වන සම්පත සහ අලි සම්පත රැකගනිමුද..? වර්තමාන ශ්‍රීලංකාවේ දරුණුතම ගැටළු අතරින් දිනෙන් දින ඉතාමත් උග්‍ර වන ගැටළු මොනවාද කියලා ඇහුවොත් ඒ සඳහා ගොඩාක් දේවල් නිර්වචනය කරන්න පුළුවන් වෙයි.මිහිපිට සිටිනා බුද්ධිමත්ම ක්ෂිරපායි සත්වයා කවුද? උත්තරය මිනිසා! ඒක කුඩා කාලේ අපි හැමෝම ඉගෙන ගෙන තියෙන දෙයක් නේ! නමුත් අද…

වන සම්පත සහ අලි සම්පත රැකගනිමුද..?
වර්තමාන ශ්‍රීලංකාවේ දරුණුතම ගැටළු අතරින් දිනෙන් දින ඉතාමත් උග්‍ර වන ගැටළු මොනවාද කියලා ඇහුවොත් ඒ සඳහා ගොඩාක් දේවල් නිර්වචනය කරන්න පුළුවන් වෙයි.මිහිපිට සිටිනා බුද්ධිමත්ම ක්ෂිරපායි සත්වයා කවුද? උත්තරය මිනිසා! ඒක කුඩා කාලේ අපි හැමෝම ඉගෙන ගෙන තියෙන දෙයක් නේ! නමුත් අද වෙනකොට අපි ඒ පොඩි කාලේ ඉගෙන ගත්තු දේ හරිද වැරදිද කියලා යම් සැකයක් උපදිනවා! ඒ මිනිසාගේ අත්තනෝමතික ක්‍රියාකලාපයන් සහ මිහිපිට ජීවත්වන අනිකුත් සත්වයින්ට සිදුකරනා කෘෘරතර අසාධාරණ ක්‍රියාවන් නිසා! මේ මිහිතලය මිනිසුන් වන අපට පමණක් ජීවත්වන්නට තිබෙනා ස්ථානයක් නොවන බව මුලින්ම අප දැන අවබෝධයකින් සිටිය යුතුයි. නමුත් පොලෝ තලයේ තිබෙනා බොහොමයක් ස්භාවික සංසිද්ධින් අඩාල කරමින් කොටින්ම කිවහොත් මිනිසාට මෙන්ම අනෙකුත් සත්වයින් සියළු දෙනාටම ජීවත් වන්නට අවශ්‍ය කරන මූලිකම දේවල් විනාශ කිරීම ආදිය දේවල් උදාහරණ ලෙස අපි මෙන්ම සතුන්ද ජීවත් වීමට ගන්නා හුස්ම (ඔක්සිජන්) ආහාර,ජලය වැනි දෑ ක්‍රමයෙන් විනාශ කිරීම ආදි දේවල් කිසිසේත්ම අනුමත කිරීමට නොහැකියි! මිහිපිට වෙසෙනා අනෙකුත් ජීවින් හා ගත් කල පරිසර පද්ධතීන්ට හානි කරන්නේ සහ ස්වාභාව දහමේ සමතුලිතතාවය බිඳීම වැනි අකටයුතුකම් මිනිසා විසින්ම සිදුකිරිමට පෙරමුණ ගෙන සිටිම මුළු මහත් මානව සංහතියටම නිද්දාවකි.

