මේ සති දෙක රාජකාරි වැඩයි පුත්ගලික වැඩයි නිසා අතිශය කාර්යබහුල වුනා. ඒ නිසා පේලි තුන්දහස් දෙසීය කරන්ඩ සතිදෙකක්ම ගියා ඒ නිසා මුලින්ම ඔයාලගෙන් සමාව ඉල්ලලාම පරන්ගන්නවා..ඉතින් යාලුවනේ මම මේ සැරේ ගෙන එන්නේ මගේ පස්වෙනි උපසිරසයි.විමුක්ති සහොදරයා තමා මට මේක යෝජනා කරේ. ස්තුතියි (වීමු). මේක මලයාලම් චිත්‍රපටියක…

මේ සති දෙක රාජකාරි වැඩයි පුත්ගලික වැඩයි නිසා අතිශය කාර්යබහුල වුනා. ඒ නිසා පේලි තුන්දහස් දෙසීය කරන්ඩ සතිදෙකක්ම ගියා ඒ නිසා මුලින්ම ඔයාලගෙන් සමාව ඉල්ලලාම පරන්ගන්නවා..ඉතින් යාලුවනේ මම මේ සැරේ ගෙන එන්නේ මගේ පස්වෙනි උපසිරසයි.විමුක්ති සහොදරයා තමා මට මේක යෝජනා කරේ. ස්තුතියි (වීමු). මේක මලයාලම් චිත්‍රපටියක් පැය දෙක හමාරක් වගේ දිග මේ සලරුව ගෙතෙන්නේ කුම්බලම් කියන ගම වටා..දන්නවනේ ඉතින් ඉන්දියාව..ක්‍රිකට් කිවුවොත් කෑමත් ඔනෙ නෑ ඒතරමටම ඒක ආගමක් වගේ එහෙ.ඉතින් ක්‍රිකටුත් මේකේ ප්‍රධාන මාතෘකාවක්.ඉතින් ඒ ගමේ කට්ටියට මේකේ IMDb අගය 7.3 කට කරකවන්ඩ පුලුවන් වෙලා තියනවා.චිත්‍රපටර අධ්‍යක්ශනය කරලා, ලියලා තියෙන්නේ Ranjan Pramod. මේකේ ප්‍රධානය එනම් එයගේ නමම තියන බයිජු කුම්බලම්ට පණ පොවන්නේ Biju Menon.
බයිජු කියන්නේ ඉතින් ක්‍රිකට් පිස්සෙක්. බයිජු බැලදා වයස 12ක දුවකුත් ඉන්න වගකීම් රාශියක උරුමකාරයෙක් උනත් ඉතින් ක්‍රිකට් පිස්සුව තමා එයාගෙ ජීවිතේ පළමු තැන.ඉතින් හිතන්ඩකෝ ඒ වගේ සැමියෙක් ලබපු බිරිදක් කොහොම හැසිරෙයිද කියලා..කියලා වැඩක් නෑ කොච්චර බැන්නත් කිසි වැඩක් නෑ..මේකව හදාගන්ඩ බෑ ඒ මදිවට ඉන්නෙත් දුවක් මෙහෙම තාත්තෙක් ඇත්තට..ඒ මදිවට ගෙදර හදන්ඩ තාත්තා ගත්ත ණය ගෙවන්ඩ ත් ඔනේ ඒ වගේම තම දුව පාසැලේ විවිධප්‍රසංගයට අලුත් කාරාබු දෙකකුත් ඉල්ලනවා..මෙයාට ඉතින් මේ ඔක්කොටම පිහිටට තියෙන්නේ මෙයාගේ රජයේ අයිස් ගහන පිනට ලැබුන රස්සාව ( ලංකාවෙ විතරක් නෙවෙයි එහෙත් එහෙමයි) .ඒකට ඉතින් මෙයා තව මෙයාගෙ අර්ථසාධකකෙන් ණයක් ගහනවා.. ඔහොම ගම වටේ රවුම් ගහ ගහා ඉන්නකොට දවසක් තමන්ගේ රොත්තේ කෙනෙක්ට රංජි කුසලානෙට තෝරන පුහුණු සැසියකට අවස්ථාව හම්බෙනවා..මේ යකා මොකද කරන්නේ අර ගත්ත ණය මුදලින් අර කොල්ලට ක්‍රිකට් බඩු ටික ඇරන් දෙනවා..තමන්ගේ දුවටත් වඩා මෙයාට වටින්නේ ඒක.ඉතින් ඒක එක උදාහරනයක් මෙයාගේ ක්‍රිකට් පිස්සුව ගැන.
