ඉතින් කොහොමද බයිස්කෝප් කස්ටියට. හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. මුලින්ම කියන්න ඕනා විශේෂයෙන්ම කොල්ලන්ට, කොල්ලනේ මම මේ දෙන සබ් එකට උඹලා බනින්න නම් එපා ඈ…. මොකද අද මම අරගෙන ආවේ ජස්ටින් බීබර්ගේ Believe කියන චිත්‍රපටය. ගිය අවුරුද්දෙ තමා මේක නිකුත් වුණේ. හරියටම කිවුවොත් 2013 දෙසැම්බර් 25 වෙනිදා. චිත්‍රප…
ඉතින් කොහොමද බයිස්කෝප් කස්ටියට. හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. මුලින්ම කියන්න ඕනා විශේෂයෙන්ම කොල්ලන්ට, කොල්ලනේ මම මේ දෙන සබ් එකට උඹලා බනින්න නම් එපා ඈ…. මොකද අද මම අරගෙන ආවේ ජස්ටින් බීබර්ගේ Believe කියන චිත්‍රපටය. ගිය අවුරුද්දෙ තමා මේක නිකුත් වුණේ. හරියටම කිවුවොත් 2013 දෙසැම්බර් 25 වෙනිදා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ ජොනතන් එම්. චූ කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි. චිත්‍රපටයේ නිෂ්පාදනයට ජස්ටින් බීබර්, ස්කූටර් බ්‍රෝන්, අශර් සහ බිල් ඕ.ඩවුඩ් දායක වෙලා තියෙනවා. මේක බෙදාහරින්නේ Open Road Films සමාගම විසිනුයි. හැබැයි ඉතින් මේක IMDb දර්ශකයේ 1.5ක අගයක් තමා අරගෙන තියෙන්නෙ. අහන්න දෙයක් නෑ ඉතින්, මොකද ජස්ටින් බීබර් කියන්නෙ කොල්ලොන්ගෙ පරම හතුරනෙ. 😀 …..කතාව නම් මෙහෙමයි…
ඇත්තටම ඉතින් මේකෙ කතාවක් නෙවෙයි ගලාගෙන යන්නෙ. ජස්ටින් බීබර්ගේ බිලීව් කියන ලෝක සංචාරය ගැන තමා මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නෙ. ඊට අමතරව එයාගෙ පෞද්ගලික ජීවිතය ගැන සමහර දේවල්, ප්‍රසිද්ධියේ කරපු සමහර දේවල්, ඔහුට අත්දැකීමට සිදුවුන දේවල් එහෙමත් මේකෙ අඩංගු වෙනවා. [කස්ටියට බලාගන්න පුලුවන් ලෝකෙ කෙල්ලො බීබර්ට පිස්සු හැදිල ඉන්න විදිහත් 😉 ] හැබැයි මොනා උනත් ඉතින් ඇත්තම කියන්න ඕනානේ. මම නම් බීබර්ට හුඟක් ආසයි. (දැන් ඉතින් මම එහෙම කිවුවාම කස්ටිය මට බනින්න එහෙම එපා ඈ…..) එයාගෙ සිංදුවලට නම් මම හුඟක් කැමතියි. සමහර සිංදු පරිවර්තනය කරන්න කලින් පොඩ්ඩක් නෙට් එකේ සර්ච් කරලා බැලුවා. එයාගෙ බොහොමයක් සිංදුවල තියෙන්නෙ එයයි සෙලීනා ගෝමසුයි අතර තිබුණ ප්‍රේමසම්බන්ධය ගැන තමයි. As long as you love me, She don’t like the lights වගේ ගීතවල ඒක හොඳින්ම දැකගන්න පුලුවන්. මම පුලුවන් උපරිමයෙන් ගීතවලට සාධාරණයක් වෙන විදිහට, තේරුමට වෙනසක් නොවෙන විදිහට පරිවර්තනය කළා. සමහර තැන්වලදී එතන තියෙන දෙයින් කියවෙන්නෙ ව්‍යංගාර්තයක්. මම තැන් කීපයකදි (ගොඩක්ම As long as you love me ගීතයේ) එතන වචනයෙන් කියවෙන තේරුමයි දාලා ඇත්තේ. ඒ කියන්නෙ ව්‍යංගාර්තය නෙවෙයි ඒ තැන්වල දාලා තියෙන්නෙ. උදාහරණයක් වශයෙන් As long as ගීතයේ Platinum කියන වචනය ගත්තොත් මම දාලා ඇත්තෙ ප්ලැටිනම් කියලාමයි. මෙතන ප්ලැටිනම් වලින් කියවෙන්නෙ ඉවසීම, දරාගැනීම වගේ දෙයක්( අන්තර්ජාලයේ සොයද්දියි හොයාගන්න ලැබුණේ). ඉතින් ඒ වගේ තැන් කිහිපයක්ම තියෙනවා. එහෙම දැම්මෙ නැත්තෙ දිගට දැම්මහමඔයාලට කියවගන්න අමාරුවෙන නිසයි. ඉතින් එහෙනම් කස්ටියට චිත්‍රපටය රසවිඳින්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මේක ඔයාලා වෙනුවෙන් කරන්න දවස් දෙකක් එක දිගට නිදි මැරුවා. ඉතින් ඔයාලා කළගුණ දන්න මිනිස්සු විදිහට අපිට සලකළා යන්න අමතක කරන එකක් නෑ කියලා හිතනවා. ඒ කියන්නෙ ඉතින් කමෙන්ට් එකක් දාලා යන්න කියලයි. එහෙනම් තවත් සලරුවකින් හමුවෙමුකො… Baiscopelkඑන හැමෝටම බුදු සරණයි…!!!
