“හැමවෙලේම මාව ආරක්ෂා කරනවට ඔයාට ස්තූතියි. මාත් එක්ක ආදරෙන් බැඳුනට ඔයාට ස්තූතියි. අන්තිම පාරට ඔයාගෙ බලය මට දෙන්න පුලුවන්ද? මෙතන ඉඳන්, අපි ඇත්තටම සදහටම එකට ඉමු” ශ්‍රී ලාංකික ඇනිමෙ රසික රසිකාවියන් හැමෝටම කොන්නිචිවා කියන ගමන්ම, ඇනිමෙ රසික රසිකාවියො හැමෝම ඇඟිලි ගැන ගැන බලන් හිටපු… කොටින්ම කිව්වොත් හොඳ ව…

“හැමවෙලේම මාව ආරක්ෂා කරනවට ඔයාට ස්තූතියි.
මාත් එක්ක ආදරෙන් බැඳුනට ඔයාට ස්තූතියි.
අන්තිම පාරට ඔයාගෙ බලය මට දෙන්න පුලුවන්ද?
මෙතන ඉඳන්, අපි ඇත්තටම සදහටම එකට ඉමු”

ශ්‍රී ලාංකික ඇනිමෙ රසික රසිකාවියන් හැමෝටම කොන්නිචිවා කියන ගමන්ම, ඇනිමෙ රසික රසිකාවියො හැමෝම ඇඟිලි ගැන ගැන බලන් හිටපු… කොටින්ම කිව්වොත් හොඳ වීඩියෝ පිටපතක් එනකල් ඇඟිලි ගැන ගැන බලන් හිටපු ඇනිමෙ චිත්‍රපටයකට සිංහල උපසිරැසියත් එක්ක මගේ 10 වෙනි උපසිරැසි නිර්මාණය අරගෙනයි මම ආවේ. මේක මෑතක් වෙනකල් ම ඇනිමෙ Box Office එකට ලොකු බලපෑමක් කරන්න සමත් වුනු චිත්‍රපටයක් කියල කිව්වොත් හරියටම හරි. ඉතින් මේ චිත්‍රපටයේ ඩිජිටල් පිටපත් 2022 සැප්තැම්බර් මාසයෙදි නිකුත් වෙනවා කියල තොරතුරු පිටවුනු දවසෙ ඉඳල Anime Community එකේ හැමෝම ඇඟිලි ගනිමින් බලන් හිටිය කියන එක රහසක් නෙමෙයි. ඒ වගේම මේ චිත්‍රපටය Fight ඕනි අයට Fight තියෙන, Animation ඕනි අයට Animation තියෙන, Music ඕනි අයට Music තියෙන හරිම ලස්සන චිත්‍රපටයක්.

2022 දෙසැම්බර් 24 වන දා ජපානයේ තිරගතවීම ආරම්භ වුනු 0 චිත්‍රපටය දර්ශකයේ 7.9 ක අගයක් සහ දර්ශකයේ 8.51 ක අගයක් ලබා ගෙන Top Anime ලැයිස්තුවේ 112 වන ස්ථානය ලබා ගෙන තිබෙනවා.,,, යන Genre වලට අයත් වෙන මේ චිත්‍රපටය R-17+ යටතේ Rating වෙලා තිබෙනවා.පැය 1 මිනිත්තු 45 ක ධාවන කාලයක් පුරා දිව යන මේ චිත්‍රපටය, Source එක වශයෙන් Gege Akutami ගේ Jujutsu Kaisen 0 Manga එක යොදා ගෙන ඇනිමේෂන් නිෂ්පාදන කටයුතු කළේ වර්තමාන ඇනිමෙ ලෝකය හොල්ලපු,දැනටමත් හොල්ලමින් ඉන්න,ඉස්සරහටත් හොල්ලන්න ඇනිමෙ ස්ටූඩියෝ වලින් එකක් වෙන එක විසිනුයි.ඉතින් කොහොමත් ඔයාට ඔයාගෙ ඇස් අහකට ගන්න හිතෙන්නෙ නැති ඇනිමේෂන් තමයි බලාගන්න ලැබෙන්නෙ.ඒ නිසා ඇනිමේෂන් ගැන නම් ඔයාට කිසි සැකයක් මතු වෙන්නෙ නෑ.’

ඒ වගේම චිත්‍රපටයේ Music ගැනත් අනිවාර්යයෙන්ම කියන්න ඕනි. චිත්‍රපටයේ OP එක වෙන ‘Ichizu’ හා ED එක වෙන ‘Sakayume’ යන ගීත දෙකම ගායනා කරන්නේ King Gnu සංගීත කණ්ඩායම විසිනුයි. ඒ නිසා මේ ගීත දෙකම ඒවාටම අනන්‍ය වුනු නාද රටා සමඟින් ඔයාට හරිම ලස්සන සංගීත රසයක් ලබා දෙන බවටත් කිසිම සැකයක් නෑ. ඉතින් ඔයාගෙ ශ්‍රව්‍ය දෘශ්‍ය කියන රසයන් දෙකම අඩුවක් නැතුව මේ චිත්‍රපටයෙන් ලබාදෙනවා කියන එක සහතික වෙන්න පුලුවන් දෙයක්.

