Watch Trailer

The Card Counter (2021) Sinhala Subtitles | කාඩ් ගණින්නා [සිංහල උපසිරසි]

ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයාව බයිස්කෝප් වෙබ් අඩවියට. මම ගවේෂණ සරිත් නිලම්බර. මම හදපු පළවෙනි උපසිරැසිය – Death Bell (2008) උපසිරැසියෙන් පස්සේ මම ගෙනාවා මගේ දෙවැනි උපසිරැසිය. මේ උපසිරැසිය හැදුවේ 2021 සැප්තැම්බර් මාසයේ නිකුත් වුනු The Card Counter චිත්‍රපටයට. මුලින්ම මම සමාව ඉල්ලනවා මට ගොඩක් කාළයක් ග…

ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයාව බයිස්කෝප් වෙබ් අඩවියට. මම ගවේෂණ සරිත් නිලම්බර. මම හදපු පළවෙනි උපසිරැසිය – Death Bell (2008) උපසිරැසියෙන් පස්සේ මම ගෙනාවා මගේ දෙවැනි උපසිරැසිය. මේ උපසිරැසිය හැදුවේ 2021 සැප්තැම්බර් මාසයේ නිකුත් වුනු The Card Counter චිත්‍රපටයට.

මුලින්ම මම සමාව ඉල්ලනවා මට ගොඩක් කාළයක් ගියා මේ උපසිරැසිය හදල ඉවර කරන්න. මට පෞද්ගලික වැඩ කිහිපයක් වැටුණු නිසයි මේක මෙච්චර පරක්කු උනේ. හැබැයි මම මට පුළුවන් ආකාරයට හැකි ඉක්මනින් උපසිරැසිය හදල ඉවර කරා. හැබැයි ඉතින් උපසිරැසියේ හොඳ නරක ගැන කියන්න ඕනි එක බා ගත කර ගන්න ඔයාලා. එහෙම උපසිරසිය ගැන කියන්න දෙයක් තියෙනවා නම් අමතක නොකර පහලින් කොමෙන්ටුවක් දාගෙන යන්න.

හරි අපි දැන් මේ චිත්‍රපටය දිහාට හැරිලා බලමු. The Card Counter චිත්‍රපටය නිකුත් වෙන්නේ 2021 සැප්තැම්බර් 10 වෙනිදා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Paul Schrader. මේ චිත්‍රපටියට රංගනයෙන් Oscar Issac (විලියම් ටෙල්), Tiffany Haddish (ලා ලින්ඩා), Tye Sheridan (කර්ක්) සහ Villem Dafoe (මේජර් ජෝන් ගෝර්ඩෝ) වගේ හොලිවුඩයේ ජනප්‍රිය නළු නිළියන් රැසක් සහභාගී වෙනවා. දැනට මේ චිත්‍රපටය අමරිකානු ඩොලර් මිලියන 3.4 ක විතර ආදායමක් උපයා ගෙන තියනවා. මේ චිත්‍රපටියේ Imbd අගය 6.2 ක් ලෙසත්, කුණු තක්කාලි අගය 86% ක් ලෙසත්, ගුගල් පරිශිලකයන්ගේ කමැත්ත 58% ක් ලෙසත් දැක්වෙනවා.

හරි. අපි දැන් පොඩ්ඩක් කතාව දිහාට හැරෙමු. මේ කතාවේ කතා නායකයා වෙන්නේ විලියම් ටෙල්. ටෙල් කියන්නේ හමුදා සෙබළෙක්. හැබැයි යම් කිසි හේතුවකට ටෙල්ට අවුරුදු අටක් විතර හිර ගෙදර ඉන්න වෙනවා. හිරේදී එයාගෙ ජීවිතේ වෙනස් වෙනවා. ටෙල් කැසිනෝ පුරුදු වෙනවා. හැබැයි එයා හිරෙන් එළියට එන්නේ තමන් හිර ගෙදර ඉන්න හේතුව උන කෙනාගෙන් පළි ගැනීමේ චේතනාවෙන්. එළියේදි ටෙල්ට තමන්ගේ අරමුණම තියෙන තවත් කෙනෙක් හම්බ වෙනවා. කතාවේ ඉතිරි ටික දැන ගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා.

චිත්‍රපටය බලන්න කලින් මේ ටිකත් කියෙව්වොත් කතාව තේරුම් ගන්න තවත් පහසු වේවි.

  1. ටෙල්ට තියෙන ඇහුරුණු තැන් වලට තියන බියට කියන්නේ Claustrophobia කියලා. සිංහලෙන් නම් ආවෘතිභීතිකාව. මේක තියෙන අයට ඇහිරිච්ච කුඩා තැන් වල ඉඳිද්දි භයක් ඇති වෙනවා. පෙට්ටි, කුඩා කාමර, විදුලි සෝපාන වගේ.
  2. කාඩ් ගණිනවා කියන්නේ කැසිනෝ වල සිදුවන ක්‍රියාවක්.කාඩ් ගණින්නට කරන්න තියෙන්නේ කාඩ් දිහා බලලා ඊලගට එන කාඩ් නිමානය කරන්න.
  3. Pai Gow කියන්නේ චීන දාදුකැට ක්‍රීඩාවක්.
  4. ටෙල් එක තැනකදී කාඩ් කුට්ටම කාඩ් දිහා නොබලා හරි කාඩ් එළියට ගන්නවා. එතැනදී එයා කියන්නේ ඒ එයාගෙ පුහුනුව නිසා කියලා. එහෙම දෙයක් නැහැ. එතැනදී එයා පාවිච්චි කරන්නේ ලෝක ප්‍රසිද්ධ Bicycle කියන Brand එකේ කුට්ටමක්. මේ වර්ගයේ ඇතැම් කාඩ් කුට්ටම් වල කාඩ් එක පිටිපස්සේ අදාළ කාඩ් එකේ නම ගහල තියනවා. පොඩියට.

හරි එහෙනම් චිත්‍රපටය බලලා රසවිඳින්න.😁🌠🦄

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

6,110 downloadsDownload The.Card_.Counter.2021.zip48 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගවේෂණ සරිත් නිලම්බර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-09-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

6,110 downloadsDownload Subtitles48 KB

26 comments

  1. Kavindu

    සිංහල උපසිරසියට ස්තුතියි

  2. Anonymous

    Patta

  3. Anonymous

    Thanks for sub

  4. Naveen

    උපසිරසියට තුති

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  7. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  8. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  9. Anonymous

    Thanks jayawewa....!

  10. Anonymous

    Thanks Bro

  11. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  12. Anonymous

    webrip ekata update krla denna....

  13. Bhanuka

    Thanks saho

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Neo

    Thanks brother
    Keep it up

  16. Udaya Fdo

    Thank you

  17. mindika

    Thanks !!!

  18. E.Samarasinghe

    Guys... Can you give a sub for the "molly's game" movie

  19. Anuruddha Lakshan

    where is the subtitle file? it's missing

  20. Ruchira

    Thanks for the sub!!!!!!!

  21. Sanjaya Abeysundara

    Thanks saho.!!

  22. Udaya Fdo

    Subtitle is not working. Pls fix it.

  23. Anonymous

    Thanks for sub....

  24. lakshan

    thanks ....................

  25. Dewadithya

    Thanks for Sub!

  26. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.