මම ආයෙමත් ඔන්න පරණ හින්දි චිත්‍රපටියකට උපසිරසි දෙන්න හිතුවා. මම දිගටම sub දුන්නෙ Comedy ගණයට අයත් චිත්‍රපටිවලටයි. ඒත් අද මම ගෙනාවෙ Horror චිත්‍රපටියකට උපසිරසියක්. මම මේ චිත්‍රපටියට sub 1 දෙන්න හිතුවේ ශනුක සොහොයුරා ඉල්ලිමක් කරපු නිසයි. ඇත්තම කියනවා නම් මම මේ චිත්‍රපටිය ගැන දන්නෙත් නෑ. ඒ වගේම මම මේ ච…

මම ආයෙමත් ඔන්න පරණ හින්දි චිත්‍රපටියකට උපසිරසි දෙන්න හිතුවා. මම දිගටම sub දුන්නෙ Comedy ගණයට අයත් චිත්‍රපටිවලටයි. ඒත් අද මම ගෙනාවෙ Horror චිත්‍රපටියකට උපසිරසියක්. මම මේ චිත්‍රපටියට sub 1 දෙන්න හිතුවේ ශනුක සොහොයුරා ඉල්ලිමක් කරපු නිසයි. ඇත්තම කියනවා නම් මම මේ චිත්‍රපටිය ගැන දන්නෙත් නෑ. ඒ වගේම මම මේ චිත්‍රපටිය බලලත් නෑ. ඒ නිසා මේ ගැන දැනුවත් කරාට මම ඒ සොහොයුරාට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ කලින් sub වලට comment කරපු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ අය හින්දමයි අපිට තවත් චිත්‍රපටිවලට sub 1ක් දෙන්න හිතෙන්නෙ. ඒ වගේම මේ sub 1 කරන්න අවසර දුන්නු සිසිල සොයුරාටත් ස්තුතිවන්ත වෙනවා. මම මගේ පස්වෙනි උපසිරසිය විදියට ඔයාලට අරගෙන ආවේ Junoon (1992) කියන චිත්‍රපටියයි. මේ චිත්‍රපටයත් ට්කක් පරණයි. 18 September 1992 වෙනිද තමයි මේක නිකුත් වෙලා තියෙන්නෙ.
2h 3min ක ධාවන කාලයක් සහිත IMDB අගය 5.7 ක් ගත් මේ සිනමා පටය Horror, Thriller ඛාණ්ඩයට වර්ග කොට ඇත.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය Mahesh Bhatt ගෙන්ද, තිර රචනය Robin Bhatt ගෙන්ද සිදුවී ඇත. රංගනයෙන් Rahul Roy, Pooja Bhatt, Awinash Wadhawan, Tom Alter, Rakesh Bedi යන නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.
කතාව ගැන කිව්වොත් රාහුල් සහ වික්‍රම් කියන යාළුවන් දෙදෙනා දඩයම් කරන්නට කැලේට යනවා. ඒත් ගම්මුන් කියන්නේ ඒ කැලයේ සාපලත් කොටි අවතාරයක් සිටින නිසා එහාට යන්න එපා කියලයි. ඒත් ඒ කීම් නොසලකා එහි යන මොවුන් දෙදෙනා කොටියාගෙ ප්‍රහාරයට ලක් වෙනවා. ඒත් ඒකෙන් වික්‍රම් බේරුනත් ඒ සාපය එයාට වැදෙනවා. මීට පස්සේ වෙන දේවල් ඔයාලා මේක බලලම දැන ගන්න. එහෙනං ඉතින් නැවත හමු වෙන තුරු ඔය ගොල්ලො හැමෝටම බුදු සරණයි.
මේ චිත්‍රපටියේ සීඩ් තියෙන ටොරන්ට් එකක් හොයා ගන්න අමාරු වුන නිසා you tube එකේ 02:02:27 Junoon 1992_1080p කියන විඩියෝ පිටපතට තමයි මේ sub 1 ට කරේ. අනිත් වීඩියෝ පිටපත්වලට ගැලපේවිද කියලා නම් මම හරියට දන්නෙ නෑ.

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Youtube පිටපත සඳහා අදාළ වේ.
2,130 downloadsDownload Junoon-1993.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-09-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පුබුදු ප්‍රසන්න
Subtitles
24 comments
Mayura
Isuru minipa
Ela Ela Thanks puluwannam me film dekath denna Gupt 1997 Deewangee 2002
Milan199797
BRo puluwn nm raja 1995 film eke sub eka denna
sachith silva
https://www.youtube.com/watch?v=ieEChe5MV-Y
bro sub convert krathaki youtube setting wln
malithmadhushan45
බොහොම ස්තුතියි සහො
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි...
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!Request::
Burning (2018)
What Will People Say (2017)
Prospect (2018)
Velvet Buzzsaw (2019)
Overlord (2018)geeganagamage
ගොඩාක්මේ ස්තුතියි මේ හින්දි ෆිල්ම් එක මම පොඩි කාලේ සිරස ට්වි එකේ යනකොට ගොඩක් ආසාවෙන් බැලුවේ . අයෙත් බලන්න හිතුනා එත් සිංහල සබ් නැති නිසා බැලුවේ නැහැ .
Lalani Maduwanthi
Godaaak sthuthy,,,,
denidu
ස්තූතියි
maikee
thankyou මචං. පරන ලස්සන love story තියෙනවා හිංදි. පුලුවන් නම් දෙන්න මම බලන්න ආස හිංදි එදා අද කියලා නැ. පරන එවත් බලනවා
කදුලක් එන්න බලන්න ඔන නම් හිංදි love එකක් තමාKulanjana Maduranga
subata thanks
sooriyapatabadige
Thanks for sub......( hare diljo pyar karega 2003) film ekata sub dennako please....
.රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shanuka900
pubudu prasanna saho mage illeema itu kalata thanx
Saranga J. Liyanagama
Thanks...
1997lakmallakmal
thanx sub 1ta bro......mama meka podi kale balala tiyenawa.thanx me wage film walata sub denawata.jaya wewa!!!!!!
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි.පොඩිකාලෙ බැලුව.ආපහු සැරයක් බලන්න ආසාවෙන් හිටියෙ.... ඒ අවස්ථාව දුන්නට ස්තුතියි...!ජයවේවා !!"
යුරාන් ධනුක
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ...
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති සහෝ...
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!Lahiru123
Thanks bro
nadeesh12
elama
Rukshan37
Ela ela
rishan madushanka
Sadak movie eke sub karannako
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Junoon (1992) Sinhala Subtitle | සාපලත් කොටි අවතාරය! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/02/Junoon-1992.jpg)
අම්මෝ මේක.. ඉස්සර පට්ටාසාවෙන් බැලුවේ.
මරු මරු තෑන්ක්ස් වේවා