ඒ වගේම මේ චිත්‍රපටය ඇනිමෙ ලෝකයේ ආදායම් වාර්තා තියන්න සමත් වුනු චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි. ඩිජිටල් පිටපත් නිකුත් වන මොහොත වෙන විට චිත්‍රපටය :-

  • 2021 දෙසැම්බර් 24 වන දා ජපානයේ ප්‍රදර්ශනය ආරම්භ වූ අතර එහි පළමු දින තුන තුළ ජපන් යෙන් බිලියන 2.694 ($ 23.5) උපයා තිබෙනවා. මෙම චිත්‍රපටය 2021 සිට ජපන් බොක්ස් ඔෆිස් හි වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය වන අතර, 2022 අප්‍රේල් වන විට, චිත්‍රපටය ජපන් යෙන් බිලියන 13.5 ($105.3) උපයාගෙන ඇති අතර, එය ජපන් බොක්ස් ඔෆිස් ඉතිහාසයේ ඉහළම ආදායමක් උපයාගත් 15 වැනි චිත්‍රපටය වෙනවා.
  • එක්සත් ජනපදයේ මාර්තු 18 වැනි දින ප්‍රදර්ශනය ආරම්භ කරන ලද අතර අප්‍රේල් 3 වන විට එක්සත් ජනපදයේ ඇමරිකානු ඩොලර් මිලියන 29 කට අධික සමුච්චිත ආදායම් එකතුවක් උපයා තිබෙනවා.
  • ඇමෙරිකානු ඩොලර් මිලියන 31.4 ක ඇස්තමේන්තුගත ඉපැයීම් සහිත ඇමෙරිකාවෙහි මෙතෙක් වැඩිම ආදායමක් ඉපැයූ සජීවිකරණ චිත්‍රපට අතරින් 4 වන ස්ථානය ලබා ගන්නවා.
  • දැනට ලොව පුරා 7 වන ඉහළම ආදායමක් උපයා ගත් ඇනිමෙ චිත්‍රපටය වෙනවා.
  • 45 වන Japan Academy Film Prize හි “Animation of the Year” යන කැටගරිය යටතේ nomination ලබා තිබෙනවා.

තව පුංචි දෙයක් සඳහන් කරල ඉන්න ඕනි.2020 වසරේදී Jujutsu Kaisen පළමු ඇනිමෙ කතාමාලාව නිකුත් වුනා.Jujutsu Kaisen 0 කියල කියන්නෙ මේ කතා මාලාවේ Prequel චිත්‍රපටයයි.ඒ කියන්නෙ කතා මාලාවට කලින් වුනු සිදුවීමක් තමයි මේ චිත්‍රපටයේ කතා වස්තුව විදිහට අරන් එන්නේ.ඉතින් මේ චිත්‍රපටය නරඹන්න කලින් කතා මාලාව නරඹා තිබීම අත්‍යවශ්‍ය කාරණාවක් වෙන්නෙ නෑ.අවශ්‍ය කෙනෙක්ට මේ චිත්‍රපටය නැරඹීමෙන් පසුව කතා මාලාව සිංහල උපසිරැසිත් එක්ක නැරඹීමේ හැකියාව තියෙනවා.කතා මාලාවට දායක වුනු නිෂ්පාදකවරුන් වගේම හඬ කැවීම් ශිල්පීනුත් මේ චිත්‍රපටය සඳහාත් දායක වෙනවා.

දැන් මම ඔයාට කතාවට පොඩි ආරම්භයක් අරන් දෙන්නම්.ඔක්කොට්සු යූතා කියන පිරිමි ළමයයි ඔරිමොතෝ රිකා කියන ගැහැණු ළමයයි පොඩි කාලෙ ඉඳලම හොඳම යාළුවෝ දෙන්නෙක්. මේ යාළුකම යාළුකමකින් එහාට ගෙනියන්න මේ දෙන්නට පුලුවන් වෙනවා. ඉතින් මේ අතරෙදි රිකා නොසිතූ විදිහට මැරෙනවා. හැබැයි රිකා මැරෙනවට යූතා කොහොමවත්ම කැමති වුනේ නෑ. ඒ නිසා රිකා ආපහු යූතා ළඟට ආවා.හැබැයි ඒ යූතා දන්න රිකා විදිහට නම් නෙමෙයි. මේ නිසා යූතාගෙ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. කොටින්ම වෙන කෙනෙක්ට යූතාට ළං වෙන්නවත් බැරි තත්වයක් උදා වෙනවා. මේ තත්වයට උදව් කරන්න මැදිහත් වෙන්නෙ ජුජුට්සු හයි කියන මන්තර සමාජයේ මන්තරකාරයෙක් වෙන ගෝජෝ සතෝරුයි. ඒ අතරෙ මේ යූතාට වෙච්චි දෙයින් වාසි ගන්න බලන් ඉන්න තවත් මන්තරකාරයෙක් ඉන්නවා.

