Watch Trailer

Sammohanam (2018) Sinhala Subtitles | තාරුකා බැස එන වෙලාවයි! [සිංහල උපසිරැසි සමග]

ඔන්න අද මම ඔයාලට Drama/Romance කාණ්ඩයට අයත් වෙන ලස්සනම ලස්සන සුපිරි තෙලුඟු ආදර කතාවක් අරගෙන ආව. ඇත්තටම මේක කරන්න අරගෙන ගොඩක් කල් වෙනව, මේ දවස් ටිකේ මගේ වැඩ අධික විමත්, අතර මැදදි වෙන ෆිලුමක් කරන්න නවත්තන්න වුන හින්දත් මේක කරන්න ටිකක් පරක්කු වුනා. ඒකට සමාවෙන්න ඕන. ඉස්සෙල්ලම කියන්න ඕන මේක අපේ ශසිත් අය…

ඔන්න අද මම ඔයාලට Drama/Romance කාණ්ඩයට අයත් වෙන ලස්සනම ලස්සන සුපිරි තෙලුඟු ආදර කතාවක් අරගෙන ආව. ඇත්තටම මේක කරන්න අරගෙන ගොඩක් කල් වෙනව, මේ දවස් ටිකේ මගේ වැඩ අධික විමත්, අතර මැදදි වෙන ෆිලුමක් කරන්න නවත්තන්න වුන හින්දත් මේක කරන්න ටිකක් පරක්කු වුනා. ඒකට සමාවෙන්න ඕන. ඉස්සෙල්ලම කියන්න ඕන මේක අපේ ශසිත් අයියගෙන් හොරකම් කරගත්තු ලස්සන ෆිල්ම් එකක්. ඉතින් මේක මට කරන්න කියල ලබා දුන්නු ශසිත් අයියටත් ස්තූති කරන ගමන්, ෆිලුම ගැන පොඩ්ඩක් කිව්වොත් මේක තිරගත කිරීම ආරම්භ වෙන්නෙ 2018 ජූනි 15වෙනිද. මෙම චිත්‍රපටයට, බ්‍රිතාන්‍ය චිත්‍රපටයක් වන Notting Hill චිත්‍රපටයෙ කතා වස්තුව අනුගත වෙලා තියෙනව කියල තමයි සදහන් වෙලා තියෙන්නෙ. ඒත් මට එහෙම බවක් නම් පේන්නෙ නැහැ. කොහොම වෙතත් හිත ඇදිල යන ආදර කතාවක් නිසා තමයි මම මේක කරන්න හිතුවෙ.

මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරන්නෙ Mohan Krishna Indraganti කියන අධ්‍යක්ෂකවරයා. මේ වෙනකොට IMDb දර්ශකයෙ මේකට 8ක අගයක් ලැබිල තියෙනව. ප්‍රධාන චරිත වලට දායක වෙන්නෙ අපි කවුරුත් දන්න Sudheer Babu සමගින් Aditi Rao Hydari. මේ දෙන්නගෙ දක්ෂ රංඟනය තමයි මේ ෆිල්ම් එක තවත් හැඩ කරන්නෙ. මීට අමතරව Naresh සහ Rahul Ramakrishna වගේ නළුවන්ගෙ කොමඩි සීන් ගොඩකින් සහ Pavitra Lokesh, Hari Teja, Tanikella Bharani වගේ නළු නිළියන්ගෙ රංගන දායකත්වයෙනුත් ෆිලුම හැඩගැන්විලා තියෙනව. ආදරය සිනහව පිරි පවුලේ සැමට බලන්න පුලුවන් හැංගිලා තිබුනු ලස්සන චිත්‍රපටියක්, තෙලිඟු ආදර කතා බලන්න කැමති අය මේක නම් මඟ හැරගන්න එපා.

කතාව පැත්තට හැරුනොත්, විජේ කියන්නෙ පොඩි දරුවන්ගෙ චිත්‍ර කතා පොත් වලට චිත්‍ර අදින කොල්ලෙක්. මෙයාට සිනමාව ගැන නම් තියෙන්නෙ එච්චර හොද ආකල්පයක් නෙවෙයි. කොටින්ම කිව්වොත් මෙයා චිත්‍රපට වලට කැමති නැහැ. ඉතින් මෙයාගෙ ගෙදර කෙටි චිත්‍රපටයක් කරන්න දවසක් කෙනෙක් එයාගෙ තාත්තගෙන් අහන්න එනව. විජේගෙ තාත්ත කියන්නෙ නම් ඔයාල අපි වගේ සිනමා පිස්සෙක්. විජේගෙ තාත්ත මේකට එක පයින් කැමති වෙනව. හැබැයි කොන්දේසියක් මත, මොකක්ද දන්නවද? ගෙදර නොමිලෙම පාවිච්චි කරන්න දෙන්න නම් එයාට චිත්‍රපටියෙ චරිතයක රඟපාන්න අවස්තාව ලබා දෙන්න ඕන.ඔන්න ඕකයි කොන්දේසිය. විජේ නම් මේකට අකමැතියි, හැබැයි එයාගෙ තාත්ත්ගෙ බල කිරීම නිසා එකඟ වෙන්න වෙනව. ඔන්න චිත්‍රපටිය රූ ගත කිරීම ආරම්භ කරා. චිත්‍රපටියෙ ප්‍රධාන නිළියගෙ චරිතෙ රඟපාන්නෙ සුපිරි තරුවක් වන සමීරා රාතෝඩ් කියන හින්දි නිළිය. වැඩේ කියන්නෙ මෙයාට තෙලිඟුනම් කතා කරන්න එච්චරම හැකියාවක් නැහැ. ඉතින් මෙයාට තෙලිඟු දෙබස් උගන්වන්න වෙන්නෙ විජේට. ඊට පස්සෙ තමයි විජේ සහ සමීරා දෙන්න ගොඩක් ලං වෙන්නෙ. මෙයාල එකිනෙකාට ආදරය කරත් දෙන්නගෙන් එක්කෙනෙක්වත් යෝජනා කරන්න පෙළඹෙන්නෙ නැහැ. මම කතාව ගැන එච්චර විස්තර කරන්න යන්නෙ නැහැ. එකිනෙකාට ආදරය කරන සුපිරි තරුවක් සහ පොඩි අයගෙ පොත් වලට චිත්‍ර අඳින කොල්ලෙක්, කතාව කොහොම වෙයිද කියල ඔයාල චිත්‍රපටිය බලලම දැනගන්න.

