Watch Trailer

Unmadham (2026) Sinhala Subtitles | සත්‍යයය එහෙම වළලන්න පුළුවන්ද? [සිංහල උපසිරැසි] [350*]

Unmadham (2026) Sinhala Subtitles මේක තවත් අළුත් මලයාලි චිත්‍රපටියක්. මේකත් ඉදිං සුපුරුදු පරිදි පොලිස් කතාවක තමයි. දැන් පොලිසිය කිව්වම අපිටත් මතක් වෙන්නෙ කේරළ පොලිසිය තමයි. ඉතිං ඉවරයක් නෑ තව ඉස්සරහටත් එන්න තියෙන බොහෝ මලයාලම් චිත්‍රපට පොලිස් චිත්‍රපටිම තමයි.හැබැයි මේකෙ කතාව ටිකක් වෙනස්. මේකෙ කතාවත්…

Unmadham (2026) Sinhala Subtitles

මේක තවත් අළුත් මලයාලි චිත්‍රපටියක්. මේකත් ඉදිං සුපුරුදු පරිදි පොලිස් කතාවක තමයි. දැන් පොලිසිය කිව්වම අපිටත් මතක් වෙන්නෙ කේරළ පොලිසිය තමයි. ඉතිං ඉවරයක් නෑ තව ඉස්සරහටත් එන්න තියෙන බොහෝ මලයාලම් චිත්‍රපට පොලිස් චිත්‍රපටිම තමයි.හැබැයි මේකෙ කතාව ටිකක් වෙනස්.

මේකෙ කතාවත් පොලිස් නිලධාරියෙක් අභිරහසක් විසඳන්න ගන්න උත්සාහයක්. මේකෙදි සාමාන්‍ය නීති සහ අධිකරණ විද්‍යාවෙන් එහාට ගිහිං යථාර්තයෙන් ඔබ්බට කතාව අරන් යනවා. ඉතිං පවුල්මූල්‍යමය ප්‍රශ්ණ රැසකට මැදි වූ පොලිස් කාරයෙක් තිර රචකයෙක් හැටියට සිනමාවට සම්බන්ධ වෙලා තම ජීවිතය ගොඩ දා ගන්න උත්සාහයක් දරනවා. සිය රැකියාවෙන් පසි රහිත නිවාඩු ගෙන තිර රචනයේ යෙදී සිටින ඔහුගේ පිටපත් ප්‍රතික්ශේප වෙද්දී බිරිඳගේ බර බරේ නිසා ආපහු රාජකාරියට වාර්තා කරනවා. ඒ අවස්ථාවේදී පොලිසිය විසින් වසා දැමූ නඩුවක් ගැන ඔහුගේ අවධානය යොමු වෙනවා. එක් අතකින් එය අලලා තිර නාටකයක් ලියන්නත් අනිත් අතින් එහි වැළලී ගිය අතීතය හාරා අවුස්සා අභිරහසක් හෙළි කර ගැනීමටත් ඔහු උත්සාහ දරනවා. ඉතින් එය ඔහුගේ සිතේ මායාවක්ද නැතහොත් ඔහුට එය විසඳා ගත හැකිද යන්න චිත්‍රපටයෙන් බලන්න

කුන්චාකෝ බොබන් සහ ලිජමෝල් ජෝස් ප්‍රධාන චරිත රඟන මෙහි සිද්දික්, කොට්ටායක් නසීර්, රයිනා රාධක්‍රිශ්ණන්, ගරු රඟපෑමකින් සුබින් සුහේර්ද එක් වෙනවා. සම්මානනීය සංස්කරණ ශිල්පියෙකු වන කිරන් දාස්ගේ මුල්ම අධ්‍යක්ශණ තමයි මේක.

ඉතිං මේ උප සිරැසිය මගේ 350 වෙනි උපසිරැසියත් 175 වෙනි මලයාලම් උපසිරැසියත් සනිටුහන් කරනවා. වසර තුනක් වගේ කාලෙකදී මේ කඩ ඉමට එද්දී මා පසු පසින් සිට සහයෝගය ලබා දුන් බයිස්කෝප් කණ්ඩායමත් නැරඹූ ඔබ සැමත් සාදරයෙන් මතක් කරනවා. එහෙනම් තවත් නව උප සිරසියකින් හමු වෙමු.

ආයුබෝවන්

Unmadham (2026) Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.

1,803 downloadsDownload Unmadham-2026.zip52 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Unmadham Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

1,803 downloadsDownload Subtitles52 KB

8 comments

  1. ඕෂද එරංග (Era Boy)

    350 ට සුබ පැතුම් බන්දුල අයියේ!

  2. යුරාන් ධනුක

    උපසිරසියට බොහෝම ස්තූතියි බන්දුල අයියේ
    ඔයාගේ උපසිරසි එක්ක තමයි මම ගොඩක් මලයාලම් ෆිල්ම් බැලුවේ
    දිගටම වැඩේ කරගෙන යමු
    ජයවේවා!!!

  3. රොෂාන් ශමීර

    බන්දුල සහෝ…
    තුන්සිය පනස් වෙනි සිංහල උපසිරසියට මගේ උණුසුම් සුබ පැතුම්..
    තව තවත් සිංහල උපසිරසි ගෙන එන්න අවැසි කාලය, ශක්තිය නොඅඩුව ලැබේවා..
    නිරෝගී වේවා.. වාසනා වේවා..
    ජය වේවා..

  4. Hemantha De Silva

    හෘදයාංගම ුසභ පැතුම් බන්දුල… ජයවේවා…
    ඔබේ මෙහෙවර නිසා අපි ගොඩක් සතුටු වෙනවා…

  5. Buddhika laKMal

    350වෙනි උපසිරැසියට සුබ පැතුම් බන්දුල අයියේ…..
    ඔයා හින්ද මූවිස් සිරිස් තේරෙන විදිහට රස විදින්න අපිට පුලුවන් වුනා…
    පුලුවන් වෙලාවට තව තවත් මේ වගේ උපසිරැසිකරන්න හැකියාව ලැබේවා…
    ඔයාගේ පෞද්ගලික ජීවිතයෙ වැඩකටයුතුත් සාර්තක වේවා…..
    මේ උපසිරැසියටත් බෝම ස්තූතියි බන්දුල අයියේ…

  6. එල්. සී. ‎දමැල්

    350වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම් බන්දුල අයියේ! 🙂
    400ත් ඉක්මනින් ගහන්න සහ අනිත් සියලු කටයුතුත් සාර්ථකව කරගන්නටත් හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    ජය ✌

  7. Sahan Gayantha

    thanks a lot Bandula saho sub ekata

  8. Supun SS

    සුබ පැතුම් සහ ස්තූතියි ❤️