්ගලයින්ට කතා කරල තියෙන්නෙ.ඒ නම් මං සිංහලට හරවන්න ගියෙ නෑ.ඒවා හැරෙව්වනම් තනිකරම කතාවේ අර්ථයට හානි වෙන නිසා තමයි එහෙම කළේ නැත්තෙ.ඒ නිසා ඒ වචන මං ඒ විදියටම යොදල තියෙන්නෙ.

  • රැට් – ඔත්තුකාරයා
  • ෆෙඩ් – FBI නිලධාරියා
  • පිග් – පොලිස් නිලධාරියා

මම විප්ලවකාරයෙක්!
මම මැරෙන්නෙ මිනිස්සු වෙනුවෙන්!
උබල ඒක හොදට මතක තියාගනිල්ලා!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR / WEBRip පිටපත් සඳහා අදාළ වේ.

4,320 downloadsDownload Judas-and-the-Black-Messiah-2021.zip109 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සංජන චමෝද් වික්‍රමරත්න

Subtitles

4,320 downloadsDownload Subtitles109 KB

33 comments

  1. Anonymous

    sthuthiy

  2. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  3. THE NEW FOLDER

    sub file eka nehene

  4. Lahiru

    Thanks for the sub. I am waiting for this. Good luck

  5. නිමේෂ් කාවින්ද සිල්වා .

    මේ චිත්‍රපටයේ හොද පිටපත් නිකුත් වෙනකම් බලාගෙන හිටියේ . මේ චිත්‍රපටය සදහා නිවැරදි , ගුණාත්මක සිංහල උපසිරැසියක් ලබා දුන්නාට ගොඩාක් ස්තුතියි !!!!

  6. MAALNATH

    Thanks ...........good luck ..............

  7. Anoj

    sub file 1 na

  8. එල්.සී. දමැල්

    උපසිරස ගොනුව තුළ තිබූ දෝශය නිවැරදි කරන ලදි.

    1. THE NEW FOLDER

      THANKS BROTHER
      GOD BLESS YOU

  9. Shamal manojan

    Coming 2 America - 2021 ෆිල්ම් එකට සබ් දෙන්නකෝ.

  10. Udaya Fdo

    THANK YOU MALLI

  11. Madushan

    thanks bro

  12. Amaya

    "the craft legacy" film eke subtitle dennako plzzz

  13. Nilush Angana

    Sub ekata thanx

  14. indika75

    thanks..

  15. කවිඳු ජයවර්ධන

    මේ පාර oscar 5 කට nominate වෙලා තියෙනවා.හොඳ ෆිලුමක් වගේ.සිංහල උපසිරැසියට ස්තුතියි සහෝ..ඔබට ජය..!!!

  16. Shaggy

    බොහොම ස්තූතියි

  17. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  18. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  19. Bandara

    Thanks Sanjana Bro..

  20. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request:
    Come True (2020)
    Coming 2 America (2021)
    Yes Day (2021)
    The Vault (Way Down) (2021)

  21. Anonymous

    Justice league -2021 sub denna plz

  22. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    Silence 2016 ෆිල්ම් එකටත් උපසිරැසි දෙන්න පුලුවන්ද?

  23. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  24. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  25. Jagath55

    Thanks

  26. MAALNATH

    Thanks .............good luck ...............

  27. ප්‍රියංවදා මදුෂානි

    . (
    \
    ) /\ /\
    ##―――-> ( I LOVE )
    ) \YOU /
    / \ /
    ( \/

  28. Dilanka

    Thank you sub walata

  29. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. sasanka sathyajith

    Thanks for the sub

  31. Bruce

    Thanks sub ekata,. Jayawewa

  32. Anonymous

    Thank you