සුපුරුදු පරිදි හුග කාලයකට පස්සේ හමුවෙන්නේ මේ අවුරුද්දට නිකුත්වුන, පළමු DC Comic පදනම් කරගෙන වාර්ෂික ඇනිමේෂන් චිත්‍රපට පෙලෙහි පළමුවැන්න අරගෙනයි. මේක තාම නිකුත් වීමක් සිදු වෙලත් නැහැ. ඒ කියන්නේ මේක නිකුත්වීමට පෙර අන්තර්ජාලයට මුදාහැරුණු එකක්. කිසිම හේතුවක් නැතුව දින එහෙ මෙහෙ වුණා. මොකද මේක මිට කලින් ස…

සුපුරුදු පරිදි හුග කාලයකට පස්සේ හමුවෙන්නේ මේ අවුරුද්දට නිකුත්වුන, පළමු DC Comic පදනම් කරගෙන වාර්ෂික ඇනිමේෂන් චිත්‍රපට පෙලෙහි පළමුවැන්න අරගෙනයි. මේක තාම නිකුත් වීමක් සිදු වෙලත් නැහැ. ඒ කියන්නේ මේක නිකුත්වීමට පෙර අන්තර්ජාලයට මුදාහැරුණු එකක්. කිසිම හේතුවක් නැතුව දින එහෙ මෙහෙ වුණා. මොකද මේක මිට කලින් සදහන් කරලා තිබුනේ 2016 දෙසැම්බරයේ අවසන් සතියේ නිකුත් වෙන චිත්‍රපටයක් හැටියට. ආයෙමත් පස්සේ 2017 ජනවාරියට කල් ගියා. දැන් මේක දාලා තියෙන්නේ 2017 පෙබරවාරි 7 කියලයි. නම ඉතින් ආයේ කියන්න ඕනේ නෑනේ. ජ්සටිස් ලීග් ඩා(ර්)ක්. පුද්ගලිකවම මේක එනකං ඇගිලි ගැන ගැන බලා උන්නු චිත්‍රපටයක් කිව්වොත් වඩා නිවැරදියි. අපි දැන් බලමුකෝ කතාවේ අනතර්ගතය මොන වගේද කියලා.
කතාව පදනම් වුණේ අවුරුදු ගාණකට කලින්…
ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑනේ. ඒ වගේම තමයි මේ කොමික් චිත්‍රපට ආවට ගියාට හදන්නේ නෑ. Justice League Dark, එහෙමත් නැත්තම් JLD කියන්නේ DC Comic මත පදනම් වුනු චිත්‍රකතා පොතක්. මේකේ මුල් පිටපත මුල්ම වතාවට නිකුත් වුණේ 2011 සැප්තැම්බර් මාසයේ “Justice League Dark #1″ කියලයි. මේ කතා පොතට ඇතුලත් කරලා තිබුණේ , ජෝන් කොන්ස්ටන්ටීන්, මැඩම් සැන්ඩු, ඩේඩ්මෑන්, ශේඩ් ද චේන්ජින් මෑන් වගේම සැටානා. මේ මුළු කණ්ඩායමේ සාමාජිකයන් තමයි DC Comic විශ්වයේ අස්වාභාවික පැතිකඩක් තියෙන පුද්ගලයන් හැටියට සැලකෙන්නේ. ජස්ටිස් ලීග් කණඩායමට හසුරවන්න බැරි අස්වාභාවික ඩීමන්ලා(යක්ෂයෝ) මෙල්ල කරන මෙහෙයුමකට. කතාව පදනම් කරගෙන තිබුනේ “House of Mystery” කියන සගරා පෙළටයි.
