ඔන්න එහෙනම් විජේ ඇන්ටනීගේ සුපිරිම ෆිල්ම් එකක් තමයි මේ පාර අරගෙන ආවේ. 2018 මැයි 18 වැනිදා තිරගත වුණු මේ චිත්‍රපටය හොද ආදායමක් උපය ගන්නත් සමත් වුනා. කලින් චිත්‍රපට වල වගේම මේ චිත්‍රපටයෙත් ඇන්ටනීගෙ සැවුල ඒ විදියටම තමයි තියෙන්නෙ. :p ඔය අනන් මනන් වැඩ කෑලි දාන්නෙ නැති නිසා මම වගේම ගොඩක් දෙනෙක් විජේ ඇන්ටන…

ඔන්න එහෙනම් විජේ ඇන්ටනීගේ සුපිරිම ෆිල්ම් එකක් තමයි මේ පාර අරගෙන ආවේ. 2018 මැයි 18 වැනිදා තිරගත වුණු මේ චිත්‍රපටය හොද ආදායමක් උපය ගන්නත් සමත් වුනා. කලින් චිත්‍රපට වල වගේම මේ චිත්‍රපටයෙත් ඇන්ටනීගෙ සැවුල ඒ විදියටම තමයි තියෙන්නෙ. :p ඔය අනන් මනන් වැඩ කෑලි දාන්නෙ නැති නිසා මම වගේම ගොඩක් දෙනෙක් විජේ ඇන්ටනීට ආදරේ කරනවා. හරි ඉතින් මේ ෆිල්ම් එකේ හොද කොපියක් ආවේ මේ මාසේ 7 වැනිදා. ඉංග්‍රීසි උපසිරැසියක් කොහෙන්වත් හොයා ගන්න බැරි වුනා. දෙයියනේ කියල කාල රාමු හදාගෙන උපසිරැසිය කරගෙන යනකොට ඔන්න එනවා පොඩි පොඩි ප්‍රශ්න. ඒවත් ගාණට එහෙන්, මෙහෙන් කරල සබ් කරනකොට මේ ඉංග්‍රීසි උපසිරැසිය නෙට් එකේ හෙන අස්සක තිබිල හම්බුනා 🙁 අනේ ඉතින් මටමයි මෙහෙම වෙන්නෙ කියල පුලුවන් ඉක්මනින් තමයි මන් මේ ෆිල්ම් එකට උපසිරැසිය කරගෙන ආවේ. හරි එහෙනම් මගේ කතාව පැත්තකට දාල ෆිල්ම් එකේ කතාවට යමු.
කාලි ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Kiruthiga Udhayanidhi විසින්. ඒ වගේම තෙළිගු භාෂාවේ දෙබස් ලියල තියෙන්නේ Bhashyasree විසිනුයි. ප්‍රධාන චරිතයෙන් Vijay Antony සමග දැන් ඉන්දියාවේ නැගී එන විකට නළු Yogi Babu තම රංගනයෙන් දායකත්වය සපයනවා. ප්‍රධාන නිළියන් තුන් දෙනෙක් වශයෙන් Sunaina, Anjali, Amritha රංගන දායකත්වය සපයනවා. ඒ වගේම සංගීත අධ්‍යක්ෂණය Vijay Antony. කතාව මේ විදියට පටන් ගම්මු.
මේක ඇත්තක් ද හීනයක් ද කියල මම දන්නෙ නෑ. නයෙක්ව පේනවා, ගොනෙක් අනින්න එනවා. මේක තමයි මගේ ප්‍රශ්නය. මගේ නම බරත්, මම දැන් ඉන්නේ ඇමරිකාවේ. පොඩි කාලෙදිම මගේ තාත්තයි, අම්මයි මාව මෙහෙට එක්කරන් ආවා. දැන් මම තමයි කලමනාකාර අධ්‍යක්ෂක බරත් මල්ටි ස්පේෂිලිටි හොස්පිටල් එකේ. නිව්යෝක් වල තියෙන හොදම ඉස්පිරිතාල වලින් එකක්. ලන්ඩන් වෛද්‍ය විද්‍යාලයේ මම තමයි හොදම හෘදයාබාධ ශල්‍ය වෛද්‍ය වරයා. ඒකත් සීයට අනූ අටක සාර්ථකත්වයක් එක්ක. මගේ ජීවිතේ දිහා කවුරු බැලුවත් ඊර්ෂ්‍යා හිතෙන විදිහෙ ජීවිතයක්. මට හැම දෙයක්ම තියෙනවා. හැමදේම තිබුනත්, කිසිම දෙයක් නෑ වගෙයි තියෙන්නේ. මොකක් හරි දෙයක් අඩුයි!
