Watch Trailer

Shazam! Fury of the Gods (2023) Sinhala Subtitles | දෙවියන්ගේ වියරුව… [සිංහල උපසිරසි] 50*

මම දන්නවා, O/L ඉවර වෙනකන් උපසිරසි ගේන්නේ නෑ කියලා මම කිව්වා තමයි. ඒත් විභාගෙ කල් යාම සහ අවුරුදු නිවාඩුව හම්බුණ නිසා තීරණය කරා උපසිරසියක් කරනවා කියලා. මේක කරන්න විශේෂම හේතුව තමයි බයිස්කෝප් එකේ පළවෙනි කඩයිම විදියට 50 වෙනි උපසිරසිය කරන්න විමා අයියා මේ ෆිලුම වෙන් කරලා දීම. ඉතින් 2021 අවුරුද්දේ අගෝස්තු…

මම දන්නවා, O/L ඉවර වෙනකන් උපසිරසි ගේන්නේ නෑ කියලා මම කිව්වා තමයි. ඒත් විභාගෙ කල් යාම සහ අවුරුදු නිවාඩුව හම්බුණ නිසා තීරණය කරා උපසිරසියක් කරනවා කියලා. මේක කරන්න විශේෂම හේතුව තමයි බයිස්කෝප් එකේ පළවෙනි කඩයිම විදියට 50 වෙනි උපසිරසිය කරන්න විමා අයියා මේ ෆිලුම වෙන් කරලා දීම.

ඉතින් 2021 අවුරුද්දේ අගෝස්තු මාසෙ පළවෙනිදා, ඒ කියන්නෙ කොරෝනා සමයෙදී, කම්මැලිකමටත් එක්ක පටන් ගත්ත වැඩේ අද වෙනකොට උපසිරසි 50ක්, අලුත් සබඳතා සහ අලුත් විනෝදාංශයකින් යුතු වැඩක් බවට පත් වෙලා. මට අද වගේ මතකයි උපසිරසියක් දාන්න උපසිරසි නොකරපු ෆිල්ම් එකක් හොයාගත්ත අමාරුව. බයිස්කෝප් එකේ උපසිරසි නොකරපු ෆිල්ම් අතරෙන් මම තෝරගත්තේ පොඩි කාලෙ ඉඳලම ආස කරපු කතා මාලාවක් වෙච්ච Ben 10 කතා මාලාවෙ Secret of the Omnitrix (2007) ෆිල්ම් එක. එතන ඉඳන් සුපිරිවීර ෆිල්ම් සහ සීරීස්වලට තමයි වැඩියෙන්ම උපසිරසි දාගෙන ගියේ. MCU එකේ What If…?, Ms. Marvel, She-Hulk වගේ සීරීස්වලටත් සබ් දාන්න හම්බවුණා. ඒවගේම DC විශ්වයේ ඒවටත් උපසිරසි දැම්මා; අද ගේන්නෙත් DCEU එකේ චිත්‍රපටියක් තමයි. ඒවගේම මගේ ආසම කතා මාලාවක් වෙච්ච Spectacular Spider-Man කියන කතා මාලාවට උපසිරසි දාන්න හම්බවුණෙත් මේකෙ ප්‍රතිඵලයක් විදියට තමයි. (ඒවගේම Spectacular Spider-Man ඉදිරියට එන Acorss the Spider-Verse ෆිල්ම් එකේදි ආපහු එන බව confirm කරලා තියෙන නිසා ඒක ගැන තවත් සතුටුයි. 🥳) අවුරුදු 2කදී කඩයිමට ළඟා වෙන්න හම්බවුණේ වැඩි හරියක් සීරීස් කරපු නිසා තමයි. 🥲

උපසිරසි ජීවිතේදී කරපු ආසාවෙන්ම සහ හොඳටම කරපු සබ් එක මොකක්ද කියලා ඇහුවොත් මගේ පිළිතුර වෙන්නේ Spectacular Spider-Man series එක. ඒ අතරේ සයිට් එකේ තිබ්බ අඩුවක් The Batman Season 5  පුරවන්නත් අවස්ථාව ලැබුණා. ඒ අතරේ ඉතින් ෂී-හල්ක් වගේ කම්මැලි සීරීස්වලටත් සබ් දැම්මා (ඒක නම් වැඩියෙන්ම කළේ Daredevil නිසා). ඉතින් දැනට දාපු සබ් ටිකේදී quality එක හොඳට තියාගන්න උපරිම උත්සහ කළා. ඒත් ඉතින් අඩුපාඩු නැතුව නෙමෙයි. ඉතින් ඒ අඩුපාඩු ඉවසා දරාගෙන, ඒවා පෙන්නලා මාව නිවැරදි කරපු අයට ගොඩක් ම ස්තුතියි.

