Watch Trailer

Just Mercy (2019) Sinhala Subtitles | වර්ගවාදය වෙනුවෙන් සටන් කල නව පරපුරේ විරුවා [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න 2019 වසරේදී නිකුත් වුන තවත් අපූරු චිත්‍රපටයක් අරගෙනයි ආවේ. අපූරු කියලා කිව්වට මේක ඩ්‍රාමා චිත්‍රපටයක්. නිකන්ම නිකන් නෙවෙයි, සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය වූවක්. වැඩි කතා නැතුව බලමු මේක මොන විදිහේ එකක්ද කියලා. 2014 වසරේ ඔක්තෝම්බර් 21’වැනිදා පොතක් නිකුත් වෙනවා “Just Mercy: A Story of…

එහෙනම් ඔන්න 2019 වසරේදී නිකුත් වුන තවත් අපූරු චිත්‍රපටයක් අරගෙනයි ආවේ. අපූරු කියලා කිව්වට මේක ඩ්‍රාමා චිත්‍රපටයක්. නිකන්ම නිකන් නෙවෙයි, සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය වූවක්. වැඩි කතා නැතුව බලමු මේක මොන විදිහේ එකක්ද කියලා.

2014 වසරේ ඔක්තෝම්බර් 21’වැනිදා පොතක් නිකුත් වෙනවා “Just Mercy: A Story of Justice and Redemption” නම්න්. මේක ලියන්නෙ ඇමරිකානු ජාතික, නීතිඥ Bryan Stevenson විසින්. මේ පොත ලියන්න ඔහු පාදක කරගන්නෙ ඔහුගේ ජීවිතේදී මුහුණ දීපු සත්‍යය කහාවක් පදනම් කරගෙනයි. ඇමරිකානු එක්සත් ජනපදය තුල ධනය, බලය, සමාජ පන්තිය වගේම වර්ණ භේදය නිසා බිද වැටුණු යුක්තිය නැවත වතාවක් ගොඩනගන්න ඉදිරිපත් වෙච්ච කෙනෙක් තමයි Bryan Stevenson කියන්නෙ. මේ පොතට විශාල අලෙවියක් ලැබෙන්නෙ 2014 වසරේදී වුනත් ඔහුගේ කතාව පටන් ගන්නෙ මීට වසර ගනණාවකට කලින් සිදු වූ සිදුවීම් ඇසුරින්.

1989 වසරේදී හාවර්ඩ් විශ්ව විද්‍යාලයෙ නීතිය හැදෑරීම් පසුව උපාධිය අරගෙන බ්‍රයන් ස්ටීවන්සන් ඇලබාමා වලට යන්නෙ මුදලක් දරා අවශ්‍ය නීතිමය කටයුතු කරගන්න බැරි අහිංසක මිනිස්සුන්ට නොමිලයේ සේවය කරන්න. එහෙදි එයාට ඒවා ඈන්ස්ලි කියලා කෙනෙක්ව මුණගැහෙනවා. මෙයත් බ්‍රයන් වගේමයි. මිනිස්සුන්ට උදව් කරන්න කැප වුන කෙනෙක්. පස්සෙ බ්‍රයන් යනවා එහෙ තියෙන, මරණ දණ්ඩනය නියම වෙච්ච රැදවියන් මුණගැහෙන්න. බොහෝ රැදවියන් එක්ක කතාබහ කරන ඔහුට අවසානෙදි වෝල්ටර් මැක්මිලන් නොහොත් ජොනී ඩි කියලා අප්‍රිකානු-ඇමරිකානු ජාතිකයාව මුණගැහෙනවා. ඔහු වරදකරුවෙක් විදිහට නම් වෙලා තියෙන්නෙ 1986 වසරේදී රොන්ඩා මොරිසන් කියන තරුණිය අමානුෂිකව ඝාතනය කිරීමක් නිසයි. බ්‍රයන්ට ඔහු එක්ක කතාබහ කරද්දී තේරුම් ගිය දෙයක් තමයි වෝල්ටර් මැක්මිලන් ඉන්නෙ බලාපොරොත්තු සුන් වෙච්ච ගානට කියලා. මොකද මේ ඇලබාමා කියන ප්‍රාන්තයෙ ව්ශේෂයෙන්ම කළු ජාතිකයන්ට තැනක් තිබුනෙම නැති තරම්. අනික තමයි ඔහුට උදව් කරන අරමුණින් මුවාවෙන් ආව බොහොමයක් නීතිඥයන් සල්ලිත් අරං අතරමගදී වෝල්ටර්ව මගහැරලා ගිහින් තියෙනවා. මේ නිසාම ඔහු බ්‍රයන්ගෙන් උදව් ලබා ගැනීමත් ප්‍රතික්ෂේප කරනවා.

