කොහොමද යාලුවනේ? මෙන්න එහෙනම් අගෝස්තු මාසේ මුලම Dwayne Johnson නැත්තන් වන් ඇන්ඩ් ඔන්ලි Rock ගේ අලුත්ම චිත්‍රපටය අරගෙන ආවා. නිවාඩු පාඩුවේ ගෙදර ඉන්න ටිකේ පවුලෙ හැමෝම එක්ක බලන්න පුලුවන් ලස්සන චිත්‍රපටයක් මෙදා පාරත් Walt Disney විසින් අපිට ලබා දුන්නා. ජූලි මාසේ කියන්නෙ චිත්‍රපට ප්‍රේක්ෂකයින්ට නම් හොඳ මා…

කොහොමද යාලුවනේ? මෙන්න එහෙනම් අගෝස්තු මාසේ මුලම Dwayne Johnson නැත්තන් වන් ඇන්ඩ් ඔන්ලි Rock ගේ අලුත්ම චිත්‍රපටය අරගෙන ආවා. නිවාඩු පාඩුවේ ගෙදර ඉන්න ටිකේ පවුලෙ හැමෝම එක්ක බලන්න පුලුවන් ලස්සන චිත්‍රපටයක් මෙදා පාරත් Walt Disney විසින් අපිට ලබා දුන්නා.
ජූලි මාසේ කියන්නෙ චිත්‍රපට ප්‍රේක්ෂකයින්ට නම් හොඳ මාසයක්නේ. මොකද කොවිඩ් 19 එක්ක සිනමාව අඩාල වෙලා තිබුණු කාලය පසු කිරීමේ අදහසින් දැවැන්ත නිර්මාණ ගණනාවක් පසුගිය මාසේ රිලීස් කරන්න හොලිවුඩයේ දැවැන්ත ස්ටුඩියෝ කිහිපයක් කටයුතු කළා. මේ වැඩේ ලොකුවටම කරගෙන ගියේ Warner Bros. සහ Walt Disney ආයතන දෙකයි. ඉතිං ඇමරිකන් ඩොලර් මිලියන ගණන් වියදම් කරන මේ චිත්‍රපට ලොකු අවදානමක් එක්ක රිලීස් කරන එක නම් අගය කරන්නම ඕන දෙයක්. කොහොම හරි තමගේ ස්ට්‍රීමින් සර්විස්වලත් සිනමාශාලාවලට මුදාහරින දිනයේම රිලීස් කරන අලුත් ට්‍රෙන්ඩ් එකක් හැදිලා තියෙනවනේ. මේ වැඩේට යම් තාක් දුරකට නිශ්පාදකවරුන් වගේම රංගන ශිල්පීනුත් අකැමැති බව තමා දකින්න තියෙන්නේ. ඒ කොහොම වුනත් ඩිස්නිලගේ අති දැවැන්ත චිත්‍රපටයක් වන අද අරන් එන මේ Jungle Cruise කියන්නෙත් ලොකු අවදානමක් එක්ක රිලීස් වුන චිත්‍රපටයක්.
ජූලි මාසෙ අවසන් සිකුරාදා දිනයේ නැත්තන් ජූලි 30 වෙනිදා තමයි මේ සිනමාපටය සිනමාශාලාවලට සහ Disney+ වෙත රිලීස් වුනේ. මේ ෆිල්ම් එකට ලොකු හයිප් එකක් හැදුනා, මොකද මේ චිත්‍රපටයට හුඟ කාලෙකට පස්සේ Dwayne Johnson aka. Rock එකතු වෙනවා. ඒ වගේම කාන්තා ප්‍රධාන චරිතය විදිහට A Quiet Place වලින් ජනප්‍රිය වුනු Emily Blunt එකතු වෙනවා. ඊට අමතරව Edagar Ramirez, Jack Whitehall, Jesse Plemons ඇතුලු ලොකු කාස්ට් එකක් දැකගන්න පුලුවන්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jaume Collet-Serra කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි. එතකොට මේ චිත්‍රපටයට වියදම් කරපු ගාණ දන්නවද? එසේ මෙසේ ගාණක් නෙවේ ඩොලර් මිලියන 200 ක්. IMDB වල 6.8 ක් සහ Rotten Tomatoes වල 63% හොඳ අගයන් ටිකක් ලැබිලා තියෙනවා. ඉතිං Adventure රසයට Fantasy සහ Comedy ගතියක් එකතු වුනු ලස්සන නිර්මාණයක් මේ පාරත් ඩිස්නිලා ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටයට පාදක වෙන්නෙත් Disney Land එකේම තියෙන theme park එකක්.
