ඔන්න ඉතිං කාලෙකට පස්සේ මං ආයෙමත් “මිනීමැරුමක් ” කළා! මේ වතාවේ මං ඔබ වෙත ගෙන එන්නේ ප්‍රංශ චිත්‍රපටයක්. මේක Guilaume Canet විසින් අධ්‍යක්ෂණය කළ අබිරහස් මිනීමැරුමක් වටා ගෙතුණු ත්‍රාසජනක කතාවක් අන්තර්ගත චිත්‍රපටයක්. මේ චිත්‍රපටයට පාදක වෙන්නෙ Harlen Coben නම් ලේඛකයා විසින් රචනා කළ Tell No One නවකතාවයි.…

ඔන්න ඉතිං කාලෙකට පස්සේ මං ආයෙමත් “මිනීමැරුමක් ” කළා! මේ වතාවේ මං ඔබ වෙත ගෙන එන්නේ ප්‍රංශ චිත්‍රපටයක්. මේක Guilaume Canet විසින් අධ්‍යක්ෂණය කළ අබිරහස් මිනීමැරුමක් වටා ගෙතුණු ත්‍රාසජනක කතාවක් අන්තර්ගත චිත්‍රපටයක්. මේ චිත්‍රපටයට පාදක වෙන්නෙ Harlen Coben නම් ලේඛකයා විසින් රචනා කළ Tell No One නවකතාවයි. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ( IMDb) 7.6/10 ක අගයක් ලබාගත් Tell No one චිත්‍රපටය මුල්වරට තිරගත වුණේ 2006 වසරේ නොවැම්බර් 1 වැනිදා ප්‍රංශයේ දියි. ඇමෙරිකානු ඩොලර් මිලියන 13ක නිෂ්පාදන වියදමකින් තැනුණු Tell No One චිත්‍රපටය ඉපයූ සමස්ත ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 33 ඉක්මවා යනවා. Tell No One චිත්‍රපටය ප්‍රංශයේ Cesar Awards (2007 වසරේ) සම්මාන උළෙලේදී හොඳම අධ්‍යක්ෂණය (Guilaume Canet), හොඳම නළුවා (Francois Cluzet), හොඳම සංස්කරණය සහ හොඳම සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මාන හතරක් දිනා ගත්තා.
මේ චිත්‍රපටයේ කතාව මෙහෙමයි:
වෛද්‍ය ඇලෙක්සැන්ඩර් බෙක් කියන්නෙ, තමන්ගේ බිරිඳ වන මාගෝ , එක්තරා දාම ඝාතකයෙක් අතින් ඝාතනයට ලක්වුනාට පස්සේ, තමන්ගේ ජීවිතය හෙමින් හෙමින් යථා තත්වයට පත් කරගන්න උත්සහ කරන වෛද්‍යවරයෙක්. මුලදී ඒ මිනීමැරුමට චෝදනා එල්ල වෙන්නෙ වෛද්‍ය බෙක් ටයි. එහෙත් එම චෝදනාව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි හොයාගන්න පොලිසිය අපොහොසත් වෙනවා. එයින් වසර 8කට පසුව ඔහුගේ එම හුදෙකලා ජීවිතය උඩුයටිකුරු වෙන්නෙ ඝාතනයට ලක්වුණු තවත් පිරිමින් දෙන්නෙකුගේ මළසිරුරු හමුවීමත් සමඟයි. ඒ ඔස්සේ විමර්ෂණ දියත් කරන පොලිසියට හමුවෙන සාක්ෂි බොහොමයක් නිහඬව කිව්වේ වෛද්‍ය බෙක් විසින් මේ මිනීමැරුම් සිදු කළා කියලයි. එහෙත් ඔහු එය නොකළ බවටත් සැලකිය යුතු තරම් සාක්ෂි එකතු වෙනවා. මේ දවසෙම බෙක්ට අබිරහස් ඊමේල් පණිවිඩයක් ලැබෙනවා. පෙනෙන හැටියට ඒක ඇවිත් තියෙන්නෙ ඔහුගේ මියගිය බිරිඳගෙන්! මේ නිසා වෛද්‍ය බෙක් තමන්ගේ බිරිඳ ගැන තොරතුරු හොයමින්, ඇයගේ මරණ පරික්ෂණ වාර්තා පවා සැක කරමින් ඇය ගැන තොරතුරු හොයන්න උත්සහ කරන්නේ, ඇය ජිවතුන් අතර ඇති බවට අල්ප විශ්වාසයක් ඇතුවයි. මේ අතර ඔහුට එරෙහිව ක්‍රියාත්මක වන නීතියෙන් ගැලවී වරින් වර පළා යාමටද ඔහුට සිදු වෙනවා. ඇත්තටම ඔහුගේ බිරිඳ මියගිහින් ද? විල අසළින් හමුවුණු මිනිසුන් දෙදෙනාගේ ඝාතකයා කවුද? වෛද්‍ය බෙක් අබිරහස් ඊමේල් පණිවුඩ එවන්නේ කවුද?
