Watch Trailer

Liger (2022) Sinhala Subtitles | ලයිගර්. [සිංහල උපසිරසි]

ආයුබෝවේවා! සෑහෙන කාලෙකින් චිත්‍රපටියකට සිංහල උපසිරැසියක් අරන් එන්න හැකියාව ලැබුණා. ටික දවසක් ගතවුනාට සමාවෙන්න ඕන. Puri Jagannadh කිවුවාම නොදන්න කෙනෙක් නැතුව ඇති කියලා හිතනවා. ඉතින් එතුමා අධ්‍යක්ෂණය කරපු ෆිල්ම් එකක් නිසා පුල පුලා බලා සිටියා වුනත් සිතූ තරම් සාර්ථකත්වයක් නොලබපු, ආදායම් අතින් වියදම තරම…

ආයුබෝවේවා! සෑහෙන කාලෙකින් චිත්‍රපටියකට සිංහල උපසිරැසියක් අරන් එන්න හැකියාව ලැබුණා. ටික දවසක් ගතවුනාට සමාවෙන්න ඕන. Puri Jagannadh කිවුවාම නොදන්න කෙනෙක් නැතුව ඇති කියලා හිතනවා. ඉතින් එතුමා අධ්‍යක්ෂණය කරපු ෆිල්ම් එකක් නිසා පුල පුලා බලා සිටියා වුනත් සිතූ තරම් සාර්ථකත්වයක් නොලබපු, ආදායම් අතින් වියදම තරම් අහලකටවත් එන්න බැරිවුන ෆිල්ම් එකක් කියලා මුලින්ම කියන්න ඕන. හැබැයි සමාජ මාධ්‍යවල පැතිර ගිය තරම් බලන්න බැරි මට්ටමේ ෆිල්ම් එකක් නොවන බවත් කියන්න ඕන. අනික විජේ දේවරකොන්ඩාගේ රසිකයෝ මේක නොබලා කොහොමද?

Action, Drama, Romance, Sport කියන කාණ්ඩ වලට අයිති මෙම චිත්‍රපටය විජේ දේවරකොන්ඩාගේ රසිකයන් මහත් බලාපොරොත්තු තියාගෙන හිටපු චිත්‍රපටයක්. Vijay Deverakonda, Ananya Panday, Ramya Krishna සහ Ronit Roy ප්‍රධාන චරිත වලට පණ පොවන මේ චිත්‍රපටිය හින්දි හා තෙලුගු බසින් 2022 August 25 වෙනිදා සිනමා ශාලා සඳහා නිකුත් කෙරුණා. තවද සුපිරි බොක්සිං ශූර Mike Tyson ද වැදගත් චරිතයක් සඳහා රංගණයෙන් දායකත්වය ලබා දෙනවා. නමුත් වියදමවත් ආවරණය කරගන්න බැරි මට්ටමක් තමයි දැනට තියෙන ඇස්තමේන්තු වලින් පෙන්නුම් කරන්නේ. ඉතින් වැඩි කතා නැතුව කතාව ගැන ටිකක් දැනගමු.

ලයිගර් කියන්නේ මුම්බායිවල තේ කරත්තයක් කරන කොල්ලෙක්. තාත්තා නැති මොහුව මිශ්‍ර මාෂල් ආට් ශූරතාවලිය කරා අරන් යන එක තමයි ලයිගර්ගේ අම්මාගේ එකම අරමුණ වෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් තමයි මේ දෙන්නාම සියලු කැප කිරීම් කරන්නේ. ඉතින් ලයිගර්ගේ අම්මා ලයිගර් මුම්බායි වලට එක්කගෙන ඇවිත් ගුරුවරයෙක්ට භාර දෙනවා. මුලින් ගුරුවරයා ප්‍රතික්ශේප කළත් පසුව මාෂල් ආට් උගන්වන්න කැමති වෙනවා. එත් ඉතින් කෙල්ලෙක් නිසා නොසිතපු බාධා වලට මූණ දෙන්න ලයිගර්ට සිද්ධ වෙනවා. ඉතින් කරදර බාධක මැදින් ලයිගර්ට එයාගේ අම්මාගේ ආශාව ඉටු කරන්න හැකියාව ලැබෙයිද කියලා චිත්‍රපටිය නරඹලාම බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

ඔබට ජයෙන් ජය…!!!

 

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පිටුව
බයිස්කෝප් සිංහලනේ නිල ෆේස්බුක් එකමුතුව

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HQ HD පිටපත් සඳහා  අදාළ වේ.

45,725 downloadsDownload Liger-2022.zip56 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-22
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

45,725 downloadsDownload Subtitles56 KB

35 comments

  1. මයුර

    මුන් මෙච්චර කාලයක් මහන්සි උනේ මේක හදන්නද කියලා හිතුනා. එනිවේ සබට තුති මචෝ..

  2. යුරාන් ධනුක (දනුවා)

    ම්ම්ම්.... දේවරකොන්ඩගේ ෆිලුමක්නම් ශශිත් සහෝ තමයි
    බොහෝම තුති

  3. Pasindu Madumal

    ලයිගර් බලමුකෝ ♥️
    සබට තුති අයියේ

  4. Bimsara Yashan(ඔලිව)

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ. සබ දෙනකල් හිටියෙ බලන්න. ජයවේවා!

  5. Kushan

    Sub akta thanks

  6. Rashi Iddamalgoda

    Sub ta thanks bro.. film එක නම් වැඩක් නැ...

  7. Naveen

    උපසිරසියට තුති

  8. lakmal

    bullet train sub denna

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  10. Lakindu R

    දරා කියන කොල්ලගේ සබ අයින් කරලා නේද?
    අර නම කිව්ව සයිට් එකේ අය අවශ්‍ය දේ කරගෙන

  11. Naveen Mbr

    කාලෙකින් එහෙනම්. බොබොහොම ස්තූතියි ශශිත් සහෝදරයා!වෙලාව කැප කරගෙන උපසිරැසිය දුන්නට.

  12. Samith

    Thanks brother

  13. Lakindu R

    අඩේ තෙලිඟු දන්න කොල්ලෙක් නේද?
    සඳේ උඹ කොහෙද හැංගිලා හිටියේ
    Liger හරිම සබ බයිස්කෝප් දුන්නේ ඈ එහෙනම්..

  14. Redrux

    Thnkz bro

  15. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  16. dulan

    ස්තුතියි !

  17. Idunil Weerasinghe

    Thanks brother

  18. Anonymous

    තෑම්ක්ස් බොම්ක❤️

  19. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  20. Manoj

    සිංහල උපසිරසියට ස්තුතියි

  21. chathuranga

    sub wada na nada..

    1. Anonymous

      Vada

  22. Eranda

    Thanks brother

  23. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  24. Anonymous

    Thanks for sub

  25. Buddhika laKMal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  26. Anonymous

    තැන්ක්ස් පුතී

  27. නල්ලා

    Karthikeya 2 සබ් දෙන්නකෝ සදේ

  28. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  29. user

    good

    1. sarath kumarasinghe

      Thank you so much...

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. jack

    මේක බලන්නම හිතාගන හිටපු ෆිල්ම් එකක් දැන් සබ තියන නිසා හොදට බලන්න පුළුවන් තමන්ගේ වටිනා කාලය කැප කරමින් අපි හැමෝම වෙනුවෙන් කරන මේ සේවය ඉතා උසස්

  32. Anonymous

    thanks saho

  33. Janithadilan

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.