කැලෑ කැපීමේ ආදීනව….
ඇතැමුන් සිතා සිටිනවා කැලෑ විනාශ උනාම එයින් බලපෑම් වෙන්නේ කැලේ ඉන්න සත්තුන්ට විතරයි කියලා! ඒවාගෙන් ඇතිවෙන ගැටළු මිනිසුන් වන අපට අදාල නෑ කියලා.එහෙම හිතන අය ඉන්නවානම් නම් ඔවුනට මුලින්ම වන විනාශයේ ආදීනව දැනගෙන ඉන්න වෙනවා. මොකද අපි මේ හුස්ම ගන්නා වායුව නිෂ්පාදනය වෙන්නේ වනාන්තර වල තිබෙනා ගස් වැල් වලින් එතකොට මිනිසා විසින් භෝග වගා කරන්න ගන්නා පොලොව සාරවත් වෙන්න ගස් වැල් අත්‍යයවශ්‍යයි හරියට මිනිසුන්ට හුස්ම ගැනීමට පෙනහළු තිබෙනවා මෙන් පොලොවටත් හුස්ම ගන්නවා හා සමාන කර්තව්‍ය කිරීමට හැකි වන්නේ ගස් වැල් නිසාවෙන්! එතකොට කැලේ ඉන්න සත්තුන්ට මොකද වෙන්නේ? මිනිසුන්ට හදිසියේ ස්භාවික ආපදාවක් හෝ යම් විදියක කරදරයක් සිදුවුවහොත් පැමිණිලි කරන්න ගැටළු ඉදිරිපත් කරන්න ඕන තරම් ක්‍රමවේද වගේම බලධාරින් පවාද සිටිනවා. එතකොට සතුන්ට එහෙම අපදාවක් උනොත් ඒ කියන්නෙ මිනිස්සුන්ට වගේ අසාධාරණයක් උනොත්! කැලේ ඉන්නා සතුන්ගේ පවා මූලික අවශ්‍යතාවයන් වෙන ආහාර සහ ඔවුන්ගේ වාසස්ථාන අහිමිව ගියොත් කාටද කියන්නේ? ඔබම සිතා බලන්න මිනිසුන් වෙන අපි කොතරම් ආත්මාර්ථකාමීද? කොතරම් නම් අනුකම්පා විරහිතද? නිකමටවත් හිතෙනවාද අපි ඔවුන් වෙනුවෙන් පෙනි ඉන්න ඕන කියලා? මහා වනාන්තර නිර්මාණය කරන්න මූලික වෙලා තියෙන්නේ වන සතුන් මිස මිනිස්සු නෙවෙයි කියලත් මතක තියාගන්න. මිනිස්සු මූලික වෙලා දැන් මේ තියෙන කිසිම වනාන්තරයක් නිර්මාණය වෙලා නෑ කියලත් හොඳින් මතක තියාගන්න.

1956 වසරේ ශ්‍රීලංකාවේ තිබුණ ස්භාවික වන ආවරණය 1999 වසර වන විට අඩුවී ගොස් ඇති ආකාරයන් පහත සිතියම් වලින් දැක්වෙන අතර වර්තමානය වන විට එය කෙසේදැයි කියා සිතාගැනීමට පවා නොහැක.

(රූපසටහන EFL වෙබ් අඩවිය වෙතිනි)

