Watch Trailer

Just Play Dead (2026) Sinhala Subtitles | කවුද කාටද වැඩේ දෙන්නේ….? [සිංහල උපසිරසි]

Just Play Dead (2026) Sinhala Subtitles ඔන්න අද අරන් ආවේ මගේ පස්වන උපසිරැසිය. Casino Royale සහ GoldenEye වැනි ජේම්ස් බොන්ඩ් සිනමාපට අධ්‍යක්ෂණය කළ ප්‍රවීණ අධ්‍යක්ෂ මාටින් කැම්ප්බෙල් (Martin Campbell) ගේ නවතම ක්‍රියාදාම / අඳුරු හාස්‍ය මුසු Crime Thriller චිත්‍රපටය තමයි Just Play Dead (2026) කියන්නේ.…

Just Play Dead (2026) Sinhala Subtitles

ඔන්න අද අරන් ආවේ මගේ පස්වන උපසිරැසිය.
Casino Royale සහ GoldenEye වැනි ජේම්ස් බොන්ඩ් සිනමාපට අධ්‍යක්ෂණය කළ ප්‍රවීණ අධ්‍යක්ෂ මාටින් කැම්ප්බෙල් (Martin Campbell) ගේ නවතම ක්‍රියාදාම / අඳුරු හාස්‍ය මුසු Crime Thriller චිත්‍රපටය තමයි Just Play Dead (2026) කියන්නේ.

2026 අගෝස්තු 28 වන දින සිනමාහල් වෙත නිකුත් කෙරුණු මිනිත්තු 97 ක ධාවන කාලයකින් යුක්ත මෙම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සිදුකර තිබෙන්නේ වැලන්ටින් ඩිමිට්‍රොව්, සාගිව් ඩයමන්ඩ්, ෆිල් හන්ට් සහ මොෂේ ඩයමන්ඩ් යන අය විසිනි. ඩෑන් ගෝඩන් විසින් තිරරචනය කරන ලද මෙහි විධායක නිෂ්පාදනයටද ප්‍රධාන රංගන ශිල්පී සැමුවෙල් එල්. ජැක්සන් සහභාගී වී තිබෙනවා.

රංගන දායකත්වය (Cast):හොලිවුඩයේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී සැමුවෙල් එල්. ජැක්සන් (Samuel L. Jackson) ජැක් වුල්ෆ් ලෙසත්, ඔහුගේ බිරිඳගේ චරිතයෙන් ප්‍රසිද්ධ නිළි ඊවා ග්‍රීන් (Eva Green) නොරා වුල්ෆ් ලෙසත් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා. ඊට අමතරව ස්පාඤ්ඤ නිළි මරියා පෙඩ්රාසා (María Pedraza), ඕයින් මැකන් (Eoin Macken) සහ ජේසන් ෆර්ඩිනැන්ඩස් (Jason Fernández) ඇතුළු පිරිසක් සසුන්ගත රංගනයක නිරත වෙනවා.

කතාව ගැන:
මහා පරිමාණයේ නීති විරෝධී ව්‍යාපාරිකයෙක් වෙන ජැක් වුල්ෆ් (Samuel L. Jackson) නීතියේ රැහැනට හසුවීමට ආසන්න වෙද්දී, ඔහුට බේරෙන්න අමුතුම ප්ලෑන් එකක් ඔළුවට එනවා. ඒ තමයි තමන්ගේ ඇත්තම මරණය ව්‍යාජ ලෙස මවාපාමින් (Fake Death), ඩොලර් මිලියන 30 ක ඉන්ෂුවරන්ස් වන්දිය තමන්ගේ බිරිඳ වන නොරාගේ (Eva Green) මාර්ගයෙන් ලබාගෙන පැනලා යෑමයි. ඒ විතරක් නෙවෙයි, තමන්ට හොරෙන් වෙනත් අයෙක් එක්ක පෙමින් වෙලී සිටින බිරිඳගේ පෙම්වතාව මේ මරණයට හිර කරන්නත් ඔහු සැලසුම් කරනවා.
නමුත් වැඩේ කියන්නේ, නොරාට ඕනේ වෙන්නේ ජැක්ගේ බොරු මරණය ඇත්තම මරණයක් බවට පත් කරලා, මුළු සල්ලි ටික තනියම ගන්නයි! මේ නිසා දෙන්නාගෙන් කවුරු කාට කලින් ගේම දෙයිද කියන එක තත්පරයෙන් තත්පරය වෙනස් වෙන මාරාන්තික මානසික සටනක් බවට පත්වෙනවා.

චිත්‍රපටයේ විශේෂතා:
– ප්‍රබල රංගන ශිල්පීන් එකිනෙකා පරයා යන ලෙස කරන චරිත නිරූපණය චිත්‍රපටය පුරාම කුතුහලය ඉහළින්ම තබනවා.
– බරපතල අපරාධයක් පසුපස යන අතරතුර මතුවන කළු හාස්‍යය (Dark Humor) නිසා චිත්‍රපටය නැරඹීම කම්මැලි නැති අත්දැකීමක් වෙනවා.

IMDB – 4.3/10
Duration – 1h 37mins

අන්තිම තත්පරය දක්වා කුතුහලයෙන් බලන්න පුළුවන් සුපිරි Crime Thriller එකක් බලන්න කැමති අය අනිවාරෙන්ම මේ චිත්‍රපටය අරන් බලන්න! එහෙනම් තවත් උපසිරැසියකින් ඉක්මනින් හමුවෙමු!

Just Play Dead (2026) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any download links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

751 downloadsDownload Just-Play-Dead-2026.zip55 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යොහාන් සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-08-24

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Just Play Dead Sinhala Subtitles

Subtitles by

යොහාන් සම්පත්

Subtitles

751 downloadsDownload Subtitles55 KB

1 comment

  1. Buddhika laKMal

    ස්තූතියි මචං උපසිරැසියට