අපි ඉතින් කොල්ලෝ නේ කොච්චර මෙයාට බැන්නත් කාලයක් ඉතින් අපේ රටෙත් එහෙම පිස්සෝ හිටියනේ හැබෑට…මාත් එකෙක්,කොටින්ම යන හැම මැච් එකේම ඕවරෙට ගහන ගාන පොතක වෙනම ලිවුවා ඒකරලා ප්‍රස්ථාරත් ඇන්දා අනේ ඒ අතීතේ… අර එක්කෙනෙක්ට (අර බුකී..එක්කො ඕනෙ නෑ) පින්සිද්ද වෙන්ඩ දැන් එහෙම ප්‍රශ්නයක නෑ ගොඩක් අය මැච් එකක් යනවද කියලවත් දැන් නෑනේ නේද. ඉතින් මේ කුම්බම් ගමේ බයිජුගේ කන්ඩායමේ නම Kumbalam Brothers මෙයාලා ඉතින් තරඟ දිනනවට වඩා වෙන්නේ ඒකේ අනිත් පැත්ත.අපේ ලංකාවේ කන්ඩායමට වඩා මෙයාලට පොඩ්ඩයි හොද. ඉතින් මේ ගමේ එක එක රසවත් සිද්ධි තමා මේ කතාවට ජීවය ගෙනදෙන්නේ.ක්‍රිකට් පිස්සො, කෙල්ලො පස්සෙ පණ දෙන්ඩ පන්නන කොල්ලො, පස්සෙන් එක කොල්ලන්ගෙන් ඇතිවෙන්ඩ වැඩ ඇරන් බූට් තියන කෙල්ලො,කොල්ලො පස්සේ පණ දෙන්ඩ පන්නන කෙල්ලෝ, පලමු පෙමේ මතකයන් හිතින් විදවන පවුල් කාරයෝ.. තම ජිවිතේම අධාපනය කරගත් ළමයි,ළමයි සතුටින් සෙල්ලම් කරනවා බලාගෙන ඉන්ඩ බැරි වයසක උන්දැලා ආදී නේක විධියේ මිනිසුන් රැසක් මැද ගලා යන කතාව බයිජු වටා තමා කේද්‍රගත වෙන්නේ.
බයිජුගේ තේමාව තමා “අපි ජීවිතයේ සමහර වෙලාවකට අපි පරාජ වෙනවා. අපි පරාජය, ජය ගැනීම සඳහා පාඩමක් කරගන්ඩ ඕනේ! එහෙම අයගේ ජීවිත තමා පරිපූර්ණ වෙන්නේ” හැම වෙලාවෙම මෙයාගේ වැඩ වගේම කතාවත් මේ වගේ.ළමයි අධ්‍යාපනයෙන් අයින් කරලා සෙල්ලමට යොමුකරවනවා කියලා ගම කොච්චර මෙයා ගැන නරක විදිහට හිතුවත්, මෙයා තමන්ගේ දර්ශනය ගමට කරලා පෙන්නන කෙනෙක්.මිනිසුන්ගේ ජීවිත සැම දෙයින්ම සමබර වෙන්ඩ ඔනේ බොහෝ ඇසූපිරූ තැන් තිබීබේ වැදගත් කම,තමාට එන අභියෝග වලදි නොසැලී ඉදිරියට යන්ඩ අත්වැලක් බව මෙමගින් පෙන්වන්ඩ උත්සහ කරනවා. ඒ වගේම් අපි කුමක් හේ දෙයක් සමඟ බැදුනහම ඒවා අනිත්‍ය නිසා නැතිනම් ඒවා වෙනස් වෙනකොට අපිට දුක එනවා කියන සනාථන ධර්මතාව මෙහි මනාව පසක් කරනවා. ඒඅතරම ගම නාගරීකනය වෙනකොට මිනිසුන්ගේ අවශ්‍යතා වෙනස් වෙනකොට වෙන සමාජ පෙරලිය අපි “ගම්පෙරලියේ” ඉදන් මේ දක්වාම කතා වෙනවනෙ. බයිජුලත් ඒ පෙරලියට අකමැත්තෙන් උනත් මුහුන දෙන්ඩ වෙනවා.
