Watch Trailer

Kabhi Haan Kabhi Naa (1994) Sinhala Subtitles | සමහර වෙලාවට හා, සමහර වෙලාවට බෑ [සිංහල උපසිරසි සමඟ]

ගොඩක් කාලෙකට පස්සෙ ඔන්න ආයිත් මං උපසිරැසියක් අරන් ආවා. මේ පාර මං අරන් ආවෙ අපේ King Khan ඉන්න එකක්. මං හිතනවා බයිස්කෝප් එකට අඩුවක් වෙලා තිබුන ශාරුක් ගෙ තව ෆිල්ම් එකක් එකතු උනා කියලා. මේක මං පොඩි කාලෙ ආසාවෙන් බලපු ලස්සන ෆිල්ම් එකක්. තමන් ආදරේ කරන ගෑනු ලමයට තමන්ගෙ යාලුවෙකුත් ආදරේ කරනව කියල දැනෙනකොට හි…

Kabhi Haan Kabhi Naa (1994)

ගොඩක් කාලෙකට පස්සෙ ඔන්න ආයිත් මං උපසිරැසියක් අරන් ආවා. මේ පාර මං අරන් ආවෙ අපේ  King Khan ඉන්න එකක්. මං හිතනවා බයිස්කෝප් එකට අඩුවක් වෙලා තිබුන ශාරුක් ගෙ තව ෆිල්ම් එකක් එකතු උනා කියලා. මේක මං පොඩි කාලෙ ආසාවෙන් බලපු ලස්සන ෆිල්ම් එකක්. තමන් ආදරේ කරන ගෑනු ලමයට තමන්ගෙ යාලුවෙකුත් ආදරේ කරනව කියල දැනෙනකොට හිතට දැනෙන හැඟීම කොහොමද. හරි හරි. පුන්චි අදහසක් කතාව ගැන දුන්න. දැන් ෆිල්ම් එකේ නිර්මාණය ගැන හැඳින්වීමක් කරන්නම්. මේ ෆිල්ම් එක එලියට එන්නෙ 1994 අවුරුද්දෙ. (මං ඉපදුනෙත් අවුරුද්දෙ නෙ.) කතාව අධ්‍යයක්ශනය කරල තියෙන්නේ, kundan shah විසින්. නිශ්පාදනය වික්‍රම් මෙහොත්‍රා. එක දෙයක් කියන්න ඕන. මේ ෆිල්ම් එක ශාරුක් ගෙ සිනමා ජීවිතයේ තවත් එක් අඩිතාලමක් උන ෆිල්ම් එකක්. මොකද, Critics Award for Best Performance(මේක ශාරුක්ට හම්බුනේ) සහ Filmfare Critics Award for Best Movie යන සම්මාන 2ම හිමි කරගන්න සමත් උනා. මේ ෆිල්ම් එකේ ලස්ස්න සිංදු වගයක් තියෙනවා. ඒව full hd කොලිටියෙන්ම බලන්න වටින සිංදු ටිකක්. ශාරුක් ගේ  Red Chillies Entertainment එකෙන් ඒ සිංදු ටික බලාගන්න පුලුවන්. මේ ලින්ක් එකෙන් ඒ ටික ගන්න(https://www.youtube.com/playlist?list=PLRYDk1OwIKfJCs3BnQ4C3MrY9fUSFXBqN).

දැන් ෆිල්ම් එකේ සාරාංශයක් කියන්නම්. ශාරුක් (සුනිල් )මේකෙ සංගීත කණ්ඩායමක ඉන්නෙ. ඒ කණ්ඩායමේ ගායිකාව තමා අපේ ප්‍රධාන නිළිය(ආනා). ගායකය තමා මේ තුන් කොන් ප්‍රේමයෙ අනිත් සාමාජිකයා. ක්‍රිස්. මේක බලද්දි හිතෙයි ශාරුක්ගෙ මූනට එකක් දමල අරින්න, මොකද මෙයා ආනා ට ආදරේ ප්‍රකාශ කරන්නෙ නැතුව තැවි තැවී ඉන්නෙ. අපි උනත් එහෙම නෙ ඉතින්. මේකෙ අන්තිමට අපි කවුරරුත් දන්න තව නිළියකුත් එනවා. මේ ඇති. මේ ආදර කතාව ඔයාලම බලන්න. සුනිල් ට තමන් ආදරෙ කරන ආනා ව හිමි කරගන්න පුලුවන් වෙයිද.??? ශාරුක්ගෙ ඇක්ටින් මරු. දැන් මේ වගේ ෆිල්ම් එන්නෙ නැති එකනම් දුකයි.

යන්න කලින් මේකත් කියන්න ඕන. මේ සබ් එක කරන්න මං යාලු වෙලා හිටිය ගෑනු ලමයත් උදව් උනා. මේ ෆිල්ම් එකට හරියන torrent file එකක් හොය හොය ඉද්දි දෙයියො දුන්න වගෙ ටොරන්ට් ලින්ක් එකක් හම්බුනා. extratorrents එකේ ෆිල්ම් එකේ නම ගහල් search කරන්න. එකම එකයි තියෙන්නෙ. ඒක බාන්න. මං ගිහින් එන්නම් එහෙනම්. තෙරුවන් සරණයි !!!