මියගිය රොන්ඩා මොරිසන් හා ඇයගේ ඝාතණය සිදු වූ ජැක්සන් ක්ලිනර්ස් නම් ස්ථානය

මේ වෙච්ච දේවල්, දැනගන්න ලැබුණු දේවල් නිසාම බ්‍රයන් තීරණය කරනවා වෝල්ටර්ට උදව් කරන්න ඕනමයි කියලා. වෝල්ටර් මැක්මිලන් හිරේ යන්න පාදක වෙච්ච මුල්ම හේතුවේ ඉදලා හොයාගෙන යන බ්‍රයන්ට දැනගන්න ලැබෙනවා වෝල්ටර්ව හිරේ යවලා තියෙන්නේ සාක්ෂිකරුවන්ගේ බොරුවට දීපු ප්‍රකාශ නිසා කියලා. බ්‍රයන්ට ඕන වෙනවා මරණ දණ්ඩනයට සිරගත වෙලා ඉන්න වෝල්ටර් මැක්මිලන්ගේ නඩුව ආයෙ උසාවි කැදවන්න. අද මේ ලෝකේ මිනිස්සු පෙළබිලා තියෙන්නෙ දකින දේ හොයලා බලන්නෙ නැතුව කෙලින්ම විශ්වාස කරන්නයි. ඉතින් කලින් අහපු, කියපු දේවල් විශ්වාස කරපු අයම බ්‍රයන් කරන්න මේ වැඩේ නිසා සෑහෙන තරහින් කටයුතු කරන්න ගත්තා. නමුත් බ්‍රයන් වතාවක් මැක්මිලන්ගේ පවුලේ අයව බලන්න ගිය වෙලාවෙදි පොරොන්දුවක් වෙනවා වෝල්ටර් මැක්මිලන්ව නිදහස් කරගෙන ගෙදර එක්කන් එනකන් එයා එයාගෙ සටන නතර කරන්නෙ නැහැ කියලා. මොන තරම් ප්‍රශ්න, බාධක ඇති වුනත් බ්‍රයන් එයාගෙ ගමන ඉදිරියටම කරගෙන ගියා. කොටින්ම අවසානය වෙද්දී වෝල්ටර්ව හිරේම තියලා, විදුලි පුටුවට යවන්න නඩුව කරන් ගිය විරුද්ධ පක්ෂයෙ හිටිය නීතිඥතුමා පවා බ්‍රයන්ට සහය දෙනවා. මේකෙන් බොරු සාක්ෂි නිසා සිරගත වෙච්ච වෝල්ටර් මැක්මිලන් නිදහස ලබනවා. නඩුවෙන් පස්සෙත් බ්‍රයන් හා වෝල්ටර් හොද යාලුවො විදිහට කාලයක් පුරාවටම රැදි ඉන්නවා. 

පසුකාලීනව 2013 සැප්තැම්බර් 11’වැනිදා වෝල්ටර් මැක්මිලන් මිය යනවා. මේ සිදුවීම් පාදක කරගෙන තමයි බ්‍රයන් ස්ටීවන්සන් විසින් පොතක් ලියන්නෙ. ඔය පොත පාදක කරගෙන චිත්‍රපටයක් නිර්මාණය වෙලා මුලින්ම නිකුත් වෙන්නෙ 2019 සැප්තැම්බර් 06’වැනිදා. ඒ ටොරන්ටෝ අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී විශේෂ තිරගත කිරීමක් විදිහටයි. පස්සෙ හරියටම 2020 වසරේ ජනවාරි 10’වැනිදා තිරගත වීම ආරම්භ වෙනවා සම්පුර්ණ සිනමාශාලා 2, 376 ක තිරගත කිරීමක් එක්කම. චිත්‍රපටය සදහා කොයි තරම් මුදලක් වැය වුනාද කියලා කිසිදු සදහනක් නැති වුනත් මේ වනවිට ඇ.ඩො.මි. 31.4 ක සාර්ථක මුදලක් උපයාගෙන ඇති බව සදහන් වෙනවා.

චිත්‍රපටයෙ අධ්‍යක්ෂණය සිදු වෙන්නෙ 2021 වසරේදී නිකුත් වීමට නියමිත Shang-Chi and the Legend of the Ten Rings නම් මාවල් සිනමාපටයෙ අධ්‍යක්ෂක Destin Daniel Cretton විසින්. චිත්‍රපටයෙ රංගනයෙන් එක්වන අය අතරට Michael B. Jordan, Brie Larson, Jamie Foxx, Rob Morgan, Tim Blake Nelson වැනි ප්‍රසිද්ධ නළු/නිලියන් බොහෝ දෙනෙකු එකතු වී තිබෙනවා. Warner Bros. Pictures සමාගම හරහා බෙදාහැරීමේ කටයුතු සිදු වී ඇති අතර IMDb දර්ශකයෙ 7.4/10 ක අගයකුත් Rotten Tomatoes දර්ශකය තුල 83%ක ප්‍රතිශතයකුත් ලැබිලා තියෙනවා. විනාඩි 136 ක් පුරාවටම ධාවනය වන මෙම චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ Legal Drama කියන වර්ගීකරණය යටතෙ. 

