මම උස්මහත් වුන ලෝකය මිට වඩා බොහොම වෙනස්, කොටින්ම පොඩි උන් හැටියට අපිට නිශ්ශබ්ද වෙන්න කිව්වේ පන්තියෙ ගුරුවරුන් පමණයි…. එහෙම ජිවිතයක් ගෙව්ව අපිට ඇත්තටම අද නම් ඒක හිතාගන්නත් බැරි දුර අතීතයක්…. ඇත්තටම අපේ ඒ සුන්දර ලෝකය අද නටබුන් ගොඩක්… මොකද ශබ්දය කියන දෙයත් එක්ක මනුස්සයා කියන සතා බොහොම බැදිල ඉන්න විත්ත…

මම උස්මහත් වුන ලෝකය මිට වඩා බොහොම වෙනස්, කොටින්ම පොඩි උන් හැටියට අපිට නිශ්ශබ්ද වෙන්න කිව්වේ පන්තියෙ ගුරුවරුන් පමණයි…. එහෙම ජිවිතයක් ගෙව්ව අපිට ඇත්තටම අද නම් ඒක හිතාගන්නත් බැරි දුර අතීතයක්…. ඇත්තටම අපේ ඒ සුන්දර ලෝකය අද නටබුන් ගොඩක්… මොකද ශබ්දය කියන දෙයත් එක්ක මනුස්සයා කියන සතා බොහොම බැදිල ඉන්න විත්තිය, මනුස්සයෙක් වන ඔබට මම පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ නෙව. උප්පතියේ ඉදලම මර හඬ දෙමින් මේ ලෝකය වෙත එන අපි අවසාන ගමන් යන්නෙ තවත් පිරිසක් අපි වෙනුවෙන් මර හඬ දෙන තැනට වැඩ සිද්ධ කරලා, ඔව් මම පිලිගන්නව, එහෙම වෙන්නත් වාසනාවක් තියෙන්න ඕන… නමුත් අද මේ ලෝකය ඔය දෙකම කරන්න හැකි තැනක් නෙමෙයි…
සමාවෙන්න, මම කවුද කිව්වෙත් නැහැ… සෑහෙන කලකින් කට ඇරල මනුස්සයෙක් එක්ක කතා කරල නැහැ. ඉතින් මගේ හැදියාව කොහෙන් ගිහින්ද මම දන්නෙත් නැහැ. මගේ නම ලී ඇබොට්… අපි ගෙවන්නෙ බොහොම කටුක ජිවිතයක්, අඩුම තරමේ අපි වාසනාවන්තයි මෙහෙම හරි ජිවිතයක් ගෙවන්න, මගේ දරු පැටිය ඒ තරම් වාසනාවන්ත වුනේ නැහැ. නමුත් මම හිතන්නෙ ඒ මගේ වරද, මගේ අවාසනාව, මට තව ටිකක් ඉක්මන් වෙන්න හැකි වුනා නම්… නමුත් ඒ තමයි මේ ලෝකය… දැනට අවුරුද්දකට ටිකක් කලින් කාලෙක තමයි මේ විනාශය අපේ ලෝකයට සිද්ධ වුනේ. අපි තවමත් උන් කවුදැයි දන්නේ නැහැ, කොහෙන් ආවාදැයි දන්නේ නැහැ… අපි දන්නේ එකම දෙයක්, පොඩි හරි හඬක් නැගුවොත් ඒ තමයි අපේ මරණය… උන් පිටසක්වල ජීවීන් පිරිසක්… උන්ගේ ආහාර වෙන්නේ අපි, ඇත්තටම නම් ආහාරද, අපි උන්ගේ දඩ කෙලියේ කෙලි බඩුද කියලත් මට නම් විශ්වාස නැහැ… අපේ දන්න හඳුනන ලෝකය මේ නිසාවෙන් සම්පුර්ණයෙන්ම වෙනස් වුනා, කතා බහක් නොමැති ලෝකයක් ගැන ඔබට හිතාගන්නත් බැහැ නේද ? කතාව විතක් නෙමෙයි අපිට නැති වුනේ, කොටින්ම කිසිදු හරි යන්ත්‍රයක් භාවිතයට ගන්න බැහැ මොකද ඒකත් ශබ්දයක්…. ඉතින් හිතාගන්න හැකියාවක් ඇති නෙව මේ වෙනකොට තත්වය, නමුත් ඉතින් බොහොම දෙනෙක් මේ තරම් කාලයක් අපිත් එකක් ඉන්න තරම් වාසනාවන්ත වුනේ නැහැ මුල් දවස් කිහිපයේම ශබ්දය නිසාවෙන් ඔවුන් මෙලොව හැර ගියා…