මේ වසරේ නිකුත් වූ ඇනිමේෂන් චිත්‍රපටයේ අන්තර්ගතය
කොමික් පොතේ අන්තර්ගතය දකින්න ඇතිනේ. නමුත් මේ චිත්‍රපටය නම් පොතෙන් පොඩ්ඩක් පරිබාහිරව වෙනස්කම් කිහිපයක් සිද්දවෙලා තියෙනවා. චිත්‍රපටයේ චරිත විදිහට වර්ග කලොත්, ප්‍රධාන චරිත කිහිපය වෙන්නේ, ජෝන් කොන්ස්ටන්ටීන්,සැටානා, බැට්මෑන් වගේම ඩේඩ්මෑන් නොහොත් බොස්ටන් ඇතුළු තවත් සුළු චරිත විදිහට, ඇබගසාර් නොහොත් මර්ලින්, ජේසන් බ්ලඩ් නොහොත් ඒට්‍රිගන් වගේම ජස්ටිස් ලීග්හී තවත් චරිත කිහිපයක් බලාගන්න පුළුවන්. මෙතන ප්‍රධාන මෙහෙයුම ජස්ටිස් ලීග් එකට හසුරවන්න බැරි නිසා එයාලා මේකට වැඩි දායකත්වයක් දරන්නේ බැටා හැරෙන්න.
“ගෝතම්, මෙට්‍රොපොලිස්, වොෂින්ටන් වගේ නගර කිහිපයකට ආසාදනයක් නැති වෙනවා ඩීමන්ලාගෙන්. එයාලගේ හිත් වලට නපුරු හීනයක් හැටියට මේ ඩීමන්ලා ඇතුල්වෙලා තමාට හමුවෙන දකින අය යක්ෂයෝ වගේ පේන්න ගන්නවා. ඒ නිසා නගරවල මිනීමැරුම් වැඩිවෙන්න ගන්නවා. මේකට ජස්ටිස් ලීග් එකෙන් මැදිහත් වෙන්න හැදුවත් මේ අස්වාභාවික දේ එයාලට පාලනයක් කරගන්න බැරි වෙනවා වගේම මේ වෛරය ලෝකව්‍යාප්ත එකක් වෛරසයක් බවට පත්වෙනවා. මේ අතරේ තමයි ඩේඩ්මෑන් ඇවිත් බැට්මෑන්ට ඉගි කරන්නේ කොන්ස්ටන්ටීන්ව හමුවෙන්න කියලා. පස්සේ බැටා යනවා කොන්ස්ටන්ටීන් හොයාගන්න කියලා සැටානාව හමුවෙන්න. මේ අතරේ කොන්ස්ටන්ටීන් ලාස් වෙගාස්වල යක්ෂ තුන්කට්ටුව එක්ක සූදු කෙලලා ඒ යක්ෂයෝ ඔට්ටු අල්ලපු ඩ්‍රීම්ස්ටෝන් කුට්ටියත් අරගෙන යන්න යනවා. ඩ්‍රීම්ස්ටෝන් කියන්නේ මොකක්ද කියලා තේරෙයි කතාව බලන අතරේ. මං කලින් සදහන් කළා මතකනේ “House of Mystery” ගැන. මේ අභිරහස් විමන/නිවහන කියන්නේ මේ කතාවට අනුව නම් ජෝන් කොන්ස්ටන්ටීන්ට අයිතිව තියෙන ඕනෙම තැනකට මායාබලෙන් යන්න පුළුවන්, ඕනෙම වෙලාවක මායාබලයෙන් ගොඩනගන්න පුලුවන් නිවහනක්.මං දැම්මේ අභිරහස් විමන කියලා. නැත්තම් වෙන විදිහකට කියන්න ගියොත් කැතයි වගේ. ඉතින් මේ අභිරහස් විමන හොයාගෙන තමයි බැට්මෑන්, සැටානා වගේම බොට්සන් යන්නේ. මේ යන අතරේ අර නගරෙට එල්ල කරපු ඩීමන් වෛරසයේ මහා මොළකාරයා මේ තුන්දෙනාට පහර දෙනවා. බැටාගේ බැට්මොබීල් එකත් විනාශ වෙනවා. පස්සේ කොන්ස්ටන්ටීන්, බැට්මෑන්, ජේසන්, බොට්සන් එකතු වෙලා මේකේ මුලට යනවා හෝඩුවාවල් හොයාගෙන මෙහෙම වෙන්න හේතුව මොකක්ද කියලා බලන්නත් එක්ක.ගොඩක් බාධක වලට මේ අයට මුහුණ දෙන්න වෙනවා. මොකද මේක පිටිපස්සේ ඉන්නේ කොන්ස්ටන්ටීන් විශ්වාස කරපු යාළුවෙක්මයි. කොන්ස්ටන්ටීන්ගේ වැඩකිඩ එක්ක කතාව සුපිරියක් වෙනවා.”
