ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ අසු හතරවන උපසිරැසිය අරගෙන ආවා. මේකත් මම මේ වෙනතෙක් දුන්න ක්‍රිස්ටෝපර් ලි රඟපාන ලද ඩ්‍රැකියුලා චිත්‍රපට මාලාවේ තවක් එක චිත්‍රපටයක්. Horror ගණයට අයිතිවෙන මේ චිත්‍රපටය IMDb 6.2 වැනි ඉහල අගයක් අරන් තියනවා. මේකේ කතාව සුපුරුදු ඩ්‍රැකියුලා චිත්‍රපට වල දක්නට තිබෙන ආකාරයේම එකක්…

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ අසු හතරවන උපසිරැසිය අරගෙන ආවා. මේකත් මම මේ වෙනතෙක් දුන්න ක්‍රිස්ටෝපර් ලි රඟපාන ලද ඩ්‍රැකියුලා චිත්‍රපට මාලාවේ තවක් එක චිත්‍රපටයක්. Horror ගණයට අයිතිවෙන මේ චිත්‍රපටය IMDb 6.2 වැනි ඉහල අගයක් අරන් තියනවා.
මේකේ කතාව සුපුරුදු ඩ්‍රැකියුලා චිත්‍රපට වල දක්නට තිබෙන ආකාරයේම එකක් කියල කියන්න පුළුවන්. ඩ්‍රැකියුලා මාලිගයේ නවාතැන් ගන්න තරුණයෙක් මිය යාමත් ඔහු හොයාගෙන යන ඔහුගේ සහෝදරයාට මුහුණ දෙන්න වෙන දේවලුත් අවසානයේ ඩ්‍රැකියුලා විනාශ කිරීමත් තමා මේකේ තියෙන්නේ.
ඔන්න ඉතින් මේ උපසිරසියත් එක්ක ලොව චිත්‍රපට ඉතිහාසයේ තවත් එක නොමැකෙන නමක් තියපු චිත්‍රපට මාලාවක් අවසන් වෙනවා. ක්‍රිස්ටෝපර් ලි රඟපාන ලද මේ චිත්‍රපට මාලාව ප්‍රංස මෙන්ම ඉංග්‍රීසි බාසාවෙන් නිර්මාණය වෙලා තියනවා. බයිස්කෝප් අඩවියට මෙම චිත්‍රපට මාලාව සිංහල උපසිරසි සමග එකතු කිරීමට ලැබීම ගැන මට සතුටක් තියනවා. මොකද මම මේ චිත්‍රපට මාලාව නැරඹුම් ප්‍රමාණය සහ ඩවුන්ලෝඩ් ප්‍රමාණය සලකමික් ලබා දුන්නේ නැ. ඒ උනත් මේ චිත්‍රපට මාලාවට මට ලැබුන කමෙන්ට් අනුව මම ගන්නා ලද තීරණය නිවැරදියි කියල හිතෙනවා.
මම ඔයාලට මෙම චිත්‍රපට ටික සිංහල උපසිරසි එක්ක අරගෙන ඇවිත් තියනවා.
