ආයුබෝවන්, සුබ දවසක් වේවා බයිස්කෝප් අඩවියේ සියළු දෙනාටම. සිංහල උපසිරසි මහගෙදර දොලොස්වන සංවත්සරයට මගේ සුබ පැතුම් එක්කරන ගමන්ම තවත් සිංහල උපසිරසියක් අරගෙන ආවා. The Tree of Life (2011) 1950 දශකයේ ටෙක්සාස් වල ජීවත් වුන මැදිවියේ මිනිසෙකුගේ ළමා කාලය පිළිබද මතකයන් මගින් චිත්‍රපටයේ ආරම්භය හා තේරුම විස්තර කර…

ආයුබෝවන්, සුබ දවසක් වේවා බයිස්කෝප් අඩවියේ සියළු දෙනාටම. සිංහල උපසිරසි මහගෙදර දොලොස්වන සංවත්සරයට මගේ සුබ පැතුම් එක්කරන ගමන්ම තවත් සිංහල උපසිරසියක් අරගෙන ආවා.
The Tree of Life (2011) 1950 දශකයේ ටෙක්සාස් වල ජීවත් වුන මැදිවියේ මිනිසෙකුගේ ළමා කාලය පිළිබද මතකයන් මගින් චිත්‍රපටයේ ආරම්භය හා තේරුම විස්තර කරනවා. විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග මගින් විශ්වයේ මූලාරම්භය, පෘථිවියේ ආරම්භය වගේම සත්ව, මිනිස් ජීවයේ ආරම්භය පෙන්නනවා. චිත්‍රපටය පටන් ගන්නේ ඕබ්‍රයන් පවුලේ පුතෙක් වන R.L. ගේ මරණය පිළිබඳව දැනුම් දීමකිනි. දකුණු ඇමරිකාවේ ජීවත්වන ඕබ්‍රයන් තරුණ යුවලට පුතනුවන් තිදෙනෙකි. මව මේ පුතනුවන් තිදෙනාට සොබාදහමත් කරුණාවත් මුල්කරගෙන ජීවිතයේ පාඩම කියා දෙද්දී දූෂිත, සූරාකෑමක් විදිහට තමන් දකින ලෝකයට තම පුතාලා තිදෙනා ලෑස්ත කරන්නට යන පියා කෝපයට පත් වන අතර තම වැඩිමහළු පුතු ජැක් අරගල කරන්නට සැරසේ. ලෝකයේ ආරම්භයත්, පැවැත්මත්, පවුලේ පිය පුතු මව ගැටුමත් පර්යේෂනාත්මක සිනමා නිර්මාණයක් ලෙස මෙම චිත්‍රපටයෙන් දිග හැරේ.
Terrence Malick විසින් රචනා කර අධ්‍යක්ෂණය කල මෙම පර්යේෂණ චිත්‍රපටය සඳහා රංගනයෙන් Brad Pitt, Sean Penn, Hunter McCracken, Laramie Eppler, Jessica Chastain සහ Tye Sheridan යන අය දායක වේ. නිෂ්පාදනය Sarah Green, Bill Pohlad, Brad Pitt, Dede Gardner සහ Grant Hill විසිනි. වසර ගණනාවක් පුරා නිෂ්පාදනයෙන් හා තිරගත වීමට සැලසුම් කල 2009 සහ 2010 වසරේ දින මගහැරී ගිය පසු 2011 මැයි 16 වන දින මෙම චිත්‍රපටය කෑන්ස් සිනමා උළලේදී ප්‍රදර්ශණය කර ඇත. ඉන්පසු එම වසරේම මැයි 27 වන දින තිරගතවීම ආරම්භ කෙරුණි. විනාඩි 139ක් පුරා දිවෙන මෙම චිත්‍රපටයේ නිෂෟපාදන පිරිවැය ඇ.ඩොලර් මිලියන 32ක් වන අතර බොක්ස් ඔෆීස් ආදායම ඇ.ඩොලර් මිලියන 61.7කි.