මේ පල්ලෙහා දාලා තියෙන වැකි කඩෙන් ඔයාලට ගන්නදෙයක් තියේවි කියලා හිතනවා….
ඔබ, ඔබගේ ජීවිතයේ නිශ්චිත තැනකට ළඟා වූ විට,
වටපිටාවෙ ඕන තරම් මිනිසුන් වාඩිවී බලා සිටිනවා,
ඔබ වැටෙනවා දකින්නට අවශ්‍යව.
නමුත් ගුරුත්වයට ඔබව පහළට ඇද දමන්න ඉඩදෙනවාට වඩා කැමැත්තෙන්,
ඇතැම් වෙලාවට ඔබට සිදුවෙනවා ප්‍රශ්න ඔබේම අතට අරගෙන ඉගිලයන්නට
~ ජස්ටින් බීබර් ~
Due to copyright issues, we do not provide any torrent links.
Justin.Biebers.Believe.2013.1080p.BluRay.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,377 downloadsDownload Justin-Biebers-Believe-2013.zip100 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
48 comments
නලින්
gimhan
thanks saho.
ෂෙහාන් බුද්ධිම [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!ලක්ෂාන් නිලංක
ඔන්න සමන් කොළුවො මාත් බෑවා...ජයෙන් ජයම වේවා...!
SAchith
thank you..
keerthi
ela......
chandima amarasinghe
hatura unat kamna ban onna bawa uba wedana.... thaz...Subapatum.
Rashmika
මමත් බිබර්ගෙ රසිකයෙක් අනිවා බලනවා බොහොම ස්තූතියි ප්‍රසාද් සහෝ
පුලුවන්නම් One Direction: This Is Us 2013 මේකටත් සබ් එක දෙන්න සහෝ
ජයවේවා!!“චූටී මල්ලි”
ඇත්ටටම මොකද්ද බන්
මූ එහෙම හතුරා වෙන්න හේතුව
එල මචන් සබට තුති
ඔබට ජය...........කල්හාර ප්‍රසාද් කොල්ලුරේ
ලංකාවෙ ශිහාන්ව කොල්ලොන්ට පේන්න බැරි වෙච්ච හේතුවම තමයි. :-D
RapRock
Jealousy Bro Jealousy
අයේෂ්
Thank You..
ගයාන් රූකාන්ත (ජෝනා)
බලමුකෝ කොහොමද කියලා
ඔන්න මමත් බෑවා සමනෝ.
සබට තුති මචෝ....... :) :) ජය.thisal
ane mnda n meka fattada? tku for sub
sandun
Pahadili macho Justin Bieber ge songs walatanam mamath asai machanla fattta gathiyak thiyanawa.....
ekanma ehanam mamath onna bawa ehanam elz elz bro (y)තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Madushan
One Direction: This Is Us 2013 එකට සබ් දුන්නා නම් වරදක් නෑ. එත් මේක නම් ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්
Tharindu Perera
onna machan meka ehenam bagannava...
thanks machan sub ekatahh....Prabhath
Thanks Lokkaa. Mamath aasai JB ge sindu wlata..
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
මොකටද බනින්නේ..
බනින උන් බනින්නේ මූ සාර්ථක, ජනප්‍රිය එකෙක් නිසා නේ...
ඉරිසියාව නිසයි බනින්නේ..
මගෙනම් මෙයාට විශේෂ කැමැත්තක් වත් තරහක් වත් නැ...
සින්දු ටික බලන්න ඕනේ නිසාම සිංහලත් එක්ක ඔන්න ගන්නවා..
