ඒ 2011 අවුරුද්දයි. මමත් අපේ ලොකු අම්මගේ අයියලා දෙන්නත් (දිනේෂ් සහ උපාලි අයියා) නිකමට බ්ලොග් බල බල ඉන්න කොට තමයි බයිස්කෝප් බ්ලොග් එක අහම්බෙන් වගේ හම්බ වෙන්නේ. ඊට පස්සේ 2013 ඔක්තෝබර් වගේ වෙන කොට හිතෙනවා ඇයි මගේ දැනුමත් පාවිච්චි කරලා උපසිරැසියක් කරන්නේ නැත්තේ කියලා. කොහොම හරි ෆිලම් එකකුත් හොයාගෙන උපසි…

ඒ 2011 අවුරුද්දයි. මමත් අපේ ලොකු අම්මගේ අයියලා දෙන්නත් (දිනේෂ් සහ උපාලි අයියා) නිකමට බ්ලොග් බල බල ඉන්න කොට තමයි බයිස්කෝප් බ්ලොග් එක අහම්බෙන් වගේ හම්බ වෙන්නේ. ඊට පස්සේ 2013 ඔක්තෝබර් වගේ වෙන කොට හිතෙනවා ඇයි මගේ දැනුමත් පාවිච්චි කරලා උපසිරැසියක් කරන්නේ නැත්තේ කියලා. කොහොම හරි ෆිලම් එකකුත් හොයාගෙන උපසිරැසිය කරන්න මේල් එක දැම්මට පස්සේ ඒකට රිප්ලයි කලේ වාසල අයියා. ඊට පසසේ උපසිරැසිය කරන්න ගියාම තමයි තේරුණේ මේක බලනවා වගේ ලේසි වැඩක් නෙමෙයි කියලා. කොහොමින් කොහොම හරි වැඩේ අහවර උනාට පස්සේ 2013 ඔක්තෝබර් 28 වැනිදා මගේ පළමු උපසිරැසිය අන්තර්ජාලයට මුදා හැරියා. ඊට පස්සේ ඉතින් විටින් විට උපසිරැසි කරා. ගොඩක්ම කරේ ඉතින් කතා මාලාවන්ට තමයි. ඒ අතර උපසිරැසි කරපු එකම හින්දි චිත්‍රපටය Ta Ra Rum Pum (2007) චිත්‍රපටයත් තියෙනවා. ටීවි කතා මාලාවන් අතර Roswell 1 සහ 3 කතා මාලාවන් මෙන්ම Robin of Sherwood 3 වෙනි කතා මාලාවට ද උපසිරැසි සැපයුවා. ඉතික් ඔහොම තමයි මගේ උපසිරැසි ජීවිතය ගෙවුනේ.
ඉතින් මේ දේවල් කරන්න මට උදව් උන අය ගොඩක් ඉන්නවා. ඒ අතර මගේ අම්මා තාත්තා ආදරෙන් මතක් කරන්න ඕන. ඒ වගේම බයිස්කෝප් සිංහලෙන් අඩවිය නිසා මුණ ගැහුණ ආදරණීය මිතුරන් ද ගොඩක් ඉන්නවා. ඒ අතර මුලින්ම ඉසිර ගුණතිලක සහ උමේෂ් ලීලසේන (ගුරා සහ ගෝලයා) දෙන්නට ස්තුතිවන්ත වෙනවා අපට මේ අඩවිය නිර්මාණය කිරීම ගැන. ඊට පස්සේ ඉතින් අපේ ඇඩ්මින් මඩුල්ල රොයිලි අයියා, හසන්ත අයියා, ආසිරි (කරපු එකම හින්දි චිත්‍රපටයට ගොඩක් උදව් කරේ මෙයා) , විමා, අසංක අයියා, නලීන් අයියා, සමීර චතුරංග අයියා, සමීර කරුණාරත්න, තිසර නියෝ, යශෝධ, ප්‍රනීත් රණසිංහ, සඳුන් අයියා(පීටර් කුයින්), සිසලයියා (සිසිල ප්‍රසාද්) , සුධීර මාලන්, පූසා (සමන් ප්‍රසාද් / ජෙරොමි වැලස්කා), චාමර සම්පත්, නිර්මාණි අක්කා ඇතුලු සියලුම ඇඩ්මින්වරුන්ට ආදරෙන් මතක් කරනවා.