මම තනිවම නෙමෙයි මේ ලෝකයේ ජීවත් වන්නේ, මගේ බිරිද, පුතණුවන් සහ මගේ බිහිරි දියණිය… කිසිම පියෙක් තමුන්ගේ දුවනියට එවැනි දෙයක් නම් පතන්නෙ නැහැ නමුත් ඇය නිසාවෙන් අපේ ජිවිත එක්තරා විදිහකට තරමක් හරි බේරුණා කිව්වොත් මම නිවැරදි, ඒ ඇය නිසාවෙන් අපි පැරණි ලෝකයෙන් මිදෙන්නට පෙර ම සංඥා භාෂාව ඉගෙනගෙන තිබූ නිසාවෙන්… නමුත් ඉතින් පාළු ප්‍රදේශයක ගොවිපලක දිවිගෙවන අපිට කරදර එන්න එන්න වැඩි වෙනව මිසක් අඩුවක් නැහැ, ඒ මගේ බිරිද නැවතත් ගැබ්ගැනීමත් එක්කයි…. නිහඬතාවය රජයන ලෝකයක කුඩා බිලිඳෙක් කොහොම නම් ජිවත් වෙන්න ද? මම කොහොම මගේ පවුල ආරක්ෂා කරගන්න ද ? ඔබට අපේ කතාව ටික වෙලාවක් බලන්න අවසරයි නමුත් මම පතනවා ඔබට නම් මෙවැනි අත්දැකීමක් මෙවැනි ලෝකයක් කිසිදාක උරුම නොවේවා…
— ලී ඇබොට්
ඉතින් මේ තමයි ඇබොට් පවුලේ කතාන්දරය. විනාශ වුන ලෝකයක දිවි ගලවාගත් පවුලක් වටා ගෙතෙන මේ අපූරු නිර්මාණය John Krasinski අතින් තමයි නිර්මාණය වන්නෙ. ඇත්තෙන්ම තමුන්ගේ දියණියගේ උප්පතියත් එකක් හැගුම්බර කාලයක ඔහු අතට ලැබෙන මේ පිටපත ඔහු බොහොම ආදරයෙන් වැළද ගන්නෙ මේ තුලින් ඔහුගේ දරුවන්ට ත්‍යාගයක් ලෙස ප්‍රධානය කිරීමේ අරමුණෙන්. දැන් ඔබ බලයි Drama, Horror, Sci-Fi, Thriller වගේ කාණ්ඩ නියෝජනය කරනා සලරුවක් තමුන්ගෙ කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කරනා පියා මොන වගේ පුද්ගලයෙක්ද කියල… නමුත් ඔහුට අනුව නම් කතාව භයානක වුවත් මෙහි ඇතුලත ගැබ්ව ඇති හරය නම් තමුන්ගෙ පවුල වෙනුවෙන් ඔහු ඕනෑම දෙයක් කිරීමට සුදානම් බවයි… ඉතින් ඔහුට මුලින්ම මෙහි ප්‍රධන චිරිත නිරුපනය වෙනුවෙන් වෙනත් නිළියක් තෝරාගෙන තිබුනත් ඔහුගේ සැබෑ ජිවිතයේ බිරිදගෙ දැඩි පෙරැත්ත කිරීම නිසාවෙන් ඇයව මේ සඳහා යොදාගන්නට සිද්ධ වෙනවා. ඇය නමින් සුපිරි නිළි Emily Blunt, ඔබ නම් ඇය දැක ඇති මිට පෙර සුප්‍රසිද්ධ Sicario, Edge of Tomorrow, My Summer of Love, The Devil Wears Prada වැනි නිර්මාණ තුලින්. ඉතින් ලී ඇබොට් ලෙස අධ්‍යක්ෂවරයා තමුන්වම යොදාගන්නට තීරණය කරන හේතුව ඉතින් කලින් විස්තරයෙන් මොනවට පැහැදිලි වෙන්න ඇති නෙව, ඔහුත් සිනමාවට අමුත්තෙක් නෙමෙයි ඔහු තමයි මින් පෙර 13 Hours වැනි ක්‍රියාදාම චිත්‍රපටි තුලත්, සුප්‍රසිද්ධ The Office (US) කතා මාලාවේ ජිම් හැල්පර්ට් ලෙසත් චිරිත නිරුපනය කලේ, මේ තමයි අනාගත ජැක් රයන්. මේ දෙපලට අමතරව Millicent Simmonds, Noah Jupe තමයි අනෙකුත් චරිත නිරුපනයෙන් එක්කාසු වන්නෙ.
