ඉදලා ඉදලා මටත් හිතුනා වයිකින් පිලුමකට අත ගහන්න ඕනි කියලා.එකක් හොයා හොයා ඉන්නකොට තමයි මේක ලැබුනේ.අවුරුදු තුනක් විතර පරණ පිලුමක්. හැබැයි මේකේ කතාව නම් ටිකක් වෙනස් පැත්තකට යන්නේ. Film එක ගැන හැදින්වීමක් කලොත්, මේක නිකුත් උනේ 2016 සැප්තැම්බර් 19. Action, Adventure ගණයට අයත් වන මේක විනාඩි 83 ක් පුරා දිව…

ඉදලා ඉදලා මටත් හිතුනා වයිකින් පිලුමකට අත ගහන්න ඕනි කියලා.එකක් හොයා හොයා ඉන්නකොට තමයි මේක ලැබුනේ.අවුරුදු තුනක් විතර පරණ පිලුමක්. හැබැයි මේකේ කතාව නම් ටිකක් වෙනස් පැත්තකට යන්නේ.
Film එක ගැන හැදින්වීමක් කලොත්, මේක නිකුත් උනේ 2016 සැප්තැම්බර් 19. Action, Adventure ගණයට අයත් වන මේක විනාඩි 83 ක් පුරා දිව යයි. ඔලාත් කියන රජ කුමාරිකාව වටා තමයි මේකේ කතාව දිව යන්නේ.ඔලාත්ගේ චරිතයට පන පොවන්නේ Hollie Burrows . ස්වෙන් ගේ චරිතයට පන පොවන්නේ James William Cooke. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Matt Poitras. Liam Dascombe , Daren Elliott Holmes, Abbie Hirst, Les Kenny-Green යන අය සෙසු චරිත වලට රංගනයෙන් දායක වෙලා තියෙනවා.
මේකේ වෙන කතාව ගැන කිව්වොත්, ඔලාත් කියන්නේ අනාගතයේදී රට එක්සේසත් කරලා රජ වෙන්න නියම වෙලා ඉන්න කුමරියක්. මෙයාගේ පොඩි කාලෙදිම මෙයාගේ දෙමුපියෝ මරලා දානවා. මේ රටේ බලය ලබා ගන්න නම් ශුද්ද වූ ලියවිලි හතක් එකතු කරගන්න ඕන. ඔලාත්ගේ තාත්ත ඔලාත්ට රජකම පවරන්න හිතාගෙන ඒ ලියවිලි ටික කතෝලෝක සබාවට දෙනවා. දීලා කියනවා එයා නියම වයසට ආවහම පස්සේ මේ ලියවිලි ටික එයාට දීලා රජ කරවන්න කියලා. මේ රජාට කලින් හිටපු රජා නෝස්මන් ගෝත්‍රිකයෙක්.ඒ රජාගෙන් ඔලාත්ගේ තාත්තා මේ ලියවිලි හොරකම් කරනවා. පස්සේ ඒ නෝස්මන් රජා ඒ ලියවිලි ටික හොයාගෙන එනවා. එන්නේ එයාලගේ පුතාලත් එක්ක. එක පුතෙක් තමයි ස්වෙන් කියන්නේ. නොස්මන් රජා ස්වෙන් වයි තව එයාගේ කට්ටියකුයි වෙරළේ නවත්තලා යනවා. ඒ සෙට් එකට වෙන ගෝත්‍රිකයෝ සෙට් එකක් ඇවිල්ල ගහනවා. අන්තිමට ස්වෙන් විතරි ඒකෙන් බේරෙන්නේ. ඔය අතරේ නොස්මන් රජා යනවා අර ලියවිලි ටික හොයාගෙන. එයා හිතන්නේ ඔලාත් ලග මේ ලියවිලි ටික තියෙනවා කියලා. කොහොමහරි එයා ඔලාත් ඉන්න ගමට පහර දෙනවා. හැබැයි කොහොමහරි ඔලාත් එතනින් පැන ගන්නවා. අරහේ ස්වෙන් හරි අමාරුවෙන් පන ඇද ඇද ඉන්නවා. ඔලාත්ට මගදී වෙන ජාතියක ගෝත්‍රිකයෝ දෙන්නෙක් හම්බවෙනවා. ඔලාත් ඒ දෙන්න එක්ක යනකොට උන් දෙන්නා ඔලාත්ට කරදර කරන්න හදනවා.ඉතින් ඔලාත් එතනින් දුවල යනවා. යන්නේ ස්වෙන් ඉන්න පැත්තට. ස්වෙන් ට පේනවා කට්ටියක් කෙල්ලෙකුට කරදර කරන්න යනවා කියලා. මෙයා ගිහින් එතන වීරයා වගේඅර කට්ටියව මරනවා. ඔලාත් දුවගෙන එනවා කවුද එයාව ගෝත්‍රිකයන්ගෙන් බේරාගත්තේ කියල බලන්න. හැබැයි ස්වෙන් ගේ තත්වේ ටිකක් බරපතල නිසා ස්වෙන්ට සිහිය නැති වෙනවා. ඔලාත් ස්වෙන් ව අරගෙන වෙන තැනකට යනවා ස්වෙන් ට බෙහෙත් කරන්න. දෙන්නගෙන් කවුරුවත් දන්නේ නෑ දෙන්න එකිනෙකාට විරුද්දව යුද්ද කරන හතුරෝ දෙන්නෙක් කියලා. ඊලගට මොකක්ද වෙන්නේ කියලා මම කියන්න යන්නේ නෑ. බලලම දැනගමු මොකද වෙන්නේ කියලා.
නැවත උපසිරසියකින් හමු වන තුරු ජය….😎👌✌😎
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා වලංගු වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/Hiran-Eranda.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018/02/19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
24 comments
Kantha_DLA
Gathsara Umesh
Bhoooooooom sthuuthiyi sub ekt ayye....
geeganagamage
බොහොම ස්තුතියි අනේ මේ වගේම Tremors 6 සබ් එක දාන්නකෝ .
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ranga11112
ස්තුති සහො ......
තෙරැවන්සරණයිMalisharavindu
Mcn me film aka melo rahak na.. meka downlod karanne yane welawai salli aparade
jstar
brilliant work bro thanks a lot more
Tharindu@@
Aiye kaothaninda film sub name eka search karanne, eewagema mage issella password ekath waradilu ee moko
Hiran Eranda
පේජ් එකේ උඩ තියෙන සර්ච් බොක්ස් එකෙන් ෆිල්ම් සර්ච් කරලා ගන්න පුළුවන්.
පාස්වර්ඩ් එක ගැන නම් මට හරියටම කියන්න විදිහක් නෑ
SanjulaJeter
thanks
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
santha
thanks very much
tharinz.lk
thanx yalua good job...
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Maduwantha_bro
Thanks broo sub ekata baln hitpu film ekk
jagath55
Thanks
Hashan M. Priyadarshana
Thank you bro sub ekata..
Jaya wewa!tharidu sagara
බොහොම ස්තූති සහෝ උපසිරසට.
ජය වේවා!!!Nishanfernando
Thanx bro
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!s.s.m
tz sub ekata...
Rukshan37
Ela ela
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!