ජයවේවා මලයෝ...Kulanjana Maduranga
meka nm aniwa balana ona.ehenm onna mmth banna dawa.subata thanks SAMAN saho.ohoma yn.jaya wewa.....
janaka
thnx...kollo , apinam banne nathoo
Kavindu
machan Me Film eketh Puluwannam Subs Dahanko IMDB Ratings 8k tiyenawa meke
Donnie Darko [2001]
amalka
ane kauruhari Final.Fantasy.VII-Advent.Children. ekatath sub dannako
amalka
B berta mage nam kamaththak ho akamaththak na sub 1t thanx
පසිඳු උදාර
වැඩේ හොඳයි සහෝ ... එත් ඔකේ ඉන්න පොර තමා අවුල .... ප්‍රශ්නයක් නෑ බොහොම ස්තුතියි උපසිරසියට
Shan Vimukthi
ජස්ටින් කොල්ලා එක්ක ඔය තරම් තරහ කෙල්ලෝ උට කැමති නිසා බන්
මම නම් ඌ එක්ක තරහ නැහැ
ඒ මොකද කියල දැනගන්නම ඕන නැහැ :)
පක්සේ වෙලේක බලන්ටම්කො ඈ
සබට තුති ඉගාවට දෙඅන සබ ගැන දැන් හිතුවොත් හොදා
ඒ වගේම උබේ ඔය ෆොටෝ එකේ රතු පාට කතිරෙන් පෙන්නුම් කරන්නේ උබ දරුණු එකෙක් කියලද ඈinoka perera
ඔබ, ඔබගේ ජීවිතයේ නිශ්චිත තැනකට ළඟා වූ විට,
වටපිටාවෙ ඕන තරම් මිනිසුන් වාඩිවී බලා සිටිනවා,
ඔබ වැටෙනවා දකින්නට අවශ්‍යව.
නමුත් ගුරුත්වයට ඔබව පහළට ඇද දමන්න ඉඩදෙනවාට වඩා කැමැත්තෙන්,
ඇතැම් වෙලාවට ඔබට සිදුවෙනවා ප්‍රශ්න ඔබේම අතට අරගෙන ඉගිලයන්නට
thanks!රොයිලි
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
කල්හාර ප්‍රසාද් කොල්ලුරේ
මූට කස්ටිය අකමැතිවෙන්න හේතුව වෙන මොකක්වත් නෙමේ,
පැහැදිලි ඉරිසියාව, මේ වයසට ලෝකෙම ප්‍රසිද්ධ වෙන එක ලේසි වැඩක් ඈ.
සබට තෑන්ක්ස් මචං. ඒත් ඉතිං මං නම් බලන්නෙ නෑ. :D බලන්න ෆිලුම් ගොඩගැහිලා,
ඒ අස්සෙ පණ යන සබකුත් තියෙනවා කොරන්න.sanjeewa
thanx
chatura
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
me
Thanks
#ChalinduDeshan (කිනා)
ඉදෑකිං. ෙවන නැතිවුටද යකූ ෙම්ක දුන්ෙන්.
කමක් නෑ කමක් නෑ. අාසාවෙන් :D :P
ජයෙව්වා මචං!Hasitha
Thanks machoo
Naveen
Suppa mcn Thanq wewaaa
Heshan Daminda
පුළුවන් නම් 1Direction This Is Us එකටත් සබ් එක දෙනවා නම් ලොකු දෙයක්..
දිමුතු තරංග ඉලුක්කුඹුර
මමනම් තාම මෙයාගේ එකම එක සින්දුවක්වත් අහලා නැහැ, එල,නියමයි,ජයවේවා.
nuwan rajapaksha
thanks mchan ela wadak...
ඩාක් මාක්
තොට හෙන ගහපිය බීබර් ලොල්ල.. :3
gihan
උපසිරසට බොහොම ස්තුතියි
Malith
Tnx Very Much brw , I am biggest Bileber :) Pulunwaninm 1D This is us Movie ekatath Subtitle Danna brow :) Tnx Tnx <3
bhathiya gunarathna
ela mathoooooooooooooo
priyanga
Donnie Darko [2001]
Film ekata sub dennaDk
Justin Bieber ගෙ Song වලට Sub දෙනවද,කොහෙන්ද ගන්න පුලුවන්?
salamuthu
thank you bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Justin Bieber’s Believe (2013) with Sinhala Subtitles | හමුවන්න ජස්ටින් බීබර්ව…. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Justin-Biebers-Believe-2013.jpg)

ස්තුතියි ප්‍රසාද් මචං!
ජය වේවා!