මේ අවුරුදු දෙක ඇතුළත ගොඩනගා ගත්ත අලුත් සබඳතා නම් බොහොමයි. මම හිතන්නේ උපසිරසි කරන ගොඩක් අයට මුලින්ම හම්බවෙන්නේ විමා අයියා. එයාගෙන් තමයි මම මුල්ම උපසිරසිය කරන්න අවසර ගත්තේ. චාමර සම්පත් අයියා තමයි මුල්ම උපසිරසියේ තිබුණ අඩුපාඩු එහෙම පෙන්නලා දුන්නේ. චාමර අයියා කියන්නේ මගේ හිතේ බිය මුසු ගෞරවයක් තියෙන, මම ගොඩක් අගය කරන චරිතයක්. ඒවගේම රවිඳු හෙෂාන් සහ රවිඳු රුක්ෂාන් අයියලා ගැන කතා නොකර කොහොමද? රවිඳු හෙෂාන් අයිය තමයි මාවල් සීරීස් කරන්න මට මඟ පෙන්නුවේ. රුක්ෂාන් අයියා තමයි බයිස්කෝප් එකේ වැඩ වෙන විදිය එහෙම කියලා දුන්නේ. දෙන්නගෙන්ම මම එකතු කරගත්ත අත්දැකීම් මිල කරන්න බෑ. මේ ස්තුති කිරීම් අතරෙදි එල්. සී. දමැල් අයියාව අමතක වුණොත් මම කරන්නේ මහ අපරාධයක්. පළ කරපු මුල් ම උපසිරසියේ ඉඳලම මාත් එක්ක වගේම බයිස්කෝප්වාසී අනිත් හැමෝමත් එක්ක ඉන්න, මාව සෑහෙන්න දිරිමත් කරල තියෙන කෙනෙක් තමයි ඒ. එකී මෙකී නොකී හැමදෙනෙක්ටම ස්තුතිවන්ත වෙනවා මෙච්චර දුරක් එන්න මට උදවු කරපු එකට. ඒවගේම කමෙන්ට් එකකින්, ඩවුන්ලෝඩ් එකකින් මාව දිරි ගන්වන ඔයාලටත් බොහොම ස්තුතියි. සීරීස් එහෙම කරගෙන යනකොට ඒක දිගටම කරන්න ඔයාලගෙ කමෙන්ට්වලින් සහ ඩවුන්ලෝඩ්වලින් එන motivation එක විස්තර කරන්න බැහැ. ඒවගේම සමාජ සේවයක් විදියට කරන මේ වැඩේට අගයක් දෙන්නෙත් ඔයාලයි. ඉතින් ඔය මදැයි. අපි කතාව පැත්තට හැරෙමු.

ඉතින් ෆිල්ම් එකේ නම තමයි Shazam 2 හෙවත් Shazam! Fury of the Gods. මේක DCEU එකේ හොඳ ෆිල්ම් එකක් විදියට සැලකෙන Shazam! චිත්‍රපටයට ගහපු sequel එක. ඉතින් මේක බලන්න කලින් අනිවාරෙන්ම ඒ ෆිල්ම් එක බලන්න, නැත්නම් මේකේ සමහර කොටස් තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්. ෆිල්ම් එකට IMDb 6.2ක අගයක් සහ Rotten Tomatoes දර්ශකයේ 50% ක අගයක් ලබාගෙන තියෙනවා. දර්ශකවලින් පේන විදියටම, මේක fandom එකේ බෙදීමක් ඇති කරපු එකක්. මගේ අදහස තමයි මේක විනෝදජනක ඇක්ෂන් කොමඩියක් කියන එක.