2011 වසරේ හොඳම චිත්‍රපට දහයේ ලැයිස්තුවට මෙම චිත්‍රපටය ඇතුලත් වූ අතර අංක එකේ සථානයට පත්විය. විචාරකයින් 177 දෙනෙකුගෙන් යුත් BBC මත විමසුමකදී 2000 වසරෙන් පසු නිකුත් වූ ශ්‍රේෂ්ඨතම 7 වන චිත්‍රපටය ලෙස නම් කෙරුණි. 84 වන ඇකඩමි සම්මාන උළලේදී මෙම චිත්‍රපටය සඳහා හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම සිනමා නිර්මාණය වෙනුවෙන් ඇකඩමි සම්මාන සඳහා නම් කර ඇත. තවද මෙම චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 6.8ක්, Rotten Tomatoes 84% ක අගයක් ලැබී ඇත. Google පරිශීලිකයින්ගෙන් 71%ක කැමැත්ත මෙම චිත්‍රපටයට ලැබී ඇත.
එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුබ දවසක් වේවා…
~ ජය වේවා ~

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR සහ Extended පිටපත් සඳහා අදාළ වේ.
2,840 downloadsDownload The-Tree-of-Life-2011-Extended-Cut-Update.zip51 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
27 comments
නිරෝෂ්
Shamal manojan
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
තව Mummy ෆිල්ම් එකක් තියෙනවා නේද?
The Mummy's Revenge - 1975
ඒ වගේම සහෝ ඔබ විසින් Mummy චිත්‍රපට පෙලම පිලිවලින් දුන් නිසා බයිස්කෝප් අඩවියෙන් මෙතෙක් ලබා නොදුන් Dracula චිත්‍රපට ඔබට කාලය ඇති අයුරින් උපසිරැසි ලබා දෙන ලෙසට මා යෝජනා කරමි.
Dracula - 1931
Dracula's Daughter - 1936
Son of Dracula - 1943
Blood of Dracula's Castle - 1969
Countes Dracula - 1971
Lake of Dracula - 1971
Daughter of Dracula - 1972
Dracula - 1974
Blood of Dracula - 1974
In Search of Dracula - 1974
Old Dracula - 1974
Dracula's Dog - 1977
Dracula - 1979
The Vampire Lovers - 1970
An American Werewolf in London - 1981
The Lost Boys - 1987
Vampire's Kiss - 1988
Vampire in Brooklyn - 1995කවිඳු ජයවර්ධන
ලිපියේ විදිහටනම් හොඳ ෆිලුමක් වගේ.පවුලක කතාවක්නම් බලන්නම ඕනෙ..සිංහල සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ..ඔබට ජය!!!
Anonymous
bohoma sthuthiy
Priyantha Dayakeerthi
රොෂාන් සමීර ජයසිංහ සොයුර,
ඔබේ මෙම සිංහල උපසිරසියටත් ස්තුතියි, බලන්න සබ් එක ඩවුන්ලෝඩ් කළා. ස්තුතියි ඔබේ වෙහෙසට!!!Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ Primal Fear, K-Pax ෆිල්ම් දෙකටත් සබ් දෙන්න පුලුවන්ද
Subhash
බොහෝම ස්තූතියි , මේකෙ Extended එකටද මේ දීල තියෙන්නෙ
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!indika75
thanks..
Bandara
Thanks Roshan
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Request:
Come True (2020)
Coming 2 America (2021)
Yes Day (2021)
The Vault (Way Down) (2021)Shaggy
බොහොම ස්තූතියි
Pramukmili
Thanx bro....................
Amila Wickramasinghe
Thank you.