Kabhi Haan Kabhi Naa (1994) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Kabhi Haan Kabhi Naa (1994) 720p DVDRip x264 AC3 5.1 – Downloadhub

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,581 downloadsDownload Kabhi-Haan-Kabhi-Naa-1994.Baiscopelk.com_.zip53 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/DIlumRandikaNew-e1480795899260.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලුම් රන්දික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිලුම් රන්දික

Subtitles

1,581 downloadsDownload Subtitles53 KB

33 comments

  1. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    1. Tharaka

      ඇස් වලට කඳුළු එන පට්ට love story ෆිලුමක් තියනවා. ඒකෙ නම Phir Teri Kahani Yaad Aayee (1993). සිංදුත් ලස්සනයි. හැකිනම් මෙයටත් සබ් ලබා දෙන්න. ස්තූතියි!

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Chami.S

    Wow..
    Thanks for the sub...

  4. pasindu

    එළ...........තැන්කූ...........
    ඔය කිව්ව ගෑණු ලමයත් එක්ක දැන් යාළු නැද්ද බන්.............

    1. Dilum

      Yalui Yalui Ban..

  5. thisal

    උපසිරැසියට ගොඩාක් ස්තූතියි!

  6. Buddhika

    Niyamai thanx bro film ekata..

  7. nipun

    niyamai .. patta sub eka salman khange " Love" kiyana hindi film ekatath sub denna puluwanda bro.......... jaya wewa............

  8. Pasindu amarasinghe

    උපසිරැසියට තුති,
    මේ ටිකටත් උපසිරැසි ගන්වන්න උත්සාහයක් දරන්න.

    Dil Ashana Hain 1992
    Raju Ban Gaya Gentleman 1992
    Maya Memsaab 1993
    King Uncle 1993
    Anjaam 1994
    Oh Darling! Yeh Hai India! 1995
    Zamaana Deewana 1995
    Guddu 1995
    Ram Jaane 1995
    Trimurti 1995
    English Babu Desi Mem 1996
    Chaahat 1996
    Hey Ram 2000
    One 2 Ka 4 2001

  9. yumal

    thankZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!

  10. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  11. පසිදු අමරසිංහ

    උපසිරැසියට තුති,
    මේ ටිකටත් උපසිරැසි ගන්වන්න උත්සාහයක් දරන්න.

    Dil Ashana Hain 1992
    Raju Ban Gaya Gentleman 1992
    Maya Memsaab 1993
    King Uncle 1993
    Anjaam 1994
    Oh Darling! Yeh Hai India! 1995
    Zamaana Deewana 1995
    Guddu 1995
    Ram Jaane 1995
    Trimurti 1995
    English Babu Desi Mem 1996
    Chaahat 1996
    Hey Ram 2000
    One 2 Ka 4 2001

  12. Dilum Randika Kulathunga

    Coming up Next..................................

  13. kavinda

    අළුත් ඒවාට උපසිරැසි ගොඩ දෙනෙක් දෙනවා. ඒත් පරණ ඒවාට දෙනවා අඩුයි. අපි තවම දැකලා නැති පැරණි ලෝක ප්රලකට චිත්රපපට ඕනෑ තරම් තියනවා. එවැනි නිර්මාණ වලටත් කැමති පිරිස් සිටිනවා. ඒ නිසා මමනම් අළුත් එවාට වගේම ගොඩාක් පරණ එවාටත් මෙහෙම සබ් දෙන එකට කැමතියි. උපසිරැසියට බොහෝම ස්තුතියි මචන්! ජයෙන් ජයම වේවා!

  14. Rakitha Ranathunga

    බොහොම ස්‍තූතියි සහෝ සිංහල උපසිරැසියට...
    දිගටම සබ් දෙන්න...
    ජයෙන් ජය..

  15. Ishan

    Thanks !

  16. siv

    thank you so much..attatma shahrukhge prana films ayema danna puluwannm hondai..hugk ewage sinhala sub ne..

  17. Thilina

    එල. පුලුවන්නම් Anjaam (1994) ෆිල්ම් එකටත් Subtitles දෙන්න.

  18. Ishan

    මේකේ ටොරන්ට් එකේ සීඩ් හරියට නෑ මචං. ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න බෑ සීඩ් නැතුව

    1. Dilum Randika Kulathunga

      machan..oke thama seedsla hodata thibbe..man daala paya kaalen film eka baagaththa

  19. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. gaill mala

    kochara aluth film tiyenawada affa me parana ewai sub dane.....kohoma qwath wedak ne.....

  21. Deex

    hoya hoya hitiye.

    pin siduwewa bro

    ai me wage parana ekakma denna.....................

  22. isuru

    force 2 hindi movie ekata sub eka dennako ..plz

  23. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට සබ් එක ගත්ත ෆිල්ම් එක පස්සෙ බාගන්නව
    පුලුවන්නම් සනී ඩියෝල්ගෙ ලකීර් ෆිල්ම් එකත් දෙන්න

  24. ප්‍රමෝද් රත්නායක

    බොහොම ස්තූතියි සබ් එකට..

  25. madushanka

    goog saho

  26. madushanka

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

  27. pradeep kumara

    I love it tnxxxxx

  28. Amalka Himeshan

    Thanks sub ekata

  29. Deshani

    Thank You

  30. suranga

    link eka wada na. download karana zip files extract wenne na.