ඉතින් මෙහෙම කාලය ගත කරපු මට දවසක් ඉස්පිරිතාලෙ ඉන්නකොට දැන ගන්න ලැබෙනවා මගේ අම්මා හදිසි තත්ත්වයක් නිසා ගිලන් රථයේ දාගෙන ඉස්පිරිතාලෙට අරගෙන ආවා කියලා. මම අම්මව පරික්ෂා කළාට පස්සෙ දැනගන්න ලැබෙනවා එයාගේ වකුගඩු දෙකම නරක් වෙලයි තියෙන්නෙ කියලා. තාත්තත් එක්ක කතා කරපු මම කැමති වෙනවා මගේ වකුගඩු වලි එකක් මගේ අම්මට දෙන්න. හැබැයි තාත්තා ඒකට කැමති වෙන්නෙ නෑ. මම ඇයි කියල අහපුවාම තාත්තා මට කිව්වා මගේ වකුගඩු අම්මට දෙන්න ගැලපෙන්නේ නෑ කියලා.
බරත්! ඔයාගෙ වකුගඩුව ගැලපෙන්නෙ නෑ පුතේ.
-තේරුනේ නෑ තාත්තෙ.
ඔයාව වදපු තාත්තයි, අම්මයි අපි නෙමෙයි පුතේ. අපි ඔයාව අරන් හදාගෙන ඉන්නේ.
මේක අහපුවාම මට මේ කියපු කිසිම දෙයක් තේරුම් ගන්න බැරි වුනා. කාලය ගත වෙලා අම්මත් සනීප වෙලා ගෙදරට ආවා. උදේ අම්මයි, තාත්තයි එකට ඉන්න වෙලාවේ මම මේ ගැන කතා කරන්න එයාලා ලගට ගියා.
මමයි, ඔයාගෙ තාත්තයි. මේ ඇත්ත ඔයාට දැනගන්න තියෙන්න ඕනි නෑ කියල හිතුව පුතේ. ඒ නිසා තමයි කිව්වෙ නැත්තේ.
-ඉතින් මොකද අම්මේ? දැන් තමයි මට ඔයාට අම්ම කියල කතා කරන්න ආසාව වැඩියෙන් තියෙන්නේ. මම ඔයාට දෙයක් කියන්න ඕනෙ අම්මේ.
කියන්න පුතේ.
-නිතරම වගේ හීනයක් පේනවා කියල කියනව නේද? පොඩි ළමයෙකුට ගොනෙක් අනිනවා වගෙයි නයෙක් එනව වගෙයි. මම හිතන්නේ, ඒක මගේ පොඩි කාලෙ ජීවිතයේ කොටසක් කියලා. මම පොඩි ළමයෙක් වෙලා ඉන්නකොට. මට මොකක් හරි සිද්ද වෙලා තියෙනව අම්මේ. ඒ නිසා තමයි හීනෙන් පේන්නේ. මම එක වතාවක් ඉන්දියාවට ගිහින්, මට පොඩි කාලෙදි මොකද වුනේ කියල බලල එන්නම් අම්මේ. සතියක් විතරයි, නිකන් සටහනකට.
හැබැයි මම ඉන්දියාවට යන්නේ මට පොඩි කාලේ මොකද්ද සිද්ද වුනේ කියල දැනගන්න විතරක් නෙමෙයි. මට දැනගන්න ඕනි මගේ දෙමාපියන් කවුද, එයාලට ඇත්තටම මොකද වුනේ කියලා. මගේ අම්මා? මගේ තාත්තා? එයාලට දැන් මොනා වෙලා ඇත් ද? ඇයි මාව අනාථ ආශ්‍රමයකට භාර දුන්නේ? මේ හැම දේකටම උත්තරේ මම හොයා ගන්නවා!
