බයිස්කෝප්වාසින් ට සුභ අලුත් අවුරුද්දක් වේවා යැයි ප්‍රාර්ථනා කරමින් අද මං අරගෙන ආවෙ 2023 මාර්තු 17 වන දින තිරගත වූ සුපිරි කන්නඩ සිනාමාපටයක උපසිරැසිය රැගෙනයි. මේ මගේ දෙවෙනි කන්නඩ උපසිරැසිකරණයයි. R. Chandru විසින් අධ්‍යක්ෂණය හා තිර රචනය කල මෙම period action ඝණයට අයත් Kabzaa කන්නඩ සිනමා පටය හිංදි, තෙල…

 

බයිස්කෝප්වාසින් ට සුභ අලුත් අවුරුද්දක් වේවා යැයි ප්‍රාර්ථනා කරමින් අද මං අරගෙන ආවෙ 2023 මාර්තු 17 වන දින තිරගත වූ සුපිරි කන්නඩ සිනාමාපටයක උපසිරැසිය රැගෙනයි. මේ මගේ දෙවෙනි කන්නඩ උපසිරැසිකරණයයි.

R. Chandru විසින් අධ්‍යක්ෂණය හා තිර රචනය කල මෙම period action ඝණයට අයත් Kabzaa කන්නඩ සිනමා පටය හිංදි, තෙලිගු, මලයාලම්, දමිල යන බාශා වලින් ද Pan india සිනමා පටයක් ලෙස තිරගත වුණි. එසේම මෙයට මිශ්‍ර ප්‍රතිචාර හා සුභ නොවන ප්‍රතිචාර ලැබුන්ද මෙහි imdb අහය 7.4 ක අගයක් ලබා ගෙන තියෙනවා. ඒ වගේම සුපිරි නළු නිළියන් කීප දෙනෙක්ම මෙහි රංගනයෙන් දයක වෙනවා. Upendra, Kiccha Sudeepa, යන අය මෙහි ප්‍රධාන රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම Shiva Rajkumar මෙහි ආරාධිත රංගනයෙන් දායක වෙනවා එසේම Shriya Saran ද රංගනයෙන් දායක වෙනවා. සෙසු රංගන ශිල්පීන් ලෙස Sudha, Murali Sharma, Nawab Shah, Suneel Puranik, John Kokken, Dev Gill, Kabir Duhan Singh, Danish Akhtar Saifi, Kota Srinivasa Rao and Posani Krishna Murali යන අය දායක වෙනවා. ඒ වගේම Ravi Basrur ගෙ සංගීතයත් මනාව කැපි පෙනෙනවා.

මෙම සිනමාපටයට සුදීප් රංහනයෙන් දායක වුවත් වැඩි වශයෙන්ම රංගනයෙන් දායක වෙන්නේ උපේන්ද්‍ර. උපේන්ද්‍රගෙ රංගනය මෙහි හොදින් කැපි පෙනෙනවා. සාමාන්‍යෙන් කන්නඩ ඇක්ෂන් ෆිල්ම් එකක් කිව්වාම මතක් වෙන්නේ ගුරුත්වාකර්ෂණ බලයටත් අතවර කරන මට්ටමේ සටන් ජවනිකානේ. මෙ ෆිල්ම් එකේ නම් මගේ මතයට අනුව එහෙම දර්ශන නෑ කියලාවත් තියෙනවා කියලාවත් කියන්න යන්නේ නෑ. ඒක ඔයාලම බලලා තීරනය කරන්න. ඒ වගේම K.G.F style එක පාවිච්චි කරලා තියෙනවා.කෙසේ හො අවසානයේදි මෙම සිනමාපටය මෙම සිනමාපටය ඉන්දීය රු කෝටි 120 ක පිරිවැයක් දරා නිමවුනත්, අවසානයේදි කෝටි 34.5 ක ඉතා අඩු ආදයමක් ලබා බොක්ස් ඔෆිස් බෝම්බයක් බවට පත් විය, ඒ වගේම මේ සිනමාපටයේ දෙවෙනි කොටසත් ආරම්භ කරනවා කියලා නිල දැණුම්දීමකුත් කරලා තියෙනවා

එසේ වුනත් මේ කතාව කම්මැලික්මක් නැතුව් එක දිගට  කුතුහලෙං බලන්න පුළුවන් එකක්. මං එහන්ම් කතාව කෙටියෙන් කියන්නම්. අමරේස්වරා කියන්නේ බ්‍රිතාන්‍යංගෙං ඉන්දියාවට නිදහස අරං දෙන්න සටන් කරපු සටන්කාමියෙක්. එයාට අර්කේෂ්වරා හා සංකේස්වරා කියලා පුත්තු දෙන්නෙක් ලැබෙනවා. එතනින් සංකේස්වරා කියන්නේ පියා වගේම නිදහ්ස වෙනුවෙන් සටන් කිරිමට සිත් ඇති අයෙක්. ඒ වගේම අර්කේස්වරා කියන්නේ මෘදු ගුණ ඇති කෙනෙක්. මේ අර්කේස්වරා හා සංකේස්වරා ගෙ ඉරනම කුමක් වේද?.අමරාපුරම් හි වෙන්නේ කුමක් ද? ඒ ගැන දැනගන්න නම් අනිවාර්‍යෙන්ම මේ ෆිල්ම් එක බලන්න කියලා මං ආරාධනා කරනවා.

අන්තිමටම විශේෂ දෙයක් කියන්න ඕනෙ මෙම උපසිරැසිය අදාල වෙන පිටපත හා මෙම පිටපතට කලිං නිකුත් කල HC පිටපත අතර වෙනසක් පවතිනවා. HC පිටපතේ තිබුන බොහො සිද්ධි මෙම HD පිටපතේ අඩංගු වෙලා නෑ. ඒ වගේම මේ අවස්ථාවෙ HC පිටපතටම උපසිරැසියට අප්ඩේට් කරන්න විදියකුත් නෑ, මොකද එම HC පිටපත වීඩියෝව ඔරිජිනල්, ශබ්දය කැම් කොපියට අදාල කරලා දාපු එකක්. ඒකත් හොදින් මතක තබා ගන්න.

එසේම මෙම උපසිරැසියෙ යම් අඩුපාඩුවක් ඇත්නම් පහලින් කමෙන්ට් කරන ලෙසත් මං ඉල්ලිමක් කරනවා. තවත් මෙවැනිම උපසිරැසියකින් හමුවන තෙක් ඔබට සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරනයි!
.

https://en.wikipedia.org/wiki/Gentleman_(1993_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.

10,590 downloadsDownload Kabzaa-2023.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු හේෂාන්

Subtitles

10,590 downloadsDownload Subtitles35 KB

19 comments

  1. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  2. Anonymous

    සීන් අඩු එක කතාවෙ රසයට බාදාවක් නැත්ද සහෝ

  3. Kushan

    Sub akta thanks

  4. Anonymous

    අවුරුදු තෑගි තව ඕනා

  5. Niro

    thanks bro

  6. Lakindu R

    කන්නඩ දන්න පොරක්?
    වේර ලෙවල්!

  7. Naveen

    උපසිරසියට තුති

  8. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ

  9. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  10. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  11. Samith

    Thanks brother

  12. Anonymous

    තෑම්ක්ස් බොම්ක❤️

  13. Anonymous

    Kgf ලගින්වත් තියන්න බෑ මේක

  14. Sandun

    උපසිරැසියට thank you saho

  15. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  16. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි...ජයවේවා..

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. jack

    පට්ටෝයි

  19. prasad jayawardena

    thank you saho sub ekata.