මේ චිත්‍රපටයේ තියෙන ලොකුම විශේෂත්වය කොන්ස්ටන්ටීන්ගේ චරිතයට හඩකවන්නේ 2014 – 2015 කාලය අතරතුරේ විකාශය වූ Constantine කතාමලාවෙහි ජෝන් කොන්ස්ටන්ටීන්ට රංගනයෙන් දායක වූ “Matt Ryan” විසින්මයි. 2017 පෙබරවාරි 7 වෙනිදට පෙර නිකුත් වුණත් මෙම චිත්‍රපටයට IMDb දර්ශකයේ 7.9/10 ඉහල අගයක් ලැබිලා තියෙනවා. පැයකුත් විනාඩි පහළවකුත් පුරාවට දිවෙන JLD චිත්‍රපටය Animation, Action, Fantasy කියන කැටගරි වලට අයත් වෙනවා. අධ්‍යක්ෂණය සිදුවෙලා තියෙන්නේ Jay Oliva විසින්. මේකේ වෙබ් පිටපත නිකුත් වුණේ පෙරේදා හවස ඒ කියන්නේඅගහරුවාදා. එවෙලේම උපසිරැසියක් නිකුත් වෙලා තිබුණත් කලේ නෑ තව පිටපත් නිකුත් වෙනකං. බ්ලුරේ යාවත්කාලීන කිරීමක් කරන්න උත්සහයක් දෙන්නම් වෙලාවක් තිබුණොත්. කිසිම බයක් නැතිව ඕනෙම වෙබ් කොපියකට අරගන්න HD කොපි අරං නම් නාහෙන් අඩන්න එපා!
කොන්ස්ටන්ටීන් රසිකයන්ට සුභ ආරංචියක්
මේ ගැන මංසල හරහාවත් කියන්න බැරි වුන නිසා මෙතනින් කියලා දාන්නම්. Constantine කතාමාලාව කියන්නේ හුගක් දෙනා ආසා කරපු පිස්සු වැටුණු සීරිස් එකක් කිව්වොත් නිවැරදියි. මතකනේ NBC නාලිකාවෙන් මේක විකාශය වුනාම පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ බැලුවා. නමුත් අවාසනාවට මේක පළමු කතාමාලාවෙන් අවසන් වුණා. අඩු රේටින්ග් වගේම වැඩි ඉල්ලුමක් තිබුණේ නෑ. හරියට සුපර්ගර්ල් සීරිස් එකට වගේ. ගිය අවුරුද්දේ CW ආයතනයෙන් සදහන් කරලා තිබුණා Constantine දෙවැනි සමය අපිට බලාගන්න පුලුවන් කියලා. ඒක මේ අවුරුද්දේ ස්ථිර කළා. ඒ කියන්නේ හරියටම මේ ජනවාරියේ 9 වෙනිදා කියලා තිබුනා Constantine දෙවැන්නක් එනවා නමුත් ඇනිමේෂන් සීරිස් එකක් හැටියට CW Seed හරහා විකාශය කරනවා කියලා. ඒ සීරිස් එකෙත් කොන්ස්ටන්ටීන්ගේ චරිතයට හඩකැවිමෙන් දායක වෙන්නේ සුපුරුදු Matt Ryan විසින්මයි. CW seed කිව්වහම දන්නවනේ ඇනිමේෂන් නම් හුගක් කෙටියෙන් ධාවනය වෙන්නේ. Vixen බලපු අය නම් දන්නවා ඒ හැගීම මොන වගේද කියලා. මොනා උනත් ඒක හරි වටිනවා කියලවත් හිතාගන්න වෙනවා. මං නම් හිතන්නේ බොහෝවිට ඔක්තෝබර් කාලයේ වගේ විකාශය වෙයි.