- Horror of Dracula (1958) – ඩ්‍රැකියුලා ගේ භිෂණය
- The Brides of Dracula (1960) – ඩ්‍රැකියුලා ගේ මනාලියෝ
- Dracula Prince Of Darkness (1966) – ඩ්‍රැකියුලා -අන්ධකාරයේ කුමාරයා
- Dracula Has Risen from the Grave (1968) – ඩ්රකියුලා සොහොනෙන් නැගිටියි
- Count Dracula (1970) – ඩ්‍රැකියුලා
- Scars of Dracula (1970) – ඩ්‍රැකියුලා ගේ රුදුරු කැළැල් (18+)
- Taste the Blood of Dracula (1970) – ඩ්රකියුලාගේ ලේ වියුරුව (18+)
- Dracula A.D. 1972 (1972) – විසිවන සියවසට පැමිණි ඩ්රකියුලා (18+)
- The Satanic Rites of Dracula (1973) – ඩ්‍රැකියුලා ගේ යක්ෂ පිළිවෙත් (18+)
මිට අමතරව ක්‍රිස්ටෝපර් ලි රඟපාන Dracula and Son (1976) වැනි තවත් ඩ්‍රැකියුලා චිත්‍රපට දෙක තුනක් තිබෙනවා. ඒ උනත් කණගාටුවෙන් කියන්න වෙන්නේ හොඳ අන්තරජාල පිටපත් ඒවායේ හොයා ගන්න බැ. අන්න ඒ හින්ද තමා මම ඔයාලට කියුවේ මේ උපසිරසියත් එක්ක මෙම චිත්‍රපට මාලාව අවසන් වෙනවා කියල. මේ චිත්‍රපට මාලාව උනත් සියලු චිත්‍රපටවල නව ආරම්භයක් තියන හින්දා ඔයාලට අවුලක් නැතුව බලන්න පුළුවන් ඔක්කොම ටික නොබැලුවත්. එත් මේ චිත්‍රපට මාලාවේ අවසන් කිහිපය R වර්ගයේ නැතහොත් වැඩිහිටියන්ට පමණක් වෙන්වූ චිත්‍රපට කියල මතක් කරන්න කැමතියි. මුල් චිත්‍රපට නම් PG-13 වර්ගයේ ඒවා. ඒ කියන්නේ ඔක්කොටම බලන්න පුළුවන්.
මෙම චිත්‍රපටයේ ඇතැම් දර්ශන වැඩිහිටියන්ට වඩාත් සුදුසුබව සලකන්න.
මේ චිත්‍රපටය ටොරන්ට් පිටපත් සහ අන්තර්ජාල සියලුම වීඩියෝ පිටපත් වලට හරියන්න තමා නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට කැමති ඕනෑම ආකාරයකට පිටපත ගන්න. ඉතින් ඊළඟට මම ඔයාලගේ ඉල්ලීම් ටිකක් අරන් එන්න තමා සුදානම් වෙන්නේ. පලවෙනි අවස්තාව ඉතින් අපේ වෙබ් බුවාට. මොකද ටිකක් විතර අලුත් චිත්‍රපටයක් කරන්න උවමනාව තියනවා වගේම සත්තු ඉන්න එකක් හුඟ කාලෙකින් කලේ නැනේ. ඉතින් සහෝ ඔන්න ඔයාගේ ඉල්ලීම අරගෙන එන්නම්. ඔයානම් ෆිලුමේ නම දන්න හින්ද බාගත කරගන්න පුළුවන්, එත් ඉතින් අනිත් යාළුවන්ට කුතුහලයක් දෙමු නේද. කොහොම උනත් ඉතින් ඔන්න ඔයාල ඔක්කොටම ඒ චිත්‍රපටයත් ඉක්මනට අරන් එනවා කියන ගමන් සමු ගන්නවා.
බුදු සරණයි…!
Due to copyright issues, we do not provide any torrent links.
Scars of Dracula [1970]
Scars of Dracula (Horror 1970) Christopher Lee, Dennis Waterman & Jenny Hanley
Scars.of.Dracula.1970.SWESUB.DVDRip.XviD-andreaspetersson
Las cicatrices de Dracula (1970)
Scars of Dracula (1970)
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
371 downloadsDownload Scars-of-Dracula-1970.Baiscopelk.com_.zip105 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
16 comments
mithun
Rumesh Nilantha Jayaweera.
me wage ekmanata elanga film ekath denna
කවීන් ලහිරු
සිංහල උපසිරැසියට ස්තූතියි අසංක සහෝ
෴෴ජය වේවා෴෴හැකි නම් Highlander ඉතුරු ෆිල්ම් ටිකට සබ් දාන්න සහෝ
අසිත
elama thanks
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Janaka J
උපසිරැසියට ගොඩාක් ස්තූතියි
Naveen Randika
ක්‍රිස්ටෝපර් ලීගේ ඔක්කොම ෆිල්ම් ටික දීලානේ.
ගොඩක් ස්තූතියි උපසිරැසියට.
ජයවේවා!Web-බුවා
ඔබතුමා නම් සුපිරි මනුස්සයෙක් සහෝ. :) මං බොලාට පට්ට කැමතියි :D වෙන මොකක්හින්දවත් නෙමේ උතුරන්න තියෙන නිහතමානීත්වය. අද කාලේ වැඩි හරියක් උන්ගේ නැත්තෙත් ඒක. දකුණේ බුවාලනේ ඉතිං :D මං ඒ film එකේ නම කිව්වට හිතුනෙත් නෑ first hit එකම මට වැදෙයි කියලා. ඒකට අසංක සහෝ මුළින් සබ් කරාට අනිත් උන් මාත් එක්ක අවුලෙන්ද දන්නෙත් නෑ :x එහෙම නැතුව ඇති කියලා හිතනවා. :) මතක් කළාටත් ස්තූති වේවා! මං ඔබතුමා දුන්න හැම film එකක්ම බැලුවේ නෑ බොරු ඕන නෑනේ. මේ series එකත් නෑ ඒත් බින්කුන්ඩෝ වලි, ගැට කිඹුල් වලි, ගිනි මකුණෝ එහෙම ලෙසටම තමා ඉතිං. එහෙනම් හෙට අනිද්දා දිහාට හබ්බවෙමු මහත්තයෝ!
ජය! :)
Chinthaka Pradeep
ane mchn me parana film walata sub dena welawe avilla thiyana aluth action film walata sub diyanko.. force 2 eke sub thawama na
withanage priyantha
යුගයක අතිශය ජනප්‍රිය වූ එසේම එකළ ඒවා නරඹන ලද සිනමා රසිකයන්ට මෙම චිත්‍රපට මාලාවේ අගය හොඳින්ම දැනෙනවා. මේ සියලුම සිනමාපට මා එකළ සහ ඉන් පසුකාලයේ නරඹා තිබෙනවා. වර්තමානයේ අතිශය පරිගණක මායාවලින් පිරී ඉතිරී ඇති සිනමාපටවලට වඩා සවාභාවික කලා රසයක් මෙයින් ලැබෙනවා කියා මට සිතෙනවා.
withanage priyantha
අසංක ප්‍රදීප් රණතුංග සොයුර ඔබම හැර වෙනකෙනෙක් නම් මේ චිත්‍රපට මාලාව සඳහා උපසිරසි ලබාදෙන්නට කැමති නොවන බව මා හොඳින්ම දන්නවා. එයට හේතුව මෙහි උපසිරසි සපයන්නන් සියලුම දෙනාගේ රුචිකත්වය අලුත් සිනමාපට පමණයි. මේ සඳහා අදහස් දක්වූ සමහර අය කියා සිටියා මේ පරණ ඒවා බලන අය නැහැ කියලා, නමුත් ඒ අයට දැනගන්නට එක්ක කියන්න කැමතියි, අන්තර් ජාලයට නොපැමිණෙන එහෙත් මේ සිනමාපට DVD හරහා බලන අය සඳහා මෙම “Dracula” චිත්‍රපට මාලාවම අසංග සොයුරාගේ සිංහල උපසිරසි සහිතව නිකුත් කිරීමට මා විසින් පුද්ගලිකව කටයුතුකර ඇති බව. මේවා අද නරඹා හෙට විසි කර දමන වර්ගයේ ඒවා නොවෙයි.
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සහෝ සබ් එකට
ජය වේවා!Udara Damith B/K
බොහෝම ස්තුතියි.
TIN MAN කියලා එකක් තියෙනවා පුළුවන් දවසක් මේකටත් සබ් දෙන්ඩරොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
anjulaballa
Cars 3 film ek ganna bari ai dan?
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තුතියි ඔය මෙ චිත්‍රපට සෙට් එකට උපසිරැසි දැම්ම එකට සමහර එව දන්නෙත් නැ ඔච්චර ෆිල්ම් බලල්ස්ත් ඉතින් ගොඩක් වටිනව එවගෙ එව නම් horror නම්
මගෙ ඉල්ලිමත් මතක් වෙයි නෙද ඔයට