සුභ දවසක් වේවා ඔයාල හැමෝටම! සුපුරුදු පරිදි මං අදත් බයිස්කෝප් වෙබ් අඩවියට ආවේ Drama, Horror, Mystery කාණ්ඩයන් යටතේ 2020 ඔක්තෝම්බර් 30 වන දින Netflix ඩිජිටල් මාධ්‍යය ඔස්සේ නිකුත් උන Kaali Khuhi (2020) හින්දි සිනමා පටය සඳහා සිංහල උපසිරැසි නිර්මාණයත් සමඟිනුයි. Netflix වෙතින් Halloween වෙනුවෙන් නිකුත් ක…

සුභ දවසක් වේවා ඔයාල හැමෝටම! සුපුරුදු පරිදි මං අදත් බයිස්කෝප් වෙබ් අඩවියට ආවේ Drama, Horror, Mystery කාණ්ඩයන් යටතේ 2020 ඔක්තෝම්බර් 30 වන දින Netflix ඩිජිටල් මාධ්‍යය ඔස්සේ නිකුත් උන Kaali Khuhi (2020) හින්දි සිනමා පටය සඳහා සිංහල උපසිරැසි නිර්මාණයත් සමඟිනුයි.
Netflix වෙතින් Halloween වෙනුවෙන් නිකුත් කරපු මේ සිනමා නිර්මාණය Terrie Samundra නම් සිනමා අධ්‍යක්ෂකවරයාගේ අධ්‍යක්ෂණයක්. Shabana Azmi, Sanjeeda Sheikh, Riva Arora ඇතුළුව තවත් නළු නිළියන් කිහිප දෙනෙක් මේ වෙනුවෙන් රංගන දායකත්වය දීලා තියෙනවා.
මේ සිනමා නිර්මාණයෙන් අතීතයේ මෙන්ම වර්තමානයෙදි පවා ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශයන් හි රහසේ සිදුවෙන ළදරු අවදියේදීම ගැහැණු දරුවන් මරා දමනා කුරිරු අපරාධයක් පිළිබඳව ප්‍රේක්ෂකයින් හට ගෙනහැර පානවා. ශ්‍රී ලාංකික අපට එදා පටන් සිනමා නිර්මාණ වලින් සහ ජනමාධ්‍ය වලින් පවා බහුලව පුරුෂාධිපත්‍ය රජකරන සමාජයක් තුල කාන්තාවන් හට සිදුවන නොයෙකුත් හිංසා පීඩාවන් සහ අසාධාරණයන් අහන්න දකින්න ලැබිලා තියෙනවා. ඉන්දියාවේ ඇතැම් මිනිසුන් ගැහැණු දරුවන් උපදින්නේ තමන් කරන ලද පාපයක් නිසාය යන්නද විශ්වාස කලහ. මෙම කතාව තුලින් අද පෙන්වන්නේ ඇතැම් විට ඔබ මීට පෙර අසා නැති හෝ ඇති කාන්තාවන් හට සිදුවන තවත් සාහසික ක්‍රියාවක් පිළිබඳවයි. එසේනම් අතීතයේ සිට මිථ්‍යාදෘෂ්ටික සම්ප්‍රදායන් කර පින්නා ගත් නූගත් ගැමියන් ගේ අතින් අදටත් සිදුවෙනවා යැයි උපකල්පනය කල හැකි මෙවැනි කුරිරු අපරාධයන් වලට කවුරුන් විසින් දඬුවම් දේවිද?
මෙහි කතාව ගැන යමක්වු කිවහොත් අවුරුදු 10 ක් වයසැති ශිවන්ගි තමන්ගේ අම්මයි තාත්තයි එක්ක තමන්ගේ ආච්චිව බැලීමට පන්ජාබයේ දුර ගමකට යනවා. නපුරු ආත්මයකින් ශාපයකට ලක්වුණ ගමක ජිවත් වුණ ශිවන්ගි ගේ ආච්චි ජිවත් උනෙත් ඒ වගේම අද්භූත ගෙදරක. අමුතු අමුතු දේවල් සිද්ධ වෙන තැනක. මෙහෙදී ශිවන්ගි ට චාන්දනි කියල යාලුවෙකුත් හම්බ වෙනවා. චාන්ද්නි ගාව හොල්මන් කතාවක් තියෙන පොතක් තියෙනවා. ඒ පොත රහස් ගොඩක් හංග ගත්තු පොතක් බව ශිවන්ගි දැන ගන්නවා. මේ අමුතු ගෙදර තියෙන අමුතු ගමට ශාපයක් වදිනවා. මිනිස්සු මැරෙන්න පටන් ගන්නවා. මේ වෙනුවෙන් මොනවද කරන්න පුළුවන්, මේකට පිළියම් යොදන්න කවුද ඉදිරිපත් වෙන්නේ. මේ සේරටම උත්තර කතාව බලලම දැන ගන්න.
තවත් සිංහල උපසිරැසියකින් හමුවෙමු. සුභ දවසක් වේවා.!

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-Rip පිටපත් සඳහා අදාළ වේ.
4,255 downloadsDownload Kaali-Khuhi-2020.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රේණුකා සුභාෂිණි
Subtitles
16 comments
මයුර
yohan
very very thankss. mekatanam sub dei kiyala hithuwewath ne. relese wechcha gamanma dunna neda
yohan
thama download site ekata dala nehene
Shane de Silva
Thanks a lot for the subtitle. Keep it up the good work.
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
RVMENDIS85
Thanks for sinhala sub....
දහරා මුතු අමා
නියම කතාවක්.
බොහොම ස්තූතියි උපසිරැසියට.දිල්ශාන් සචින්ත
තෑම්ක්ස් අලේ
Achi
බොහොම ස්තුතියි සබ් එකට
indika75
thanks..
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!Not name
Tx wasthu adrei aa umma
yohan
unlock 2020 drive 2019 lakshmi 2020 jootha kahin ka 2019 kaali peeli 2020 ginny weds sunny 2020 hindi films walatath subtitles denna.
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Kaali Khuhi (2020) Sinhala Subtitles | ගේ කිරිල්ලියන්ගේ අඳුරු ශාපය [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/11/Kaali-Khuhi-2020.jpg)
ටසිරි දෙයි කියලා හිතුවෙවත් නැති භාණ්ඩයක්.
තෑන්ක්ස් අක්කේ.. බලමු කොහොමද කියලා.