ඒ වගේම තමයි මේ අඩවියෙන් මුණගැහුණ සහෝදර සහෝදරියන් පිරිස. දිල්ෂාන් කාලිංග අයියා, තාරක නුවන්, ප්‍රනීත් නාවලඇල්ල, දිල්ශාන් සචින්ත, රවිඳු මල්ලි, යුශාන් පියුමාල්, චන්දිම අමරසිංහ සෑර්, ඉසුරු දිල්ශාන්, දේවක සඳරුවන්, මයුර සුරාජ්, චලිඳු දේශාන්, ගයාන් රූකාන්ත, ගයාන් චතුරංග, දසන්, නිලුපුල්, කැලුම්, සොහොන් ජයසූරිය, සෂිත් සඳරුවන්, නුවන්ත දුලාන්, සම්මානි, හෙළිලි, රුෂානි දිසානායක, මුතු අක්කා, සොනාලි නංගි, ගයේෂා නංගි ඇතුලු සියලුම සහෝදර සහෝදරියන් ඇතුලු නම කියන්න බැරි උනු අනිත් හැමෝමවත් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම පංතියේ ගමේ කොල්ලො හැමෝටමත් ස්තූතියි දෙන සහයෝගයට. ඒ වගේම මම ප්‍රේක්ෂක ඔයාලගෙන් ඉල්ලනවා සබ් එක පොඩ්ඩක් පරක්කු උනා කියලා කැත කමෙන්ට්ස් දාන්න එපා. අපි මේ දේවල් කරන්නෙත් අපට ලැබෙන අමතර කාලයෙන්. නිදිමරාගෙන පවා ඔයාලා වෙනුවෙන් මේ උපසිරැසි නිර්මාණය කරන උපසිරැසිකරුවන් ඉන්නවා. ඒ නිසා ඒ දේවල් හොඳින් තේරුම් අරගෙන අපි එක්ක හැමදාම ඉන්න කියලා ආරාධනා කරනවා.
එහෙනම් දැන් කතාව පැත්තට හැරෙමු. මේක විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක්. විලියම් ෆෝස්ටර් කියන්නේ විද්‍යාඥයෙක්. ඔහු ඔහුගේ පවුල සමඟ ජීවත්වෙන්නේ ඔහු රැකියාව කරන බයෝනයින් කියන ආයතනය තිබෙන්නෙත් ඒ අසලම තමයි. ඔහුත් සමඟ කිහිපදෙනෙක් වැඩ කරත් ඔහුගේ ළඟම යාළුවා වෙන්නේ එඩ් විට්ල් කියන පුද්ගලයායි. මෙයාලා මැරුණ මිනිසුන්ට නැවත පණ දෙන්න තමය පර්යේෂණ කරන්නේ. ඉතින් දවසක් විලියම්ගේ පවුලේ අයත් එක්ක විනෝද චාරිකාවක් යන විට සිදුවන අකරතැබ්බයකට මුහුණ දෙන විදිහයි ච්‍ත්‍රපටය පුරාවට යන්නේ. මෙහි ප්‍රධාන චරිතය වන විලියම් ෆෝස්ටර්ට ජනප්‍රිය නළු කීනු රීව්ස් තමයි රඟපාන්නේ. ඒ වගේම ඇලිස් ඊව් සහ තෝමස් ස්ටීවනුත් ප්‍රධාන චරිතයන්ට රඟපානවා. ඒ වගේම තමයි Imdb මීටරේ 5.4/10 ක්ම ලැබිලා තියෙනවා. එහෙනම් ඉතිං මං ආරාධනා කරනවා චිත්‍රපටය නරඹන්න කියලා.
තව එකක් මතක් කරන්න ඕන මේ ෆිලුම හොයලා දුන්න විමාට ස්තූතියි. ඒ වගේම හොඳ කොපියක් ආව ගමන් මතක් කරපු රවිඳු මල්ලිටත් ස්තූතියි. එහෙනම් ජය වේවා. ශ්‍රී ලංකාවේ අංක එකේ උපසිරැසි අඩවියේ සාමාජිකයෙක් වීම ගැන අාඩම්බරයි. ඔයාලත් අපි එක්ක එකතු වෙන්න කැමති නම් [email protected] එකට මේල් එකක් දාන්න. අඩවිය පිළිබඳ ඕනෑම ගැටලුවක් තියෙනව නම් ඒවත් මේ ලිපිනයටම යොමු කරන්න. ජය වේවා…!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා වලංගු වේ.
10,196 downloadsDownload Replicas-2018.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු චානක
Subtitles
109 comments
PaSindu MaDumal
malithmadhushan45
සුබ පතුම් අයියේ 50 ට 100 ගහමු
ෆිලුම් එකට බොහොම ස්තුතියි අනිවා බලනවා
Nilush Angana
Sub ekata thanx
Prabodha Madhusankha Hettiarachchi
Congratulations 50th subtitle ... jaya wewa...!
Praneeth priyadarshana
Congrtz broooooooo tks
කවිශල් රසින්ත (කවී)
එහෙනම් අයියේ පලමු කඩයිමට එහෙම නැත්තම් 50වැනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම්... 100ත් ඔහොම්ම ගැම්මෙන් ගහමු නේද.... ඉදිරි වැඩ කටයුතු සියල්ලම සර්වප්‍රකාරෙන්ම සාර්ථක වෙන්න කියලා පතන ගමන් සබටත් බොහොම ස්තූතියි... ජය වේවා....!!
