“සියලුම මිනිසුන් අපරාධ සිදු කරයි නමුත් ඔවුන් ඒවා ලොවෙන් සගවාගෙන සිටිති එනිසා අපි ඔවුන්ට බියවිය යුතු වෙමු නමුත් ඔවුන්ට හැමදාමත් ජය ගන්නට ඉඩ දී බලා සිටීම හෝ ඔවුන්ගේම එකෙකු වීම ඊටත් වඩා අපරාධයකි ” හෙන්රි හිල් මට මතක ඇති කාලෙක ඉදලාම මට ඕනෙ උනේ මැරයෙක් වෙන්න. මට නම් මැරයෙක් වෙන එක ඇමරිකාවේ ජනාධිපති වෙන…

“සියලුම මිනිසුන් අපරාධ සිදු කරයි
නමුත් ඔවුන් ඒවා ලොවෙන් සගවාගෙන සිටිති
එනිසා අපි ඔවුන්ට බියවිය යුතු වෙමු
නමුත් ඔවුන්ට හැමදාමත් ජය ගන්නට ඉඩ දී බලා සිටීම හෝ
ඔවුන්ගේම එකෙකු වීම ඊටත් වඩා අපරාධයකි ”
හෙන්රි හිල්
මට මතක ඇති කාලෙක ඉදලාම මට ඕනෙ උනේ මැරයෙක් වෙන්න. මට නම් මැරයෙක් වෙන එක ඇමරිකාවේ ජනාධිපති වෙන එකටත් වඩා වටින දෙයක් උනා. ඉස්කෝලෙන් හොරෙන් පැනලා කැබ් ස්ටෑන්ඩ් එක වටේ රස්තියාදු ගහන්න ගන්නත් කලින් ඉදලාම මට ඕනෙ උනේ එයාලගෙන් කෙනෙක් වෙන්න. මම දැනගෙන හිටියා එහාට තමයි මම අයිති කියලා.
කැරන් හිල්
මම දන්නවා ඕනෙම කෙල්ලෙක්ට එයාගේ පෙම්වතා හංගන්න කියලා අතට ලේ ගෑවුන තුවක්කුවක් දුන්නොත් බයටම පිස්සු හැදේවි. ඒත් මට එහෙම උනේ නෑ. මම ඒ කටුක ඇත්ත බාර ගත්තා. මම ඒකට මූන දෙන්න හිත හදා ගත්තා.
මේ හෙන්රි හිල්, ජිමී කොන්වේ, ටොමී ඩෙවිටෝ, පෝල් සිසෙරෝ ගේ සත්‍ය ජීවිත කතාවයි. එමෙන්ම අදටත් අප අතරම ජීවත් වන මෙවන් මිනිසුන්ගේ නොකියූ කතාවයි.
IMDb වර්ගීකරනයට අනුව ලොව හොදම චිත්‍රපට 250 අතුරින් 17 වන ස්තානයේ වැජඹෙන rotten Tomatoes වර්ගීකරනයේ 96% ක් ලබාගත් ඔස්කාර් සම්මානයක් ඇතුලු තවත් සම්මාන 37ක් හා නිර්දේශවීම් 35 කට හිමිකම් කියන මේ සුපිරි චිත්‍රපටිය නොබැලූ දෑස් කුමට?
අවවාදයයි!
මේකේ භාෂාව නම් ටිකක් තද වැඩියි. “ F**k ” කියන වචනේ විතරක් චිත්‍රපටිය පුරාවටම 296 වතාවක් යෙදිලා තියනවා. හරියට බැලුවොත් හැම විනාඩියකටම දෙපාරක් විතර යෙදිලා තියනවා. ඒ වගේම මිනී මැරීමේ දර්ශන 10කට ආසන්න සංඛ්‍යාවක් තියනවා.