පැය 1 කුත් මිනිත්තු 30 පුරා දිවයන මේ අපුරු නිර්මාණය ලබාගෙන ඇති IMDB අගය 8.0. Horror ලෙස නම් ලද චිත්‍රපටයක් එවැනි අගයක් ලබාගැනීම සාමාන්‍ය දෙයක් නොවන බව බයිස්කෝප් ප්‍රේක්ෂක ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ නෙව. ඒ වගේම රෝටන් ටෝමාටෝ මිටරයේත් 95% ක් වගේ විශිෂ්ඨ අගයක් ලබාගන්නට මේ අපූරු සලරුව සමත්කම් පාල තියනවා. ඒ වගේම ඩොලර් මිලියන 17 ක වියදමෙන් නිම වූ මෙය ලොව පුරා මිලියන 314 කට අධික මුදලක් උපයාගන්නටත් සමත්ව තියනව. ඒ විතරක් නෙමෙයි නිකුත් වුන මුල් සතිය තුල දකුණු ඇමරිකානු වෙළෙදපොල රජකළ මේ නිර්මාණය නැවතත් තුන්වැනි සතියේ ක්‍රියදම චිත්‍රපටයක් වුන Rampage පරදා නැවතත් මුල් තැනට එන්නට තරම් ප්‍රේක්ෂක ආදරය නිදාගැනීමට සමත් කම් පෑවා. තවත් එක විශේෂ දෙයක් කියන්න ඕන මෙහි වැඩි දෙබස් ගණනක් නැහැ, ඒ කුතුහලය සන්ත්‍රාසය ගොඩ නගන්නට ඔවුන් යොදාගෙන තියෙන්නෙ විශිෂ්ඨ සංගීතය ඒ වගේමයි වර්ණ සංකලනය සහ ආලෝකකරණය… ඔබ දකීවි මේ සලරුව බලනකොට මම මේ කියන කතාව…
එහෙනම් ඉතින් අදහසක් දක්වා යන්න, තවත් අගනා සලරුවක් එක්ක ආයෙත් හමුවෙමු, එතෙක් ඔබට ජය වේවා !

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HC HD / HD / WEB / BR පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
141 comments
Kantha_DLA
විදුෂාන් සජිත්
:-) උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ,..
Cargo (2017) / Operation Red Sea (2018) සබ් දෙන්න පුළුවන්නම් ලොකු දෙයක්..
Anonymous
Meke 2021 sub eka kawadada denne... film eka dagena tyagena innawa... balanna widiyak nah
KP7
Sub Ekata Thanks Bro.. Digatama SUb Deepan Machan.. Nawaththanna epa..
Pathmila_kushantha94
සුපිරි පහරක් කියලා ආරංචී... bluray ආපු ගමන් Update එක දෙන්න සහෝ! තැක්‍යූ වේවා!
Sulakshana Thilakarathna
SUB EKATA BOHOMA ISTHUTHI!! ME COPY EKA HODAI DA??