මේ වාසි ගන්න බලන් ඉන්න මන්තරකාරයා කවුද? යූතාට උදව් කරන්න එන ගෝජෝ සතෝරු කියන්නෙ කවුද? ජුජුට්සු හයි කියන්නෙ මොකක්ද? මැරුනු රිකා වෙනුවට යූතා ළඟට ආවෙ කවුද? යූතාගෙ රහස මොකක්ද? යූතාගෙ ජීවිතය සාමාන්‍ය අතට හරවන්න පුලුවන් වෙයිද? මේ දේවල් දැන ගන්න නම්, ත්‍රාසයෙන්,භීතියෙන් වගේම උපහාසයෙන් කැටි වුනු මේ අපූරු චිත්‍රපටය ඔයාට නරඹන්නම වෙනවා.

ආදරය මොන වගේද? ආදරයට පුලුවන් මිතුරන් සතුරන් කරන්න.ආදරයට පුලුවන් මිතුරන් ආදරවන්තයන් කරන්න. ආදරයට පුලුවන් රාක්ෂයන් මනුස්සයන් කරන්න. ආදරයට පුලුවන් අන්ධකාර ජීවිතයක් ආලෝකමත් ජීවිතයක් කරන්න. ආදරයට පුලුවන් ලෝකයක් වෙනස් කරන්න… ආදරය කියන ශාපය අභිභවා යන්න වෙන කිසිම බලවත් ශාපයකට බැහැයි කියන කාරණාව පෙන්වන කතාවක් තමයි මේ චිත්‍රපටය. ඉතින් මේ චිත්‍රපටයේ උපසිරැසිය බාගෙන යන ගමන් ඔයාගෙ අදහස් වගේම ගුණ දොස් කියාගෙන යන්නත් අමතක කරන්න එපා. මේ වගේම තවත් ඇනිමෙ උපසිරැසියකින් හමුවෙන කල් හැමෝටම සුභ වේවා! ජය වේවා!

“‘ .”
– ආදරය තරම් විකෘති ශාපයක් නැත. –

 

ලංකන් weebs උපසිරැසි කණ්ඩායම වෙනුවෙන්:- හසරංග නදීෂ.

 

 

 

 

 

  Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසියෙ Blu-Ray පිටපත සදහා අදාළ වේ.

9,180 downloadsDownload JK-ZERO-The-Movie-2021.zip53 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ලංකන් Weebs

Subtitles

9,180 downloadsDownload Subtitles53 KB

26 comments

  1. Sanidu Shalith

    Thanks Sub එකට❤️‍ගැම්මක්♥දිගටම කරන් යමූ❤

    1. ලංකන් weebs

      බොහොම ස්තූතියි සහෝදරයා

  2. Amila Dananjaya

    good job.

  3. Madhawa Maduwantha

    දිගටම ඇනිමෙ වලට සබ් කරන්න.. ජයවේවා..❤️

    1. ලංකන් weebs

      අනිවාර්යයෙන්ම.බොහොම ස්තූතියි

  4. Anonymous

    Thanks

  5. Anonymous

    World Trigger වලටත් subtitles dennko

  6. AKEESHA

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

    1. ලංකන් weebs

      බොහොම ස්තූතියි.

  7. Adeesha

    Ammo thanx

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  9. viraj preethi

    Thanks you sub ekata

  10. Kantha_DLA

    ……ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  11. සංජන චමෝද්

    පට්ට ආ!
    ආසාවෙන් බලන සීරිස් එකක්, ෆිලුම එනකන් ගොඩක් කල් බලන් ඉදිය.
    සාමාන්‍යයෙන් anime ඔන්ලයින්ම බැලෙන නිසා සබ් එක්ක නම් බැලෙන්නෙ නෑ, ඒත් ලංකාවෙ anime වලට තියෙන ආසාව කට්ටිය අතරෙ තවත් වැඩි කරවන්න මේ කරන වැඩේ ගොඩක් හොද දෙයක් 🤗
    ඉස්සරහටත් දිගටම වැඩේ කරගෙන යමු Lankan weebs සෙට් එක. 129322; ජය වේවා!
    Spy X Family එකටත් සබ් දෙමු නේද? 129322;

    1. ලංකන් weebs

      බොහොම ස්තූතියි.ඔයාගෙ අදහස් අපිට ලොකු හයියක්
      Spy x Family Part 1 සබ් දීලයි තියෙන්නෙ.ලංකන් weebs fb page එක චෙක් කරන්න.

    2. Loid Forger

      Ikmananta part 2 denawada asawen balana ekak part 2 oyala denakan balagena inne

  12. Buddhika laKMal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

    1. ලංකන් weebs

      බොහොම ස්තූතියි.

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  14. Dulshan

    The Expanse sub ones

  15. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  16. ලංකන් weebs

    හැමෝටම ගොඩක් ස්තූතියි.❤️

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. ලංකන් weebs

      බොහොම ස්තූතියි අයියෙ.❤️

  18. Malidu

    Jujutsu kaisen season 2 ekatath puluwannam sub denna

  19. Anonymous

    Thank you