අලි මිනිස් ගැටුම….
මුලින් කිව්වා වගේ කැලෑ කැපුවාම කැලේ ඉන්න සත්තුන්ට වාසස්ථාන අහිමිවෙනවා ආහාර හිඟ වෙනවා බොන්න වතුර නැතිවෙනවා. මේ දේවල් එතකොට සතුන් හොයාගන්නේ කොහෙන්ද? කැලෑ කපලා එලිකරලා මිනිස් ජනවාස ඉදි කරලා වන අලි එනවාට විදුලි වැටක් දාන එක විසඳුමක් නෙවෙයි කියලා ඔයාලාටත් අන්තර්ජාලයේ ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම ගැන සොයා බලද්දි දැන් ගන්න පුළුවන් වෙයි. ආදි කාලේ සිටි මිනිසුන් සහ වන සතුන් අතර ඉතාමත් හොඳ බැඳිමක් තිබුණු බව පැරණි පොත පතෙහි වගේම ජනප්‍රවාද වලිනුත් බලාගන්න පුළුවන්, වන සතුන්ගෙන් පැමිණෙන උවදුරු වලකා ගන්නට ඔවුන් විසින් අනුගමනය කරපු ස්භාවික උපක්‍රමයන් නම් ඉතාමත් කදිමයි. ඒ ඔවුන් වනාන්තරයට මෙන්ම වන සතුන්ටද මහත්සේ ඇලුම් කල නිසා ඔවුන් කිසිදාක වන සතුන්ට අයත් භූමිය ආක්‍රමණය කරේ නෑ. අද කාලේ වගේ මුදල් වලට කෑදර වෙලා වන සම්පත සහ වන සතුන් විනාශ කරන්නට පෙලඹුනේ නෑ, කැලෑව එලිකරලා හේනක් කුඹුරක් අස්වැද්දුවා නම් වන සතුන්ගේ කොටස වෙන් කරලා වගා කරන්න තරම් එකල මිනිසුන් කාරුණික වුණා.ඔවුන් ගස් වැල් වලට දේවත්වයෙන් සැලකුවා. පරිසර පද්ධතින්ට හානි කරේ නෑ. වන සතුන්ද කැලෑ ආශ්‍රීත හේන් ගොවිතැන් වලට පැමිණ තමන්ට වෙන් කර ඇති කොටස පමණක් භුක්ති විඳීමට පුරුදුව සිටියා. අඩුතරමේ කෘමි සතෙකුවත් එකල මිනිසුන් විනාශ කරේ නෑ කෘමි උවදුරු පවා කුරුල්ලන්ගේ සහයෙන් දුරු කර ගැනීමට යුහුසුළු උනා.අලි මිනිස් ගැටුම ගැන කිව්වොත් කැලෑ එලි කරාම වන ඝණත්වය අඩුවෙනවා අලි ඇතුන් ඉන්නේ රූස්ස ගස් වලින් පිරුණු ඝණ කැලෑවල විදුලි වැටකින් ඔවුන්ව වෙන් කරලා තවත් වන අලින් ගැවසෙන භූමියකට සීමාකල පමණින් ඔවුනට ජීවත් වෙන්න බෑ,ඕනෑම පරිසර පද්ධතියක සතුන් සිටිනා ප්‍රමාණයක් තියෙනවා. යම් භූමියක හෝ ස්ථානයක පමණට වඩා වැඩි පිරිසක් ජීවත් වෙනකොට මිනිසුන් වන අපට පවා ඇතිවන ගැටළු ගැන අමුතුවෙන් කතා කල යුතු නෑ. එම සංසිද්ධියමයි කැලෑ කපලා වන සතුන් සීමා කලාමත් සිද්ද වෙන්නේ, මෙහි අතුරු ඵලයක් විදියට ආහාර සහ ජලය සොයාගෙන ගම්මාන වලට අලි ඇතුන් කඩා වදිනවා.මේකෙන් වෙන අමතර හානි විදියට මිනිස් ජීවිත හානි නිවාස හානි ආදි දේවල් සලකන්න පුලුවන්. වැරැද්ද මුලින්ම කරලා තියෙන්නේ කවුද කියලා තේරුම් ගන්න. අවසාන වශයෙන් සඳහන් කල යුතුම පිරිසක් සිටිනවා ඒ පුවත් පත් වලට සමාජ මාධ්‍යජාලා වලට සීමා වුණ විවිධ සමාජීය සහ රටෙහි ඇති ගැටළු වලට විරෝධතා දක්වන සහ ඒවාට විසඳුම් සොයන,ලබාදෙන අය ගැන.මෙහි තිබෙණා සැබෑව දැනගන්න සත්‍ය වශයෙන්ම මේවාට පිළිතුරු සොයන්න නිවැරදි ලෙසින් හඬක් නගන්න එහෙම නැතුව පරිගණකයේ හෝ ජංගම දුරකථනයේ යතුරු පුවරු වීරයකු (Key Bords Hero) ලෙස සිටිමෙන් ඵලක් නැති බවත් තේරුම් ගන්න.

හැමෝමවම ආයුබෝවන් කියලා බයිස්කෝප් සිංහලෙන් වෙබි අඩවිය වෙත පිළිගන්නවා. අදත් සුපුරුදු ලෙසින් මා වෙබි අඩවියට ගොඩවැදුනේ මේ වසරේ නිකුත්වූ ඉතාමත් හොඳ වැඳගත් වගේම සිතන්නට බොහෝ දේ ඉතුරු කරනා අපට පවා කලෝචිත කතාවකින් සමන්විත වූ අනර්ඝතම දමිළ සිනමා පටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි. මුලින්ම ලියලා තියෙන ලොකු විස්තරය කියවපුවාම ඒ ගැන ඔබට දළ අදහසක් ගන්න පුලුවන් වෙයි. එසේනම් මේ චිත්‍රපටය බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙනුවෙන් සිංහල උපසිරැසි නිර්මාණය සඳහා අවස්ථාව ලබාදුන් සංස්කාරක මඩුල්ලේ සිසිල ප්‍රසාද් සහෝට ස්තුතිවන්ත වෙමින් චිත්‍රපටය හා සම්බන්ධ අනෙකුත් තොරතුරු වෙත අවදානය යොමුකර බලමු.

