කොහොමද යාළුවනේ.. ඔන්න මම ඔයාලට තවත් අපූරු චිත්‍රපටියක් අරගෙන ආවා.. ඒක තමයි 2023 ජනවාරි 20 නිකුත් වුන දකුණු කොරියානු විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය Jung_Yi. කතාව ගැන කියනව නම්, 22 වන ශතවර්ෂයේ සිදුවන දේශගුණික විපර්යාස නිසා පෘථිවිය වාසයට නුසුදුසු වන අතර මිනිසුන් ජීවත් වෙන්නේ මිනිසා විසින් සාදන ලද නවාතැනකය…

කොහොමද යාළුවනේ.. ඔන්න මම ඔයාලට තවත් අපූරු චිත්‍රපටියක් අරගෙන ආවා.. ඒක තමයි 2023 ජනවාරි 20 නිකුත් වුන දකුණු කොරියානු විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය Jung_Yi.

කතාව ගැන කියනව නම්,

22 වන ශතවර්ෂයේ සිදුවන දේශගුණික විපර්යාස නිසා පෘථිවිය වාසයට නුසුදුසු වන අතර මිනිසුන් ජීවත් වෙන්නේ මිනිසා විසින් සාදන ලද නවාතැනකයි. කාලයේ ඇවෑමෙන් නවාතැන තුළ යුද්ධයක් ආරම්භ වෙන අතර Yun Jung-Yi (Kim Hyun-Joo) කියන්නේ ඒ යුද්ධයට යන මිත්‍ර හමුදාවන්ගේ ප්‍රභූ නායකයා. සටන අතරතුර අනතුරකට කල් වෙන ඇය මොළයේ ක්ලෝනකරණ පරීක්ෂණයක විෂය බවට පත් වෙන්නේ ක්ලෝනකරණ අත්හදා බැලීම යුද්ධය ජයග්‍රහණය කිරීමට විභව යතුරක් විදිහට හඳුනගෙන තිබෙන නිසයි.

Seo-Hyun (Kang Soo-Yeon) සහ Sang-Hun (Ryoo Kyung-Soo) මොළයේ ක්ලෝනකරණ අත්හදා බැලීමේ සාර්ථකත්වයට වගකිව යුතු අය වෙන අතර Seo-Hyun මොළයේ ක්ලෝනකරණය සහ AI තාක්ෂණය දියුණු කරන රසායනාගාරයේ කණ්ඩායම් නායකයා වගේම Yun Jung-Yi (Kim Hyun-Joo) ගෙ දියණියත් වෙනවා. Sang-Hun තමයි රසායනාගාරයේ අධ්‍යක්ෂවරයා. Jung_Yi විදිහට නම් කරන මේ AI තාක්ෂණය දියුණු කරන්න Sang-Hunට වගේම Seo-Hyunට පුලුවන් වෙයිද…..

මේ කතාවේ Jung_Yi ගේ දියණිය විදිහට රඟපාන Kang Soo-Yeon වයස අවුරුදු 55 දී හෘදයාබාධයකින් මිය යනවා. ඒ වෙනකොටත් මේ චිත්‍රපටය රඟපාලා ඇය එහි මංගල දර්ශනය වෙනුවෙන් සූදානම් වෙමිනුයි ඉන්නේ. ඒත් අවාසනාවන්ත විදිහට 2022 මැයි 07 ඇය මිය යන නිසා 2023 ජනවාරි 20 චිත්‍රපටයේ මංගල දර්ශනය ඇයට බලන්න වෙන්නෙ නැහැ. ඉතිං Kang Soo-Yeon ගේ අවසන් චිත්‍රපටය තමයි මේ Jung_Yi කියන්නේ.

ඒ වගේම මම අදම මේ චිත්‍රපටය ඔයාලා වෙනුවෙන් ගේන්න හිතුවේ ඒ Kang Soo-Yeon ගෙ උපන්දිනය අද (අගෝස්තු 18) නිසයි.

එහෙනම් කතාව බලලා ඔයාලගෙ අදහසුත් කියාගෙන යන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.

8,805 downloadsDownload JUNG_E-2023.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

8,805 downloadsDownload Subtitles34 KB

7 comments

  1. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි කනිෂ්කා .........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Chathura Lakshan

    Frist comment ❤️

  3. Buddhika Lakmal

    සබ් දෙයි කියල හිතුවෙවත් නැති මූවි එකක්....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

    1. Anonymous

      film eka download krnne mokenda

  4. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි. ජයවේවා!

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..