Tharaka Nuwan Dilhara
සුභ පැතුම් සහෝදරයා 50 වෙනි කඩයිම වෙනුවෙන්.
ඉක්මනටම ඊළඟ කඩයිමටත් ලඟාවෙමු
ඒ වගේම ස්තුතියි උපසිරැසියටත්
ජයෙන් ජය..!!Mayura
පලවෙනි කඩ ඉමට හදවතින්ම සුබ පතනවා ලහිරු.
ඉදිරි වැඩ කටයුතු සර්වාප්‍රකාරයෙන්ම සාර්තක වේවා.
හෙමි හෙමින් 100ත් ගහමු.gihan perera
ස්තුතියි සහෝ...සුභ පැතුම් සහෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....
baiscope_chandima
ela ela 50 gahuwa ehenam..100 wegenma gahamu..
subapathum...champika
Punisher s02 walata sub denna
Thisara Neo
පළමු කඩයිමට හදපිරි සුබපැතුම් සහෝ.. මෙතැනින් නොනැවතී ඉදිරියටම යන්න සුබ පතනවා... මේ සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Knock
Congrats 50 ට
Thanks සබට...sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
50 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
ජයපුලුවන්නම් Roswell new mexico අලුත් කතාමාලාවටත් සබ් කරමු
kelumchathuranga
thanks
thushararox
thnx bro.
mama hithana ardashathkayata gaththa filuma honda aethi kiyala.balamu.Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
50 වෙනි උපසිරසියට සුබ පැතුම්....
100ත් ගහමු...Ayesh Prashan
Thank You
PASINDU1952
Congraz Brother,
Thanx for the subGathsara Umesh
Bhooooooooom Sthuthi ❤️..
Congratulations For 50TH Subtitles Ayyee....
Digatama karamu..100n hamu wemu..❤️Hashan Nethupriya HK
Thanxx
Hashan Nethupriya HK
harshani11112
ස්තුති සහො
Pradeep Pasqual
Thanks for the sub.... i like Sci-fi movies... Thanks... @)>--
Kl
Tnxx bro jayawewa
santhusha319
thanks saho
50 ta subapathum!!!!!!!!
santhusha319
thanks saho
50 ta subapathum!!!!!
හසන්ත වික්‍රමරත්ත
50 වෙනි උපසිරස වෙනුවෙන් සුබ පැතුම්!
එල්.සී. දමැල්
50ට උණුසුම් සුභ පැතුම්...
Madura Lakshan
Thank you!!!!!
Haritha245
Thank you
Kantha_DLA
50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!Kantha_DLA
Request::
Everybody Knows (2018)
sandyaliyange
ස්තූතියි!
.comDevinda
ස්තුතියි
දමිත් රත්නායක
50 වෙනි කඩඉමට මගේ උණුසුම් සුබපැතුම් සහෝ.
ජයෙන් ජය.Kulanjana Maduranga
hat off respect Bro...great work & lot of thanks saho....keep it up....jaya wewa....
Rukshan37
Ela ela
Tharaka
THANKS...........
5O TA SUBA PETUM.............Sumal Niduka Chandrasiri
Congratulations thanks
darshana100
thank u so much yalu
සොහාන් ජයසූරිය
50 වෙනි කඩඉමට හදවතින්ම සුබ පතනවා සහෝ.. තව තවත් නිර්මාණ කරන්න ශක්තිය, වේලාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. මගේ ලස්සන වරද්දලා අනේ..
සොහාන් ජයසූරිය
50 වෙනි කඩඉමට හදවතින්ම සුබ පතනවා සහෝ.. තව තවත් නිර්මාණ කරන්න ශක්තිය, වේලාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. මගේ ලස්සන වරද්දලා අනේ..
aaronramsey
Unsane (2018) movie ekata sinhala sub diyanko
rkasun
thanx
1997lakmallakmal
50 weni sub ekta suba pathum.........
San J
50 ට සුභ පැතුම්
tv malli
tnx bro
baiscopelkishu
50 ta suba pethum bro
රොයිලි
උණුසුම් සුබ පැතුම් ලහිරු මල්ලි. මෙතැනින් නොනැවැතී හැකි ඉක්මනින් 100 ටත් යන්න ලැබේවායි පතනවා. වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P
සිසිල ප්‍රසාද්
සුභ පැතුම් මචං.
මෙතනින් නවතින්නෙ නැතුව ඉදිරි කඩයිම් වලටත් ඉක්මණින් ලඟාවෙන්න හැකියාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා.
ජය!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සුබ පැතුම් අයියා 50ට...
100ටත් නග්ගමු එහෙනම්..බුදුසරණයි...ජය
...