Watch Trailer

Sextuplets (2019) Sinhala Subtitles | හිත හොඳ, පිස්සු, අමුතු, විකාර, නිවුන්නු හයදෙනා [සිංහල උපසිරැසි සමග]

හොඳයි, ඔන්න එහෙනම් ඉක්මනින්ම තවත් චිත්‍රපටියකට උපසි‍රැසි අරන් ආවා. කාලෙකට පස්සේ හොඳ කොමඩියක් තමයි මේ ගෙනත් ඇවිත් තියෙන්නේ. මේක NETFLIX ලගේ වැඩක්. සය නිවුන් දරු උපතක් දීපු අම්මෙක්ගේ ළමයි ටික තැන් තැන් වල අස්ථානගත වී සිටීමක් තමයි මේ චිත්‍රපටියේ අඩංගු කරලා තියෙන්නේ. ඒ කියන්නේ අම්මට ළමයින්ව හදාගන්න බැර…

හොඳයි, ඔන්න එහෙනම් ඉක්මනින්ම තවත් චිත්‍රපටියකට උපසි‍රැසි අරන් ආවා. කාලෙකට පස්සේ හොඳ කොමඩියක් තමයි මේ ගෙනත් ඇවිත් තියෙන්නේ. මේක NETFLIX ලගේ වැඩක්. සය නිවුන් දරු උපතක් දීපු අම්මෙක්ගේ ළමයි ටික තැන් තැන් වල අස්ථානගත වී සිටීමක් තමයි මේ චිත්‍රපටියේ අඩංගු කරලා තියෙන්නේ. ඒ කියන්නේ අම්මට ළමයින්ව හදාගන්න බැරුව ළමා නිවාස, හදාගන්න අයට වගේ දීපු කතාවක්, පස්සේ මේ ළමයින්ගෙන් කෙනෙක් කාලයක් ගිහින් උස්මහත් වෙලා තමන්ගේ උපන් අම්මව හොයාන් යන සිද්දියක් තමයි තියෙන්නේ. කතාව ගැන වැඩිය නැතුව කෙටියෙන් ටිකක් මම ඔයාලට කියන්නම්.

කතාව මේකයි. ඇලන් මැදිවියේ පසුවන උසස් ‍රැකියාවක් තිබෙන කඩවසම් තරුණ හාදයෙක්, රූමත් උගත් බිරිඳක්ද සිටින. තම බිරිඳ ගැබ් ගැනීම හේතුවෙන් යම් කාරණයක් නිසාවෙන් ඇලන්ට හා බිරිඳට උවමනා වෙනවා ඇලන්ගේ සැබෑ මව්පියන් සොයා ගැනීමට. තම දෙමාපියන් සොයා ගමන ආරම්භ කරන ඇලන්ට අපූරු හා ත්‍රාසජනක අත්දැකීම් ‍රැසකටම මූණ දීමට සිදුවෙනවා. තම ඇතැම් ශරීර අංග පාව ඇලන්ට මෙහෙදි අහිමි වීමක් සිදුවෙනවා. තම නිවුන් සහෝදරයන් ඇලන්ට හමු වීමෙන් පසු තම මුදල් අහිමි වීම් පැහැර ගැනීම් හා විවිධ වද වේදනා වලටද ලක් වීමට ඇලන්ට සිදුවෙනවා. ඇලන්ට සිටිනා මෙම නිවුන් සහෝදරයින් සමාජයේ විවිධ තරාතිරම් වල විවිධාකාර අමුතු උදවිය පිරිසක්. මීට තරබාරු මෝඩ පහේ සහෝදරයෙක්, සොරෙක්, ජාත්‍යන්තර රහස් ඔත්තුකරුවෙක්, අසාධ්‍ය රෝගයකින් පෙළෙන කුරුමිටි අයෙක්, තරබාරු දාමරික සහෝදරියක් අයත් වේ.

ගැබ් ගැනීම නිසා මොකක්ද මේ දෙන්නට ඇති වෙන විශේෂ කාරණය ඇලන්ගේ දෙමාපියෝ හොයා ගන්න ? මොනවද මේ අපූරු ත්‍රාසජනක අත්දැකීම් ? ඇලන්ගේ ඇඟේ මොනවද ඒ නැති වෙන කොටස් ? ඇලන්ගේ සහෝදර සහෝදරියෝ ඇලන්ට කරන්නේ මොනවද ? මේ අයගේ හැසිරීම් රටා මොන වගේද ? ඇලන්ට එයාගේ අම්මා තාත්තා හොයා ගන්න පුළුවන් වෙයිද ?

මේ සේරටම උත්තර දැනගන්න චිත්‍රපටිය අරගෙනම බලන්න.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

5,082 downloadsDownload Sextuplets.2019.Baiscopelk.com_.zip65 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

UD Shehan

Subtitles

5,082 downloadsDownload Subtitles65 KB

18 comments

  1. gihan perera

    ස්තුතියි සහෝ .. පට්ට. . දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....ජය වෙිවා....

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  3. indika75

    thanks..

  4. uwiniran

    ස්තුතිය , සබ් එකට, දැන් බයිස්කොප් ඩව්න්ලෝඩ් වෙබ් එක වැඩ කරන්නෙ නැත්තේ ඇයි ?

    1. isuru srinath sjs

      දැන් වැඩ කරනවා.

  5. දසිත චාමික

    bohoma sthuthie saho sub ekata. Jaya!

  6. Isurusandeepa007

    thanks

  7. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    දිගටම සබ් දෙමු...

  8. arawindasunimal

    thanks sub ekata (ud shehan) jayawewa.....................

  9. jagath55

    Thanks

  10. D.Chamara

    bohoma sthuthi sahoo

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. නිමල් දිසානායක

    හොඳ වැඩක් ෂෙහාන්.
    ගොඩක් ස්තුතියි!

  13. mindika

    Thanks !!!

  14. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  15. Kanchaka

    Thanks bro

  16. sanjeewakbg

    Thanks bro...

  17. Anonymous

    thanks