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
මේක හරිම වෙනස් විදියේ සම්මානනීය සිනමා නිර්මාණයක්. ඒ වගේම ටෙරන්ස් මලික්ගෙ හොදම එක හැටියට සැලකෙන්නෙත් මේ සිනමා සිත්තමයි. මේ ෆිල්ම් එකට සබ් එකක් කරල තියෙනව දැක්කාම හිතට මුලින්ම සතුටක් වගේම දුකකුත් ඇති උනා. සතුටු හිතුනේ මේ වගේ සම්මාන නිර්මාණ රසවිඳින්නන් වගේම ඒවට සබ් කරන්නන් තවමත් ඉතිරි වෙලා ඉන්න නිසයි. දුකක් දැනුනේ මේකට මට සබ් එකක් කරන්න බැරි උන එකටයි. මම හුග කාලයක් තිස්සේ ආසාවෙන් හිටියා මේ ෆිල්ම් එකට සබ් එකක් කරන්න. කාර්යබහුල ජීවිතෙත් එක්ක සබ් කරනව තියා ෆිල්ම් එකක් බලන්නවත් වෙලාවක් නැති උනත් තවමත් ඉඩක් ලැබෙන වෙලාවට ඇවිත් බලලා කමෙන්ට් එකක් දාල යන්නෙ තවමත් හිතේ තියෙන ඒ තියෙන ආසාවටමයි.මම සහෝගෙන් පුංචි ඉල්ලීමක් කරන්නම්,
සහෝ මේ සිනමා සිත්තමේ Extended Cut වර්ශන් එකක් රිලීස් උනා 2018දී. මම සබ් එක කරන එක පස්සට දදා හිටියෙත් ඔය එක්ස්ටෙන්ඩඩ් කොපිය රිලීස් වෙනකල්මයි. මොකද මේ සිනමා සිත්තමේ සමහර තේරුම් ගන්න, ගලපගන්න අපහසු උන තැන් ලිහා ගන්න උදව් වෙන කොටස් වගේම සිනමා සිත්තමේ රසය වැඩි කරන්න උපකාරීවෙන ඇතැම් රූප රාමු වල වෙනස්කම් පවා අලුතින්ම ටෙරන්ස් මලික් අධ්‍යක්ෂකතුමා එක්ස්ටෙන්ඩඩ් කට් වර්ශන් එකට ඇතුලත් කරල තියෙනවා. කෙටියෙන්ම කිව්වොත් තවත් වැඩිපුර මිනිත්තු 49ක්ම 2011 අවුරුද්දෙදි නිකුත් උන පිටපතට වඩා වැඩියි. ඒ නිසා පුලුවන් කමක් තියෙනව නං එක්ස්ටෙන්ඩට් කට් කොපියටත් හරියන්න අලුත් ලයින් ටික ඇඩ් කරලා සබ් එකක් දෙන්න සහෝ...
මොකද මේ සිනමා සිත්තම අලුතින්ම රසවිදින කෙනෙක්ට 2011දී නිකුත් උන කොපියට වඩා 2018දී රිලීස් උන එක්ස්ටෙන්ඩඩ් කොපිය රසවිදින එක වටීවි...සහෝ පුලුවන්නම් hasitha ඩොට් m ඩොට් sky ඇට් ජී මේල් ඩොට් කොම් හරහා මාව සම්බන්ධ කර ගන්න, මම සහෝගේ උපසිරැසි වගේම තෝරාගැනීම් ඉහලින්ම අගය කරන්නෙක්...
ඔබට ජය...!හසිත මධුෂාන්
සබ් එක අප්ටඩේට් කරපු එකට බොහොම ස්තූතියි සහෝ....!
Jagath55
Thanks
tharindu gunarathna
extended cut sub plz
tharindu gunarathna
thank you
ශාමල් මනෝජන්
Extended Cut එකේ විනාඩි 49 ක් වැඩියි නම් හසිත මදුෂාන් සහෝ කියන්නා වගේ ඒකට සබ් එක Update කරානම් හොදයි නේද රොෂාන් ශමීර සහෝ.
රොෂාන් ශමීර ජයසිංහ
ඉතාමත් ළඟදීම ඒකටත් සබ් දෙනවා ශාමල් සහෝ...
MAALNATH
Thanks. .................good luck. .................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for sub!
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට
Advertisement
ස්තුතියි රොෂාන් සහෝ.මේක කලිනුත් ඉහළින්ම රසවිඳපු චිත්‍රපටියක්.සිංහල සබ් එක්කත් බලන්න ආසාවෙන් හිටියෙ.ජය වේවා!