මේ පට්ට film එකට තවමත් කිසිම සිංහල උපසිරැසි ලබා දෙන වෙබ් අඩවියක උපසිරැසියක් පලවෙලා නැත්තේ ඇයි කියලා කරන්න ගත්තට පස්සේ තමයි මටත් හරියටම තේරුනේ. මේකේ ගොඩක් දිග ලයින් 2150 ක් විතර තිබුනා. ඒ මදිවාට භාෂාව අපි එදිනෙදා භාවිතා කරන ඉංග්‍රීසිත් නෙවෙයි. ඉතාලි – ඇමරිකානු මාෆියා කල්ලි අතර භවිතා වෙන වචන, සැඟවුණු තේරුම් තියන විශේෂ යෙදුම් ඕනේ තරම් තිබුනා. ඒවාට හරියන නියම සිංහල තේරුම් හොයා ගන්න වෙනමම මහන්සි වෙන්න උනා. මොනවා උනත් රොයිලි අයියා වැඩේ බාර දෙනකොට හරියට කරලා එවන්න කියලා දෙපාරක්ම කියලා තිබුන එකට උපරීම සාධාරණයක් කලා කියලා හිතනවා.
ප. ලි.
සාමාන්‍යයෙන් පැරණි චිත්‍රපටියකට උපසිරැසි යෙදුවාම ඒකට ලැබෙන vivews සහ comments ප්‍රමානය ගොඩාක් අඩුයි. නමුත් මේ හැමදේම උපේක්ෂාවෙන් විද දරාගෙන අලුත්ම චිත්‍රපටි වලට විතරක්ම සීමා නොවී රසවින්දනයෙන් ඉහල පැරණි චිත්‍රපටි වලටත් උපසිරැසි කරන්නේ ඒ චිත්‍රපටි වලටත් ඇත්තටම ආදරය කරන එක් අයෙකුගේ හෝ රසවින්දනය වෙනුවෙන් නේද කියලා හිතනකොටත් හිතට දැනෙන සතුට බොහෝමයි.
IMDb වර්ගීකරනයට අනුව ලොව හොදම චිත්‍රපට 250 අතුරින් 56 වන ස්තානයේ වැජඹෙන The Lives of Others (2006) චිත්‍රපටයේ සිංහල උපසිරැසියත් සමඟ නැවත හමු වෙමු.
2010 මැයි 28 මනියා( මනීෂ කසුන් ගමගේ ) සොහොයුරා විසින් පල කළ ලිපිය.
ලොව හොදම Mafia/crime චිත්‍රපට නිර්මාපකයා කවුද.? කතා දෙකක් නෑ… Martin Scorsese තමා ඉතින්…Goodfellas කියන්නේ Martin Scorseseගේ හොදම චිත්‍රපටිය කිවුවත් ඒකේ වරදක් නෑ….
සත්‍ය කතාවක් පදනම් කරගෙන නිමවා ඇති මේ චිත්‍රපටිය Imdb ratings 8.8/10 දිනාගෙන ලොව හොදම චිත්‍රපටි අතර 15 වන තැන හිමිකරගෙන තියෙනවා. ඔස්කාර් සම්මානයක් පවා දිනාගෙන තියන මේ චිත්‍රපටිය Crime,Biography ඝනයට අයත් නිර්මාණයක්.
Henry Hill කුඩා කල සිටම මාෆියා කල්ලියකට බැදීමට ඇති ආශාව නිසා නගරයේ පාතාල නායකයා වන Paul Cicero ගේ තැන රැකියාවකට යොමුවි ඔහුගේ හිතදිනාගන්නවා. ඔහු පාසලෙන් කට්ටි පැන තමයි මේ දේවල්වලට යොමුවෙන්නේ…මේ බව දැනගන්නා ඔහුගේ පියා ඔහුට දරුණු ලෙස තඩිබානවා.. ඔන්න ඔතනින් තමා මිනිහා ගමන පටන්ගන්නේ.. ඔහුගේ පලමු ගොදුරවන්නේ ඔහු පාසල් නොපැමිනි බව දන්වා පාසලෙන් එවන ලියුම් ගෙදරට ගෙන එන පියුම් මහත්තයාය, Paul Cicero ගේ උදව් ඇතිව පියුම් මහත්තයට හොදට තඩිබානවා…පසුව නීතිවිරෝධී සිගරට් වෙලදාම නිසා වසර 3 කට සිරගතවී නැවත පැමිණෙන ඔහු Paul Cicero ගේ මාෆියා පවුල සමගම හැදීවැඩෙයි… එහිදී ඔහු Karen නැමති කාන්තාවක් සමග විවාහ වෙයි…
ඔහුගේ හොදම මිතුරන් වන්නේ James ‘Jimmy’ Conway හා Tommy DeVitoය … මොවුන් Paul Ciceroට හොරෙන් විවිධ මැර ක්‍රියා සිදුකරයි. නමුත් එක තැනකදී ඔවුන්ට වැරදෙයි.. පොලීසිය සියලුදෙනා පසුපස හඹා යයි… අවසානයේ ඔහුට Paul Ciceroගේ සහයද හිමි නොවෙයි.. Henry Hill සියල්ල අතහැර පැන යන්න තීරණය කරයි..