කතාවත් පොඩ්ඩක් කියන්නම්. කතාවේ හැටියට පුරාවෘත කතාවක් තියෙනවා. මේ කතාවේ හැටියට ඇම්සෝන් වනයේ තිබෙන පෞරාණික ගසක හැදෙන මල් පෙති යොදාගෙන ඕනෑම රෝගයක් සුව කරන්න පුලුවන්ලු. අපේ කතාවේ ප්‍රධාන චරිතයක් වෙන ලිලී සහ ඇගේ සහෝදරයා විශ්වාස කරන විදිහට මේ පුරාවෘතය ඇත්තක්. ඉතිං මේ තැනට යන්න පෞරාණීක ඊ හිසක් මේ දෙන්නට හොරකම් කරන්නත් වෙනවා. මොකද ඔවුන්ට ඒ ඊ හිස අයිති සංගමයෙන් ඔවුන්ගේ අදහස පිස්සු එකක් කියලා ඔවුන්ට උදවු කරන්න අකැමැති වෙන නිසා. කොහොම හරි ඊ හිසත් අරගෙන දෙන්නා කඩි මිඩුඉයේ ඇමසෝවලට යනවා. මේ අස්සේ මේ ඊ හිස සහ අර පෞරාණීක ගස හොයාගෙන ජර්මන් අධිරාජ්‍යයත් මේ දෙන්න පස්සෙ පන්වන්න ගන්නවා. ඉතිං ලිලීට සහ ඇගේ සහෝදරය ඇමසෝන්වලදී හරි අමුතු කපිතාන් කෙනෙක් හමුවෙනවා. පොර හෙන කපටි වගේම දක්ෂ, පරණ නැවක් එක්ක එක එක සෙල්ලම් දාන මනුස්සයෙක්. ඒ කැප්ටන් තමා අපේ කතාවේ වීරයා ෆ්‍රෑන්ක් වුල්ෆ්. කොහොම හරි ෆ්‍රෑන්ක් වුල්ෆ් හොඳ ගාණකුත් නියම කරාට පස්සෙ වෘක්ෂය හොයාගෙන මේ දුශ්කර චාරිකාව යන්න කැමැති වෙනවා. ඉතිං ඇමසෝන්වල භයානක අත්දැකීම් එක්ක වුල්ෆ් තමන්ගේ බෝට්ටුවෙ ලිලී සහ සහෝදරයත් එක්ක පෞරාණික “සදෙහි කඳුල” සොයා යන සුපිරි වික්‍රමය තමයි කතාව පුරා ඇදිලා යන්නේ.
එහෙනම් ජූලි මාසේ ආපු තවත් අලුත්ම ෆිල්ම් එකක් උපසිරැසි මේ විදිහට මම ආයෙත් වතාවක් තිළින කළා. ඉතිං ශාන් විමුක්ති සහ චාමර සම්පත් අයියලා දෙන්නට ස්තූති කරන්නත් මේ වෙලාව අවස්තාව කරගන්නවා. එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එක්කින් හරි සීරීස් එක්කින් හරි ආපහු මුනගැහෙමු. එතකන් ඔයාලා හැමෝටම…
෴෴ සුබ දවසක්…! ෴෴

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD / WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
63,716 downloadsDownload Jungle-Cruise-2021-Blu-Ray.zip178 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින්ත කල්හාර බෙනට්
Subtitles
82 comments
sachintha
Kavindu12345desilva
Sub ekata thanks bro.
Bs.Jaya Wewa
First comment eka magenයුරාන් ධනුක (දනුවා)
බොහෝම ස්තූතියි සහෝ
ශාමල් මනෝජන්
Jakob's Wife - 2021
Anything for Jackson - 2020Horror ෆිල්ම් දෙකට සබ් දෙන්නකෝ සහෝ.
Gihan
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ......
ජය වෙිවා ......Kushan
Sub akta thanks
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
Dilanda
Thanks bro...
Achi
බොහොම ස්තුතියි සබ් එකට
Nilush Angana
Sub ekata thanx
Nishan S. Ariyarathna
උපසිරැසියට බොහොම ස්තුතියි...
Anonymous
Thanks sub ekata!
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
සචින්ත කල්හාර බෙනට්
ස්තූතියි කොමෙන්ට් කරපු හැමෝටම❤
indika75
Thanks..
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Roshan
Tnx bro...Good luck...
Nelson Rodrigo
Good work friend, thanks for the sub!
Sahan Gayantha
thanks a lot saho sub ekata
sadeapa
thanksssssssssssssssssss
Anonymous
Thank you
Ashan
උපසිරැසියට ගොඩාක් ස්තූතියි ..ජය වේවා බෙනා
IMa
Thank U අයිආ.......
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි
අයියෙ. #&129322;
Ashan
උපසිරැසියට වගේම ලිපියටත් ස්තූතියි සහෝ ..ආදරෙයි
LaHIRU
උපසිරැසියට බොහොම ස්තූතියි!!!
Sade
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Jagath55
Thanka
Anonymous
sub ekata sthuthi pin saho
Sachin
Thanks mchn sub ekt. Baiscopelk ekt Jaya!
Neo
Thanks brother
Keep it upBuddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
AMILA
THANKS
Dhanujaya Sankalpa
thx brother
R_deshan
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ...ජයවේවා!!
Minoli Wansooriya
thanks a lot malliyo...
Anonymous
thanks for sub
නිමල් දිසානායක
නියමයි!
Ediya
Thanks මචං sub එකට..❤️
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
prasanga
thanks.....
Udara Damith
ellllllll
KasunRe
බොහොම ස්තූතියි ......
Bavindu bandaranayaka
ගොඩක් ස්තුති,ජය වේවා
නිමල් දිසානායක
බියකරු කොරෝනා අමතක කරන්නට
මෙවැනි film කදිමයිනේ බලන්නට
බලනකොටත් ගතියක් එනවා ඇඟට
සබ්ස් හොඳයි ඒ ගැන තුති සචින්තටAnonymous
Thanks a lot!
supun
tz sub ekata.
Naveen
Thank you bn
Shehan Harshana
සබට ස්තූතිය සහෝ♥️දිගටම කරන් යන්
KaviDU lakshan
බයිස්කෝප් නම් සබ් සබ් නම් බයිස්කෝපම තමා
lahiru
thanks mcn
Pavith Wijesooriya
උපසිරසියට බොහෝම ස්තූතියි.ඉදිරියටත් උපසිරසි ලබා දෙන්න...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය