Watch Trailer

Kaatrin Mozhi (2018) Sinhala Subtitles | රේඩියෝ නිවේදිකාව ! [සිංහල උපසිරැසි සමඟ]

“හෙලෝ” “රාත්‍රියේ ඔබව කම්පනයට පත් කරන……” “ඔබේ හුදකලා බව පැවසීමට…..” “ඔබට ඉස්මතුවන පෞද්ගලික ගැටලු……..” “මාත් එක්ක කතා කරන්න !” ඔන්න යාලුවනෙ ඉතින් අහිතක් හිතන්න එපා. අපිට හැමදාම ක්‍රියාදාම චිත්‍රපටවලට විතරක් උපසිරැසිය ගේන්න බැහැනෙ. මගෙ 22 වෙනි උපසිරැසිය විදියට මේ වතාවේ අරගෙන ආවෙ සුපිරි ඉන්දියන් නලු ස…

“හෙලෝ”
“රාත්‍රියේ ඔබව කම්පනයට පත් කරන……”
“ඔබේ හුදකලා බව පැවසීමට…..”
“ඔබට ඉස්මතුවන පෞද්ගලික ගැටලු……..”
“මාත් එක්ක කතා කරන්න !”

ඔන්න යාලුවනෙ ඉතින් අහිතක් හිතන්න එපා. අපිට හැමදාම ක්‍රියාදාම චිත්‍රපටවලට විතරක් උපසිරැසිය ගේන්න බැහැනෙ. මගෙ 22 වෙනි උපසිරැසිය විදියට මේ වතාවේ අරගෙන ආවෙ සුපිරි ඉන්දියන් නලු සුර්යාගේ බිරිද වන Jyothika මෑතක රගපෑ සුපිරිම චිත්‍රපටයක්. Comedy, Drama ගණයට අයත් වුණත් 7.6 අගයක් ඇති ලස්සනම ලස්සන කතාවක්. google භාවිතා කරන්නන්ගෙන් 95% ක ප්‍රතිශතයක් මෙම ෆිලුමට කැමැත්ත පළ කරල තියෙනව. Jyothika, විජයලක්ෂ්මි ලෙස මෙහි ප්‍රධාන චරිතය නිරූපනය කරනවා. ඇයගෙ සැමියා ලෙස Vidharth බාලූගෙ චරිතය නිරූපණය කරනවා. පැය 2 විනාඩි 28ක් පුරා දිවෙන හාස්‍ය උත්පාදක කතාව 2018 නොවැම්බර් 16 වන දින තිරගතවීම ආරම්භ වෙලා තියෙනවා.

විජයලක්ෂ්මි, බාලූ, එයාගෙ පුතා සිද්දු එක්ක විනෝදයෙන් කාලෙ ගත කරගෙන යනව. විජයලක්ෂ්මිට නිවුන්නු අක්කලා දෙන්නෙකුත් ඉන්නව, එයාගෙ වැඩේ ඉතින් ගෙදර ආවම විජලක්ෂ්මිට ඇනුම් පද කියන එකමයි මොකද විජයලක්ෂ්මි පාසලෙන් අසමත් නිසා. අක්කල නම් මදැයි තාත්තත් එයාලටම හවුල්. විජයලක්ෂ්මී ප්‍රවාහන සේවා ව්‍යාපාරයක් පටන් ගන්න අක්කලට කිව්වාමත් එයාල නෝක්කාඩුවට කතා කරන්නෙ. දවසක් විජයලක්ෂ්මි විදුලි බිල ගෙවන්න කියල ගිහිල්ල රේඩියෝ එක අහගෙන ඉද්දි නිවේදිකාව කියනව “අද ලෝක සංචාරක දිනය ” එනිසා කතා කරල යන්න කැමතිම ස්ථානය කියල තෑග්ගක් දිනා ගන්න කියල. විජයලක්ෂ්මි මේකට කතා කරල හරියට එයා ගියපු තැනක් වගේ ලස්සනට විස්තර කරනව. කොහොමහරි පහුවදාම විජයලක්ෂ්මිට ඇමතුමක් එනව එයා තරගයෙන් ජයග්‍රහණය කරල “ආහාර පිසින උදුනක් ” ජයග්‍රහණය කරල තියෙනව ඒක අරන් යන්න එන්න කියල. විජයලක්ෂ්මි ගත් කටටම කියනව ආහාර පිසින උදුනක් නම් එපා, පුලුවන් නම් TV එකක් දෙන්න කියල. නිවේදිකාව ඉක්මටම ඇමතුම විසන්ධි කරනව. මොකද තරගයක් තියල තෑග්ගක් දෙනකොට ඉල්ලන ඉල්ලන ඒව දෙන්න බැහැනෙ.