අවසානයේ කුමක් වෙයිද..? Henry Hill පැනගනීවිද ? ඔහුගේ මිතුරන්ට කුමක් වෙවිද? Paul Ciceroට කුමක් වෙවිද ? පොලීසිය සියල්ලන්ම අල්ලාගනීවිද? Martin Scorsese ගේ චිත්‍රපටි වල ඔහුට ආවේනික ගුණාංගයක් ඇත. ඒ ප්‍රේක්ශකයා නොසිතන, කම්පනයට ලක්කරන අවසානය. මෙම චිත්‍රපටියත් ඔබ කිසිසේත්ම බලාපොරොත්තු නොවන අවසානයක් සහිත 100% ම සත්‍ය කතාවක්…
Godfather ෆිල්ම් වලට කැමති අයට අල්ලලා යයි.. හැබැයි මේක පට්ට පතුරු බයිස්කොප් එකක්. නොබලන්න හිතනවා කියන්නෙ ලොකුම අපරාධයක්.. ඒ නිසා අනිවා බාගෙන බලන්න….
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
508 downloadsDownload Goodfellas.1990.Baiscopelk.com_.zip86 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
Subtitles by
හසිත මධුෂාන්
Subtitles
107 comments
Manoj
හසිත මධුෂාන්
බොහොම ස්තුතියි සහෝ...
jayantha
nice movie thanks alot....
හසිත මධුෂාන්
thanks for the comment bro...
නවින් නිසල්
නියම වැඩක් , තැන්ක්ස් මචන් !!
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ...
මරුසි
හොඳ වැඩක් කරන කොට ඔහොම තමා ..කමෙන්ට්ස් එකක්වත් නෑ... හැබැයි එකෙ වටිනාකම නැතිවෙන්නෙ නෑ .. කන්න නෑ කියල සිංහයො ක්‍රෝටන් කොල කන්නෙ නෑ බන් . ඉස්සරහටත් මේ වගේ හොඳ ෆිල්ම් දාපන් මචන් .. ජය වේවා ~~
*The Lives of Others
වගේ ෆිල්ම්ස් තාමත් මේකෙ නැති එක ගැන පුදුමයි !හසිත මධුෂාන්
බොහොම ස්තුතියි සහෝ...
The Lives of Others film එකටත් සබ් දුන්නා සහෝ...
Kasun
බොහොම ස්තූතියි සහෝ......
හසිත මධුෂාන්
බොහොම ස්තුතියි සහෝ...
widuranga
elama wadak brooooooo
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ...
charuka
Masterpiece ෆිලුමක් තමයි Bro මේක. වුනු මහන්සියට බොහෝම ස්තුතියි...
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ...
Harsha
thx bro
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ....
චතුෂ තුෂර කුමාර
බොහොම ස්තූතියි මල්ලි... මේක මම බාගෙන බොහොම අමාරුවෙන් වතාවක් බැළුව ෆිල්ම් එකක්... මේ වගේ ෆිල්ම් එහෙකට බයිස්කෝප් එකේ සබ් නැහැ කියන එක ලොකුම ලොකු අඩුපාඩුවක්... ඒ අඩුව පිරෙව්ව එක ලොකු දෙයක්... දැන් ඉතිං ආයෙම වෙලාවක බාගෙන බලන්න ඕන... නියම ෆිල්ම් එකක්... මේ වගේ මග ඇරුන හොද රේටින් තියෙන ෆිල්ම්වලට දිගටම සබ් දෙන්න ලැබේවා...
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ....