මොනවා කිවුවත් අන්තිමට මට පේන්නේ අපි සමාජය ගහගෙන යන පැත්තට යනවාමයි. බයිජුලා වගේ සරලව ප්‍රීතිමත්ව ජීවිත ගෙවන අය සල්ලි පස්සේ පන්නන අපිට පේන්නේ නිකමෝ..පිස්සෝ.. වගේ. වර්ථමාන ආර්ථික රටාව විසින් අපේ මනස එහෙම දකින්ඩ අපිව සුසර කරලා තියනවා කියලයි මට හිතෙනවා.
ඉතින් හැමෝටම ආරාධනා කරනවා ප්‍රශ්න ගැටලු උපහාසය ප්‍රහසන මැදින් ගලා බසින මේ සිනමා සිත්තම නරබන්න තෙරුවන් සරණයි! නැවත හමුවෙමු…
Due to copyright issues, we do not provide any torrent links.
www.TamilRockers.at-Rakshadhikari-Baiju-Oppu-2017-Malayalam-v1-DVDRip-700MB
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත DVD පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන් ලසිත දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන් ලසිත දිසානායක
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
29 comments
Kulanjana Maduranga
Ayesh Prashan
Thank You
hashniru
thamks bro
HelloMachan
thanks
ranga11112
ස්තුති සහො ....ජයවේවා ....
තෙරැවන්සරණයිERANDA MALITH
Sub ekta thanks mcn
ඩොක් අයියා
“නුවන් ලසිත දිසානායක” සොහොයුරාට ස්තූතිය
mskbranda
බොහෝම ස්තුතියි සහෝ!!! මලයාලම් වලටම දිගටම සබ් දෙන්න.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයthi.chathu
thanks bro......
Thilina Chamara
Thank you
Hemantha De Silva
Thank You Nuwan...
Thans baiscope too..gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!SanjulaJeter
thanks
rangika Kariyawasam
නියම ෆිලුමක් සහෝ.ෆිලුම ආව ගමන් ගත්තා .සබ දීපු එකනම් මැක්සා . සබ හදන්න කාපු කට්ටට බෝම පිං,ආ... ජය ජය වේවා තව මලයාලමි සබ් ඕනේ.ජය ජය
nuwan1234
tanks all for your valuable comments
sublove
sub ekata sthuthi wewa
spd
thank you soooo much bro...
Gandhaka Indrajith
Thanks for the subtitle
AravindaMadu
film ekath niyamaii..sub ekath niyamaii...thank you....
saduhiru1
උපසිරැසියට ගොඩාක් ස්තූතියි.............
spd
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරසියට.
වැඩි වැඩියෙන් මලයාලම් ෆිල්ම් වලට සබ් කොටන්න ඇඟිලි ශක්තිමත් වේවා
කියල ප්‍රාර්ථනා කරනවා.
ජය වේවා...!!!prageeth chamalka
උපසිරැසියට බොහොම ස්තූතියි
Menaka Herath
බොහොමත්ම ස්තූතියි සබට සහෝ.....
තව තවත් සබ් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා....!!!!!!!!!!kmsenevirathne
Thank you
Kiw3rd
Thanx mcn. Digatama sub dipan plwn widihata. <3 ✌️✌️✌️✌️✌️
MadhuBandara
thank you yaluwa...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

niayamai…aniwa bamak thma... thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……