ඔන්න යාළුවනේ මේ අරන් ආවේ කාලි Kaali, කාලා Kaala එහෙම නෙමෙයි. එහෙනම් තවත් මේ වගේම උණු උණු උපසිරැසියකින් හමු වෙමු! ඒ වගේම මගේ හැම උපසිරැසියකටම කොමෙන්ට් කරලා මට සහයෝගය දක්වන හැමෝටම ආදරෙයි මේ “නයා” පැලෙන්න.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත සඳහා වලංගු වේ.
13,049 downloadsDownload Kaali-2018-new.zip117 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/imesh_kumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SNAKE RAJ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-12-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
SNAKE RAJ
Subtitles
97 comments
Bokka98
suren123
patta bn ela niyami ubala nisa tma api film aswen blnne thnkz baiscope okkotama
flyingpenguin
Thanks Brother...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
තවත් මේ වගේම සුපිරිම ෆිලුමකින් නැවත හමුවෙමු...
ජයvas0303
Thanks bro
gnjchuty
ස්තුතියි
jstar
super brother thanks a lot more brilliant
sandun_zuti
thanks bro...gd luck
chandima0
*♈ᖺᗩﬡḰᔕ ᕊᖇᗢ*
snak
thanks bro maga balan hitapu film ekak thanks a lot
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Kawi Jayasinghe
Elama kolloooo
Sadeu_Bandara
සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි...
Hiran Eranda
ගොඩක් ස්තුතියි උපසිරසියට රාජ් අයියේ. නියම වැඩක්.
Ranidu
සුපිරි ෆිලුමක් සහෝ
ආදරෙයි පැලෙන්න හොදෙයි❤️Sumal Niduka Chandrasiri
Thanks malaya. Niyamai
oshanda
thanx sahoo..sub eka dawasak kalata passe menna meya karalath iwarai... good job
buddhika
Thank you for Subtitle
We really appreciate your work in baiscopelk
It was a pleasure to be a part of baiscopelkKrishan NiShalya
බොහොම ස්තූති බ්‍රෝ...
එනකන් මඟ බලන් හිටපු සබ් එකක්Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!ERANDA MALITH
සුපිරි මචන්.
උපසිරසට ස්තූතියි!
තව අලුත් ෆිල්ම් වලට සබ් දිගටම සබ් කරමු. ජයවේවා!gihan perera
නියමයි මචෝ....වචන නෑ කියන්න...බලන් හිටපු ෆිලුමක් මචෝ....ගොඩක් ස්තුතියි සහෝ....තවත් උපසිරැසි කරන්න වෙලාව කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....
ranga11112
ස්තුති සහො
losaka
පටිට සහෝ
Hpcm1991
supiri
Indika Panapitiya
godaak sthuthi macho...
Amila89
Niyama wedak
ayesh milan
බලන් හිටපු ෆිලුමක් මචෝ….ගොඩක් ස්තුතියි සහෝ….තවත් උපසිරැසි කරන්න වෙලාව කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි….
dhanush4343
බොහොම ස්තුතියි සහෝ...එනකං බලාගෙන හිටියේ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thilina Chamara
Thank you
santhusha319
thanks mchn
Kanchaka
Thanks bro........
Lakshitha_Mathngadeera
thanx mchn sub ekata :D
dhanushka dhananjaya
Machan sub ekata godak pin puluwnm me filumata sub ekak dipnkoo (Jaya Janaki Nayaka) meka sarrinodu eka wagema ftttma filumk
madushangamage
Thankea bro....
malshika
සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි…
Thilinamadushankaalwis
thanks broo
Kovidu
සහෝ තෑන්ක්ස් සබට,,,,,,,,,,, එලම,
N_R
Thanks.
Dhinusi
Thanks bro mn kamathima nauvek thamaa..
Lahiri
loku uthsahayak macho thankz godak
THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
rusiruh
Sthuthyi bro!
D.Chamara
bohoma sthuthi sahooo jaya...
Sameerachathuranga
ela
hdpradeep
Thanks Bro Sub ekata. Jaya Wewa!!!
niyamai raj oyanam supiri vaddek niyama film ekak sube ekata thanks thavath supiri film ekak one jayawewa..
subodha
Thanks
Nilush Angana
Sub ekata thanx
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Superb