Watch Trailer

Sangathamizhan (2019) AKA Sanga Thamizhan Sinhala Subtitles | ඉවසන්න.. අවශ්‍යම නම් තරහ ගන්න. [සිංහල උපසිරසි සමඟ]

2019 අවුරුද්දේ තිරගත වුන තවත් නිර්මාණයක් එක්ක තමයි මේ එන්නේ. බාර අරන් දවස් තුන හතරක් වුනා. නොවැලැක්විය හැකි හේතු කීපයක් නිසා ටිකක් පරක්කු වුනා. කොහොමහරි ඉවර කරලා ගෙනාවා. සන්ගතමිලන්. ප්‍රධාන නලුවගෙ නම. ප්‍රධාන නලුවා වෙන කවුරුත් නෙවෙයි. සුපිරි චිත්‍රපටි රැසකින් අපි කාටත් ලන් වුනු අපි කවුරුත් ආදරේ කරන…

2019 අවුරුද්දේ තිරගත වුන තවත් නිර්මාණයක් එක්ක තමයි මේ එන්නේ. බාර අරන් දවස් තුන හතරක් වුනා. නොවැලැක්විය හැකි හේතු කීපයක් නිසා ටිකක් පරක්කු වුනා. කොහොමහරි ඉවර කරලා ගෙනාවා. සන්ගතමිලන්. ප්‍රධාන නලුවගෙ නම. ප්‍රධාන නලුවා වෙන කවුරුත් නෙවෙයි. සුපිරි චිත්‍රපටි රැසකින් අපි කාටත් ලන් වුනු අපි කවුරුත් ආදරේ කරන Vijay Sethupathi. දෙමල සිනමාවේ දැනටමත් කිරුලු පැලඳි සුපිරි නලුවෙක්. එයා ගැන වෙනම කියන්න ඕනෙ නෑනෙ. දන්න අය දන්නවා. විජ‍ේ සේතුපතිට අමතරව මේකේ අනෙක් අයත් ගොඩක් ප්‍රසිද්ධ නලු නිලියෝ තමයි ඉන්නේ. Soori, සුරූපී Rashi Khanna, Ashutosh Rana, Nassar මේ වගේ තව අපි දන්න ගොඩක් අය ඉන්නවා. Rating පැත්ත ගත්තම ටිකක් අඩු අගයක් තමයි තියෙනනේ. හේතුව නම් දන්නෙ නෑ. ‍සාමාන්‍යයෙන් සුපුරුදු ‍අඩු ගුරුත්වාකර්ෂනයක් තියෙන ඉන්දියානු චිත්‍රපටියක්. ඒ කියන්නේ ටිකක් සැර වලි එහෙම තියෙන්නේ. Soori සාමාන්‍යයෙන් ඉන්නේ විහිලුකාරයටනෙ. හැබැයි මේකේ නම් හාත්පසින්ම වෙනස්. එයාට ඒ රඟපෑම ගැලපෙනවද කියලා ඔයාලම තීරණය කරන්න.

මරුදමන්ගලම් කියන ගමට පිටින් ‍සමාගමක් ඇවිත් තඹ කර්මාන්තශාලාවක් පටන් ගන්නවා. හැබැයි පටන් ගත්ත වෙලාවේ ඉඳන් ඒකට ගමේ අය කේස් එක දානවා. ගමේ නාය‍කයොත් මේකට සම්බන්ධයි. තඹ නිෂ්පාදනය නිසා පරිසරයට විෂ වායු එක් වෙලා මිනිස්සුන්ට හානි වෙනවා කියලා ගමේ අය නඩු දානවා. සමාගම නඩුව පරදිනවා. හැබැයි නිකන් ඉඳියිද? නෑ. වෙන වෙන ගැට අඹරලා ආපහු අර කර්මාන්තශාලාව පටන් ගන්න උත්සාහ කරනවා. මේකට ප්‍රධාන වශයෙන් තමිල් (වි‍‍ජේ සේතුපති) සහ එයාගෙ පවුලේ අය ගොඩක් විරුද්ධ වෙනවා. පස්සේ තමිල්ටයි එයාගෙ පවුලටයි මැරුම් කන්න වෙනවා මේ ප්‍රශ්නේ නිසා. එතනින් එහාට මොකද වෙන්නේ. ඔයාලම බලන්න.

ලස්සන කතාවක් මේකේ තියෙනවා. ඒ වගේම සාම්ප්‍රදායික චිත්‍රපටියක් විදියට ගලාගෙන යනවා. සූරි මූන එල්ලන් හිටියට ඇඟට පතට නොදැනී හොඳ විහිලු ටිකකුත් කරනවා. සමාජයට ලොකු පණිවිඩයකුත් දෙන්න උත්සාහ කරනවා. එහෙනම් වි‍ජේ සේතුපතිට ආදරේ අය අනිවාරෙන් අරන් බලන්න. හසන්ත අයියේ…ස්තූතියි!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත සඳහා අදාළ වේ.

18,323 downloadsDownload Sangathamizhan-2019.zip77 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රංග ප්‍රසන්න

Subtitles

18,323 downloadsDownload Subtitles77 KB

22 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. EM Nishshanka

    Thanks

  3. Nilush Angana

    Sub ekata thanx

  4. D.Chamara

    bohoma sthuthi sahoo jaya ..

  5. Shaggie

    Thnks mchn

  6. gayanmagee

    thanks

  7. Achi

    Thank bokka ආදරෙයි

  8. AUSHI

    THANKS BRO..

  9. indika75

    thanks..

  10. Shehan putha

    Thanks ranga bro

  11. kodagoda

    tnx sahoo sub ekta

  12. thilz

    thank youuu

  13. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. thilz

    thanks

  16. Tharindu07

    Thanks Machooo....!!! Patta....!!!!

  17. Anonymous

    Thanks bro good luck.

  18. dilshanasitha12

    thankz

  19. sadeapa

    thanks for sub.

  20. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  21. Arawinda Sunimal

    THANKS..............

  22. Anonymous

    Kanchana 4 film ekta sub dennko