Watch Trailer

Godzilla: The Planet Eater (2018) aka Gojira: hoshi wo kû mono Sinhala Subtitles | ගිදොරාගේ ආගමනය.. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද බයිස්කෝප්වාසී හිතමිතුරනි.අද මං මේ අරන් ඇවිල්ලා තියෙන්නෙ Netflix Godzilla films triology එකේ අවසාන චිත්‍රපටයේ සිංහල උපසිරැසිය.මේකෙ මුල් චිත්‍රපට දෙක බලලා තියෙනවනම් දන්නවා ඇතිනෙ කතාව හරි හැටි ඉවරයක් උනේ නෑ කියලා.ඉතින් මේ films triology එක ගත්තොත්, 01. Godzilla:Planet of the monsters 02. City o…

කොහොමද බයිස්කෝප්වාසී හිතමිතුරනි.අද මං මේ අරන් ඇවිල්ලා තියෙන්නෙ Netflix Godzilla films triology එකේ අවසාන චිත්‍රපටයේ සිංහල උපසිරැසිය.මේකෙ මුල් චිත්‍රපට දෙක බලලා තියෙනවනම් දන්නවා ඇතිනෙ කතාව හරි හැටි ඉවරයක් උනේ නෑ කියලා.ඉතින් මේ films triology එක ගත්තොත්,

01. Godzilla:Planet of the monsters
02. City on the edge of Battle
03.Godzilla:The planet eater

ඔය පිළිවෙලට තමා චිත්‍රපට පෙළ ආවෙ.පළවෙනි චිත්‍රපට දෙකට උපසිරැසි ගෙනැල්ල තිබ්බෙ “කවිශල් රසින්ත” සහෝදරයා.මං තෝරගත්තේ තුන්වෙනි ඒ කියන්නෙ අවසාන චිත්‍රපටය.

“විශේෂයෙන්ම කියන්න ඕනි මේ චිත්‍රපටයේ මුලින් චිත්‍රපටවල තිබ්බ උපසිරැසිවල යෙදෙන වචන ඒ විදියටම යොදන්න මං කටයුතු කලා.වචන වෙනස් උනොත් පොඩ්ඩක් අවුල් වෙන හින්ද තමා ඒ විදියට කලේ. තව පළමු චිත්‍රපට දෙක බලලා නැත්නම් මේක බැලුවට මෙලෝ දෙයක් තේරෙන්නෙ නැති වෙන්නත් පුළුවන්.”

චිත්‍රපටය ගැන බැලුවොත් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Hiroyuki Seshita,Kobun Shizuno යන දෙපල.තිර රචනය හා කතාව Gen Urobuchi.හඩකැවීමෙන් දායකත්වය ලබාදීලා තියෙන්නෙ Mamoru Miyano,Takahiro Sakurai,Tomokazu Sugita,Yuki Kaji යන පිරිස.ඉතින් මේ චිත්‍රපටය නිෂ්පාදනය හා බෙදාහැරීම සිදු කරලා තියෙන්නෙ Polygon Pictures,Toho Animation සමගින් Netflix ආයතනය.චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්නෙ 2018 නොවැම්බර් 03 වෙනිද.මේ චිත්‍රපටයට IMDB දර්ශකයේ 6.5 ක අගයක් ලැබිල තියෙනවා.මේ චිත්‍රපටය ඩොලර් මිලියන 1.5 ක ආදායමකුත් ලබාගෙන තියෙනවා.චිත්‍රපටයේ ධාවන කාලය මිනිත්තු 90ක්.

කතාව ගැන බැලුවොත් අපි දන්නවා මෙචාගොඩ්සිලා නගරය ගොඩ්සිලාගෙ ප්‍රහාර කෑමෙන් විනාශ වෙනවා.ඉතින් හරෝ යූකොට අත්වෙන ඉරණමත් එක්ක ගොඩ්සිලාගෙ වැඩේ අත ඇරලා ඉන්නෙ.ඔය අතරෙ තමා මෙට්පීස් ගොඩ්සිලාව පරද්දන්න එයාගේ ආගමේ ඉන්න දරුණු සතෙක්ට වැඩේ භාරදෙන්නෙ.ඉතින් ඒ විදියටවත් ගොඩ්සිලාව පරාද කරන්න පුළුවන් වෙයිද නැද්ද කියලා චිත්‍රපටයෙන්ම බලන්නකෝ…🙂🙂

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,192 downloadsDownload Godzilla-The-Planet-Eater-2018-aka-Gojira-hoshi-wo-ku-mono.zip66 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,192 downloadsDownload Subtitles66 KB

8 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට.ජය වේවා!

  3. indika75

    thanks..

  4. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Kavindu sandaruwan

    Thankz bro

  8. Pavith Wijesooriya

    අවසන් චිත්‍රපටියටත් උපසිරසි ලබා දීලා මේ triology එක සම්පූර්ණ කරාට ගොඩක් ස්තූතියි.සබ් එකත් සුපිරියටම තිබ්බා.ඉදිරියටත් මේ වගේ සුපිරිම ඇනිමේ වලට සබ් ඕනේ.ආයෙත් ගොඩක් ස්තූතියි උපසිරසියට.ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.