කොහොම හරි, මේ ෆිල්ම් එක වැඩියෙන්ම කතා බහට ලක්වුණේ කාරණා තුනකට. පළවෙනි එක තමයි Gal Gadot වෙනුවට සමහර scene වලදී එයාගේ body double එකක් භාවිතය. ඒවගේම Wonder Woman deepfake තාක්ෂණය භාවිතයෙන් හදලා කියලත් කතාබහක් ගියා. කොහොම නමුත් අධ්‍යක්ෂක නම් කියන්නේ ඒක එහෙම නොවෙන බවයි. දෙවෙනි කාරණේ තමයි මේකට ලොකු ආදායමක් උපයගන්න බැරි වෙච්ච එක. ඒකට ප්‍රධානම හේතුව වුණේ film එකේ release එකට කලින් මේ ෆිල්ම් එක ජේම්ස් ගන්ගේ අලුත් DCU එකට සම්බන්ධයක් නෑ කියන එක නිවේදනය කිරීමයි. තුන්වෙනි කාරණේ තමයි මේක සම්පූර්ණයෙන්ම වෙනස් චිත්‍රපටියක් වෙන්න තිබුණු එක. චිත්‍රපටියේ මුල්ම අදහස අනුව මේක වෙන්න තිබුණේ Shazam සහ එයාගේ පරම හතුරා වෙන Black Adam එක්ක කරන සටනක්. හැබැයි Dwayne Johnson ඒකට කැමති වුණේ නැති නිසා අපට මේ දෙන්නගේ සටන බලාගන්න බැරි වෙනවා 🙄. ඒ මොකද කියනවා නම් රොක්ට ඕන වුණේ Black Adamව DC වල ලොකුම වීරයා වෙන Superman එක්ක සටන් කරවන්නයි. දැන් ඔක්කොම හරි නේ. අපට දෙකෙන් එකක්වත් බලාගන්න හම්බවෙන්නේ නෑ. 😒

කතාවත් ටිකක් කියනවා නම් ඉතින්, බිලී බැට්සන් හෙවත් ෂසෑම් සහ එයාගේ ෂසෑම් පවුල දැන් පිලඩෙල්පියාවල වෙන අපරාධ හා අනතුරු නවත්තන, ප්‍රාදේශීය වීරයෝ විදියට ජනප්‍රිය වෙලා ඉන්නේ. මේ අතරේ ඇට්ලස්ගේ දියණියන් මෙයාලව හොයාගෙන එනවා මෙයාලගෙ බලයන් අරගෙන එයාලගේ ලෝකය ආපහු යථා තත්වයට පත් කරගන්න. ඉතින් කතාව ගෙතිලා තියෙන්නේ මේක වටායි. එහෙම නම් ෆිල්ම් එක බලලම සම්පූර්ණ කතාවම දැනගන්න.

එහෙම නම් බයිස්කෝප් එකේ පළවෙනි කඩයිමට ලියන ලිපිය මෙතනින් අවසාන කරනවා. මාත් එක්ක මෙච්චර කල් හිටිය මගේ පවුල සහ මගේ බයිස්කෝප් පවුල ඇතුළු ඔයාලටත් ස්තුති කරමින් සමු ගන්නවා. ලිපිය ලියවෙන්නේ අප්‍රේල් 13 හෙවත් පරණ අවුරුද්ද දවසේ. සයිට් එකේ පළවෙනකොට දවස් දෙක තුනක් යයි. එහෙම නම්, හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරමින් සමුගන්නවා.

පීස්. ✌

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත සඳහා වලංගු වේ.

19,849 downloadsDownload Shazam-Fury-of-the-Gods-2023-Blu-Ray.zip126 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

19,849 downloadsDownload Subtitles126 KB

38 comments

  1. Bimsara Yashan(ඔලිව)

    පලවෙනි කඩයිමට උණුසුම් සුභපැතුම් සහෝ. ඉදිරියටත් උපසිරැසි කිරීමට කාලය, ශක්තිය ලැබේවා කියා පතනවා. ඒවගේම ඔයාගෙ ඉගෙනීමේ වැඩකටයුතුත් ඉහලින්ම සාර්ථකත වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජයවේවා!

  2. යුරාන් ධනුක (දනුවා)

    පලවෙනි කඩයිමට උණුසුම් සුබ පැතුම් මල්ලි
    අධ්‍යාපන කටයුතුත් සාර්ථකව කරගෙන ඉස්සරහටත් උපසිරසි අරන් එන්න හැකියාව ලැබේවා!
    උපසිරසියත් බොහෝම ස්තූතියි.