දිගටම කුතුහලය නොනැසී රසවිඳිය හැකි හොඳම කතාවක් අන්තර්ගත වෙන චිත්‍රපටයක්. මේක මගේ දහඅට වැනි උපසිරැසි නිර්මාණය වෙනවා. මේ චිත්‍රපටයට උපසිරැසි කරන්න ඉල්ලගෙන දැන් ගොඩක් කල් වෙනවා. එක එක හේතු හින්දා මේක අවසන් කරන්න ටිකක් කල් ගියා. පරක්කු වෙලා හරි වැඩේ මට පුළුවන් තරම් හොඳට කළා. කතාව මුලදී ටිකක් කම්මැලියි වගේ පෙනුනත් දිගට බලනකොට මේක පට්ටම කතාවක්. හැබැයි අමතක නොකර කියන්න ඕනේ දෙයක් තමයි මේකේ සම්පුර්ණ නිරුවත් දර්ශන අඩංගු වෙන නිසා 18+ ලෙස වර්ග කළ යුතු එකක් බව. ඔන්න ඉතිං වැඩි විස්තර වලට නොයා මම ලිපිය අවසන් කරනවා. ඔයාලා මේකත් බාගෙන බලන්නකෝ !! අමතක නොකර කතාව බලලා Comment එකකුත් දාන්න! අළුත් උපසිරැසියකින් නැවත හමුවෙනතුරු ඔබට ආයුබෝවන්!
තෙරුවන් සරණයි !!!
Due to copyright issues, we do not provide any torrent links.
Tell.No.One.2006.720p.BluRay.x264.anoXmous
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,638 downloadsDownload Tell.No_.One_.2006.Baiscopelk.com_.rar34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Kesara-Withanage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
- #André Dussollier
- #Florence Thomassin
- #François Berléand
- #François Cluzet
- #Gilles Lellouche
- #Jean Rochefort
- #Kristin Scott Thomas
- #Marie-Josée Croze
- #Marina Hands
- #MaxxA
- #Must Watch
- #Nathalie Baye
- #Offbeat
- #Philippe Lefebvre
- #Sinhala Subtitle
- #You Decide
- #ප්‍රබුද්ධ කේසර විතානගේ
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
19 comments
mithun
sajith
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක
Asitha
elama kollo thanks...
Dulanga
Thanks
Kulanjana Maduranga
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
praneeth madu
ela mcn
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා...!!Jack
බොහෝම ස්තුතියි මචන් සබ් එකට.
ජය..sanath indika
thx broo
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !sisira kumara kerath
elakiri...thanks machan
Bobby
Thank you very much friend.
Udara Damith B\K
.............................
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
venuka
thanx
nidi
gaththa! beluwa! menna comment ekakuth danawa! niyamai, lassanai, film eka wagema subs tikath supiri. thanks Prabuddha!
chathurika Liyanaarachchi
Thanks
Hashan M. Priyadarshana
Thank you bro sub ekata
HarshaJ
Thank you bro....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සුපිරි ෆිල්ම් එකක් වගෙ ලිපිය කියවපු ගමන් අස හිතුන
7.6රෙටිනුති තියෙන එක ඔන්න ගන්නව. උපසිරැසි ගැන්නුවට ස්තුතියි සහෝ. මෙ වගෙ අබිරහස් මර්ඩර්, චිත්‍රපට දෙනව න්ම් අගෙයි ඇත්තටම , බලන්නත් අසයි තැනක්ස් ඔයට , ජය