විජයලක්ෂ්මි තෑග්ග අරගන්න ගියාම දකිනව “ඔබටත් RJ කෙනෙක් වෙන්න පුලුවන්” කියන දැන්වීම. විජයලක්ෂ්මි මේකට ඉල්ලුම් පත්‍රයක් ඇහැව්වත් එතන ඉන්න පිළිගැනීමේ නිළධාරිනිය කියනව ඉල්ලුම් පත්‍ර මොකුත් නැහැ කටහඩ පටිගත කරල එවන්න කියල. විජයලක්ෂ්මිගෙ ෆෝන් එකේ පටිගත කරන්න බැහැ අදම කොහොමහරි කටහඩ පරීක්ෂණය කරන්න කියල නිළධාරිණිය එක්ක ගැටුමකුත් ඇතිකරගෙන විජයලක්ෂ්මි කොහොමහරි මැඩම් ගාවට ගිහින් කටහඩ පරීක්ෂණයක් කරනව. කොහොම හරි විජයලක්ෂ්මි මේකට තේරිල මැඩම් එයාට එන්න කියනව වැඩසටහන කරන්න. නමුත් මේකට බාලුවත් එයාගෙ අක්කල දෙන්නවත් තාත්තවත් කැමති වෙන්නෙ නැහැ. කොහොමහරි විජයලක්ෂ්මි මේ වැඩසටහනට යනව එයාගෙ ආසාව නිසාම. එතනින් එහාට විජයලක්ෂ්මි මුහුණ දෙන සිද්ධි දාමය හැමෝටම චිත්‍රපටය බලලම දැනගන්න කියල ආරාධනා කරනව.. එහෙනම් ආයෙත් අලුත් ෆිලුමකින් මුණගැහෙමු…

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය Proper HD පිටපත් සඳහා අදාළ වේ.

4,226 downloadsDownload Kaatrin-Mozhi-2018.zip76 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනංජය රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඔෂධ ධනංජය

Subtitles

4,226 downloadsDownload Subtitles76 KB

16 comments

  1. චානක ඉඳුනිල්

    බොහොම ස්තූතියි සබ් එකට සහෝ

  2. thushararox

    ela ela

  3. thushararox

    ayye okkoma dewal thiyeawa 'lost' tv series eka witharak naene.

  4. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  5. malithmadhushan45

    ගොඩක් ස්තුතියි උපසිරසට

  6. Madhura prasad

    තුති වේවා බ්‍රෝ සබ් එකට.මචන් මේ ෆිලුමට සබ් කරලා ඇත්තෙ බන්.මන් මේක බලල තියෙනවා.අනිවාරෙන් දීලා ඇති නැත්තන් බලන්න විදිහක් නෑ.කොහොම උනත් TNX සහෝ

  7. Kulanjana Maduranga

    subata thanks...

  8. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති සහෝ...
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  9. sapsara

    me film ekema hindi ekakuth thiyenawa.mekenma sub eka dunna ekatath.dekama eka wagema thamai

  10. San J

    plot එක කියවද්දි හොදට මතක කලින් බලපු ෆිල්ම් එකක් වගේ. පස්සෙ මතක් උනේ මේකෙ හින්දි එකකුත් කලින් ආවා නේහ් කියලා. ස්තූතියි මචං සබ් එකට

  11. Suresh Madhusanka

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Su

    Thanks saho sub ekata..:)

  14. nuwanlankapriya

    sub ekata tanks

  15. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  16. chathuradinesh

    Tnxxxxx