Udara Damith B/K
බොහොම ස්තූතියි.........
හසිත මධුෂාන්
බොහොම ස්තුතියි සහෝ....
banti
Dස්තූතියි
හසිත මධුෂාන්
බොහොම ස්තුතියි සහෝ...
කසුන්
එලස්
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ....
අසිත
The Lives of Others (2006) චිත්‍රපටයටත් සිංහල උපසිරැසියත් දෙන්න.
IMDb වර්ගීකරනයට අනුව ලොව හොදම චිත්‍රපට 250 අතුර තියෙන මෙන්න මේ ෆිල්ම් වලටත් සබ් දෙන්න උත්සාහ ගන්න සහෝ.
American Beauty (1999)
Stand by Me (1986)
Strangers on a Train (1951)
Requiem for a Dream (2000)
L.A. Confidential (1997)
Unforgiven (1992)
The Princess Bride (1987)තරගෙට සබ් කරන එක හොඳයි.එත් එහෙම ෆිල්ම් 100කට සබ් කරනවට වඩා මේ වගේ ෆිල්ම් 10 කට සබ් කරලා ලබන්න පුළුවන් සතුට වැඩියි.
ඒක vivews සහ comments වලින් මනින්න බෑ සහෝ....
ජය වේවා...!!!tharindu gunarathna
elama comment aka
අසිත
තෑන්ක්ස් @tharindu සහෝ
ඒ වගේම මට මේ ෆිල්ම් ටිකත් නම් මග හැරුනාDonnie Darko (2001) Time Travel Story
Incendies (2010)ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ ගේ IMDB 250 ට්‍රිබල
Dial M for Murder (1954)
Strangers on a Train (1951)
North by Northwest (1959)චතුෂ තුෂර කුමාර
සිරාවටම... ඔහේ දෙන්නං වාලේ රේටින් දෙක තුන තියෙන ඒවට සබ් දෙනවට වඩා මෙහෙම එකක් කලත් හරි වටිනවා...
pasan bhasura
scoresessege hodama film eka tama me.....ilagata casino movie eka....casino movie ekata sub danna....supiri...
හසිත මධුෂාන්
මම දැනට
American Beauty (1999) IMDb 63
Requiem for a Dream (2000) IMDb 78
My Father and My Son (2005) IMDb 91
film වලට සබ් දෙන්නම් සහෝ… ඊට පස්සේ අනිත් ඒවාට දෙන්නම්.
අසිත සහෝ ඉල්ලපු
Incendies (2010) IMDb 142
L.A. Confidential (1997) IMDb 102
film වලට නම් අනිත් අය සබ් කරනවලු සහෝ…Donnie Darko (2001) IMDb 225
film 1 කවුරුත් බාර අරගෙන නැත්නම් මම කරන්නම්.හැබැයි සහෝ මේ හැම දේකටම කාලය තමයි ගැටලුව වෙලා තියෙන්නේ සහෝ…
අසිත
අනිවා සහෝ
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ...
ඉදිරියේදී casino movie එකටත් සබ් දෙන්නම්.හසිත මධුෂාන්
බොහොම ස්තුතියි සහෝ...
Kulanjana Maduranga
niayamai…thanks HASITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
kavinda
එල බන් සුපිරියි....
scorsese ගේ හොඳම film 1 මගේත් ආසම film 1 මේකට sub නැතුව තිබ්බ 1නං ලොකු අඩුවක් මේක බලල නෑ කියන්නේ ඌ film බලන 1ක් නෙවෙයි
scorsese ගේ Casino වලටයි Raging Bull වලටයිත් ඔහොමම sub දෙන්ඩ බලහන් මචන්
The sopranos 1 ඉන්නෙත් මේකේ ඉන්න සෙට් 1කම තමා
මෙච්චර tv series දෙන baiscope 1 sopranos නෑ කියන්නෙත් ලොකු අඩුවක් බන් ඒකටත් sub දෙන්ඩ බලහන්කො....ඉෂාන් මදුෂ
නියමයි සහෝ.සබ් එකට ස්තුතියි
සනත් ගුණතිලක
me gena kiyanna wachana ne saho.. comments walin maninna be me wage film ekakata sub karana eka.. cinema rasaya adunana godak aya innawa. e ayata me wage super film walata sub deela karana sewaya uparimai.. imdb top 250 athara thiyena thamath sub ekak nethi films godak thiyenawa. e films walata digatama sub karai kiyala balaporoththu wenawa.. obata jaya..