අවසාන වශයෙන් ඉල්ලීමක් තියෙනව, මේක මගේ අසා ලිවීමක් නිසා වැරදි අඩුපාඩු තියේනම් ඒ ගැන කියල හරි කමක් නැහැ පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න කියල ඉල්ලීමක් කරනව. තවත් මේ වගේ සුපිරි ෆිලුමකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

ඔබට ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි v2 Proper True HQ HDTV-Rip සහ Proper HD පිටපත් සඳහා අදාළ වේ.

16,291 downloadsDownload Sammohanam-2018-HDrip.zip147 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

16,291 downloadsDownload Subtitles147 KB

64 comments

  1. sachin gimhan

    supiri.. bro. sub ekata tanx..

  2. wmcsubhash

    thanks saho sub ekata

  3. Eranda Malith 2.0

    බොහොම ස්තූතියි මහෝ උපසිරසට

  4. God of film

    Ela meka anakan hitiye meyage thava aluth akaka avith tiyanava akath dennako puluwan nam

  5. dinusha

    thanx bro sub akata

  6. Kulanjana Maduranga

    patta ahhh...bamak....subata thanks saho...keep it up...

  7. Asa U

    thank u bro....... jayawewa

  8. kelumchathuranga

    thanks

  9. malithmadhushan45

    අනිව බලනව සහෝ සුපිරි ස්තුතියි සබ් එකට

  10. Ayesh Prashan

    Thank You

  11. Adee madu

    Thank you

  12. Pathum N Herath

    සබ් එකට ස්තූතියි සහෝදරයා

  13. Pathum N Herath

    Thanks Brother

  14. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..

  15. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති මලේ...
    සුපිරිම ෆිල්ම් එකක් වුනත් කරන්න වෙලාව නැති නිසා ඉතින් පූජා කරන්න වුනා. :P
    වැඩේ හොඳටම තියෙනවා කියලා දන්නවා.
    දිගටම තෙලුගු තමයි ඕනා..
    ජය!

  16. damith_janaranjana

    Thanks bro

  17. gihan perera

    ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට...නියම කතාව....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....

  18. sooriyapatabadige

    Thanks for sub....(thikka 2016) film ekata sub dennako please.......

  19. Bandarajbandara

    ස්තුතියි ජයවේවා

  20. Amilaark

    Thanks

  21. ඔෂද ධනංජය

    thanx chanaa sahoo..

  22. Sanju_kelum

    thanq bro..

  23. chathurangi93

    gdaaaak thankz. Good Luck!

  24. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  25. Madhura prasad

    බොහෝම තුති බ්‍රෝ සබ් එකට

  26. Nilush Angana

    Sub ekata thanx

  27. thilz

    Thank you for the sub

  28. palithadesilva

    thankyou..

  29. Suresh Madhusanka

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. MAALnath

    Thanks ..................good luck ..................phir se 2015 hindi movie ekata sub denna ......................................

  32. ChamathRulz

    mcn thanks for the sub

  33. Buddhika Lakmal (laKMal)

    thanks machan

  34. Lasantharathnasirirox

    ස්තුතියි සහෝදරයා....කරපු හැම සභකටම ගොඩාක් tNx...ජයවේවා .. !

  35. sublove

    bohoma sthuthi me sub ekata

  36. දසිත චාමික

    උපසිරැසි ගැන්වීමට ‌බො‌හොම ස්තූතියි! ජය!

  37. Kanchaka

    Thanks bro

  38. Rumesh dhanushka

    Thanks yaluwa...

  39. ravindutb

    Thank you..

  40. TharinduDin

    Supiri brother

  41. D.Chamara

    bohoma sthuthi sahoo

  42. BTC

    Thanks bro..

  43. basura indrachapa

    උපසිරැසියට ජයෙන් ජය!!!
    ගොඩක් ස්තූතියි සහෝ...

  44. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!

  45. IsuruF

    තැන්ක්ස් බ්‍රොරෝ

  46. ramenabeysingha

    thanx bro

  47. Su

    thanks saho sub ekta :)

  48. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  49. amchaminda1996

    තෑන්ක්ස්.....

  50. Thara97

    fill eka ssupiri .....sub ekath niyamai Thanks....

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.