සනිඳු ලක්ඛිත
බලන්න පුලුවන් මට්ටම ඇති. නැත්තම් සබ් දෙන්නේ නෑ සහෝ.
sachinthak1234
මන් ගාව කලින් තිබ්බා Film එක බැලුවේ නැ සබ් නැති නිසා HDrip eka thiyenne mn Laga බලන්ඩ පුලුවන්.මාත් දැන් බලන්ඩ යන්නේ.සුපිරියට ඇති.
Gathsara Umesh
Fatta paharak wagee....
Bhooom sthuthiyi sameera ayyee...
Dn isrt wda hent sub dene neda...
Hmme danena sathuta....kiynn wachana nee..Ravindu madu
Broo sub eka downlod karanna banee
karaticdl
film eka download karaganna puluwan site ekak kiyannako
සනිඳු ලක්ඛිත
Baiscopedownlodes එකේ තියේ සහෝ.
Ara N Madhu
Thanks. Waited for a long time to watch this. thanks again
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති අයියේ උපසිරසට. බොරු කියන්න ඕනි නෑ අවංකවම මේ ෆිල්ම් එක ගැන නිකමටවත් දැනගෙන හිටියෙ නෑ. සබ් එක දාලා කියලා දැක්කත් බලන්න හිතුනෙත් නෑ ලිපිය. හොද වෙලාවට සයිට් එකේ box office hitz එකේ මේක තියෙනවා දැක්කා. එතකොට තමා ඇස් දෙකත් උඩ ගියේ box office hit එකක් කොහොමද මගහැරුනේ කියලා. BR එකක් ආවා ගමන් අනිවා බලන්න ඔනි. අප්ඩේට් එකකුත් දෙන්න.. බුදුසරණයි..!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
.comDevinda
Super wadak bro thanks sub ekata
Chathukandy
Thanks bro sub ekata..
malith
Ela ela
Milan Sadaruwan
Ela bro....
Suranjan
Thanks bro......jayawewa.......!
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සමීර සහෝ.
සුපිරි ලිපියක්.
ජයෙන් ජය.Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
sampathwest
sub eka enakam iwasillak nathuwa hitiye thankzz
Pramukmili
thanxx bro
Tharindu Rashan
sub ekata thanks saho.me vage movies valata sub denna
AsithaDilruwan
ela ela saho thanks
wathilak
වෙනස්ම චිත්‍රපටයක් වගේ...උපසිරසිය සමග බාගත කලෙමි.ස්තුතියි ඔබට
Viraj
sub ekata thanks saho. jaya wewa!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dil_shan
tnz sub ekata
Madushafdo
NIyamai
eranda weerasinghe
බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.
෴෴ජය වේවා෴෴
pawanoshadha
sub එක download කරන hyper link එක click කලාට page missing කියල එන්නේ...
වෙන film වල sub download කරන්න පුලුවන් ඒත්..darshana100
niyamai saho good luck
Dave
Thnx broh
prasanna.sampath
Thanx malli digatama aluth film wala sub denna
tomster
bro girl with the dragon tattoo(2011) film ekata sub dennako suppa film ekak
chinthaka_priyadrshana
Thank u very much bro......
AsithaDilruwan
ela ela saho thanks
Bandaramudiyansi
Web-dl සබ්ටයිල් එක ඔන්න අරගත්ත... මරුනෙ.....thanks ... මම මෙක බ්ලුරේ පිටපතකුත් අරගන්නව.. ආපුම එකටත් ඔනේ
Sherlock holmes
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට ..
Sajithlakshan
බොහොමත්ම ස්තුතියි
Kapila4499
thanks for sub...........
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
Br කොපිය එනකම් හිටියේ...Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ ස්බ් එකට මේ ගන්නව ෆිල්ම් එක
Ara N Madhu
Thanks alot machan
Kasun A.
upasiresiyata thuthi sameera saho.jaya!
Hashan M. Priyadarshana
Thanks bro sub ekata
ruchiralakmal
Thanks for the sub
Dewadithya
Thanks for sub
sama_dhi
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට....
_****ජය වේවා****_
Amila Mudalige
සබ් එකට බොහොම ස්තූතියි!!!
Saranga J. Liyanagama
ස්තූතියි සිංහල උපසිරැසියට ….
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!
Cargo (2017)
me film ekata sub denawada plzzzzzzz.......