එහෙනම් ඉතින් ගිහින් එන්නම්. කට්ටිය මේක ආසාවෙන් බලාවි කියලා හිතනවා. හැමෝටම ජයෙන් ජය!!
ගැලපෙන පිටපත්
Web
Justice.League.Dark.2017.720p.WEB-DL.x264.DD5.1-iFT
Justice.League.Dark.2017.1080p.WEB-DL.DD5.1.H264-FGT
Justice.League.Dark.2017.720p.WEB-DL.700MB.ShAaNiG
Justice.League.Dark.2017.HDRip.XviD.AC3-iFT
Justice.League.Dark.2017.HDRip.XviD.AC3-EVO
Justice League Dark 2017 720p WEBRip 550 MB – iExTV
Justice.league.dark.2017.720p.web-dl.x264-NBY
Blu-Ray
Justice.League.Dark.2017.1080p-720p.BluRay.x264-FOXM
Justice.League.Dark.2017.1080p-720p.BluRay.x264-[YTS.AG]
Justice.League.Dark.2017.1080p-720p.BluRay.x264.DTS-HD.MA.5.1-MT
Justice.League.Dark.2017.1080p-720p.BluRay.H264.AAC-RARBG
Justice League Dark 2017 720p BRRip 700MB – MkvCage
Justice.League.Dark.2017.720p.BRRip.x264 – WeTv
Justice.League.Dark.2017.BRRip.XviD.AC3-RARBG
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
2,953 downloadsDownload Justice.League.Dark_.2017.Br_.Baiscopelk.com_.zip60 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
36 comments
Web-බුවා
Web-බුවා
burke කාරයගේ කමිසේ ගලවලා, පිස්සෙක් වගේ...පිස්සෙක් වගේ ;) නිව්යෝක් නගරේ මහා දවාලේ හැතැම්ම 5ක් ඇවිද්දෙව්වා නම්,පිස්සෙක් වගේ season 2කට තව season 20ක් දෙයි. :D :D :D
Larlitha Sri Vidhara
Comment of The Day...........
Web-බුවා
;) ;) ;)
Amalka Himeshan
Thanks sub ekata
සචින් අකලංක.
thanxxxxxxx saho.
Damien
Ela neh sahoooo. BR rip awa withari, niyami
silent$
Pattaaaaane !!!!!!!!!!
Nirodha uthpala
Elama thx bro obata jaya
උසමහත විසබීඡ
doctor strange sub eka dennakoooooooooooooooo
Web-බුවා
පට්ට නම් ඕයි! :o :o :o
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ සබ් එකට
Ravindu Rukshan
thx
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chalana Rukshan
thnx bro...
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි.......!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Malshan Hasaranga
doctor strange ekata sub dennako brv
Malshan Hasaranga
thnx bro sub ekata
[( DOCTOR STRANGE EKATATH SUB DIPNKO KOLLO ])
කවින්ද බුද්ධික
බොහෝම ස්තූතියි සහෝ.. මේක දෙකනල් බලාන හිටියේ.. ජය වේවා..
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!pdrox
Sub එකට ස්තුති සහෝ.justice league කියන්නේ ඉතින් සුපිරි තමා. :D
මධුකප්‍රිය පෙරේරා
උපසිරසියට බොහොම ස්තුතියි..
Sanindu Lakkitha
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..!
Thisaru Nadeeshan
Supi4i ii
Bhanuka
Thanx for sub...,
Eranga
Superb Bro
Anyone
ස්තුතියි සහෝ
Thushara
Thank U very much machan
Ishan Hansana
Thanq
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
සචින්ත කල්හාර බෙනට්
ela
Gayan_madushanka_
Thanks bro
Amila Mudalige
Sub ekata Thanks
Chandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up the good work.
Anonymous
බොහොම ස්තූතියි චාමර සහෝ උපසිරැසියට... ජය වේවා....❤️❤️❤️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

BR ආවා විතරයි සබ දීලා ගිනි කසයා වගේ :D
දැන් නම් පොල්ලෙන් ඔලුව දෙබෑ කරගන්න ඕන නෑ. lol. සබට ස්තූති වේවා සහෝ!
ජය! :)