අසිත
සහතික ඇත්ත...
LSM HUSKAA
ya ya
Chalana Rukshan
thnx bro...
Deex
patta wadak
atharinna epa
imdb top 100n sinhala sub nathi action/crime movies oyagen apita one.
jayawewa!රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සදීප
thnks mchn
tharindu gunarathna
thanks mcn .supiri. imdb top 250 anik awatat sub danna.
Sajith Anthony
මේකට සබ් දාපු එකනම් බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!LSM HUSKAA
yo bro elama wedak.
ashan
IMDb වල උඩින්ම තියෙන movie එකක් වගේම... ලෝකයේ හැදුට පට්ටම movie එකක්... මේ වගේ එකකට මෙච්චර මහන්සි වෙලා subtitles හැදුවා කියන්නේ උබ සුපිරි පොරක් මචං..... ජය වේවා.....
Lt.
නියමයි මලේ. මේ වගේ ටොප් ෆිල්ම් වලට දිගටම සබ් කරන්න දිරිය ශක්තිය ලැබෙන්න ඕනි.
dasun sucharitha
බොහොම ස්තුතිය සබට.මම කලිනුත් ඇවිල්ලා බයිස්කොප් එකේ බැලුවා තිබුනේ නැ
BlackSnow
Tanx bro digatama karamu wade.
danushka diwarathne
patta bro.. L.A. Confidential,The Game 1997,Mulholland Drive,Casino (film) 1995 ewatath sub dennako
Dinesh Sanjeewa
සුපිරි මච්න්..දිගටම කරන් යමන්...
Roshan
Good work
Waruna Kamalawansha
රේටින් වල මෙච්චර උඩකින් තියන බයිස්කෝප් එකක් දුන්හම නොබලා කොහොමද...... බොහෝම ස්තූතියි උපසිරැසියට
මැරයෙක්
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
කිසිදු මූල්‍යමය ලාබ අපෙක්ශාවකින් තොරව සියලු දෙනාගේම රසවින්දනය පිනිස තමාගේ වටිනා කාලය ,ශ්‍රමය කැපකර සිදුකරන මේ ක්‍රියාව ඇත්තටම අගයකළයුතු සේවයක්.
ඔබතුමා ඇතුලු බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට මම දෙනවා ලකුණු දහයෙන් දහයක්!
ඉදිරියටම යමු.. ජයවේවා!!!ප්‍රභාෂ
ස්තූතියි
MEELAN
THANX BRO
sahan
tnx a lot
wsfh
great work,,love to watch ,thnk u very much ....:* :*
shan
niyama film ekakatane saho sub eka deela thiyenne.. niyamai. tnx..
Düshãn T Jáyàsündàrá
ස්තූතියි සහෝ
ජයඉසුරු රශ්මින්
Imdb top movies 100ට යනකන් වත් කරනවා නම් ලොකූ දෙයක්. ගොඩක් අය දැන් ඒ movies බලන්න කැමතියි. බෝහොම ස්තුතියි සහෝ සබට. ජය.
namal kumara
එල බ්‍රෝ සබට
Nirosha Nirosha
ela ela..
ISHANKANAGODA
thaks bro... sub eka karala thiyenawa supiriyatama. jaya........
Konarad
thz macn
Hashan M. Priyadarshana
Thank you bro
Pathum Aroshana
Thanks bro
janak pro
Jayen jayema wewa! film eka elakiri sub ekata thanks
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති primal fear movie ekatath sub denna
හසිත මධුෂාන්
කවදා හරි සබ් එකක් හදන්න හිතං ඉන්න ෆිල්ම් එකක් සහෝ...
umindu dhanujaya
Me Wage Supri Films Walata Digatama Sub Denna...Pop Corn Flik Balalama Athiwela..Good Luck Machan!!!!
shanuka5121
thanks machn
Advertisement
Thanks Bro මේක දෙනකල් ගොඩක්කල් බලන් හිටිය.