  3. Ravindu_Heshan

    පලවෙනි කඩයිමට සුභ පැතුම් මල්ලි, දිගටම තව සබ් දෙන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  4. Pavith Wijesooriya

    පළවෙනි කඩයිමට සුභ පැතුම් මලේ. අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යන්න වගේම තව තවත් උපසිරසි දෙන්න ශක්තිය කාලය ලැබේවා! සබට තුතිවේවා! ඊළඟ 50ත් ගැම්මෙන් අල්ලමු... ❤️

  5. Nuwan

    Thanks bro new year gift ekata o/l goda daganna

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    50 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
    ජය

  7. Buddhika Lakmal (laKMal)

    පළවෙනි කඩයිමට 50වෙනි උපසිරැසියට සුබ පැතුම් බ්‍රෝ...
    ඔයාගෙ අධ්‍යාපන වැඩකටයුතුත් සාර්තකව කිරීමට සුබ පතනවා...
    කරන කියන යහපත් දේ සාර්තක වේවා....
    ඉදිරියටත් සිංහල සබක් ගේන්න කාලය ලැබේවා......
    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  8. එල්. සී. ‎දමැල්

    50වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම් සනුප මලේ! :)
    නැගී එන සුපිරිම උපසිරසිකරුවෙක් වගේම බයිස්කෝප් වෙබ් අඩවියේ අනාගත පුරුක්වලින් එකක් විදිහට මල්ලිව හැඳින්වුවොත් මම වැරදි නෑ මං හිතන්නේ. තමන්ට ලැබෙන වැඩේ අනිවා‍රෙන්ම සම්පූර්ණ කරලම තමයි පස්ස බලන්නේ. ;)
    100 කඩයිමටත් ඉක්මනින් ළඟා වෙන්නත් අධ්‍යාපණික ඇතුළු අනිත් කටයුතු සාර්ථක කරගන්නටත් කාලය සහ හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. :D
    ජය ✌

    1. Anonymous

      Congratz brother

  9. Thilinda Randeera

    ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න

  10. Hasira Dinusara

    Congrats Bro.

  11. Anonymous

    කඩයිමට සුබපැතුම් මචෝ
    මේකේ පලවෙනි එකට නම් සිසිලයා හෙන බොරු ෂෝ ලිපියක් ලියලා තිබ්බා

  12. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  13. Anonymous

    Elaz

  14. gihan

    සුභ අලුත් අවුරුද්දක් වේවා!
    පළවෙනි කඩඉමට සුභ පැතුම්
    උපසිරැසියට බොහෝම ස්තුති

  15. දහරා මුතු අමා

    පලවෙනි කඩයිම්ට උනුසුම් සුබ පැතුම්. ඉතින් ඊලග කඩයිම් වලටත් යන්න ශක්තිය සහ ධෛර්‍යය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා. ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්තක වේවා කියලත් ප්‍රාර්තනා කරනවා.

  16. Kantha_DLA

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  17. Anonymous

    ෆිලුම නම් බලන්නේ නෑ
    හැබැයි කඩයිමට උනුසුම් සුබපැතුම් සහෝ
    එක්සෑම් වැඩත් සාර්ථක කරගන්න
    ජය වේවා

  18. Udara Damith

    elaaaaaaaaaaa

  19. Udara Damith

    suba pethum malli

  20. Anonymous

    සුබපැතුම් මල්ලි

  21. Anonymous

    Thank you malli suba anagathayak wewa! !!

  22. Udaya Fdo

    Thank you

  23. Kavee

    50 වෙනි උපසිරැසියට සුභ පැතුම්
    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි

  24. Anonymous

    CCongratz bro

  25. Roshan

    Tnx bro...Great job...Good luck...

  26. සංජන චමෝද්

    නියමයි මල්ලි.
    ඇනිමේටඩ් ඒවට සබ් කරපු එක තව She Hulk වගේ සීරිස් වලට එහෙම සබ් කරපු එක නම් ගොඩක්ම වටිනවා.❤️
    ඉදිරියටත් ඒ විදියටම උපසිරැසිය ගේන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරන ගමන්ම,

    මේ පාර විභාගෙට හොදට මුහුණ දීල හොද ප්‍රථිපලයකට යන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

  27. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    50 සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  28. ishan

    Congratz brothr.. thnkq for ur sub machn

  29. Dewadithya

    Thanks for Sub!

  30. Sanath Indika

    Sub file not available. upload again

  31. hasantha

    sub eka wada na ne

  32. hasantha

    sub eka na ne malli

  33. ලහිරු ප්‍රසාද්

    පළවෙනි කඩයිමට හදවතින්ම සුබ පතනවා මල්ලි.
    ජය!

  34. Rev N wijayadewa

    අන් අයගේ රස වින්දනය වෙනුවෙන් කාලය ශ්‍රමය කැප කරන ඔබට සුබ පැතුම්

  35. Anonymous

    Thnks broo suba anagathyak.

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.