ආයුබෝවන් යාළුවනේ ඔන්න තවත් උපසිරැසියක් අරගෙන ආවා Arulnithi ගේ මෑතක නිකුත්වුණ 3 වෙනි චිත්‍රපටය ඔයාලට මතක නම් D Block (2022), Dejavu (2022) ඉතින් මේ චිත්‍රපට තුනම ඩී අකුරෙන් පටන් ගන්නෙ. මොකක් හෝ සුභ ලකුණක්ද දන්නෙ නෑ. මන් හිතන විදියට ඊළග චිත්‍රපටයත් ඩී පටන් ගන්න Demonte Colony 2 (2023). Innasi Pandiya…

ආයුබෝවන් යාළුවනේ ඔන්න තවත් උපසිරැසියක් අරගෙන ආවා Arulnithi ගේ මෑතක නිකුත්වුණ 3 වෙනි චිත්‍රපටය ඔයාලට මතක නම් D Block (2022), Dejavu (2022) ඉතින් මේ චිත්‍රපට තුනම ඩී අකුරෙන් පටන් ගන්නෙ. මොකක් හෝ සුභ ලකුණක්ද දන්නෙ නෑ. මන් හිතන විදියට ඊළග චිත්‍රපටයත් ඩී පටන් ගන්න Demonte Colony 2 (2023). Innasi Pandiyan ගේ අධ්‍යක්ෂණය යටතේ 2022 අගෝස්තු මාසයේ තිරගත වීම ආරම්භ කරලා අති සාර්ථක විදියට සිනමාහල්වල 25 වන දිනය සමරපු IMDb අගය 8.5ක් වගේ සැලකිය යුතු මට්ටමක අරගෙන තියෙන පැය 2 කුත් විනාඩි 08ක් පුරාවට දිවෙන Crime, Drama, Thriller වර්ගීකරණය යටතේ නිකුත් වුණ චිත්‍රපටයක් තමයි මේ. Arulnithi ට අමතරව pavithrah marimuthu, Kishore Kumar G, V. Jayaprakash, Sha Ra, යන අය ප්‍රධාන චරිත නිරූපනය කරනවා. ඉතින් එහෙනම් කතාව ගැන පොඩි අදහසක් දෙන්නම්. ඉතින් කියන්න ඕනේ මේකනම් කලින් කතාවලට වැඩිය ගොඩක් වෙනස් ආකාරයේ සුපිරිම කතාවක්..
2000 පෙබරවාරි 29 වුණ සත්‍ය සිද්ධියක්..
2016 පෙබරවාරි 29 වෙනිදා නැවතත් සිද්ධවුණා…
2020 පෙබරවාරි 29 වෙනිදා නැවතත් ඒ සිද්ධියම වෙයිද…?
මොකද පෙබරවාරි 29 එන්නෙ අවුරුදු 4 කට සැරයක්…..
වරදන් පොලිස් පුහුණුව ඉවරවෙලා එයාලට හම්බවෙන පැවරුම තමයි නොවිසඳුණු නඩු ගොන්නක් අතුරෙන් එකක් තෝරගෙන ඒ ගැන විමර්ශනය කරල ඒක විසඳන එක. ඉතින් අපේ කතා නායකයත් හැමෝම වගේ තට්ටු ගණන් තියෙන නඩු ගොන්නෙන් අහබු විදියට නොවිසඳුණු නඩු ගොනුවක් තෝරගන්නව. ඉතින් ඇස් දෙක පියාගෙන එකක් තෝරගද්දි වරදන්ට හම්බවෙන්නේ 2000 අවුරුද්දේ පෙබරවාරි මාසයේ ඌටිවල හෝටලයක මධුසමය ගත කරන්න ගියපු ජෝඩුවකගේ අභිරහස් ඝාතනය ගැන නඩු ගොනුවක් තමයි හම්බවෙන්නෙ. ඉතින් ඒකේ විමර්ශන කටයුතු කරන්න අදාල පොලිස් ස්ථානයේ වැඩ බාරගන්න යනව. පවිත්‍රා කියල කෙනෙක් තමයි එතන පොලිසියේ ඉන්ස්පෙක්ටර් කෙනෙක් විදියට ඉන්නෙ. ඉතින් එයාගෙ සහයත් එක්ක කේස් එකේ විස්තර හොයන්න වරදන් පටන් ගන්නවා. වර්දන් එක්ක පුහුණු කණ්ඩායමේ හැමෝගෙම වටස්අප් ගෘප් එකටත් කේස් එක ගැන තොරතුරු දාල තිබ්බෙ ඒ සම්බන්ධ හරි ඒ සමාන හරි කේස් එකක් ගැන තිබ්බොත් තොරතුරු හොයාගන්න කියල. ඉතින් දවසක් එයාගෙ යාලුවෙක් කෝල් කරල කිව්වා ඒ හා සමානම මිනී මැරුමක් වෙලා තියෙනව කුම්බකෝනම් ප්‍රදේශයෙත් කියල. වර්දන් වහාම එහෙට යන්න පිටත් වෙනව. ඉතින් එතනින් එහාට තමයි චිත්‍රපටයේ උච්චතම අධියර පටන් ගන්නෙ. ඒක ගැන කිව්වාම වැඩක් නෑනේ. එහෙනම් බලලම ඉන්නකෝ. හැමෝටම තෙරුවන් සරණයි.


Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
15,540 downloadsDownload Diary-2022.zip55 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
34 comments
Kantha_DLA
Naveen Mbr
බොහොම ස්තූතියි ඔෂඳ අයියේ.
Kushan
Sub akta thanks
Anonymous
Patta
Samith
Thanks brother
Anonymous
ගොබ්බ සිනෙරු එකෙන් කලින් සබ් දීල තිබුනත් නොබල හිටියේ බයිස්කෝප් සබ් වල කොලිටියේ ලගටවත් ඒවා නැතිබව අත්දැකීමෙන් දන්න නිසා....
ජයවේවා බයිස්කෝප් කොල්ලනේ වැඩේ දිගටම කරන් යමු!Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Anonymous
sthuuthi!!!!
Idunil Weerasinghe
Thanks brother
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
dulan
ස්තුතියි!
Cineru Admin
තෑන්ක්ස් බන් කොලිටි සබ් දෙනවට
අපිත් සබ් හැදුවට අපි බලන්නෙත් ඔයාලගේ සබ් වලින් මොකද අපි හදන සබ් වලින් ෆිල්ම් බැලුවොත් අන්තිමට ෆිල්ම් එකත් එක්ක එපාවෙන එක වෙන්නේ,ඒතරමටම අවුල් අපේ සබ්Anonymous
බයිස්කෝප් උතුමාණන්ලාගේ තවත් එක් ස්වයංවින්දයක්..
තිවංක
උබලනේ යකෝ ගූගල් ට්‍රාන්ස්ලේට් එකට උඩින් ගොම තවරපු දෙකයි පනහේ සබ් දීලා ඔක්කොටම කලින් අපියි සබ් දුන්නේ කියලා ස්වයංවින්දනයක් ගන්නේ ...
කට අවුස්සගන්නේ නැතුව හිටපන් උබලයි සයිට් එකේ රෙදි ගලවගන්නේ නැතුව
Naveen
උපසිරසියට තුති
Udara Damith
ELA
Anonymous
එලකිරි කොල්ලෝ
ජය වේවා බයිස්කෝප් !
නැතිබංගස්ථාන වේවා සිනෙරු,පයිරෙට්!Manoj
සිංහල උපසිරසියට ස්තුතියි
Jevan
Thanks brother
Anonymous
තෑම්ක්ස් බොම්ක❤️
V.P
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
Rumesh
තැන්ක්ස් සහෝ
Gayanith
නියම ත්‍රිලර් ෆිල්ම් එකක්
දිගටම මේ වගේ වෙනස් ෆිල්ම් දෙන්නAnonymous
Prithviraj ge aluth filume sub dennko
Original awith thynneBuddhika laKMal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Anonymous
ammo maru supiriyak kalekin balapu..hemoma balanna
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
IGS
thank you very much bro
Anonymous
Thanks for sub
Sagara Sewwanda
Oshada ape kollek tama
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Malith samarawickrama
Thanks bro sub ekata
hasitha erathna
බලපු මෙලෝම රහක් නැති අතාත්විකම ෆිල්ම් එකක් බලන්න වෙන එකක් නැත්නම් හොදයි ඉතින් . ටැමිල් බලන කෙනෙක් බලන්නම කියල කිව්ව නිසා බැලුවේ.. ratsasan , vikram vedha වගේ ඒවා නම් හොදයි. මේවා නම් කිසිම වැඩක් නැති විකාර ඒවා. හෙන මෝඩ story එකක් තියෙන්නේ. plot holes සෑහෙන්න තියෙනව.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!