මේ වසරේ (2021) මාර්තු මස 26 දින දමිළ, තෙලඟු, හිංදි යන භාෂා ත්‍රිත්වයෙන්ම තිරගත කරන්නට යෙදුනු මේ චිත්‍රපටය කෝවිඩ් 19 වසංගත තත්වය නිසා හිංදි භාෂාවෙන් තිරගත කිරිම පමණක් ප්‍රමාද කරා. ඉතාමත් හොඳ අන්තර්ගතයක් ඇති මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ රචනය සිදුකර ඇත්තේ ප්‍රවීන දමිළ සිනමා අධ්‍යක්ෂකවරයකු වන Prabhu Solomon විසිනි. මෙහි ප්‍රධාන චරිතයන් පිලිවෙලින් Rana Daggubati,Vishnu Vishal, Shriya Pilgaonkar යන නළු නිලි පිරිස රඟදක්වනවා. මෙහි සංගීත අධ්‍යක්ෂණය සිදුකර ඇත්තේ Shantanu Moitra විසිනි. නිෂ්පාදනය සහ බෙදාහැරීම Eros International සමාඟම විසින් සිදුකර තිබෙනවා.

මෙම චිත්‍රපටයේ වැඩි වශයෙන් විචරකයින් මෙන්ම ප්‍රේක්ෂකයින්ද අවදානය යොමුකර තිබෙන්නේ Rana Daggubati විසින් ඉදිරිපත් කරලා අසායසහය රංඟනය පිළිබඳවයි තම චරිතය මනාව වටහාගෙන හඳුනාගෙන එම චරිතයට උපරිම සාධාරණයක් ඉෂ්ට කිරීමට Rana Daggubati ට පුලුවන් වෙලා තියෙනවා කිව්වොත් මම නිවැරදියි ඒ බව චිත්‍රපටය නරඹන විට ඔබටත් පසක් වේවි.

චිත්‍රපටය සඳහා ලැබුණු යහපත් ප්‍රතිචාරයන් කිහිපයක්!!

අවසාන වශයෙන් යමක් කියලා යන්නම් මේක ඉන්දියාවේ නිර්මාණය වූ චිත්‍රපටයක් උනාට අපටත් ඉතාමත් කාලෝචිත කතා තේමාවක් අන්තර්ගත වෙලා තියෙනවා කියලා නැවතත් මතක් කරන්න ඕන. මේ චිත්‍රපටය නරඹලා යම් හෝ දෙයක් ලබාගෙන අනාගත පරපුර වෙනුවෙන් යම් හෝ යුතුකමක් වගකීමක් ඉෂ්ට කරන්න යැයි ඔබ සැමගෙන් ඉල්ලා සිටිමින් තවත් සිංහල උපසිරැසියක් සමඟින් නැවතත් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට මා සමුගන්නවා.

ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent link.

ලබා දී ඇති උපසිරැසි

Tamil (Org Vers) HDRip  පිටපත් සඳහා පමණක් අදාළ වේ.

7,285 downloadsDownload KAADAN-2021.zip58 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Subtitles

7,285 downloadsDownload Subtitles58 KB

32 comments

  1. Anonymous

    Super...my 1st Comment....ohomama yamu brother....budu saranai

  2. Kavindu

    සිංහල උපසිරසියට ස්තුතියි

  3. Anonymous

    thanks

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
    ලිපියත් පට්ටෙටම තියෙනවා.. ස්තූතියි...

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  8. Anonymous

    ඇයි අප්පා ඔයාලා දැන් මෙච්චර ලේට්
    ඔයාලා මේක දෙනකොට අපි vidyut ගේ අලුත් එකත් බලලා ඉවරයි

  9. indika 75

    thanks..

  10. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  11. Sheron

    Thnkz bro

  12. Anonymous

    Patta

  13. Arawinda Sunimal

    thanks sub ekata jayawewa...............

  14. oshanda

    thanks sahoo...

  15. Anonymous

    තෑන්ක්ස් වේවා

  16. Kushan

    Sub akta thanks

  17. Anonymous

    Elazz

  18. Naveen

    උපසිරසියට තුති

  19. Anonymous

    Thanks brother

  20. Eranda

    Thanks brother

  21. Bhanuka

    Thanks saho

  22. Deshan

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    ජය වේවා!!!

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Jaddu

    Thanks machi

  25. Neo

    Thanks brother
    Keep it up

  26. Anonymous

    Vijay antony ge " Kodiyil Oruvan "(2021) sub dennkow

  27. Anonymous

    thanks wewa

  28. Anonymous

    Rana ge acting nm patta

  29. Gihan Perera

    බොහොම ස්තුතියි සහෝ

  30. Anonymous

    thank you

  31. Pasindu malinda

    good work..thnx!!!

  32. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!