චිත්‍රපටයෙ සදහා ගැලපෙනම නළු/නිලියන් තෝරාගෙන තිබීම මෙහි ගුණත්වය රදා පවතින්න හොද හේතුවක් වෙලා තියෙනවා කිව්වොත් නිවැරදියි. විශේෂයෙන්ම මේ ඇමරිකානු-අප්‍රිකානු සම්භවයක් තියෙන අය. මටනම් නිකන් කපාපු පලු එහෙම්ම තියලා වගෙ තේරෙන්නෙ.

  • 2019 වසරේ පැවැත්වූ African-American Film Critics Association සම්මාන උළෙලේ හොදම සහය නළුවා සදහාත්, 2019 වසරේ හොදම චිත්‍රපට 10 අතරට එකතු වීම නිසාත් සම්මාන ද්විත්වයක් දිනාගන්නවා. ඒවගේම 2020 වසරේදී පැවැත්වූ National Board of Review සම්මාන උළෙලේදී මානව නිදහස ප්‍රකාශ කල හොදම චිත්‍රපටය හැටියටත් සම්මානයක් දිනාගන්නවා. මීට අමතරව තවත් සම්මාන ද්විත්වයක් සදහා නිර්දේශ නාම යෝජනා අතරට එක් වී තිබෙනවා.
  • 2014 වසරේදී නිකුත් වන “Just Mercy: A Story of Justice and Redemption”  පොතේ පිට කවරය චිත්‍රපටයෙ මුහුණුවරින් වෙනස් වෙලා තියෙනවා. ඔයාලට මේ හැම වර්ගයකින්ම මේ පොත දැකගන්න පුලුවන් Amazon වෙබ්අඩවියෙ සෙවුමක් කලොත්.

  • එදා මෙදා කාලය අතරතුර නිකුත් චිත්‍රපට අතරින් IMDb දර්ශකයෙ ජනප්‍රියම චිත්‍රපට 100 අතරේ 25’වැනි තැන හිමි කරගන්නට Just Mercy චිත්‍රපටයට හැකියාව ලැබිලා තියෙනවා.

එහෙනම් ඉතින් නාට්‍යයමය නිර්මාණ රස විදින්න දන්න අය අරගෙන බලන්න. ඩේටා හො කාලය නාස්ති අහක යන විදිහෙ නිර්මාණයක් නෙවෙයි කියලා වගකීමෙන් කියන්න පුලුවන්. ඔයාලත් මේ කතාවටම ඇලිලා බැලුවොත් සමහරවිට, චිත්‍රපටය අවසානයේ මැක්මිලන්ට දැනෙන සතුට ඔයාලටත් දැනේවි. 

එහෙනම් ඉතිං මං ගිහින් එන්නම්. ජය!!

 

නිවැරැදි දේ කිරීම මොන තරම් අපහසු වුනත්, හැම වෙලාවකම නිවැරැදි දේ විතරක් කරන්න.

– බ්‍රයන් ස්ටීවන්සන්

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින්එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

5,492 downloadsDownload Just-Mercy-2019-Blu-Ray.zip265 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චාමර සම්පත්

Subtitles

5,492 downloadsDownload Subtitles265 KB

18 comments

  1. MAxxk

    TNKS FOR SUB BRO..

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ලිපියත් සුපිරියට ලියල තියනව..
    ජය වේවා.!

  4. gihan perera

    ස්තුතියි සහෝ....නියමෙට හැඳින්වීම කරලා තියෙනවා....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....

  5. Nilush Angana

    Sub ekata thanx

  6. Isira janith

    Thanks sub ekata pluwannam playing with fire 2019 movie sub dennko please thanks

  7. jagath55

    Thanks

  8. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  9. indika75

    thanks..

  10. දසිත චාමික

    bohoma sthuthie saho sub ekata. jaya!

  11. thilz

    thank u very much

  12. nish47

    ස්තූතියි සහෝ

  13. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි චාමර සහෝ.
    කදිම ලිපියක්.
    ජයෙන් ජයම වේවා!

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Dewadithya

    Thanks for sub!

  16. Saranga J. Liyanagama

    Thanks

  17. THILOCHANA

    Awesome Film ,Thanks for the subs,keep it up

  18. chinthaka_priyadrshana

    Thank u bro...............